Watch Trailer

EXIT (2019) Sinhala Subtitles | ගැලවීමක් නැති තැන. [සිංහල උපසිරැසි සමඟ]

2019 ජූලි 31 වන දින ද.කොරියාවෙ තිරගත වුණු මේ චිත්‍රපටිය Disaster/Action සහ commedy ගණයට අයත් වෙන නිර්මාණයක්. imdb අගය 7.1 කුත්, Rotten Tomatoes 83% ක් වැනි අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 44 කුත් දිවයනවා. ඇ.ඩො මිලියන 10.9 ක පිරිවැයක් යොදවපු මේ චිත්‍රපටයට ඇ.ඩො මිලියන 79.9 ක ආදායමක් උ…

2019 ජූලි 31 වන දින ද.කොරියාවෙ තිරගත වුණු මේ චිත්‍රපටිය Disaster/Action සහ commedy ගණයට අයත් වෙන නිර්මාණයක්. imdb අගය 7.1 කුත්, Rotten Tomatoes 83% ක් වැනි අගයකුත් ලබාගෙන ඇති මේ චිත්‍රපටිය පැයකුත් විනාඩි 44 කුත් දිවයනවා. ඇ.ඩො මිලියන 10.9 ක පිරිවැයක් යොදවපු මේ චිත්‍රපටයට ඇ.ඩො මිලියන 79.9 ක ආදායමක් උපයන්න සමත් වෙලා තියෙනවා. 2019 වසරෙ නිර්මාණය වුණු තවත් හොඳ ප්‍රතිචාර සහ පැසසුමකට ලක්වුණු චිත්‍රපටියක් තමයි මේ ‘EXIT’ චිත්‍රපටිය. පවුලෙ හැමෝටම බලන්න පුළුවන් මේ චිත්‍රපටියෙ සාරාංශය ගැන ටිකක් කියන්නම්.

යොන්ග් නම් (Jo Jung-suk) කියන්නෙ ඉස්කෝලෙ යන කාලෙ හිටපු හොඳම කඳු තරණය කරන්නෙක්. ඒත් ඉස්කෝලෙ ඉවර වුණාට පස්සෙ මෙයාට කිසිම වාසනාවක් නම් නෑ. අවුරුදු ගානක් යනකල් රස්සාවක්වත් නැතුව දෙමව්පියන්ගෙන් කකා ගෙදරට වෙලා ඉන්න එක තමයි කරන්නෙ. ඉතින් මෙයාගෙ අම්මගෙ 70 වෙනි උපන්දිනේ ජයටම ගන්න කියල ගෙදරට ටිකක් ඈතින් තියෙන ‘සිහින උයන’ හොටෙල් එකේ උත්සවයක් තියමු කියල හැමෝටම කියන්නෙ මෙයා තමයි. ඒකට හේතුව තමයි මෙයා ඉස්සර කැමැත්තෙන් හිටපු කෑල්ල ඒකෙ වැඩ කරනවා.යූ ජු (Im Yoon-a) කියන්නෙ එයා තමයි. උත්සවේ ඉවර වෙනවත් එක්කම තමයි මෙයාලට නොහිතපු දේකට මූණ දෙන්න සිද්ද වෙන්නෙ. හදිස්සියෙම සුදු පාට මිදුම වගේ දුමකින් මුළු නගරයම වැහෙන්න පටන් ගන්නවා. මුලදි ඒක නිකන්ම දුමක් වගේ පෙනුනත් මිනිස්සු කහින්න ඇදගෙන වැටෙන්න පටන් ගන්නවා.වාහන හැප්පිලා මුළු නගරෙම අවුල් ජාලයක් වෙනවා.ඉතින් මේ විෂ දුමෙන් බේරෙන්න නම් උඩ තැන් වලට යන්න ඕනෙ.නගරෙම ඉන්න අය බේරගන්න නම් හෙලිකොප්ටර් එනකල් ඉන්නත් ඕනෙ. ඉතින් යොන්ග් නම් එයාගෙ තරණය කිරීමේ හැකියාව යොදාගෙන පවුලෙ අයව බේරගන්න කරන වෑයම තමයි මේ කතාවෙ සාරාංශය. විහිළුසහගත වගේම සංවේදී තැනුත් තියෙන මේ චිත්‍රපටිය බලන්න හැමෝටම ඉල්ලීමක් කරමින් මං අදට සමුගන්නම්.

හැමෝටම ලබන්නාවූ 2020 නව වසර සතුට සාමය පිරුණු වැඩි වැඩියෙන් වස්තුව ලැබෙන් නා වූ අර්ථමත් නව වසරක් වේවා යැයි මං ප්‍රර්ථනා කරනවා. ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.

7,554 downloadsDownload Exit-2019.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,554 downloadsDownload Subtitles41 KB

33 comments

  1. AsithaDilruwan

    ela saho thanks

  2. Nishadha Anuradha

    american horror story walata sub denna pls....!

  3. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ..
    ජය වේවා.!

  6. සහන් කෞෂල්‍යය

    Thanks saho...........

  7. rockz2020

    බොහොම ස්තූතියි!✌❤

    1. rockz2020

      Mr. Go 3D (2013)
      Nezha: Birth of the Demon Child (2019)

  8. jagath55

    Thanks

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  10. Rukshan37

    Ela

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  13. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  14. Madusha Nishan

    Thanks bro

  15. Deshani

    Thank you

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. nish47

    ස්තූතියි සහෝ

  18. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  19. Dewadithya

    Thanks for sub!

  20. ruchiralakmal

    Thanks for the sub!

  21. නිමල් දිසානායක

    තැනේ හැටියට ඇනේ ගහන්න ඕනේ හැටි පෙන්වන කතාවක්.
    වීරත්වය වගේම මිනිස්කමුත් වරින් වර මතුවෙන්නේ කඳුල- හිනාව දෙකම නංවමින්!
    නියමයි චාමල්.
    ස්තුතියි ගොඩක්!

  22. Himasha Ramanayake

    tnqqqqqqqqqqqqq loku ayyaa.....

  23. Dil600627

    Thanks sub ekata.....Don’t Cry, Mommy (2012) lassana filme ekak mekatath sub denna puluwanda
    puluwanda

  24. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  25. Anonymous

    දැන් බලලා ඉවර කරේ..සුපිරියටම ගහපු සබක් මචන්..පට්ට

  26. ලහිරු (විනෝ)

    දැන් බලලා ඉවර කරේ..සුපිරියටම ගහපු සබක් මචන්..පට්ට

  27. Thusitha Madanayake

    Thanks brother.....

  28. malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

  29. Kusal

    ස්තූතියි.

  30. nilanka

    thanks

  31. Krishani

    Thank you ️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.