ආයුබෝවන් සියලු දෙනාටම. එහෙන් ඇදිරි නීතිය අනික් අතට අලුත් අවුරුද්ද, කොහොමින් හරි කමක් නැහැ කට්ටිය සේරම දැන් ගෙදරට වෙලා නිවාඩු පාඩුවෙ ඉන්නෙ. ඉතින් ඔය ඉන්න අතරෙ පවුලෙ හැමෝමත් එක්ක එකතුවෙලා බලන්න ලස්සන තෙලිඟු ආදර කතාවක් අරගෙන ඇවිල්ල තියනව. නිකුත් වෙන්නෙ 2020 ජනවාරි 31 වෙනිද. IMDb අගය 6.9 වශයෙන් තමයි සද…

ආයුබෝවන් සියලු දෙනාටම. එහෙන් ඇදිරි නීතිය අනික් අතට අලුත් අවුරුද්ද, කොහොමින් හරි කමක් නැහැ කට්ටිය සේරම දැන් ගෙදරට වෙලා නිවාඩු පාඩුවෙ ඉන්නෙ. ඉතින් ඔය ඉන්න අතරෙ පවුලෙ හැමෝමත් එක්ක එකතුවෙලා බලන්න ලස්සන තෙලිඟු ආදර කතාවක් අරගෙන ඇවිල්ල තියනව. නිකුත් වෙන්නෙ 2020 ජනවාරි 31 වෙනිද. IMDb අගය 6.9 වශයෙන් තමයි සදහන් වෙන්නෙ. අධ්‍යක්ෂනය Sesha Sindhu Rao. කාලෙට ගැලපෙන නිර්මාණයක් කරල තියනව.

ඒ වගේම තමයි අපි මේකෙ රන්ගන ශිල්පීන් ගැනත් කතා කරන්න ඕන. ඔයාලට මතක ඇති 96 (2018) සහ Jaanu (2020) චිත්‍රපට ද්විත්වයෙහිම රාම්ගෙ ශිෂ්‍යාව විදිහට රඟපාපු Varsha Bollamma, ඔව් එයා තමයි. මේ චිත්‍රපටියෙ ප්‍රධාන නිලිය විදිහට එයත් Shiva Kandukuri (introducing) ප්‍රධාන නළුව විදිහටත් රඟපානව. ඒ වගේම Malavika Satheesan, Anish Kuruvilla, Pavitra Lokesh, වගේ ක්ෂේත්‍රයේ ප්‍රධාන නලු නිලියො රැසක් මේකට රන්ඟන දායකත්වය දක්වල තියනව.

අපේ ජීවිතේදි අපේ අත්වැරදීමකින් හරි, අතපසු වීමකින් හරි අපි අපේ ජීවිතේට වැදගත් දේවල් කොච්චරනම් මගහැරගන්නව ඇතිද? ඒ දේවල් අපේ ජීවිත වලට කොහොම බලපාන්න තිබුනද? අපිට ඒ අහිමි වුනු දේවල් නිසා කොච්චරනම් පාඩු වෙන්න ඇතිද? හරි කියෙව්ව ඇති කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම්.

සිද්දු තමයි අපේ කතා නායකය. මෙයා තමන්ගෙ අම්මගෙ බල කිරීම නිසා ඉන්ජිනියරින් කරන්න කොලේජ් එකට ඇතුලත් වෙනව. ඒත් මෙයානම් ඉන්ජිනියරින් කරන්න කැමතිම නැහැ. එතනදි තමයි මෙයාගෙ යාලුව යෝගිව මුනගැහෙන්නෙ. සිද්දු කියන්නෙ ජීවිතේ ගැන කිසිම පැහැදිලි බවක් නැති කිසිම දෙයක් සම්පූර්ණ කරන්නෙ නැති කෙනෙක්. ඉතින් එයාගෙ ජීවිතේට ආදරය බලපාන්නෙ කොහොමද කියල අපි චිත්‍රපටය නරඹන ගමන් බලාගමු. වැඩිය විස්තර නොකරන්නෙ කතාව ස්පොයිල් කරන්න හොද නැති නිසයි. අපේ රටේ උද්ගතවෙලා තියන අවාසනාවන්ත දින කිහිපය ඉක්මනින් ගෙවිල යන්න කියන එක තමයි දැන් අපි කගෙත් එකම පැතුම. ඉතින් ඔය අතරෙ සියලු දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් කියලත් ප්‍රාර්ථනා කරන ගමන් මම සමුගන්නවා.

ජය ශ්‍රී!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි True WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

10,072 downloadsDownload Choosi-Choodangaane-2020.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

10,072 downloadsDownload Subtitles53 KB

7 comments

  1. Ayesh Prashan

    Thank You

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Isirajanith

    Thanks ela pluwanman Netflix the main event 2020 WWE film sub dennko please

  4. isuru srinath sjs

    බොහොම ස්තුතියි සහො !!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. erangaganganath

    thanks machan e mahansiyata.

  7. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා මලේ...
    ලව් ස්ටෝරියක් නම් කොහොමද මගාරින්නේ...
    දිගටම සබ් දෙමු ආ... ජය!