මෑත කාලීනව අපි ජිවත් වෙන මේ අපේ ලෝකේ සිද්ධ උන සත්‍ය කතාවක් බලමුද? හැබැයි අද මේ ගෙන චිත්‍රපටයට පාදක උන කතාව අපේ රටට පවා සම්බන්ධකම් තියෙන කතාවක්. ඇත්තටම අපේ රටට සම්බන්ධකම් කියන්න තරම් හේතු උන කතාව මොකද්ද කියල හොයනවා නම් අපිට යන්න වෙනවා 2009 අවුරුද්දෙන් ටිකක් ආපස්සට. 2009 කිව්වම සහ ඉන් ආපස්සට යනකොට අප…

මෑත කාලීනව අපි ජිවත් වෙන මේ අපේ ලෝකේ සිද්ධ උන සත්‍ය කතාවක් බලමුද? හැබැයි අද මේ ගෙන චිත්‍රපටයට පාදක උන කතාව අපේ රටට පවා සම්බන්ධකම් තියෙන කතාවක්. ඇත්තටම අපේ රටට සම්බන්ධකම් කියන්න තරම් හේතු උන කතාව මොකද්ද කියල හොයනවා නම් අපිට යන්න වෙනවා 2009 අවුරුද්දෙන් ටිකක් ආපස්සට. 2009 කිව්වම සහ ඉන් ආපස්සට යනකොට අපි හැමෝටම අමතක නොවෙන අමිහිරි මතකයක් තියෙනවා. ඒ තමයි අවුරුදු 30ක් අපේ රටම ආපස්සට අරගෙන ගිය ශ්‍රී ලංකික ජිවිත ලක්ෂ ගණනක් අහිමි කරපු ඒ ලංකා ඉතිහාසයේ මෑත කාලීනව ඇතිවුන අඳුරු පැල්ලම හෙවත් අපේ රටේ පැවතුන යුද්ධය. ඒ ගැන මම අමුතුවෙන් මෙතන කියන්න යන්නේ නැහැ. එත් අපේ රටේ යුද්ධය එක්ක කොහොමද මේ ඉංග්‍රීසි චිත්‍රපටයක් සමබන්ධ වෙන්නේ. ඒ කාරණයට මූලික වෙන්නේ අපේ රටෙන් පිට කාන්තා චරිතයක්නි. ඇය නමින් මේරි කොල්වින්. 1956 වසරේ ඉපදුන ඇය ඇමෙරිකන් ජාතික කාන්තාවක්. ඇමෙරිකන් ජාතික කාන්තාවක් කොහොමද අපේ රටේ යුද්ධය එක්ක සමබන්ධ වෙන්නේ? ඔව් එතනදී තමයි ඇයගේ රැකියාව ඉදිරියට එන්නේ. ඇය වෘත්තියෙන් පත්‍ර කලාවේදිනියක්. ඇමෙරිකානු සම්භවයක් තිබුනත් ඇයගේ වෘත්තියමය සේවය ලැබුනේ බ්‍රිතාන්‍ය පුවත් පතක් වන The Sunday Times පුවත් පතටයි. දැන් හැමෝටම තේරෙනවා ඇති කොහොමද විදේශීය කාන්තාවක් සහ අපේ යුද්ධය එක්ක සම්බන්ධ වෙන්නේ කියල. 1985 වර්ෂයේ සිට ඇය මේ පුවත්පතට සේවය සැපයුවා. ඇය ලොවතුල වඩාත් ප්‍රසිද්ධ උනේ යුධ වාර්තාකරණය සම්බන්ධයෙනුයි. කාන්තාවක් කොහොමද මේ වගේ ජිවිත අවදානම වැඩි භයානක වෘත්තියකට යොමු උනේ කියන කාරණය ගැන හොයල බලන්නම වටිනවා.
මේරි කොල්වින් කොහොමද පත්‍ර කලාවේදිනියක් උනේ?
මේරි කොල්වින්ගේ පියා දෙවන ලෝක යුද්ධයේ ඇමෙරිකානු මැරීන් සෙබලෙක් විදිහට ඇමෙරිකන් හමුදාවට සේවය කරලා පසුව ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙසට සේවය කරපු පුද්ගලයෙක්. ඔහු නමින් William J. Colvin. ඇයගේ මව පොදු පාසල් වල මාර්ගෝපදේශකවරියක් ලෙසින් සේවය කලා. මේරි සහ ඇයගේ පවුලේ තවත් සහෝදරයන් දෙදෙනෙකුත් සහෝදරියන් දෙදෙනෙකුගෙන් සමන්විත වෙනවා. ඇය කුඩා අවදියේ ශිෂ්‍ය හුවමාරු වැඩසටහනක් යටතේ ඉගෙනුම ලැබුවේ බ්‍රසීලය තුලයි. පසුව ඇය යේල් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා මානව විද්‍යාව සම්බන්ධ උපාධියකට හිම්කම් කියනු ලැබුවා. යේල් විශ්ව විද්‍යාලය තුල ඉගෙනුම ලබන කාලය තුල ඇය තරමක් ප්‍රසිද්ධ චරිතයක් උන අතර එහිදී ඇය විසින් ආරම්භ කල Yale Daily News පුවත් පත තමයි ඇයට මේ වෘත්තීය තෝරාගන්න මග පෑදුවේ. 1978 වසරෙ මානව විද්‍යා උපාධිය ලබාගත් ඇය වසර කීපයක් ඇමෙරිකාව තුල සේවය කර 1985 වසරේදී The Sunday Times පුවත් පත හා එක්වූවා.
පත්‍ර කලාවේදිනියක් ලෙස ඇයගේ ජීවිතය…
සන්ඩේ ටයිම්ස් පුවත් පතට සම්බන්ධ වූ පසු ඇය 1986 වසරේදී මැදපෙරදිග පුවත් වර්තාකාරිනිය ලෙස පත් උනා. ඇයගේ වෘත්තියමය ජිවිතේ ලැබුණු එක අමතක නිවන අවස්ථාවක් තමයි 1986 වසරේදී ලිබියානු නායක මුවාමර් ගඩාෆි සම්නග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව. ඊට හේතු උනේ 1986 වසරේ අප්‍රේල් 05 දින ජර්මනියේ බර්ලින් නගරයේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ බෝම්බ පිරිම සහ ඊට වැරදිකරුවන් වූ ගඩාෆි සහ ඔහුගේ පාලනයට එරෙහිව ඊට සති දෙකකට පසුව අප්‍රේල් 15 වෙනි දින ඇමෙරිකානු ගුවන් හමුදා මගින් එල්ල කල ප්‍රති ප්‍රහාරයයි. ඒ ප්‍රහාරය එල්ල උනේ ගඩාෆි ඉලක්ක කරගෙන ඇමෙරිකන් ජනපති රොනල්ඩ් රේගන්ගේ උපදෙස් මතයි. එහිදී දැනගන්න ලැබුනා කුඩා දැරියක් මියගිය අය අතර සිටි බව ඇය ගඩාෆි විසින් හදාවඩා ගැනීමට ගත ඔහුගේ දියණිය හැනා ගඩාෆි බවටත් ආරංචි උනා. මේ සාකච්ඡාව අතරතුර ගඩාෆි පැවසු දෙයක් තමයි රේගන් බලයේ සිටින තාක් කල් ඔහුත් සමඟ කිසිම කතාවක් නොමැති බවත් ඔහු ඊශ්‍රායල බල්ලෙක් බවත් දෝෂාරෝපණය කරනු ලැබුවා. ඒ වගේම ගඩාෆි කාන්තාලෝලියෙක් බවට ප්‍රසිද්ධයි කියල හැමෝම දන්නවා. ඒ සාකච්ඡා අතර තුර ඔහු කීප වතාවක්ම ඇයට අයුතු බලපෑම් සිදුකර ඇති බව ඇය විසින් පවසා තිබුනා.
පසුව 1988 දී අපිට හොඳට හුරු පුරුදු රූපවාහිනී චැනලයක් වන චැනල් 4 තුල විකාශය උන After Dark නමැති මැදපෙරදිග සම්බන්ධ තොරතුරු සහ ගැටුම් ගැන කතාබහට ලක් වූ රූපවාහිනී වැඩසටහනට සම්බන්ධ උනා. ඒ වගේම මැදපෙරදිග වර්තාකාරිනියක් විදිහට ඇය චෙච්නියාව, කොසොවෝ, සියරා ලියොන්, සිම්බාබ්වේ, ශ්‍රීලංකාව සහ නැගෙනහිර ටිමෝරය තුල වූ යුධ ගැටුම් වර්තාකාරිනියක් ලෙසින් ඇයගේ සේවය තම පුවත් පතට සැපයුවා.
1991 වසරේදී නැගෙනහිර ටිමෝරයේ ගැටුම් අතරේදී ඇය විසින් ජිවිත 1500ක් පමණ බේරගන්න දායක වුනා. ඉන්දුනීසියානු සහය සහිත හමුදා විසින් කාන්තාවන් සහ ළමුන් 1500ක් පමණ සිටින ස්ථානයක් වැටලු අවස්ථාවේදී ඇය එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සමඟ එහි රැඳී සිටිමින් එහි සිට ඇයගේ පුවත් පතට සහ රූපවාහිනියට පුවත් සපයමින් නිර්භීත ලෙස ඒ ජිවිත බේරගන්න දායක උනා. දින හතරකට පසුව තමයි ඔවුන් එතනින් මුදාගනු ලැබුවේ. කොසොවෝ සහ චෙච්නියා වාර්තාකරණය හේතුවෙන් ඇයට අන්තර්ජාතික කාන්තා මාධ්‍ය පදනම් සම්මානය පවා හිමි උනා. ඇය BBC වෙනුවෙන් Arafat: Behind the Myth නමැති රූපවාහිනී වැඩසටහන පවා නිර්මාණය කෙරුවා.
මේරි කොල්වින්ට ඇසක් අහිමි වූ ආකාරය…
2001 වසර මේරිට අමතක නොවන වසරක් උනා. ඒ වනවිටත් මේරි අපේ රටේ යුද්ධය වාර්තා කරමින් ඒ පුවත් චැනල් 4 සහ සන්ඩේ ටයිම්ස් පුවත් පතට තොරතුරු සැපයුවා. ඇය තමිල් චෙල්වම් සමඟ පවා සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම යුධ කටයුතු බහුලව සිද්ධ උන වන්නි කැලය තුල කොටි ත්‍රස්තවාදීන් සමග ඇය ගමන් කර තිබෙනවා. මේරි ගැන පුද්ගලිකව සහ වැඩි විස්තරයක් නොදන්නවා උනත් මේ චිත්‍රපටය තුල ඔබට දකින්න ලැබෙන මේරි කොල්වින් චරිතය අවදානම නොසලකන නමුත් ඒක පාර්ශවිය යුධ වාර්තා කරන මාධ්‍ය වේදිනියක් කියල ඔයාලට හැගේවි. යුද්ධය දරුණුවට සිද්ධ වන 2001 අප්‍රේල් මාසයේ 16 වන දින ආයුධ සන්නද්ධ කොටි ත්‍රස්තයන් සමඟ ගමන් කරමින් සිටියදී එල්ලවූ ප්‍රහාරයකින් ඇයට ඇයගේ එක ඇසක් අහිමි වෙනවා. මේ ගැන ඇයගේ වචන වලින් කියනවා නම් ඇය පවසන්නේ මෙහෙම දෙයක්. ” මම පත්‍ර කලාවේදිනියක් කියල කිව්වා. එත් ඔවුන් මේ ප්‍රහාරය එල්ල කලා. ප්‍රහාරය එල්ල කල කෙනා හොඳින්ම දැනගෙන හිටියා ඔහු මොකද්ද කරන්නේ කියල.” මේ ප්‍රකාශය සහ ඇයට සිද්ධ උන හානිය නිසා ලංකාවේ හමුදාවට එරෙහිව විදේශ මාධ්‍ය වල නැඹුරුව රජයේ හමුදාවන් වලට වඩා ඊළාම් ත්‍රස්තවාදීන්ගේ පැත්තට වැඩි උනා. ඔවුන් පවසන විදිහට යුධ අපරාධ සිද්ධ උන බවත් රජයේ හමුදා විසින් ජලය සහ ආහාර ඒ ප්‍රදේශ වලට ලබා දීම අවහිර කරතිබූ බවත් පවසා තිබුනා. ඒ වගේම

මේරි කොල්වින් ප්‍රහාරයට ලක්වූ පසු ඇයට ප්‍රතිකාර සඳහා කොළඹ ඇස් වාට්ටුවට ගෙන ආ අවස්ථාව
මේ සම්බන්ධව මගේ පුද්ගලික අදහස නම්….
ඇය වෙනත් රටවල කරපු දේවල් අගය කරනවා වගේම මෙහිදී ඇයට සිද්ධ උන දේට වගකීම ඇය විසින්ම ලබාගත යුතු වෙනවා. මොකද ඇය ශ්‍රීලංකාව තුල තහනම් සහ රට තුල තැනින් තැන ප්‍රහාර එල්ල කරන ලෝකයේ දරුණු ත්‍රස්ත වාදී කණ්ඩායමක් වන සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සිටින සංවිධානයක් සමඟ රජයට සහ රජයේ හමුදාවන් වලට හොරෙන් සාකච්ඡා කරමින් ඔවුන්ගෙන් ඒකපාර්ශවිය විස්තර වාර්තා කරණය කිරීමක් සිදුකරනු ලැබුවා. ඒ වගේම ඇය රජයේ හමුදා මග අරිමින් වන්නි කැලය තුල හොරෙන් ගමන් කර කොටි ත්‍රස්තවාදීන් මුණ ගැසී තිබෙනවා. ඒ වගේම ඇයට ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදීත් ඇය ආයුධ සන්නද්ධ නොවුනත් ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩයක් සමඟ ගමන් කරමින් තිබෙන්නේ. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් ජිවිත දාස් ගණනක් අහිමි උන යුධ හමුදාවට සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායමක් සමග එන කාන්තාවක් හෝ ඔවුන් ඉදිරියට දිව එන ගැහැණු හෝ පිරිමි කවුරු උනත් යම් දුරකදී උපකල්පනය කරන්න වෙන්නේ තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් විදිහටයි. යුද්ධයකදී එවැනි තීරණයක් ඉක්මණින් නොගත්තා නම් තමන් සමඟ සටන් වදින අනික් සෙබළුන්ගේ ජිවිත බිලිවෙන අවස්ථා එමටයි. ඊට වඩාත්ම බලපාන හේතුව ඇය ගමන් කරමින් තිබෙන්නේ ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන් පිරිසක් සමඟයි. අවසානයේ ඇයට වෛද්‍යාධාර ලබා දුන්නෙත් ශ්‍රීලාංකීය රජය විසින් මිසක් LTTE සංවිධානයෙන් නෙමෙයි. අවසානයේ ඇයට එක ඇසක් අහිමි උනා. ඇයගේ පෙනුම පවා මේ සිදුවීම නිසා වෙනස් උනා. මුහුදු කොල්ලකරුවන් පළඳින ආකාරයේ ඇස් ආවරණයක් ඇය මියයන තෙක්ම ඇයට පළඳින්න සිද්ධ උන නිසා මේ සිදුවීම බොහෝදුරට ඇයට අමතක නොවෙන සිදුවීමක් වෙන්න ඇති.
ගඩාෆි සමඟ දෙවන මුණ ගැසීම…
ඇයට නැවත ලිබියානු නායක ගඩාෆි මුණ ගැසීමට සිදු වන්නේ 2011 වර්ෂයේදී. අරාබි වසන්තය ලෙසින් අරාබිකරය තුල සිදු උන ජනතාවගේ නැගී සිටීම වැඩිපුරම බලපෑවේ ලිබියාව තුලයි. ඒ කාලය තුල නැවත ගඩාෆි මුණගැහෙන්න මේරිට අවස්ථාව ලැබුනා. ඒ ඇය විසින් නම් කල තවත් පත්‍ර කලාවේදීන් දෙදෙනෙකු සමඟයි.ඒ බ්‍රිතාන්‍ය සහ ඉරාන සම්භවයක් සහිත ABC News වර්තාකාරිනියක් වන Christiane Amanpour සහ BBC News වාර්තාකරු Jeremy Bowen සමඟයි.


ගඩාෆි සමඟ දෙවන මුණ ගැසීම Christiane Amanpour සහ Jeremy Bowen සමඟ
මාධ්‍ය වේදිනියක් විදිහට ඇය විසින් ඇයගේ ආයතනයට මිල කල නොහැකි විදිහේ සේවයක් ඉටුකර තිබෙනවා. විවිධ යුධ අවස්ථාවන් වලදී යුධ බිමට ඇතුල් වී තම ජිවිත අවදානම පවා නොසලකා ඇය තම මාද්‍ය රාජකාරියට මුල් තැනක් ලබා දුන්නා. ඒ වගේම ඇය නැගෙනහිර ටිමෝරය වගේම ඇයගේ අවසන් කාලය ගත කල සිරියාවේ හෝම්ස් යුධ කලාපය තුලත් මිනිස් කාන්තාවක් ලෙසට ඇයට ඇයගේ පෑනට කරන්න පුළුවන් සටන නිර්භීතව ඉටු කළා. ඇය විසින් මාධ්‍යට ලබා දුන් සිරියාවේ සමහර වීඩියෝ පට සජීවී විකාශ සහ වාර්තා ඇත්තෙන්ම හදවත කම්පා කරවන සුළුයි. මේ චිත්‍රපටයේ පවා ඔබට දකින්න ලැබේවි සිරියානු රජයේ හමුදා විසින් එල්ල කල ප්‍රහාර හමුවේ තුවාල ලැබූ කුඩා පිරිමි දරුවෙක් ඔසවාගෙන එන මවක් සහ පියෙක්. ඔවුන් තමන්ගේ ජීවිතය අත් දෙක මත තියාගෙන දුවගෙන එතනට එන්නේ තමන්ගේ ලෙයින් මේ ලෝකය දැකපු තමන්ට තියෙන එකම වස්තුව ආපහු හිනා වෙනවා දකින්න ලැබේවි කියන බලාපොරොත්තුව මතයි. ඒ අවස්ථාව මේරි විසින් CNN හරහා ලොවවටා ප්‍රේක්‍ෂකයන්ට බලන්න සැලස්වූවා. කිසිම බෙහෙතක් වෛද්‍ය උපකාරයක් නැති ඒ රෝගීන් බාරගනු ලැබුවේ පශු වෛද්‍යවරයෙක් විසින්. ඔහු විසින් තමන් දන්න දැනුම පාවිච්චි කරලා මිනිස් ජිවිත බේරගන්න උත්සහ කෙරුවා. නමුත් මේ කුඩා දරුවා ලෝකය දකින්න කලින් ලෝකය හැරගියේ ලෝකයම ඔහුදෙස බලන්න කලින්. ඉතාමත් සංවේදී අවස්ථාවක් වූ මේ මොහොත CNN නිවේදකයා සහ මුළු ලෝකයේම හදවතට තට්ටු කරන්න සමත් උනා. පහත තියෙන්නේ ඒ සිදුවීමට අදාල ඡායාරූප කීපයක්.

දරුවා මියගිය බව දැනගත් පියා සහ මව හඬා වැටෙන අයුරු රූපවාහිනිය හරහා විකාශය වූ අයුරු…
ඇයගේ විවාහ ජීවිතය එතරම් සාර්ථක උනේ නැහැ. මොකද ඇය මේ ගෙවූ ජීවිතය විවාහ ජිවිතයක් ගෙවන්න තරම් සුදුසු මට්ටමක තිබුනේ නැහැ. ඇය වඩා සමීප උනේ යුද්ධයට සහ මිනිස් විලාප වලට. මම කලින් කිව්වා වගේම ඇය දැඩි තීරණ අවදානම ගැන නොසලකා ගන්න කාන්තාවක්. 2012 ඇය යුධ වාර්තාකරණය සඳහා සිරියාවට ඇතුල් වෙන්නේ සිරියානු රජයේ විරෝධය නොතකා.රේස් තරඟ වලට භාවිත කරන බයිසිකලයක් උපයෝගී කරගෙන ඇය සහ ඇයගේ ඡායාරුප සහකරු Paul Conroy හෝම්ස් නගරයට ලඟා උනා. එහිදී තමයි ඇයට ඉහත කි සිදුවීම අත් විඳින්න සිද්ධ උනේ. සිරියානු රජයේ තහනම නොතකා ඇය චන්ද්‍රිකා දුරකතනයක් මාර්ගයෙන් සියලුම විස්තර වාර්තා කරන්න උනා. නමුත් මේ සංඥා හරහා ඔවුන් සිටිනා ස්ථානය දැනගත් සිරියානු හමුදා ඇය සිටින ස්ථානය ඉලක්කයක් කරගනු ලැබුවා. ඒ හේතුවෙන් 2012 වර්ෂයේ පෙබරවාරි 22 මේ නිර්භීත මාධ්‍ය වේදිනිය වසර 30 කටත් අධික කාලයක් සිදුකර මාධ්‍ය මෙහෙවර යකඩ ඇන වලින් සමන්විත IED එකක් එනම් “improvised explosive device” මගින් අවසන් කෙරුවා. ඇය සමඟ ඒ අවස්ථාවේ Paul Conroy සහ ප්‍රංශ ඡායාරූප ශිල්පී Rémi Ochlik එතන රැඳී සිටියා. අවාසනාවකට ඉන් දිවි ගලවා ගන්න පුළුවන් උනේ Paul Conroyට පමණයි.

මේරි කොල්වින් සහ පෝල් කොන්රෝයි සිරියවේදී ගත් ඡායාරූපයක්….
ඒ වගේම ඇය විසින් වසර 30 කටත් අධික කාලයක් ඉටු කල මේ මාධ්‍ය මෙහෙවර කීප අවස්ථාවක අගයනු ලැබුවා. ඇයට හිමි උන සම්මාන තමයි පහතින් දැක්වෙන්නේ.
- 2000 – Journalist of the Year, Foreign Press Association
- 2000 – Courage in Journalism, International Women’s Media Foundation
- 2001 – Foreign Reporter of the Year, British Press Awards
- 2009 – Foreign Reporter of the Year, British Press Awards
- 2012 – Anna Politkovskaya Award, Reach All Women in War (RAW in WAR)
- 2012 – Foreign Reporter of the Year, British Press Awards
යුද්ධය කියන අමිහිරි අත් දැකීම ලෝකයට බෙදාදුන් අප අතර ජිවත් උන තවත් නිර්භීත කාන්තාවකගේ ජිවිත කතාව තමයි මේ චිත්‍රපටය පුරාවට දකින්න ලැබෙන්නේ. මේ චිත්‍රපටය තුල මේරිගේ චරිතය සඳහා දායක වෙන්නේ චිත්‍රපට ලෝලී ඔබ හඳුනන ඉතාමත් දක්ෂ නිළියක්. Rosamund Pike තමයි මේරිට රිදී තිරය තුල නැවතත් පණ පොවන්නේ. ඇත්තෙන්ම දක්ෂ රංගනයක යෙදෙන ඇය මේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරනවා ඔබට බලාගන්න පුළුවන්. ඒ වගේම Paul Conroy වෙනුවෙන් පණ පොවන්නේ Fifty Shades ප්‍රධාන නළු Jamie Dornan විසින් ඊට අමතරව ශ්‍රි ලංකික නිලියක්ද රංගනයෙන් දායක වෙනවා. ඇය නමින් නතාෂා ජයතිලක. තමිල්සෙල්වම් වෙනුවෙන් Jesuthasan Antonythasan රංගනයෙන් දායක වෙනවා. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දෙකකට යෝජනා වී ඇති මේ සලරුව IMDb දර්ශකය තුල 6.7 ක අගයක් හිමිකරගෙන තිබෙනවා. එහෙනම් ඔබට බාරයි මේරි කොල්වින්ගේ ජිවිතයට එබිකම් කරන්න. නැවත හමුවෙමු සුභ දවසක්!
මේ විදියට හරවත් ව, රසවත් ව ලිපිය ලියලා දුන්නේ අපේ ඇඩ්මින් මණ්ඩලේ හසන්ත වික්‍රමරත්න අයියා. මේ චිත්‍රපටයට සිංහල උපසිරැසිය කරන්න මට භාර දුන්නෙත් හසන්ත අයියා. ඒ ගැන අනේක වාරයක් ස්තූතිවන්ත වෙන ගමන් සමුගන්නම්.
ආයුබෝවන්!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
4,736 downloadsDownload A-Private-War-2018.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
45 comments
gihan perera
harshahjk
බොහෝම ස්තූතියි හෙළිලි. ඉතාම හොඳ විස්තරයක් තියනවා. මේරි කොල්වින් ගැන දැනගෙන හිටියත් මේතරම් විස්තරයක් දැන ගෙන හිටියේ නෑ. අනිවාර්‍යයෙන්ම බලන චිත්‍රපටයක්. සබ අරගත්තා. ජයවේවා
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Hashan M. Priyadarshana
Thank you bro sub ekata....
Jaya wewa!indika Aruna Kumara
බොහොම ස්තුතී අක්කේ... නියමයි
පුළුවන් නම් The Isle (2019) ෆිල්ම් එකට සබ් එක දෙනවද ... webrip තියෙනවා.
ජය වේවා !Thar96
subtitle is good. but, she never listens to a government side story.she has deep tolerance for terrorism.
kushan_iroshana
Ela thanx
Manifest series aktt sub oneහසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට....!
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata.. wedagath lipiyak....
DILEKA
Thanks for the sub.
Thilina Jayarathna
balanna vei vage
Kulanjana Maduranga
niyamai...lipiyath supiri..subata thanks sis....keep it up....
chandika1975
thank you so much for the subtitle.
Udaya Saman
බොහොම ස්තූතියි උපසිරසියට..ලස්සන කථාවක් වගේ..
indika75
thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SmashDinu
Thank you very Much.....Film 1 bala Godak Kal Balan Hitiya Sub 1 nathuwa... .. Dan wade Goda... Wadi wadiyen Sub Karanna Shakthiya Dhairya Lanenna Ona oyata....✍✍⌨⌨⌨Good Bless!!!!
harshani11112
ස්තුති නංගියෝ...
subodha
Thanks
chinthaka_priyadrshana
Thank U very much nanga............
chinthaka_priyadrshana
Thank U very much nanga....
royoer
Our Sri Lankan soldiers never did war crimes. They attack LTTE only. These kinds of stupid fimls are trying to generalie the LTTE . In the description, I agree on words that she said about the attack which injured the reporter. What to do when someone coming with bombs and acting like innocent. What the hell this reporter did with LTTE when they attack to Aanuradapura or temple of the tooth or when they placing bus bombs? Does anyone care about innocent peoples died in those attacks? Don't waste your data or time to download this film. This is abasing Sri Lankan army forces. Please at least post films which are matching to our country. This is a Sri Lankan website. Don't act like a stupid tamil diaspora website.
හසන්ත වික්‍රමරත්ත
I was the one who did the article for this post and Helili did the subtitle part. I agreed with your expression and I felt the same way when even I watch it. It's obvious that she traveled to the war zone without the SL government's permission. Her actions caused to her left eye and her death ultimately. She is just doing her job for her media Channels to get more revenue by selling fabricated stories. She never asked or wrote about the government side of the story in her articles. And I have expressed my view about her and her actions. If you read that you don't want to get pissed so much. Other things we just giving subtitles for the movies and we don't publish anything harm to our country other than movies. There is no matching and un-matching when it comes to movies. It is always up to the viewer's choice. Just enjoy the movie and this movie can't undo what LTTE did to us.
Hiranhiru
ලොකු විස්තරයක්.
සේරම කියෙවුවා. ගොඩක් දේවල් දැනගත්තා.
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි...!
නිදුක් නිරෝගී වේවා...!
තෙරුවන් සරණයි....!බොබී
අපේ පළාත්වලට යුද්ධය ආවේ නැතුවට, අපිත් ඒ් දවස්වල බලාගෙන හිටියේ කවදා මේක ඉවර වෙයිද කියලයි. ලිබියාවේදි මේරි ගඩාෆිගේ පැත්ත ගත්ත එක හරි. ඒත් මෙහෙදි නම් එයා රටේ ජනතාවගේ පැත්ත නෙවෙයි වගේ අරන් තියෙන්නේ. කොහොමවුනත් අපේ රටේ වුනු දේ ජාත්‍යන්තරයට යන්නේ කොයි විදියටද කියලා, මේ ෆිලුම බලලා අදහසක් ගන්න පුළුවන් වෙයි. මේ වගේ චිත්‍රපටයක් අරන් ආවට බොහොම තුති.
AsithaDilruwan
ela sahi thanks
hasanga fernando
thanku nanga :v
Gayan Chathuranga
Thnaks!
Gayan Chathuranga
Thanks !
HIRANLASITHA
Thanks...
suranuwan
thank you....
kaushal_hapu
super intro..... nobody will hurt,, thanks for sub... keep continue ... good luck........
Pramukmili
thanks sis.........
pra78
thawama film eka beluwe ne. hebei lipiya kiyewwama balannama oni kiyana hengima denuna. film ekaka sub eka wagema adalawa liyana lipiyath godaak wedagath. thank you sis sub ekata wagema lipiyatath. den den wenas wenas pethi walin ena film walata sub karanawa godak dena. jaya wewa
Kala karu12
Thanks.
baiscopelkishu
thankqqq helili nangi
Tharindu07
Lipiyata saha sub 1kata godaak thanks......!!!! Jayavewa....!!!!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Waruna Kamalawansha
උපසිරැසියට බොහෝම ස්තූතියි.........
saman rathnayake
Thank You Sister
SViraj
Thanks a lot for the sub!!!
rukshitha thamara
Thanks for the subtitle akke & very good post
Lakshansilva18
thanks for subtitle, primal fear (1996) ekatath sub dennako
Tuesday Chamod kavishka
බොහොම ස්තූතියි උපසිරැසියට ❤️
ඒ වගේම ලිපියටත් බොහොම ස්තූතියි ✊Shehan kavishka
Sub ekata බොහොම ස්තූතී.❤️❤️
Advertisement
![A Private War (2018) Sinhala Subtitles | ජීවිතයම යුධ බිමක් වූ කල..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/a-private-war-2018.jpg)

නියමයි සහෝදරී....අපිට නෑකමක් තියෙන ෆිලුමක්....ස්තුතියි උපසිරැසි දුන්නට...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....