Viking Wolf (2022) Sinhala Subtitles බයිස්කෝප්වාසී හැමෝටම ආයූබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා! මීට ටික දවසකට කලින් මම උපසිරසි ලබාදුන්න Anaconda (2024) ෆිල්ම් එක ඔයාලා නැරඹූවද? පොඩි බජට් එකකින් නිපදවපු චිත්‍රපටයක් උනත් එහි පරිගණක සජීවිකරණ ඉතා හොඳින්ම භාවිතා කරලා තිබුන බව ඔයාලට මතක ඇති. මේ පාර…
Viking Wolf (2022) Sinhala Subtitles
බයිස්කෝප්වාසී හැමෝටම ආයූබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා! මීට ටික දවසකට කලින් මම උපසිරසි ලබාදුන්න Anaconda (2024) ෆිල්ම් එක ඔයාලා නැරඹූවද? පොඩි බජට් එකකින් නිපදවපු චිත්‍රපටයක් උනත් එහි පරිගණක සජීවිකරණ ඉතා හොඳින්ම භාවිතා කරලා තිබුන බව ඔයාලට මතක ඇති. මේ පාර ගෙනාවේත් අන්න ඒ වගේ වයිකිංවරුන්ගේ දේශය හෙවත් නෝර්වේ රාජ්‍යයේ නිර්මාණය උන වෘකයෝ සම්බන්ධ නිර්මාණයක්. මේ සලරුවෙත් CGI තාක්ෂණය ඉතා හොඳ මට්ටමක තිබෙන බව කියන්න ඕන. ඒත් ඔයාලට විශ්වාස නැත්තම් අපි උපසිරැසි ලබාදීලා තියෙන Troll (2022) ෆිල්ම් එක නරඹලා නෝර්වේ ජාතිකයන්ගේ CGI තාක්ෂණය ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි විස්තර නැතුව චිත්‍රපටයේ කතාව පැත්තට හැරෙමු.
බෝල්ටික් සාගරයේ පටන් කළු මුහුද දක්වාම සමුද්‍රය දිග්විජය කල ජාතියක් ලෙස වයිකිංවරු හඳුන්වන්න පුළුවන්. ක්‍රි.ව 700 පටන් 1100 දක්වා බොහෝ යුරෝපීය රටවල වෙරළ තීරයන් තම අණසකට ගන්න මේ රණකාමී වයිකිංවරුන්ට හැකිවී තිබුනා. ක්‍රි.ව 1050 දී ගුඩ්බ්‍රෑන්ඩ් නම් වයිකින් නායකයෙකු නැව් 20කින් සමන්විත කණ්ඩායමක් සමඟ නෝමැන්ඩිය කොල්ලකනු ලැබුවා. නමුත් මේ ගමන ඔවුන්ගේ මෙන්ම ඔවුන්ගේ දේශයෙත් ඉරණම වෙනස් කරන බවට ගුඩ්බ්‍රෑන්ඩ් ඇතුළු කණ්ඩායම දැනසිටියේ නෑ. නෝමැන්ඩිය කොල්ලකන අතරතුර තාපසාරාමයක තිබී ඔවුන්ට රහස් කුටියක් හමුවූ අතර එයට ඇතුල් නොවන ලෙසට එහි සිටි පූජකයන් ගුඩ්බ්‍රෑන්ඩ් සහ ඔහුගේ පිරිසට බැගෑපත් උනා. නමුත් රන් සහ රීදී සොයා එයට ඇතුල්වූ වයිකිංවරුන්ට හමුවුනේ නම් ඔවුන් සිහිනෙකින් හෝ නොසිතූ යමක් තමයි. ඔවුන් ඒ සොයාගත් දේත් සමඟ නැවතත් වයිකිං දේශය බලා නැව් නැගුණු අතර ඊට වසර 1,000කට පසුත් නෝර්වේ දේශය පුරා භීෂනය පැතිරූ සිද්ධි දාමයක ආරම්භය එලෙසින් සටහන් උනා. ඒ භයානක කතාව මොකක්ද කියලා ඔයාලට මේ සලරුවෙන් දැන් නරඹන්න පුළුවන්.
Viking Wolf (2022) චිත්‍රපටය මේ වෙද්දි 5.6ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. Thriller / Horror යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Stig Svendsen කියන අධ්‍යක්ෂකවරයා. අපිට නුපුරුදු නෝර්වේ ජාතික රංගන ශිල්පීන් පිරිසක් තමයි රංගනයෙන් දායක වෙන්නේ. චිත්‍රපටය ප්‍රදර්ශනය කරලා තියෙන්නේ 2022 නොවැම්බර් මස 18 වෙනිදා. ඩොලර් මිලියන 58කට ආසන්න ආදායමක් ලබාගත්තට පස්සේ 2023 පෙබරවාරි 03 වෙනිදා මේ සලරුව නෙට්ෆිලික්ස් ඔස්සේ නිකුත් කරලා තිබෙනවා. එහෙනම් ඉතිං අන්තිමට ඔයාලට කියන්න තියෙන්නේ උපසිරසිය ගන්න ගමන් දිරිගන්වන කොමෙන්ටුවක් දාන්න කියලා විතරයි. ඒ වගේම ෆිලුම වෙන් කරලා දුන්න රවිදු හේෂාන් සහෝටත් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,076 downloadsDownload Viking.Wolf-2022.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
9 comments
Buddhika Lakmal
Bimsara Yashan(ඔලිව)
මේ දවස් වල බලන්න හොද Horror ෆිල්ම් එකක් හොය හොයා හිටියෙ. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජයවේවා!
Danushka Rathnayaka
Thanks Bro Sub Ekta ❤
Anonymous
Tnx macho sub ekata ❤️ tawat me wage film walata sub denna ❤️
Kavindu Nethmina
Sub ekata thanks bro..thawath supiri film ekaka sub ekak denna
sachintha
සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි
ජය
uwiniran
thanks..
Tharindu Siriwardana
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks machan Sub ekata