Watch Trailer

Betaal [ Complete S01 ] Sinhala Subtitles | නොමළ බ්‍රිතාන්‍ය සොල්දාදුවන්! [සිංහල උපසිරසි]

අපි ආවෙ මේ මිනිස්සුන්ට උදව් කරන්න, එහෙත් ඔවුන් අපිට විරුද්ධ වුනා… ඔවුන් කොහොමද අපිට විරුද්ධව කැරලි ගසන්නෙ? මම ඔවුන්ගේ ආරක්ෂකයාව ඔවුන්ට විරුද්ධව පාවිච්චි කරනවා… මම බේතාල් ශාපය සන්නද්ධ කර, මේ තිරිසනුන්ව විනාශ කර දමනවා… බයිස්කෝප් අඩවියෙන් ලබා දුන්නු ගුණාත්මක නිර්මාණ දෙකක් වන Ghoul සහ Bard of Blood ගැන…

අපි ආවෙ මේ මිනිස්සුන්ට උදව් කරන්න,
එහෙත් ඔවුන් අපිට විරුද්ධ වුනා…
ඔවුන් කොහොමද අපිට විරුද්ධව කැරලි ගසන්නෙ?
මම ඔවුන්ගේ ආරක්ෂකයාව
ඔවුන්ට විරුද්ධව පාවිච්චි කරනවා…
මම බේතාල් ශාපය සන්නද්ධ කර,
මේ තිරිසනුන්ව විනාශ කර දමනවා…

බයිස්කෝප් අඩවියෙන් ලබා දුන්නු ගුණාත්මක නිර්මාණ දෙකක් වන Ghoul සහ Bard of Blood ගැන ඔයාලට මතක ඇති. ඒ වගේම රස කර කර බලපු Netflix කතා මාලා එහෙමත් ඔයාලට මතක ඇති. ඔන්න ඒ අත්දැකීමම ලබා දෙමින් ඉහතින් මම සදහන් කල කතා මාලාවන් දෙකෙහි නිර්මාණ කරුවන් (Patrick Graham සහ Nikhil Mahajan)විසින් අධ්‍යක්ෂනය කරන ලද තවත් කතා මාලාවක් තමයි මේක. ඉතින් Bard of Blood නිෂ්පාදනය කල ගෞරි ඛාන් (ශාරුක්ගේ ඛාන් බිරිඳ) (Red Chillies Entertainment) සහ Gaurav Verma තමයි මේකත් නිෂ්පාදනය කරන්නෙ. සහභාගිත්වයේ සුලු සුලු වෙනස්කම් තිබුනත් ඔය කතා මාලාවන් දෙකෙහි නිර්මාණ කරුවන්ම තමයි මේකටත් එකතුවෙන්නෙ. ඉතිං අද දවසේ එක වතාවේම ඔයාලට මේ සඳහා සිංහල උපසිරසි ලැබෙනවා 🙂

official Netflix twitter පිටුවෙ Betaal ගැන ට්වීට් කරල තිබුනෙ ඔය විදිහට.

Go Goa Gone සහ Rise of the Zombie මතක ඇතිනෙ, මුලින්ම ආව හින්දි සොම්බි චිත්‍රපට. ඉතින් මේ සොම්බි කතා මාලාවත් එක්ක ඉන්දියානු පලමු සොම්බි කතා මාලාව බවට මෙය පත් වෙනවා. මේ කතා මාලාව එකකට එකක් පරයා යන කතාංග හතරකින් සමන්විත වෙනව. සොම්බි හෙවත් ඇවිදින්නන් එහෙමත් නැතිනම් පිල්ලින් ගැන සදහන් වෙන චිත්‍රපට අපි බොහොමයක් බලල තියනවනෙ. ඉන්දියානු මිත්‍යා මතවාද මගින් පැවත එන කතා ඇසුරින් නිර්මාණය වුනු සොම්බී ගනයට අයත් වෙන කතාවක් විදිහට තමයි මේක දිවෙන්නෙ.

එකොමත් එක කාලෙක දකුණු රටේ ඥාතීන් බොහොමයක් හිටි රජ කෙනෙක් වාසය කලා. හැබැයි මේ ඥාතීන් රජතුමාගෙ සිංහාසනයට කෑදර කමින් තමයි හිටියෙ. දවසක ඥාතීන් එකතුවෙලා රාජධානිය බලහත්කාරයෙන් ලබාගන්නවා. මේ නිසාවෙන් රජතුමා තම බිසව සහ දියනිය සමග රජවාසල අත්හැර එනව. මේ තුන්දෙනා ඝන වනාන්තර පහුකරගෙන ඇවිදගෙන යනව. ඔහොම යනකොට සොර සතුරන් බහුල වුනු ප්‍රදේශයක් හරහා යන්න සිද්ද වෙනව. රජතුමා තම බිසවට සහ දියනියට සැඟවී සිටින්නට අවවාද කරමින් සොරුන් සමග සටනට යනව. අවසානෙ රජතුමාට අවාසනාවන්ත විදිහට මැරෙන්න වෙනව. හැබැයි රජ බිසව සහ දියනිය රජතුමා එනකම් බලාගෙන ඉන්නව.

ඔය අතරෙ ගොවියෙක් ඔහුගෙ පුතු සමග අසු පිට නැගිල කැලයට එනව. මෙයාල කාන්තාවන්ගෙ පා සටහන් දකිනව, දැකල මෙයාල ඒ ගැන පුදුම වෙනව. පස්සෙ එයාල තීරණය කරනව කුඩා පා සටහන අයිති කාන්තාව තම පුතුත් විශාල පා සටහන අයිති කාන්තාව තමනුත් විවාහ කරගත්ත නම් හොදයි කියල. ටික දුරක් යද්දි මෙයාලට රැජින සහ කුමරිය මුනගැහෙනව. ගොවිය මේ දෙන්නට බොහොම බැගෑපත්ව කතා කරල ඔවුන් සොරුන් නොවන බව ප්‍රකාශ කරල මෙයාලගෙ කතාව අහගන්නව. ඊට පස්සෙ ගොවිය රැජින සහ කුමරියව තමන්ගෙ ගෙදර එක්ක ගිහින් මෙයාලගෙ විවාහ වීමේ සැලසුම එයාලට කියනව. එයාලත් එකඟ වෙනව. හැබැයි වැඩේ කියන්නෙ ලොකු පා සටහන දියනියගෙත් කුඩා පා සටහන මවගෙත් වෙන බව ඔවුන් පස්සෙ දැනගන්නව. අවසානයේ පියා දියනියවත්, පුතු රැජිනවත් විවාහ කරගන්නව.

අවසානෙ බේතාල් අහන ප්‍රශ්නය තමයි: මේ පවුල් දෙකට ඉපදෙන දරුවන් ඥාති වන්නේ කෙසේද?

Vetala Panchavimshati නොහොත් Baital Pachisi ග්‍රන්ථයේ පරිවර්ථනයක් වන
Twenty-Two Goblins හී චිත්‍රයක් 

දැන් බලනව ඇති මොකක්ද යකෝ මේ සුරංඟනා කතාව කියල. බේතාල් නොහොත් වෙතාල කියන්නෙ ඉන්දියානු මිත්‍යා මදවාද වල පැවත එන භූත ආත්මයක්. ඉතින් ඒ ගැන වික්‍රම් සහ වෙතාල පිලිබඳ සදහන් සංස්කෘත ග්‍රන්ථ නොහොත් පුරාණ කතා වල සදහන් වෙනව. ඉතින් මේ වගේ මිත්‍යා මතයක් පාදක කරගෙන තමයි අපේ මේ කතා මාලාවත් නිර්මාණය වෙන්නෙ. ඔය කියන බේතාල් ආත්මය කතන්දර කියන්නත් එමගින් ප්‍රශ්න අහන්නත් කැමැත්තෙන් හිටියලු. ඔක්කොටම කලින් මම ඔයාලට වික්‍රම් සහ වෙතාල කතාව කියල ඉන්නම්කො.

සංස්කෘත ග්‍රන්ථ වල සදහන් වෙන රජ කෙනෙක් තමයි වික්‍රමාදිත්‍යන් කියන්නෙ. මෙයා පුද්ගලයෙකුට අපි කියමුකො හිඟන්නෙකුට කියල. එහෙම තමයි ගොඩක් තැන් වල සඳහන් වෙන්නෙ. ඉතින් මේ හිඟන්නට වෙන පොරොන්දුවක් මත එක් සිරුරක් රැඟෙන එන්න කැලයට යනව. ඉතින් මේ සිරුරට තමයි බේතාල් ආත්මය ආවේශ වෙලා ඉන්නෙ. සිරුර තියෙන්නෙ ගහක් උඩ ඒකත් කකුල් දෙක උඩටත් හිස පහලට හිටින විදිහට තමයි මේක තියෙන්නෙ. වික්‍රමාදිත්‍යන් මෙතනට ගිහින් සිරුර ගන්න යද්දි ආත්මය ඇවිත් මෙහෙම කියනව. “මම ඔබට කතන්දර කිහිපයක් කියා එමගින් ප්‍රශ්න අහන්නම්, ඔබ නිවැරදිව පිලිතුරු දිය යුතුයි. එවිට ආපසු මම ගසට යන්නම්. නැතහොත් ඔබ මට බිලි විය යුතුයි.” වික්‍රමාදිත්‍යන් එයට එකඟ වෙනව. ඉතින් එතනදි කතන්දර 25ක් සහ ප්‍රශ්න 25ක් ඉදිරිපත් වෙනව (“Twenty-five (tales) of Baital”). ඉතින් එහිදි කියැවෙන අවසාන කතන්දරය සහ ප්‍රශ්නය තමයි මම උඩින් සදහන් කරල තියෙන්නෙ. මේ ගැන හොයන්න කැමති කෙනෙක් ඉන්නවනම් අන්තර්ජලයේ මේ ගැන තොරතුරු බොහොමයක් තියනව. තව දෙයක් තියේ මේව මිත්‍යා මතවාද නිසා එක එක තැන් වල එක එක විදිහට සඳහන් වෙනව. වික්‍රම් වෙතාල කතාවත් විස්තරාත්මකව ඉදිරිපත් වෙනව සමහර තැන්වල. මම මේ සාරාංශයක් විතරයි මෙතන ගෙනැල්ල තියෙන්නෙ වැදගත් වෙයි කියල හිතල..

පළමු කතාංගය (චානක ඉඳුණිල්)
කතාව ගැන පොඩි හැදින්වීමක් කලොත් මම ඔය ඉහලින් සඳහන් කරපු බේතාල් ආත්මය තමන්ගෙ දෙවියන් හැටියට සලකා පුද සත්කාර කරන පිරිසක් මේ කතාංගයේ ඇතුලත් කරල තියනව. ඉතින් මේ පිරිස ඉන්දියාවේ කිසිදු රාජ්‍ය සහයෝගයක් නොමැතිව ජීවත් වෙන පිරිසක් විදිහට තමයි දක්වල තියෙන්නෙ. ඉතින් මේ පිරිස ඉන්දියානු ජනගහනයට මුසු කරල ඔවුන්ට සංවර්ධනයක් සහ අභිවෘද්ධියක් ලබා දීමේ අරමුණින් ඉන්දියානු CIPD ඒකකයක් මේ ගම්මානයට පැමිනෙනවා. එතනදි ඔවුන්ට මුහුන දෙන්නට වෙන භයානක අත්දැකීමක් ගැන තමයි කතාව දිවෙන්නෙ….

දෙවැනි කතාංගය (කවිෂල් රසින්ත)
දෙවැනි කතාංගයෙදී ඔයාලට දකින්න පුළුවන්, සිහෝලි ඇතුළු කණ්ඩායම මේ අමනුශ්‍යයින්ගේ ඇත්ත තත්වය තේරුම් ගන්නවා. සිහෝලි මුලින්ම මේ බව දැනගත්තත් අනික් අයට එය පහදා දෙන එක ලේසි දෙයක් වෙන්නෙ නෑ, උමඟ ඇතුලෙදි හපාකෑම් වලට ලක් වෙලා මැරුන චන්ද්‍රන් සහ ත්‍රිපාති වගේම හපා කෑමෙන් දිවි ගලවගත්ත හක්ටත් අත් වෙන ඉරණම අද කොටසින් බලාගන්න පුළුවන්, ඉතින් මේ බේටාල් ශාපයෙන් මොවුන් ගැලවෙයිද? සිහෝලි ඇතුළු පිරිසට පැරණි බ්‍රිතාන්‍ය බැරක්කයේ දිගටම ඉන්න පුළුවන් වෙයිද? ඒවාට පිළිතුරු දෙවැනි කොටසින්…

තෙවැනි කතාංගය (පසිඳු මධුමාල්)
තෙවැනි කතාංගයෙදි, අණ දෙන නිළධාරී ත්‍යාගිට මෙම කර්නල් ලයන්ඩොක් කියන බ්‍රිතාන්‍ය කැරලිකරුවා ආරූඪ වෙනවා. මේ ගැන දැනගන්න මුදල්වන් තමන්ගේ ඇග බේරාගන්න මෙම නපුරු ආත්මයත් සමග ගණුදෙනුවකට එනවා. ඒ තමන්ගේ දියණියව වන සාන්වීව බිලිදීමෙන්. සාන්වී මොකටද බිලිවෙන්නේ, මොකක්ද ඒකට හේතුව යන්න ඔයාලටම බලන්න මම ඉඩහරිනවා. එහෙනම් තවත් ලස්සන කතාවක උපසිරැසියක් අරගෙන එන්නම් කියන ගමන් ගිහින් එන්නම්. හැමෝටම බුදුසරණයි…!

සිව්වැනි කතාංගය (සොහාන් ජයසූරිය)
මේ කොටස අවසන් වෙන්නේ නම් තව කතා මාලාවකට මං පෙත් විවර කරල. ඉතින් සමහරවිට දෙවනි කතා සමයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. නැත්තම් සමහරවිට මෙතකින් අවසන් වෙන්නත් පුලුවන්. අපි ඉදිරියට බලමු ඒ ගැන. කලින් කොටසෙන් අදහසක් එන්න ඇති කර්නල් ජෝන් ලින්ඩොක් ගැන. එයා කරන්න යන දේ ගැනත් හැමෝටම පැහැදිලි ඇතිනේ. ඉතින් තුන්වෙනි කොටස ඉවර වෙද්දි සිරෝහි සහ තවත් පස් දෙනෙක් විතරයි පණ බේරගෙන හිටියේ. අන්තිම කොටස ගැන මුකුත්ම කියන්නෙ නෑ. උපරිම භීතියෙන් සහ කුතුහලයෙන් නරඹන්න ඉතුරු කරන්නම්. අවසානේ ඔයාලට හිතෙයි මොන මගුලක්ද ඒ වුනේ කියලා, එහෙම නොහිතුනොත් ඔයාලා හරියට කතාව රස විඳලා නෑ. එහෙනම් ගිහින් එන්නම්. රස විදින්න එක පෙලට ත්‍රාසය, භීතිය සහ කුතුහලය පිරි බේටාල් ශාපයේ කතාව. ජය වේවා…!!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,314 downloadsDownload Betaal-S01.zip103 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ඉඳුණිල්”, “කවිෂල් රසින්ත” “පසිඳු මධුමාල්” සහ “සොහාන් ජයසූරිය“සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

3,314 downloadsDownload Subtitles103 KB

16 comments

  1. Helili Hemamali

    සිංහල උපසිරැසි සියල්ල එකට දීලා. එක හුස්මට බලන් යන්න තමයි තියෙන්නෙ. ටීම් එකටම ස්තූතියි.

  2. Anonymous

    Thanks for sub

  3. Bimsara Yashan

    කට්ටියටම ස්තූතියි වැඩේට..

  4. Suranjan

    Thanks jayawewa.....!

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Anonymous

    අම්මෝ!!! හොය හොය හිටියේ හින්දි series එකක්
    සුපිරියි ඈ ඔක්කොම එකට දීලා
    තව හින්දි web series ටිකක් දෙමු(romance නම් එපා)
    ජය වේවා!!!

    1. -SH-

      Ara prashnet uttre mkdd bn

  8. Anonymous

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  9. podda

    thanks

  10. Shamal manojan

    පසිඳු මදුමාල් සහෝ විසින් පෙර ලබාදී ඇති Delirium 2018 චිත්‍රපටයේ උපසිරැසි ගැලපෙන්නේ නෑ. කරුණාකර ඒ චිත්‍රපටය සබ් එක Update කරන්න පුලුවන්ද?

    1. Pasindu Madumal

      සහෝ, Delirium කියල චිත්‍රපට දෙකක් 2018 වර්ශයේදී නිකුත් වෙලා තියෙනවා. මම උපසිරැසි ගන්වා තියෙන්නේ Topher Grace රංගන දායකත්වයෙන් යෙදෙන චිත්‍රපටයට. එම නිසා උපසිරැසි ගන්වා ඇති චිත්‍රපටයට අදාළ පිටපත ලබාගන්න.

  11. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරිම වැඩක් season එකම එක පාර සබ් දුන්න එක...

  12. එරංග සඳරුවන්

    උප සිරැසි වලට බෝම ස්තූතියි..
    ජය වේවා..

    ඔක්කොම එක පාර දීලා තියෙනවට ආයේ ස්තූතියි..
    වටේ යන්ඩෝන් නෑ නේ..

  13. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  14. Anonymous

    Seiries ekee link wada nane.aluthen link daanna