The One and Only Ivan අධ්‍යයක්ෂණය කරනු ලැබෙන්නේ Me Before You (2016) අධ්‍යයක්ෂණය කළ Thea Sharrock අතින්. තිර රචනය සිදු කරනු ලබන්නේ Mike White විසින්. මේ චිත්‍රපටයට පාදක වන්නේ The One and Only Ivan නමින්ම K. A. Applegate අතින් රචිත ළමා නව කතාවයි. Sam Rockwell තමයි අයිවන්ට හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන…

The One and Only Ivan අධ්‍යයක්ෂණය කරනු ලැබෙන්නේ Me Before You (2016) අධ්‍යයක්ෂණය කළ Thea Sharrock අතින්. තිර රචනය සිදු කරනු ලබන්නේ Mike White විසින්. මේ චිත්‍රපටයට පාදක වන්නේ The One and Only Ivan නමින්ම K. A. Applegate අතින් රචිත ළමා නව කතාවයි. Sam Rockwell තමයි අයිවන්ට හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්නේ. Angelina Jolie, Danny DeVito, Helen Mirren, Brooklynn Prince, Ramón Rodríguez, Ariana Greenblatt සහ Bryan Cranston වගේ කට්ටිය තමයි රංගනයෙන් සහ හඬ කැවීමෙන් දායක වෙලා තිබෙන්නේ.
අපි නව කතාව ගැන පොඩි විපරමක් කරලා බැලුවොත්, මම කලින් කිව්වා වගේම මේ ළමා නවකතා පොතේ රචකයා වන්නේ K. A. Applegate. චිත්‍ර හැඩ ගන්වන්නේ Patricia Castelao. මේ නව කතාව දිව යන්නේ අයිවන් කියන සිල්වර්බැක් (silverback) ගෝරිල්ලා වටායි. අපි මුලින්ම බලමුකො කවුද මේ සිල්වර්බැක් ගෝරිල්ලෙක් කියන්නෙ කියලා.
සිල්වර්බැක් ගෝරිල්ලෙක්
සිල්වර්බැක්…. ඇත්තටම මම මුලින් මේ වචනය දැක්කාම හිතුවා සිල්වර්බැක් කියන්නේ ගෝරිල්ලා වර්ගයක් කියලයි. නමුත් ටිකක් හොයලා බලද්දි තමයි දැනගන්නට ලැබුණේ සිල්වර්බැක් කියන්නේ වැඩිහිටි පිරිමි ගෝරිල්ලන්ට බව. මෙසේ මොවුන්ව හඳුන්වන්න හේතු වන්නේ ඔවුන්ගේ කොඳු ප්‍රදේශයේ සිට ඉණ ප්‍රදේශය දක්වා තිබෙන කළු ලොම් රිදී පැහැයට හැරෙන නිසාලු. එතකොට බ්ලැක්බ්ලැක් (Blackbacks) කියල කියන්නේ වයස අවුරුදු 8 සිට 12 දක්වා ගෝරිල්ලන්ට. ඒ වයසට වැඩිය රිදී පැහැ ලොම් නැහැ. ඒක අමතර කරුණක්.
දැන් අපි ටිකක් අයිවන් ගැන කතා කරමුකෝ. දන්නවද? මේ නවකතා මනඃකල්පිත වුණාට අයිවන් කියන්නේ ඇත්තටම හිටපු ගෝරිල්ලෙක්. මේ නවකතාවට ආවේශනය ලබාගෙන තිබෙන්නේ මේ ගෝරිල්ලාගෙන් සහ එම ගෝරිල්ලා මුහුණ දුන් සිදු වීම්.
අයිවන්, 1962 උපත ලැබූ, Western lowland ගෝරිල්ලෙක්. ඔහු උපත ලැබුවේ වර්තමානයේ කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස හඳුන්වන ප්‍රදේශයේයි. ඔහුව කැළෑව තුළදී අල්ලාගනු ලබන්නේ ඔහු කුඩා කලදීමයි. ඔහු මුල් අවුරුදු කිහිපයේ දිවි ගෙවන්නේ ඔහුගේ අයිතිකරුවන් සමඟ වන අතර පසුව ඔහු නිවසක සිටීමට පවා අපහසු වන තරමට විශාල වූ පසුව අයිතිකරුවන් විසින් ඔහුව කොන්ක්‍රීට්වලින් සෑදූ කූඩුවකට යවනවා. එය ප්‍රදර්ශනයට තිබෙන්නේ වොශිටන්හි B&I නම් වෙළඳ සංකීර්ණයක. අයිවන් එහි තමයි ඔහුගේ දිවියේ ඊළඟ අවුරුදු 27 ගෙවනු ලබන්නේ.
අයිවන්ව නිදහස් කර ඔහුට හරි හැටි අවධානය ලබා දී බලාගත හැකි තැනකට යවන්නට ඉඩ දෙන බවට ඉල්ලා ප්‍රාදේශීය සත්ව සුභසාධන සංවිධානවලින් කළ සාර්ථක සටන් ව්‍යාපාරවලින් පසුව, 1994 දී අයිවන්ව සියැට්ල්වල පිහිටි වුඩ්ලන්ඩ් පාක් සත්වෝද්‍යානයේ තබනවා. ඊට වැඩි කලක් නොගොස්, ඔහුව ජෝජියාවේ ඇට්ලැන්ටාවල පිහිටා ඇති ඇට්ලැන්ටා සත්වෝද්‍යානට යවනවා. ඔහුගේ දිවි අවසන් වන තාක් ඔහු දිවි ගෙවන්නේ එහිදීයි. 2012 අගෝස්තුවලදී අසනීප තත්වයෙන් සිට ප්‍රතිකාරවලට මුහුණ දෙමින් සිටි අතරතුර වසර 50ක් ආයු පරිභෝජනය කළ අයිවන් ජීවිතයට අවසන් තිත තබනවා. ඔයාලට මෙතනට ගියානම් බලන්න පුලුවන් ඇට්ලැන්ටා සත්වෝද්‍යානයේ වෙබ් අඩවියෙන් අයිවන් පිළිබඳ සටහන් කර තිබෙන වාර්තාව. ඉතින් ඕක තමයි අයිවන්ගේ සැබෑ ජීවිත කතාව…
සැබෑ අයිවන්ගේ ඡායාරූපයක්
නව කතාවේත් අපේ අයිවන් කියන ගෝරිල්ලා දිවි ගෙවන්නේ වෙළඳ සංකීර්ණයකයි. මේ නව කතාව ලියල තියෙන්නේත් අයිවන්ගේ දෘෂ්ටි කෝණයෙන්ම තමයි. 2013 Newbery Medal සම්මානය ජහග්‍රහණය කරන්නට සමත් වෙනවා. තවත් බොහෝමයක් සම්මාන දිනාගන්න The One and Only Ivan නවකතාවට හැකියාව ලැබෙනවා.
ඉතින් The One and Only Ivan නවකතාවේ අති සාර්ථකත්වයෙන් පසුව, මේ වසරේ ඒ කිව්වෙ 2020 මැයි මාසේ නැවතත් Katherine Applegateගේම රචනයෙන් The One and Only Bob නමින් තවත් නව කතාවක් නිකුත් වෙනවා. මෙම නව කතාව ඉදිරිපත් කර තිබෙන්නේ අයිවන්ගේ හොඳම මිත්‍ර සුනඛයා වන බොබ්ගේ දෘෂ්ටි කෝණයෙන්.
මම මේ නවකතාවල සාරාංශනම් දෙන්න යන්නේ නැහැ මොකද චිත්‍රපටයත් නවකතාවට සමීපව ධාවනය වෙයි කියලා හිතන නිසා. කතාව කියවලා තියෙනවනම්, බලන්නකෝ චිත්‍රපටය කොච්චර දුරට නවකතාවට ළඟින් යනවද කියලා. අදහසක් දන්න ඒ ගැන.
මේ චිත්‍රපටය මුලින්ම නිකුත් වෙන්නට තිබුණේ Walt Disney Studios Motion Pictures සමාගම යටතේ අගෝස්තු 14. නමුත් කොවිඩ්-19 වසංගත තත්වය නිසා සිනමාහල් වසා දැමීම හේතුවෙන්, ජූනි 12 වෙනිදා නිවේදනය කරනු ලබනවා Disney+ ඔස්සේ අගෝස්තු 21 වෙනිදාට නිකුත් කරන බවට. හැබැයි ඔන්න ජූලි 8 වෙනිදා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරන පටයේ නිකුත් වීමත් සමග පෙර තීරණය කළ පරිදිම නැවතත් අගෝස්තු 14 වෙනිදාම නිකුත් කරන්න හිතුවත්, අවාසනාවන්ත ලෙස ආපහු 21 වෙනිදාම නිකුත් කරන්න තීරණය කරනවා.
හොඳයි අපි දැන් චිත්‍රපටයේ කතාව දිහාවට හැරෙමු… මේ කතාවේදීත් පොතේදී වගේම බිග් ටොප් වෙළඳ සංකීර්ණය සහ වීඩියෝ ආකේඩ් එක්සිට් එයිට් (Big Top Mall and Arcade Exit 8) කියන ගොඩනැගිල්ලේ තමයි අයිවන් ජීවත් වෙන්නේ. අයිවන් තමා මේ සර්ක්ස් එකේ ප්‍රධාන තරුව මොකද බිල්බෝඩ් එකේ (විශාල දැන්වීම් පුවරුවෙ) තියෙන්නේ එයාගේ පින්තූරයක් සහ සඳහන් කරලා තියෙන්නේ එයා ගැන. එයාට යාළුවෝ කිහිප දෙනෙකුත් ඉන්නවා. එයාලව චිත්‍රපටය බලලාම අඳුනගන්නකෝ. එතකොට අයිවන්ගේ රාජකාරිය වෙන්නේ ලොකු තරහක් මවාපාමින් ගොරවලා, කිං කොං වගේ පපුවට ගහගෙන එහෙම සර්කස් එක බලන්න එන කට්ටියව සතුටු කරන එක.
නමුත් ළඟදි ඉඳලා සර්කස් එක බලන්න එන කට්ටිය අඩු වෙලා. ඉතින් සර්කස් එක කරගෙන යන අයිවන්ව පුංචි කාලයේ ඉඳලා බලා කියාගත්තු මැක් මහත්මයා මේකට විසඳුමක් හිතලා තීරණයක් ගන්නවා. ඒ මොකක්ද කියලත්, අයිවන් සහ ඔහුගේ මිතුරන් ඒ තීරණයට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලාත් පවුලේ හැමෝම එකතු වෙලා මේ චිත්‍රපටය බලලා දැනගන්න කියලා ආරාධනා කරනවා. 😀 ක්‍රෙඩිට් සීන්ස් දෙකක් තියෙනවා ඒ දෙකත් අමතක නොකර බලන්න…
ඉතින් අලුත් නවකතාවක් ආවා වගේම මේ චිත්‍රපටයටත් ඉදිරියේදී The One and Only Bob කියලා Sequel චිත්‍රපටයක් ඒවි කියලා බලාපොරොත්තුවෙන් වෙමු නේද අපි?
ප.ලි.
කැතම වැඩේ කියන්නේ මට මේක නිකුත් වුණු වෙලාවේ ඉඳලා එක දිගට විවිධ දේවල් නිසා මේකේ උපසිරස කරන එක වැළකෙන්න ගත්තා. ඊයේ ගේන්න උත්සහ කළත් හරි ගියෙ නැහැ. කොහොමහරි ලැබෙන වෙලාවල්වලින් උපරිම ප්‍රයෝජනය අරගෙන අද අරගෙන ආවා. ඉතින් මම මේ වෙලාවේ සමාව ඉල්ලන්නෙ නම් නැහැ. මොකද දැන් කමෙන්ට් වැටෙන විදිහ ගැන තියෙන ලොකු කලකිරීමක් තියෙන නිසයි. ඔයාලම බලන්නකෝ ඒක. හැමදාම දාන කීපදෙනෙක් ඇරුණම කමෙන්ට් තියෙනවද, ඩවුන්ලෝඩ් ගාණ අනුව කමෙන්ට් තියෙනවද කියලා. දැන් සබ් අඩුයි කියලාත් පේනවා ඇතිනෙ. ඒකට හේතුව උපසිරසවලට කමෙන්ට් නොලැබීම කියලා සහතිකවම කියන්න පුලුවන්. ඔයාලම තීරණයක් ගන්න. කමෙන්ට් කරල අපේ අයගෙන් වැඩි පුර උපසිරස ටිකක් ලබාගන්න එක ඔයාලගේ වගකීමයි. 🙂
තවත් උපසිරසකින් හමුවෙමු…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,402 downloadsDownload The-One-and-Only-Ivan-2020.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
44 comments
Sanjaya
Pcvenom
Sththi sahoo
Dhanushka Dilranga
Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Anonymous
Thnx..
Kavindu12345desilva
thanks ayye sub ekata
digatma sub denna
jaya wewaAnonymous
Thank you bro
Anonymous
Elhm brh gd jb ❤ rogue ektth dnwada sub brh lgdima
Uvindu Induwara
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසට සහෝ. මේක එනකන් තමයි බලන් හිටියෙ.
Anonymous
thanks
Hashan
බොහොම ස්තුතියි එල් සී ද මැල් :) :)
SH
Thank you so much bro
indika75
thanks..
Wasantha
Thank you bro
benaji
godak thanks oyala may karana wadeta.apitta sinhala sub dena nesa thamai api kathawa hondata therum ganne.ayith oyata godak sthuthi karanawa
Janak satharasingha
jaye wewa!ogollo nathnam APi Film balelath ewarai.Nikan dena de watin nathi seen eka thama coment waten nathi eketa hethuwe.Hamogenme illenewa Baiscope shahodereyange kapakirima ageyekeranne kiyela.Ayeth Jaye wewa!
Ashan Perera
Thank you Bro!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Kantha_DLA
Request :
Rogue (2020)
The Sleepover (2020)
Ava (2020)
The Wretched (2019)
The King of Staten Island (2020)
(psarips(dot)one site eke thiyana
honda movies walata sub denna plz..)Akarsha
GODAK STHUTHIY
Anonymous
Thanks a lot!
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පුලුවන් නම් මේ ටිකටත් සබ් දෙන්න.
The Goonies - 1985
Howard the Duck - 1986
Flight of the Navigator - 1986
The Secret Garden - 1993Anonymous
පුලුවන් නම් magic camp 2020 වලටත් sub දෙන්නෝ
kevin D...
Thanks...
D.Chamara
bohoma sthuthi ..
Anonymous
Thanks for sub.
Anonymous
ubala naththan apita mewa therenne bageta,
thanks bokkaල
මගෙන් සුබ පැතුම්.. ෆිල්ම් එක සුපිරියට ඇති කියල හිතනාවා.. සබ් එකට බෝම ස්තූතී
Arawinda Sunimal
Thanks sub ekata
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..ජය වේවා !!
raviz
Thank you for your hard work.....!
Mayura menaka
ස්තුතිය සහෝ
Udaya Fdo
Thank you
සංජය ලක්මාල් ලියනගේ
බොහොම ස්තූතියි සහෝදරයා...!!!
Anonymous
thanks mcn
prasad jayawardena
film eka gena wagema ivon genath watina lipiyak. thank you brother sub ekata.
wedi wediyen sub krnna shakthiya dahiriya lebewa.dhanujaya
ela ayye ela... thank youuuu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gunathilaka
ela ela
Chanaka
Thanks macho...
Angai
cool
nishantha
we really enjoying your effort............. thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Harsha lakshan
ගොඩක් ස්තුතියි සහෝ.බුදු සරණයි.
BHANUKA
THANKS MACHAN
Advertisement




tanks saho...
Theruwan saranai
jaya weva....