Watch Trailer

Coin Locker Girl AKA Cha-i-na-ta-un (2015) with Sinhala Subtitles | සඳ මත්තේ ඇඳි රුහිරු සිත්තම් [සිංහල උපසිරැසි සමඟ]

මෙම සිනමාපටයට සොහොයුරන් දෙදෙනෙකු උපසිරසි එවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි දෙදෙනාගේම උපසිරසි පළ කිරීමට තීරණය කළෙමු. චාමල් කැළුම් අතපත්තු සොහොයුරා විසින් එවන ලද ලිපිය. ආයුබෝවන් හැමෝම! කොහොමද ඔයාලට ”Vampire Detective” කතාව බලනවා ඇති කියලා හිතනවා හැමෝම. ඒ වගේම ”The Chaser” චිත්‍රපටියත් බලප…

The Coin Girl

මෙම සිනමාපටයට සොහොයුරන් දෙදෙනෙකු උපසිරසි එවා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි දෙදෙනාගේම උපසිරසි පළ කිරීමට තීරණය කළෙමු.

චාමල් කැළුම් අතපත්තු සොහොයුරා විසින් එවන ලද ලිපිය.

ආයුබෝවන් හැමෝම! කොහොමද ඔයාලට ”Vampire Detective” කතාව බලනවා ඇති කියලා හිතනවා හැමෝම. ඒ වගේම ”The Chaser” චිත්‍රපටියත් බලපු අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න නොබලපු අයටත් බලන්න උදව්වක් වෙයි ඒකත්. ඒ වගේම තමයි ලැබෙන ප්‍රතිචාර වලටත් හුඟක් සතුටුයි මොකද කොරියන් බලන යාළුවෝ හුඟක් අඩු නිසා. එහෙමයි කියලා මම උපසැරසි නොදී ඉන්නෙ නම් නෑ.

ඉතින් ඔන්න අදත් හොඳ කතාවක් අරගෙන තමයි ආවේ. මේකටත් මං දන්නවා ඔයාලා කැමති වෙනවා කියලා. මේ කතාවත් අපරාද සහ නාට්‍යමය ගණයට තමයි අදාල වෙන්නෙ. 2015 අප්‍රේල් 29 තිරගත වූ මෙම චිත්‍රපටියට imdb 6.7 ක් වගේ ඉහළ අගයක් ලැබිලා තියෙනවා. ඒ ගාන දැක්කම කතාව හොඳයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ නේද? 1996 වසරේදී බටහිර සෝල් දුම්රිය නැවතුම් පලේ කොයින් ලොකර් එකක, ඒ කියන්නෙ සල්ලි ගෙවලා කුලියට ගන්න තියෙන පොඩි අල්මාරියක්. ඒකට වෙන මොකක්ද කියන්නෙ කියලා දන්නෙ නෑ මං ඔන්න. හරි ඉතින් ඔය එකක දාලා ගියපු පොඩි ළමයෙක්ව හිඟන මිනිස්සු අරන් හදා ගන්නවා. හිඟන්නො එයාට Il-young(Kim Go‑eun) කියලා නම තියනවා, පස්සෙ මේ කෙල්ලට අවුරුදු 10 ක් වුණාම අම්මා(Kim Hye-Soo) කියලා කියන ගෑණු කෙනෙක්ට මෙයාව විකුණනවා. මේ අම්මා කියන්නෙ සල්ලි පොළියට දෙනවා වගේම ශරීර අවයව විකුණන චයිනා ටව්න් වල(කොරියාවෙ) නම ගියපු අපරාධකාරියක්. මෙයා සල්ලි පොළියට දීලා ගෙවන්නෙ නැති අයව මරලා ඇඟේ කෑලි විකුණලා සල්ලි හොයන කෙනෙක්. මෙයා ළඟින් තියාගෙන ඉන්නෙ එයාට ප්‍රයෝජන අයව විතරයි. කවුරු හරි ප්‍රයෝජනයක් නැති වේගෙන එනවනම් මරලා අවයව විකුණනවා. ටිකක් දරුණුයි වගේ පෙනුනට කතාව බලන්න පුළුවන් හැමෝටම.

මේ අම්මා පොඩි අයව ලොකු කරලා එයාගෙ සංවිධානෙ තනතුරු දෙනවා. Il-young ට අවුරුදු 18 වෙනකොට අම්මගෙ විශ්වාසම දකුණු අත වෙනවා. එක දවසක්, Il-young ට වැඩක් දෙනවා. ණය ගත්තු කෙනෙක්ගෙ පුතෙක් වෙන Suk-hyun(Park Bo-Gum)ගෙ ළඟින් ඉන්න. දවස් කීපයකට පස්සෙ මෙයා කොල්ලට කැමැත්තක් දක්කවනවා. කෙල්ල දැකලා තිබුණෙ නැති සුන්දර ලෝකෙ මේ කොල්ලා නිසා පේන්න ගන්නවා. මෙයා අනිත් සාමාන්‍ය තරුණ ගෑණු ළමයින් දැකලා, මෙයාගෙ හිත Suk-hyun ට කැමති වෙනවා. ඒත් කොල්ලගෙ තාත්තා ණය ගෙවන් නැතුව පැනලා ගිය නිසා කොල්ලව මරන්න Il-young ට අණ කරනවා. ඒත් එයාට මේක කරන්න බෑ. එයා දැනගෙන හිටපු එකම පවුලෙන් පැනලා යන්න වෙනවා.

ඒත් මෙයාට පැනලා යන්න පුළුවන්ද?ඔයාලම බලන්න. බලලා කමෙන්ට් එකක් දාන්න. අනිත් අයටත් දැන ගන්න. තවත් උපසැරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට යන්නම්. ගිහින් එන්නම්. මම චාමල් කැලුම් අතපත්තු.

ඔබට ජය!

ඉෂාර සම්පත් සොහොයුරා විසින් එවන ලද ලිපිය.

ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි, මේ පාර කොරියානු එකක් තමයි අරන් ආවේ. ගිය වසරේ තිරගත වුනු චිත්‍රපටියක්. අපරාද කරුවන් මුදල් සෙවීම සඳහා සිදුකරන නොයෙකුත් ක්‍රියාකාරකම්, මිනිස් අවයව ජාවාරම සඳහා මිනී මැරීම රහසේම තදින් ක්‍රියාත්මක වෙන සමයක්. Il-young කියන්නේ අපරාද කල්ලියක සාමාජිකාවක්. ඔවුන්ව මෙහෙයවන්නේ “අම්මා” නම් කාන්තාව. මොවුන් කාලෙන් කාලෙට විවිධ ආකාර වලට මුදල් සෙවීම කරනවා. එක් පුද්ගලයෙක් විශාල ණයක් අරගෙන ඒක ගෙවාගන්න බැරි නිසා රටෙන් පලා යනවා. ඔහුගේ පුතා Park  කොරියාවේ ඉන්න නිසා අපරාධ කරුවන් පුතාගෙන් සල්ලි ඉල්ලනවා. නමුත් Park සල්ලි තියන තරුණයෙක් නෙවෙයි. ඔහු සූපවේදියෙක්. මුදල් ගැනීම සඳහා යන්නේ Il-young. ඇය මුදල් ගැනීම සඳහා ගිය අවස්ථාවේ ඇයට වැටහෙනවා Park සුහදශීලී අපූරු තරුණයෙක් බව. එතනදි ඔවුන් දෙන්න අතරේ යම්කිසි සිදුවීමක් වෙනවා. අපරාධ කල්ලි සාමාජිකාවක් වුනත් ඇයට හිතෙනවා මොහුගේ ජීවිතය ගොඩනගා ගැනීමට උපකාරයක් කරන්න. ඒ ඔහුගේ එකම සිහිනය වන ප්‍රංශයේ සූපවේද පාසලක් වෙත යන්න ගුවන් ටිකට් පතක් ලබාදීමෙන්. Park දුප්පත් නිසා ඔහුට ඒක සිහිනයක්. ඇයට ටිකට් පත ලබාගන්න හැකිවෙයිද…..? Parkගේ පියා ණය මුදල් නොගෙවා පැහැර හැරීම නිසා”අම්මා” තීරණය කරණවා ඒ මුදල් වෙනුවෙන් Park ඝාතනය කර ඔහුගේ අවයව ලබාගන්න. Park සහ Il-young අතර තියෙන දෙයක් ගැන අම්මා දන්නේ නෑ. ඉතින් අම්මා තීරණය කරනවා Il-young ව මේකට යොදාගන්න. මෙතන ඉඳන් කතාව වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ කිව්වේ පොඩිම පොඩි හැඳින්වීමක් විතරයි. කතාවේ තව ගොඩක් චරිත ඉන්නවා. “අම්මා” පොඩිකාලේ ඉඳන් ඇය ලඟ තියාගත්තු ශක්තිමත් අනාතයින් පිරිසකගෙන් තමයි ඔවුන්ගේ අපරාද “පවුල” නිර්මාණය කරගන්නේ. Il-young ඒ පවුල තම ජීවිතය බව විශ්වාස කරනවා. ඉතින් එතනින් එහාට මොනවා වෙයිද?

මේකෙන් කොරියාවේ අඳුරු පැත්තක් අපිට අනාවරණය කරල දෙනවා. මේ සිනමා පටයේ Imdb අගය 6.7ක් වුනත් මට නම් හිතෙන්නේ ඒක ප්‍රමාණවත් අගයක් නෙවෙයි. සම්මාන උලෙල කිහිපයකදීම හොඳම නිලිය සහ හොඳම චිත්‍රපටය සම්මානයට නිර්දේශ වෙලා තියනවා. ඉන් කිහිපයක්ම ජයග්‍රහනය කරලත් තියනවා. . ආරම්බයේ සිටන්ම ඊලඟට වෙන්නේ මොකක්ද කියන කුතුහලය හිතේ ඇතිවෙනවා. කම්මැලි නැතුව එක දිගට බලාගෙන යන්න පුලුවන් චිත්‍රපටියක්. 2015 නිකුත් වුණු එකක්, තාම හොඳට seed තියනවා. බලනවනම් කෝකටත් ඉක්මනට දාගන්න. තවත් එකකින් හම්බවෙමු.  ඔබට ජය!!

Coin Locker Girl (2015) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Coin.Locker.Girl.2015.DVDRip.450MB.Ganool

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,417 downloadsDownload Coin.Locker.Girl_.2015.New_.Baiscopelk.com_.rar54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සහ “ඉෂාර සම්පත්” සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,417 downloadsDownload Subtitles54 KB

14 comments

  1. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝදරයන් දෙන්නටම
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  2. රයන් ද සිල්වා

    සබ් එකට තුති චාමල්\ ඉශාර සහෝලා
    #ජය

  3. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  4. wooobox

    උපසිරසි වලට දෙන්නටම බොහෝම ස්තුතියි. :)

  5. Kulanjana Maduranga

    niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. අසිත

    elama sahola thanks

  8. pabasara

    ekanam godak lassana kathawak.korean balana aya adu unata api nam baiscope ekata enneth korean sub ganna .kauru nobaluwath api korean katha balanawa.digatama sub denna thxxxx oyata

  9. a

    lassanam lassana kathawak .mama balapu supirima kathawak kiyala kiyanna puluwan.thxxx sub ekata puluwannam me wage lassana katha genna api aniwa balanawa.korean nam godakma hodai

  10. Kasun chathuranga

    Thanx macho

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. නිවන්දක සුබසිංහ

    ස්තූතියි…

  13. nisha

    sub Akaka thanks...

  14. malith

    Ela elaz