Watch Trailer

Cold Prey 3 (2010) AKA Fritt vilt III Sinhala Subtitles | හිම කඳුයායේ ඝාතන ආරම්භය [සිංහල උපසිරසි] [18+]

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් මේ පාර ගෙනාවේ පරණ නමුත් සුපිරි චිත්‍රපට මාලාවක අවසාන කොටසයි. 2003 වසරේ නිකුත් වී ලොව පුරා අතිශය ජනප්‍රිය උන Wrong Turn චිත්‍රපට මාලාව ඔයාලා බලලා තියෙනවද. ඒ වගේ චිත්‍රපට වලට කැමතිනම් ඔයා අනිවාර්යයෙන්ම මේක බලන්න. ඒ වගේම කලින් මේකේ ෆිල්ම් දෙකත් බලන්න. මේ චිත්‍රපට මාලාවේ අ…

ආයූබෝවන් යාළුවනේ, ඔන්න එහෙනම් මේ පාර ගෙනාවේ පරණ නමුත් සුපිරි චිත්‍රපට මාලාවක අවසාන කොටසයි. 2003 වසරේ නිකුත් වී ලොව පුරා අතිශය ජනප්‍රිය උන Wrong Turn චිත්‍රපට මාලාව ඔයාලා බලලා තියෙනවද. ඒ වගේ චිත්‍රපට වලට කැමතිනම් ඔයා අනිවාර්යයෙන්ම මේක බලන්න. ඒ වගේම කලින් මේකේ ෆිල්ම් දෙකත් බලන්න. මේ චිත්‍රපට මාලාවේ අනිත් දෙක වෙන Cold Prey (2006), Cold Prey 2 (2008) ෆිල්ම් දෙක කලින් අපේ වෙබ් අඩවියෙන් දීලා තියෙන්නේ මේකත් එක්ක ඔන්න චිත්‍රපට මාලාවම සම්පූර්ණ වෙනවා. මේ චිත්‍රපටය 82%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගන්නත්, 5.1ක IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා වගේම මෙය Slasher / Horror යන කාණ්ඩයන්ට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ. ඒ වගේම මේක නෝර්වේ වල නෝර්වීජියානු භාෂාවෙන් නිපදවුන චිත්‍රපටයක්. ඒ නිසා අපිට හුරු පුරුදු මූණවල්නම් දකින්න ලැබෙන්නේ නෑ.

කලින් චිත්‍රපට දෙක නරඹපු අයනම් මේකේ වස්තු බීජය දන්නවා. ඒත් මේ ෆිල්ම් එක බලන්න කලින් ෆිල්ම් බලලා ඉන්නම ඕන නෑ. මොකද කලින් ෆිල්ම්වලින් දකින්න හම්බුනේ නිවාඩුවට නෝර්වේවල හිම කඳු ප්‍රදේශයකට හිම ක්‍රීඩා කරන්න යන යහළුවන් පිරිසකට මුහුණ දෙන්න වෙන අතිශය බිහිසුණු සිදුවීම් පෙළක්. මේ චිත්‍රපටයෙන් ඔයාලට බලගන්න පුළුවන් මේ භයානක සිදුවීම් ආරම්භ උනේ කොහොමද කියලා. ඒ නිසා පෙර චිත්‍රපට නොබලපු අය මේ ෆිල්ම් එක බලලා කලින් දෙක බැලුවත් කමක් නෑ. 1988 දී නෝර්වේවල සිසුන් පිරිසක් පාළු, අධික ශීතල කඳුකර ප්‍රදේශයකට නිවාඩුව ගත කරන්න යනවා. එයාලගේ අරමුණ වෙන්නේ හිම කඳුකරයේ තියෙන අත්හැරපු ජනප්‍රවාදගත හෝටලයක් හොයාගන්න එකයි. තරුණ ජීවිත හයක්, ඔවුන් වෙනුවෙන් සැඟවී සිටින බිහිසුණු මාරයෙක්, අභීත පොලිස් නිළධාරියෙක්. අවසානයේ දිවි බේරගන්න පුළුවන් වෙන්නේ කාටද කියලා ඔයාලම බලන්නකෝ.

කපන කොටන දර්ශන තියෙන නිසා සංවේදී දර්ශන නරඹන්න නොහැකි අයට සහ පවුලේ සැමට බලන්න බෑ කියලත් මතක් කරන්නත් ඕන. ඒ වගේම මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න විමා සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ලොක්ඩවුන් එක නැති උනත් Covid අවදානම තාම පහ වෙලා නැති නිසා හැමෝම පරිස්සමින් ඉන්න. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.

තෙරුවන් සරණයි !!!

 

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,441 downloadsDownload Cold-Prey-3-2010.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

2,441 downloadsDownload Subtitles17 KB

14 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි

  3. Praveen Mahesh

    Thanks for subtitles. Great work.

  4. Kushan

    Sub akta thanks

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Anonymous

    Thankz For the sub
    Req-Wonder boys 2000 (IMDB-7.3/CAST-RDJ,Tobey maguire,Michel Douglas) Please mekata sub eka denna

  7. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  8. Naveen

    උපසිරසියට තුති

  9. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  10. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  11. indika 75

    thanks..

  12. Dewadithya

    Thanks for Sub!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!