Watch Trailer

Cold War AKA Zimna wojna (2018) Sinhala Subtitles | මමයි නුඹේ වියපත් බඹරා… [සිංහල උපසිරසි සමඟ]

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොදම විදේශ භාශා චිත්‍රපටිය ඇතුලු සම්මාන ත්‍රිත්වයකටම නිර්දේශ උන පට්ටම ෆිල්ම් එකක් බලමුද? මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “The Baader Meinhof Complex (2008) සටන් වදිමි අවසන් ලේ බිඳුව තුරා.” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්ව…

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොදම විදේශ භාශා චිත්‍රපටිය ඇතුලු සම්මාන ත්‍රිත්වයකටම නිර්දේශ උන පට්ටම ෆිල්ම් එකක් බලමුද?

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “The Baader Meinhof Complex (2008) සටන් වදිමි අවසන් ලේ බිඳුව තුරා.” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන ෆිල්ම් බල බල ඉන්නකොට හම්බ උන වෙනස්ම විදියේ පෝලන්ත ෆිල්ම් එකක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. IMDb දර්ශකයේ 7.7ක් rotten Tomatoes වර්ගීකරනයේ 92%ක් එක්කම ලෝකෙ වටේ සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරල සම්මාන 32ක් සහ නිර්දේශවීම් 97ක් ලබාගත්තු සුපිරිම පෝලන්ත ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොදම විදේශ භාශා චිත්‍රපටිය ඇතුලු සම්මාන ත්‍රිත්වයකටම නිර්දේශ උන පට්ටම ෆිල්ම් එකක්. කෙටියෙන්ම කිව්වොත් ආදරේ කරන, ආදරේ හොයන, ආදරේ විඳින හැම හදවතකින්ම අනිවා රසවිඳින්න ඕනෙ සිනමා සිත්තමක්.

ඔහු නමින් වික්ටර්. ජීවිතයේ මැදිවිය ගතකරන වික්ටර් සංගීතවේදියෙක්. එක්තරා දවසක වික්ටර් පවත්වපු හඬ පරීක්ෂණේකට වෙනස්ම විදියක කෙල්ලෙක් එනවා. කියන්න සිංදුවක්වත් නොදැන හඬ පරීක්ෂණේට ආපු මේ දගකාර කෙල්ලගෙ නම සූලා. වයස් බේද සීමා මායිම් වැට කඩොලු නැති මේ ආදර කතාව ගැන මම මීට වඩා කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේ ආදර කතාව බලලා මිසක් කියවලා රසවිඳින්න බැරි නිසා. ඒ නිසා ආදරේ කරන, ආදරේ හොයන, ආදරේ විඳින හැම හදවතකටම ආරාධනා කරනවා මේ සිනමා සිත්තම රසවිඳින්න. පුලුවන්නම් මේ සිනමා සිත්තම රසවිඳින අතරේ මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගන්න පුලුවන් වෙයිද බලන්න. “ඔරලෝසු බට්ටා කාලය මරා දමයි, නමුත් කාලයට ආදරය මරා දැමිය හැකි වේවිද?”

තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව හින්දා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. මෙවර ඔස්කාර් නිර්දේශිත තවත් සුපිරිම සිනමා සිත්තමක් සමගින් ළගදීම හමුවෙමු. ඔබට ජය…!

” ජීවන මං පෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමු වූයේ….
කටු කොහොලින් පිරි කලල් වියේ මා
තනිව මියෙද්දිය හමුවූයේ…..
සැරයටියෙන් අපි යනෙන තුරාවට
සංසාරේ අපි එකට ඉමූ….
සංසාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ…. “

ප.ලි.

2015 අවුරුද්දෙදි හොදම විදේශ භාශා චිත්‍රපටියට හිමි සම්මානය දිනා ගත් Ida කියන්නෙත් මේ සිනමා සිත්තමේ අධ්‍යක්ෂවරයා වූ Pawel Pawlikowski ගේම තවත් නිර්මාණයක්. නිකමට හිතල බලන්නකො හදන හදන ෆිල්ම් එකට සම්මාන පිට සම්මාන හම්බ වෙන අධ්‍යක්ෂවරයෙක්ගෙ සැබෑ ජීවන අත්දැකීමක් ගැන. අධ්‍යක්ෂක Pawel Pawlikowski ගේ සැබෑ දිවියේ දෙමාපියන්ගේ සත්‍ය ජීවිත කතාව ඇසුරු කර ගනිමින් තමයි මේ සිනමා සිත්තම නිර්මාණය වෙලා තියෙන්නෙ. ඒ වගේම ඔවුන්ගේ සැබෑ ජීවිතේදි නම් වෙලා තියෙන්නෙත් වික්ටර් සහ සූලා ලෙසින්මයි. 1989 වසරේදී බර්ලින් තාප්පය බිඳ වැටීමට සුලු කලකට පෙර ඔවුන් දෙදෙනා එකටම සිය ජීවන ගමන් මගට සමුදී තිබුනා. තවත් විස්තර දැන ගන්න ආසයි නං පොඩි ගූගල් සර්ච් පාරක් දාලා බලන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,406 downloadsDownload Cold.War_.2018.Baiscopelk.com_-1.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසිත මධුෂාන්

Subtitles

2,406 downloadsDownload Subtitles26 KB

28 comments

  1. Geethi

    ‍උපසිරැසිවලට තුති !

  2. Hashan M. Priyadarshana

    Thank you bro

  3. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  4. indika75

    thanks..

  5. Tharaka

    THANKS......................................

  6. harshani11112

    වෙනස්ම චිත්‍රපටයක්
    බලලම තමා හොදද නරකද කියන්න වෙන්නේ
    ස්තුති යාලුවා
    තෙරැවන්සරණයි

  7. D.Chamara

    aniwaryan balanna oni ekka sahoo bohoma sthuthi ....

  8. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  9. Nadeesha rox alahakoon

    Tnx bro. Digatma sub demu

  10. pra78

    thank you brother. adventure film athare wenas paraka sub karana kollek. suba pathanawa. digatama me widiyata wedi denek nokarana kalathmaka film walaatath sub karala dunnata.
    jaya wewa bro.

  11. හසිත මධුෂාන්

    සබ් එක බාගෙන හොරෙන්ම මාරු නොවී එක වචනෙකින් හරි ස්තූතියි කියලා යන්න තරම් කෘතවේදී උන හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තූතියි.....!

  12. දමිත් රත්නායක

    බොහොම ස්තුතියි හසිත සහෝ.
    ජයෙන් ජය.

  13. Priyantha Dayakeerthi

    ඔස්කාර් සම්මාන ලැබූ සිනමාපට ගොඩක් නරඹලා තිබෙනවා. ඒ නිසා මෙය බලන්නට තීරණය කළා. ඔබේ වෙහෙසින් නිමවූ මෙම උපසිරසියට මාගේ ස්තුතිය! නැවතත් සම්මාන ලාභී එකක්ම දෙන්න බලන්න. පැරණි ඒවා වුවත් කමක් නැහැ. ඔබට ජය!!!

  14. Nirosha Nirosha

    Thanks

  15. Sandaru

    Thanks for sub.good luck bro

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. Saranga J. Liyanagama

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. TRD

    ස්තුතියි හසිත සහෝ උපසිරසියට..මේක අහම්බෙන් හම්බුනේ..බලලා අදහස් කියන්නම්..ඔබට ජය....!

  20. AsithaDilruwan

    ela saho thanks

  21. mohotti

    thanks

  22. MadusankaMunasinghe

    super

  23. kasun@rko

    Paharak machan

  24. චතුෂ තුෂර කුමාර

    සෑහෙන දවසකින් බලන්න ලැබුන හොඳටම වදින ෆිල්ම් එකක් මල්ලි... බොහොම ස්තූතියි උපසිරැසියට... තව තවත් මේ වගේම අහු නොවෙන ඒවට සැලකීමක් කරන්න...

  25. Madhura sri

    Thnax bro

  26. MAALnath

    Thanks .....................good luck ....................

  27. janakamilantha

    THANKS

  28. sasanka

    thanks for the sub