Watch Trailer

The Baader Meinhof Complex (2008) Sinhala Subtitles | සටන් වදිමි අවසන් ලේ බිඳුව තුරා! [සිංහල උපසිරසි සමඟ]

ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එක බැලුවද….? බලමුද තවත් ඒ වගේම සුපිරි ෆිල්ම් එකක්…? මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Max Manus-Man Of War (2008) නොමියෙන විරුවන්.!” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙ…

ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එක බැලුවද….? බලමුද තවත් ඒ වගේම සුපිරි ෆිල්ම් එකක්…?

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “Max Manus-Man Of War (2008) නොමියෙන විරුවන්.!” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම.  මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන ෆිල්ම් බල බල ඉන්නකොට හම්බ උන වෙනස්ම විදියේ ජර්මානු ෆිල්ම් එකක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. IMDb දර්ශකයේ 7.4 ක් rotten Tomatoes වර්ගීකරනයේ 85%ක් එක්කම ලෝකෙ වටේ සිනමා සම්මාන උලෙළවල් නියෝජනය කරල සම්මාන 4ක් සහ නිර්දේශවීම් 20ක් ලබාගත්තු සුපිරිම ජර්මානු ෆිල්ම් එකක්. ඊට අමතරව 2009 අවුරුද්දේ ඔස්කාර් සම්මාන උළෙලේදී  හොදම විදේශ භාෂා සිනමාපටයට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ වුනෙත් 2009 අවුරුද්දෙදි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සම්මාන උළෙලේදී හොදම විදේශ භාෂා සිනමාපටයට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ වුනෙත් මේ ෆිල්ම් එකම තමයි. කෙටියෙන්ම කිව්වොත් අයුක්තියට අසාධාරණේට විරුද්ධව සටන් කරන විප්ලවකාරී උණක් තියෙන කෙනෙක් ඉන්නවා නං මේක අනිවා බලන්නම ඕනෙ ෆිල්ම් එකක්.

දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ ලෝකේ පුරාවටම වාමාංශික සමාජවාදී රැල්ලක් හමා ගියා. ඒකට සමගාමීව ලංකාවේ විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ බිහිවුණා. ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එක බලපු කෙනෙක් නං ඔබ දැනටමත්  ඒකේ ආරම්භය, සටන්කාමී ක්‍රියාකාරීත්වය වගේම වර්තමානය ගැනත් දන්නවා ඇති. ඒත් ඔය වකවානුවේදී ලෝකේ රටවල් සෑහෙන ගානක ඊට සමාන විදියේ වාමාංශික සන්නද්ධ ව්‍යාපාරයන් සෑහෙන ගානක් බිහි වුනා. “left-wing rebel groups” කියලා පොඩ්ඩක් ගූගල් කරලා බැලුවොත් ඒ ලිස්ට් එක කොච්චරක් නං දිගයිද කියලා බලා ගන්න පුලුවන්. හැබැයි ඔබත් මමත් නොදන්නවා උනත් ඒ අරගල සෑහෙන ප්‍රමාණයක් උපන් ගෙයිදීම ලෙයින් යකඩින් උණ්ඩයෙන් මර්ධනයට ලක් උනා. ඒ විදියට බටහිර ජර්මනිය මූලික කරගෙන අයුක්තියට අසාධාරණයට එරෙහිව හඬක් නැගිය නොහැකි වූ මිනිසුන් වෙනුවෙන් නැගී හිටපු සංවිධානයක් තමයි “Red Army Faction (RAF)” කියන්නේ.

බටහිර ජර්මනිය පුරාවට සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් ඇසුරු කර ගනිමින් ජර්මානු ජාතික කතුවර “Stefan Aust” විසින් 1985දී රචිත “The Baader Meinhof Complex” නම් කෘතිය පාදක කර ගනිමින් 2008 අවුරුද්දෙදි ඒ නමින්ම  ෆිල්ම් එකක් හැදෙනවා. මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ “Red Army Faction (RAF)” සංවිධානයට සම්බන්ධ සත්‍ය සිදුවීම් මාලාවක් ඇසුරෙනුයි. ඒ වගේම ඒ සිදුවීම් වලට අදාල සත්‍ය හඬ පට මෙන්ම වීඩියෝ දර්ශනද මේ ෆිල්ම් එක පුරාවටම අන්තර්ගත වෙනවා. ඒ සමහර දර්ශන අතිශයින්ම සංවේදියි. මේකේ කතාව ගැන මම වැඩි දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේක බලලා මිසක් කියවලා රසවිදින්න පුලුවන් ෆිල්ම් එකක් නොවෙන නිසා. ඒත් අයුක්තිය අසාධාරණය වෙනුවෙන් හඬ නගා, අවසානයේ හඬක් නොනගාම ඝාතනයට ලක් වුන ඒ විප්ලවවාදීන්ට කෙරෙන ගරු කිරීමක් විදියට සැබෑ ඡායාරූප කීපයක් මේ ලිපියට එක් කරන්නම්. “Red Army Faction (RAF)” සංවිධානය ගැන වැඩි විස්තර දැන ගන්න කැමති  කෙනෙක් ඉන්නව නං නම පොඩ්ඩක් ගූගල් සර්ච් කරලා බලන්න.

මවුබිමේ වෙනුවෙන් දිවි පරදුවට තබා සටන්කල දේශප්‍රේමීන්….
මුදලට ගිජුවූ දේශ ද්‍රෝහීන්….
සතුරන් මිතුරන් සහ පාවා දෙන්නන් අතුරින් ගොඩ නැගි එක් බලවේගයක්….
ලෙයින් යකඩින් මර්ධනය කල අරගලයක්….
වළලා දැමූ ඉතිහාසයක්….
ඒ සටන්කාමී හදවත් ස්පන්ධනය වූයේ දේශප්‍රේමීයත්වය වෙනුවෙන්ද,දේශ ද්‍රෝහීත්වය වෙනුවෙන්ද….?
තීරණය ඔබට බාරයි,
අවසරයි නරඹන්න “සටන් වදිමි අවසන් ලේ බිඳුව තුරා…..”

තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව හින්දා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. මෙවර ඔස්කාර් නිර්දේශිත තවත් සුපිරිම සිනමා සිත්තමක් සමගින් ළගදීම හමුවෙමු.

ඔබට ජය….!

“Better to die standing than to live on your knees…”
” දනින් වැටී මිය යාමට වඩා දෙපයින් සිට මිය යාම උතුම්ය…..”
                                                                                                        :- Che Guevara.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,977 downloadsDownload The-Baader-Meinhof-Complex-2008.zip66 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,977 downloadsDownload Subtitles66 KB

21 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. හසිත මධුෂාන්

    මේ සබ් එකට ගැලපෙන හොද කොපියක් moviescounter වෙබ් අඩවියෙන් බොහොම පහසුවෙන් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්...

  3. sanjaya_nt

    good job.. thanks
    "දණින් වැටී ජීවත්වීමට වඩා දෙපයින් නැගී සිට මිය යාම උතුම්ය.." ලෙස නිවැරදි විය යුතුය.

    1. හසිත මධුෂාන්

      සමාවෙන්න සහෝ...
      ඇත්තටම වැරදීමක් වෙලා තියෙන්නෙ...
      මමත් දැන් තමයි දැක්කෙ.
      පුලුවන් තරම් ඉක්මනට නිවැරදි කරන්නම්.
      නිවැරදි කලාට බොහොම ස්තූතියි....

  4. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. Kulanjana Maduranga

    subata thanks

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. harshani11112

    ස්තුති හසිත මල්ලි
    තෙරැවන්සරණයි

  8. Kantha_DLA

    Capharnaüm (2018) - mkvcage
    හරිම ලස්සන ගොඩක් දුක හිතෙන කතාවක්.
    මේකට උප සිරසි දුන්නේ නැත්නම් ගොඩක් පසු තෑවෙන්නවෙයි.....
    Rating: 8.4/10 - ‎6,962 votes

    1. හසිත මධුෂාන්

      අනිවා සහෝ Capharnaum පට්ටම ෆිල්ම් එකක් cold war එකට සබ් එක කරලා ඉවරයි. ඒක අද හෙටම පල වේවි. දැනට කරගෙන යන සබ් එක ඒක තමයි...තව සතියකින් වගේ දෙන්නම්.

    2. Kantha_DLA

      ගොඩක් ස්තුතියි...

  9. DILEKA

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  10. hewathantrige

    මම සිංහල උපසිරැසි film බලනවා ඔයාලට ගොඩක් ස්තුතියිìììììììììììììììììììììììììììììììììììììììì

  11. jagath55

    Thanks

  12. sampath bhagya

    මෙම ව්‍යාපාරය සමාජවාදී මුහුණුවරක් ගත්තද එය පුළුල් බහුජන ව්‍යාපාරයක් බවට පත්කරගන්න උත්සාහ නොකිරීම නිසා අකාලයේ මිලින වී ගියා.ශ්‍රී ලංකාවේ ජවිපෙ එයට වෙනස් ලෙස බහුජන ව්‍යාපාරයක් බවට පත්වීම නිසා අදටත් පවතිනවා.(ඡන්ද අඩුවීම වෙනම කාරණයක්)කෙසේ නමුත් අඩුපාඩු සහිත වුවද දිවිපිදූ විප්ලවවාදීන්ට අපේ ආචාරය.උපසිරැසි පලකල සොයුරාට ස්තූතියි.තවත් මෙවැනි චිත්‍රපටයක් ගෙනෙන තුරු අප මඟබලා සිටිනවා.

  13. හසිත මධුෂාන්

    සබ් එක බාගෙන හොරෙන්ම මාරු නොවී එක වචනෙකින් හරි ස්තූතියි කියලා යන්න තරම් කෘතවේදී උන හැම දෙනෙක්ටම බොහොමත්ම ස්තූතියි....

  14. chinthaka_priyadrshana

    Thank U very much bro.... Ela Ela

  15. Sandaru

    Thanks for sub.good luck bro

  16. දමිත් රත්නායක

    දැන් බැලුවේ ඔන්න.
    අති විශිෂ්ඨම ලිපියක්.
    ඒ වගේම අතිශයින් ගුණාත්මක උපසිරැසියක් හසිත සහෝ.
    සිංහල උපසිරැසිය ගැන කියනව නම් ඉතින් ආයෙ කියලා වැඩක් නෑ සුපර්බ් වැඩක්.
    මම කාලෙකින් මේ වගේ චිත්‍රපටයක් අඩු පාඩු නැති සබ් එකක් එක්ක බැලුවේ.
    ජයෙන් ජයම වේවා!

    1. හසිත මධුෂාන්

      මාස ගානක මහන්සියක ප්‍රතිඵලයක් සහෝ...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.