Watch Trailer

Containment (2015) Sinhala Subtitles | වසර පහකට පෙර දුටු කොරෝනා! [සිංහල උපසිරසි සමඟ]

උදේ නැගිටලා බලනකොට ඔයාලව බලෙන් නිරෝධායනය කරලා තිබ්බොත් කොහොමද ??? අපි ඒකට උත්තර හොයමු මේ චිත්‍රපටයෙන්. ආයුබෝවන්! සුබ දවසක් වගේම නිරෝගිමත් දවසක් වේවා! බයිස්කෝප් යාහළු යෙහෙලි හැමෝටම. The Hunted චිත්‍රපටයට සබ් හදලා ඉන්න අතරේ අහම්බෙන් වගේ මට මේ චිත්‍රපටයේ ට්‍රේලර් එක හම්බවෙනවා. ඊට පස්සේ මම මේ චිත්‍රපටය…

උදේ නැගිටලා බලනකොට ඔයාලව බලෙන් නිරෝධායනය කරලා තිබ්බොත් කොහොමද ???

අපි ඒකට උත්තර හොයමු මේ චිත්‍රපටයෙන්. ආයුබෝවන්! සුබ දවසක් වගේම නිරෝගිමත් දවසක් වේවා! බයිස්කෝප් යාහළු යෙහෙලි හැමෝටම. The Hunted චිත්‍රපටයට සබ් හදලා ඉන්න අතරේ අහම්බෙන් වගේ මට මේ චිත්‍රපටයේ ට්‍රේලර් එක හම්බවෙනවා. ඊට පස්සේ මම මේ චිත්‍රපටයට සබ් හදන්න හිතුවේ මේ කතාව අපිට අදට හෝ හෙටට ගැලපෙයිදෝ කියලා හිතලයි. විවාහකයෙක් පියෙක් වන මාර්ක් රැකියාවේ පහසුව නිසා මහල් නිවාසයක තනිවම ජීවත් වන පුද්ගලයෙක්. නමුත් දිනක් අවදිවන මාර්ක්ට පෙනී යන්නේ කාමරයේ විදුලිය සහ වතුර නැති බවයි. රැකියාවට යන්න සූදානම් වන අතර තුර මාර්ක් දකින්නේ වෙනදාට වඩා දවල් වී ඇති බවයි. හදිසියේ යන්න හදන මාර්ක්ට ගමන නතර කරන්න වෙන්නේ කාමරයේ දොර අරින්නට බැරි විදියට මුද්‍රා තබා ඇති නිසයි.

මේ දිගහැරෙන්නේත් කොවිඩ් 19 වගේ වෛරසයක් පිළිබද කතාවයි. හැබැයි සිනමාකරුවා මේ චිත්‍රපටය හදන්නේ 2015දී. නමුත් අපි කොරෝනා ගැන දැනගන්නේ 2020දී. චිත්‍රපටයේ ඇති වෛරසයත් නව කොරෝනා වෛරසය වගේමයි. ශ්වසනයෙන් බෝවෙන මෙම වෛරසය නිසා උගුරේ ආබාධ සමග එන හුස්ම ගැනීමේ අපහසුව නිසා මිනිසුන් මැරෙනවා. Containment යනු 2015 තිරගත වූ බ්‍රිතාන්‍ය චිත්‍රපටයක්. මේ චිත්‍රපටය වර්ග කරලා තියෙන්නේ ත්‍රාසජනක චිත්‍රපටයක් විදියටයි.

David Lemon විසින් රචනා කර Christine Hartland, Casey Herbert සහ Pete Smyth නිෂ්පාදනය කල මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Neil Mcenery-West විසින්. Lee Ross, Sheila Reid සමග Louise Brealey සහ Pippa Nixon ඇතුළු නලු නිලියන් රැසක් මෙහි රංගනයෙන් එකතු වෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂක නිතරම ත්‍රාසජනක දේවල් වලට ප්‍රිය කරන කෙනෙක්. එනිසාම ඔහු 2008 දී ඔහුගේ කතා සංකල්පය චිත්‍රපටය රචනා කල David Lemon ට පවසනවා. එහිදී අධ්‍යක්ෂකට අවශ්‍ය වන්නේ මහල් නිවාසයක තනිවූ එක් පුද්ගලයකු වටා ත්‍රාසජනක චිත්‍රපටයක් නිර්මාණය කිරීමටයි. නමුත් Lemon හා සංවාදයෙන් පසු එයට තවත් චරිත කීපයක් එකතු කරමින් අවසානයේ Containment චිත්‍රපටය නිර්මාණය වෙනවා. 2014 දී රූගත කිරීම් ආරම්භ කල මෙම චිත්‍රපටය 2015 අගෝස්තු මස 01 වන දින සිට තිරගත වීම ආරම්භ වුනා. එහෙනම් අදට මං සමු ගන්නම්ආ! යෙත් දවසක සිංහල උපසිරසියක් සමග මං ඔයාලව හමුවෙන්න එන්නම්.

එතෙක් ඔබට නිදුක් නිරෝගී සුබ දවසක් වේවා!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

8,852 downloadsDownload Containment-2015.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

8,852 downloadsDownload Subtitles37 KB

25 comments

  1. nilan100

    Patta...thanks sub ekata

  2. malithmadhushan45

    සුපිරි සහෝ මේ කාලේ වටිනම ෆිල්ම් එකක්

    1. රොෂාන් ශමීර

      ස්තූතියි සහෝ...

  3. Bandaramudiyansi

    ශා මරු.හොද තෙරිම්.thanks

  4. indika75

    thanks..

  5. Shaggie

    සබට බොහොම ස්තූතියි සහෝ

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බලන්න ඕනිම ලිස්ට් එකට දාගනෙ හිටපු ෆිලුමක්...ජය..!

    1. රොෂාන් ශමීර

      ස්තූතියි..

  9. Kantha_DLA

    Request :
    Trouble (2019)
    Acceleration (2019)

  10. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .!!

  11. දිල්ශාන් සචින්ත

    පහරක් තමා කාලෙකටකලින් බැලුවා. සබ් එක්ක ආයෙත් බලන්නම්කෝ. ඕක බේස් කරන් ටීවී සීරීස් එකකුත් ආවා. ඒකත් සුපිරි...

  12. LAKA

    X FILES SEASON 7 8 9 SINHALA SUB DENNAKO

  13. Sandun Malinga

    Thank you so much for sub title

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. melinda

    thank you

  16. kasun mihiranga

    Thanks brooo supiriii

  17. suranuwan

    thanks bro....

  18. Shamal manojan

    බොහොම ස්තූතියි උපසිරැසියට.

    Cleopatra - 1963
    Romeo and juliet - 1968

    මේ ෆිල්ම් දෙකට උපසිරැසි දෙන්න පුලුවන්ද?

  19. D.Chamara

    bohoma sthuthi

  20. Pramukmili

    Thanxxx bro.....

  21. Dewadithya

    Thanks for sub!

  22. MAALNATH

    Thanks .............good luck ..............................................