Watch Trailer

Dag II (2016) AKA The Mountain II Sinhala Subtitles | තමන්ගේ මවුබිම සුරකින්න යන වීරයෝ මියයන්නේ ආඩම්බරයෙනි [සිංහල උපසිරැසි සමග]

ඔන්න පොරොන්දු වුන විදිහටම The Mountain නමින් නිපදවුනු තුර්කි චිත්‍රපට මාලාවේ දෙවැන්නටත් සිංහල උපසිරැසි ගෙනාවා. අද ගෙනාව The Mountain 2 චිත්‍රපටයත් මෙහි පලවෙනි එක වගේම තුර්කි හමුදාව ගැන කියවුනු කතන්දරයක් තියෙන චිත්‍රපටයක්. මේ වතාවේ ඉරාක සටන්කාමීන්ගේ ග්‍රහණයට අහුවෙලා මරාදමන්න ඔන්න මෙන්න කියලා තියෙන ත…

ඔන්න පොරොන්දු වුන විදිහටම The Mountain නමින් නිපදවුනු තුර්කි චිත්‍රපට මාලාවේ දෙවැන්නටත් සිංහල උපසිරැසි ගෙනාවා. අද ගෙනාව The Mountain 2 චිත්‍රපටයත් මෙහි පලවෙනි එක වගේම තුර්කි හමුදාව ගැන කියවුනු කතන්දරයක් තියෙන චිත්‍රපටයක්. මේ වතාවේ ඉරාක සටන්කාමීන්ගේ ග්‍රහණයට අහුවෙලා මරාදමන්න ඔන්න මෙන්න කියලා තියෙන තුර්කි මාධ්‍ය වාර්තාකාරිනියකගේ ජීවිතය ගලවා ගැනීමට සොල්දාදුවන් කණ්ඩායමක් පිටත් වෙනවා. වාර්තාකාරිනිය බේරාගන්න එක සාර්ථකව කරගන්නවා. නමුත් කොහොමද මේ කාන්තාරය මැද ඉඳන් සතුරන්ගෙන් මිදිලා ආපහු තමන්ගේ රටට පැනගන්නේ. සොල්දාදුවන් කණ්ඩායම විසින් බේරාගත්ත වාර්තාකාරිනියත් රැගෙන අසල තියෙන ගමකට යනවා පහුවදා උදේම පිටත් වෙන්න බලාගෙන. නමුත් ඉරාක සටන්කාමීන් ආවාම ගමේ අයව ඉතුරු කරන්නේ නෑ කියලා තේරුම් යන හමුදා කණ්ඩායමේ නායකයා තමන් කරන්න ආව මෙහෙයුම ට අමතරව තවත් මෙහෙයුමක් භාර ගන්නවා. ඒ මෙහෙයුම තමයි ගමේ ඉන්න හතලිහක පමණ පිරිස බේරා ගැනීම. මේ සඳහා ඔහුට මූලස්ථානයෙන් අවසර නොලැබෙන බව දන්න නිසා තමන්ගේ හා කණ්ඩායමේ ස්ව කැමැත්තෙන් මෙහෙයුමට අත ගහනවා. අවම වෙඩි බලයක් අතැතිව සිටින මේ හමුදා කණ්ඩායම බේරෙයිද? සතුරන් සියයකට අධික ප්‍රමාණයකට හත් අට දෙනෙක් ගේ කණ්ඩායමක් මුහුණ දෙන්නේ කොහොමද? නමුත් මේ දෙවෙනි චිත්‍රපටය බලන්න කලින් The Mountain 2012 කියන පලවෙනි චිත්‍රපටය බලන්න බැරිවුන අය ඒක බලලා හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. බලන්න බැරි නම් බයිස්කෝප් අඩවියේ ඒ චිත්‍රපටය ගැන සිංහලෙන් පලවුනු ලිපිය හරි මෙතනින් කියවලා එන්න. ඒ ලිපියේ ගොඩක් ලොකු විස්තරයක් තියෙනවා තුර්කි හමුදාව ගැන.එහෙම නැත්නම් මේක බලනකොට තේරෙන්නේ නැති තැන් හමුවෙන්න පුලුවන්. විශේෂයෙන්ම මේක තුර්කි චිත්‍රපටයක් නිසා භාෂාවත් ටිකක් අමාරුයිනේ.

මේ චිත්‍රපටයේ IMDb අගය 9.6ක් අරන් තියෙනවා. ඒ වගේම ධාවන කාලය පැය දෙකකුත් මිනිත්තු 08ක් තියෙනවා. මේ වතාවේ නම් තුවක්කු, යුද්ධ ටැංකි එක්ක ලස්සන හරඹ ටිකක් බලාගන්න පුලුවන්. මුල් චිත්‍රපටයට වඩා යුධෝපායන් මේ චිත්‍රපටයේදී පිලිඹිඹු වෙනවා. ඒ වගේම විශේෂයෙන් හමුදා පුහුණුවක් කියන්නේ කොහොම එකක්ද, කොච්චර අමාරු සහ කොච්චර කැපකිරීම් කරන්න වෙන එකක්ද සහ දරාගැනීම කියන එක කොච්චරක් නම් තියෙන්න ඕනද කියලා බලාගන්න ඕන නම් මේක බලන්න. පලමු චිත්‍රපටයට රඟපෑව ප්‍රධාන නලුවන් දෙන්නා ඇතුලුව නියම සෙට් එක්ක මේකේ ඉන්නවා. චිත්‍රපටයට සිංහල කරගෙන යද්දීත් පලවෙනි එකේ වගේම හිතට වැදුනු ලස්සන කියමනක් තියෙනවා. ඒකත් මෙහෙම සටහන් කරන්නම්. ජය වේවා!

“තමන්ගේ මවුබිම සුරකින්න යන වීරයෝ මියයන්නේ ආඩම්බරයෙනි”

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR / WEBRip පිටපත් සඳහා අදාළ වේ.

18,475 downloadsDownload The-Mountain-II-2016.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Damith-Rathnayake.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දමිත් තරංග

Subtitles

18,475 downloadsDownload Subtitles38 KB

64 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. Panther

    Thanz brother sub akta jaya wewa

  3. Udara Damith Dissanayaka

    supiriyi
    ela
    තමන්ගේ මවුබිම සුරකින්න යන වීරයෝ මියයන්නේ ආඩම්බරයෙනි”

  4. jagath55

    Thanks

  5. losaka

    Thank u bro

  6. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahodaraya sub ekata. Balanna asawenma hitapu film ekak...

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. lahiru sadaruvan

    thank you so much brother.....

  9. Kapila4499

    thanks for sub bro

  10. srinath

    Thanks bro. Bs.

  11. Thisal

    Thanks

  12. MudithaDissanayaka

    thanks brooo sub akata............

  13. Dinusha

    බොහොම ස්තූතියි. බුදු සරණයි !

  14. ranga11112

    උපසිරැසියට ස්තුතියි සහො.

  15. Suranjan

    Thanks machan.......jayawewa......!

  16. kodagoda

    tnx sahoo

  17. avishka_nethmina

    thanks brother.....good work...keep it up...

  18. rangika Kariyawasam

    ෆටිටයි මචං.නියම වැඩක්.ජය හෝ

  19. chathurikadias

    thanx saho sub ekat.jayawewa

  20. roshansanjeewa

    Thanks bro..

  21. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  22. AsithaDilruwan

    elama saho thanks

  23. Sanath Perera

    thanks saho sub ekatta...
    jayen jaya...

  24. bLack_sNow

    Thanks bro. Keep it up

  25. Shan Ashok

    meke 1 aeka koo link denna meke search vunn e site plz

  26. nirodha uthpala

    Aniva ballillak thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . . .

  27. anilrasa

    උපසිරැසිය ලබා දීම ගැන ඔබට ස්තුතියි

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. chinthakaruwan

    thanks very much for sinhala subtitles .... we enjoyed film . thanks again you bro .....

  30. Asoka-Bandara

    Niyamai broo

  31. Ilakmalperera

    Thank you so much,good luck for ur future

  32. sandakelum jayalath

    thanks all

  33. subodha

    Thanks

  34. dinesh binu

    Film wala sub ganna bane ai e....?unkown zize kiyla wetila retrying wenawa withrai downlord wenn na..plzz...help mee......

  35. Piyumal Dissanayaka

    බොහොම ස්තූතියි සහෝ.ජයවේවා

  36. eraanu1989

    thanks

  37. Ranjan kumar

    THANK U BRO

  38. Udaya222

    imbd 9.6 wenne kohomada. 1st movie ekath 9.3 ne

  39. Emise_Kodikara

    br walata sub na ne macho. nikan boru danna epa. webrip eka witarak
    kiyala danna danna.

  40. gayanmagee

    thanks

  41. Bandaramudiyansi

    Kollo meka yts copy walata wada na ne.tikak hadala danawada

  42. Bandaramudiyansi

    Film eka gattata wadak na sabtaital thibba nisa gatta
    Sab eka pissu natanawa [] karalat hadaganna ba. Imdb 9 unat 10k unat sab eka poddak balannako daddi.webrip qwama yts waga ewata galapan natinam wadak na ne

  43. amilamadhurangathilakarathna

    Thanks & congratulations

  44. asanka karawita

    sub eke hadala danna meka pissu kellinne

  45. anufranky

    aiyoo.meke sub yts walata galapenne naane

  46. anufranky

    BR walata sub hadanna.please brother

  47. Asanka_A

    Sab eka aul hariyata wada ne.

  48. Asanka_A

    BR walata sab eka danna

  49. Keefa

    Ftta broz❤️

  50. Sumedha Alwis

    yts walata hariyatama weda. patta bro. Keeo it.
    Good luck.

    1. 19893@

      Wada karan na ne..ban..kathawata iseella subtitle eka yanawa ne..

    2. 19893@

      Mamath yts aken film eka dowonlod kare..a unata subtitle eka hariyata wada na..film ekata issella subtitles eka duwanawa..

Load more comments