Watch Trailer

Dagaalty (2020) Sinhala Subtitles | විජ්ජාකාරයා [සිංහල උපසිරැසි සමග]

විශ්වාසය තමයි ජීවිතය ගෙනයන්නෙ. විශ්වාසය බිඳුනහම ගොඩක් වේදනාකාරීයි. අපි කරන කියන දේ නිසාවෙන් කෙනෙක් ඒ මත විශ්වාසය ඇති කරන් මාළිගා තනන්නට වුවත් පුළුවන්. විශ්වාසය ලෙහෙසියෙන් ඇති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක පළුදු වුණහොත් ලෝකයම නැවතිලා තියේවි. විශ්වාසය අවි ආයුධ වලය වඩා භයානක දෙයක්. ඒ නිසා ප්‍රවේශම්…

විශ්වාසය තමයි ජීවිතය ගෙනයන්නෙ. විශ්වාසය බිඳුනහම ගොඩක් වේදනාකාරීයි. අපි කරන කියන දේ නිසාවෙන් කෙනෙක් ඒ මත විශ්වාසය ඇති කරන් මාළිගා තනන්නට වුවත් පුළුවන්. විශ්වාසය ලෙහෙසියෙන් ඇති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක පළුදු වුණහොත් ලෝකයම නැවතිලා තියේවි. විශ්වාසය අවි ආයුධ වලය වඩා භයානක දෙයක්. ඒ නිසා ප්‍රවේශම් වෙන්න ඕනේ දෙයක් කරන්නට කලින්. වෙලාව අනුව කෙනෙක් කරන කියන දේ ගැන හිතා ගන්න වත් බැහැ. මේ චිත්‍රපටියෙන් ඒ ගැන පුළුල්ව අර්ථයක් අරගන්න පුළුවන්.

මුම්බායි නගරයේ ජීවිතය ගැට ගසා ගැනීමට විවිධ උපක්‍රම කරමින් සිටි තරුණයෙක් වන ගුරු, භයියා නම් ධාමරිකයෙකුගෙන් පණ බේරා ගැනීම සඳහා නොදන්නා කෙල්ලෙකු ගෙන්වා දෙන බවට පොරොන්දු වී මුදල්ද රැගෙන නිවෙස වෙත යනවා. ඔහුගේ මිතුරා විසින් සොරකම් කරන ලද මිල අධික කැමරාවක් දැක එය පරීක්ෂා කිරීමට ලක් කරනවා. එහිදී තමන් ගෙනැවිත් දෙන්නම් යැයි පොරොන්දු වූ කෙල්ලගේ ඡායාරූපයකට හසු වී ඇති බව දකිනවා. භයියාගෙන් බේරීම සඳහා ඔහු ඒ කෙල්ලව සොයා චෙන්නායි වෙත යනවා. කෙල්ල හොයා යන ගුරුව ගමේ මැරයින් ලුහුබඳිනවා. මේ අතරදී භයියා හොයන කෙල්ලද ඔහුට හමු වනවා. මල්ලි නම් ඇයද රැගෙන ගුරු මුම්බායි වෙත යමින් සිටියදී , මල්ලිව තවත් පිරිසක් පැහැරගෙන යනු ලබනවා.

Vijay Tv ලොල්ලු සභා විකට නළුවෙකු වූ සන්තානම් 2002 දී Pesadha Kannum Pesume චිත්‍රපටයෙන් සිනමාවට ඇතුලත් වනවා. සුළු චරිත රංගනයෙන් ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ හාස්‍යෝත්පාදන හැකියාව ඉස්මතු කරගනිමින් පසුගිය වසර වල දෙමළ සිනමාවේ නැතිවම බැරි සහය නළුවෙකු වූවා. ප්‍රධන නළුවා හා නිළිය අතර ආදර සම්බධතාවය සඳහා සියළු උදවු, කූටෝපායන් සඳහා තම කෛරාටික බුද්ධිය මෙහෙය වීම, මිතුරාගේ කරදරයකදී විහින් පණ නසා ගැනීම ආදී ලක්ෂණ මොහුගේ චරිත තුල ඉස්මතු වූවා. Oru Kal Oru Kannadi (2012), Boss Engira Baskaran (2010) චිත්‍රපට වලදී ප්‍රධාන නළුවා රූකඩයක් කර තමා ඉස්මතු වී පෙනී සිටීමට තරම් හැකි වූවා. Singam 2 (2013), Kalakalappu (2012), All in All Azhagu Raja (2013) වැනි චිත්‍රපට සාර්ථක වූයේද සන්තානම් නිසාවෙනි.

සන්තානම්ගේ හැකර කට නිසාවෙන් වරෙක තමිල්නාඩුවම මහත් ආන්දෝලනයක් ඇති කලා. Endrendrum Punnagai (2013) චිත්‍රපටයේ ජවනිකාවක සන්තානම් කෙල්ලෙක් හට දෙබිඩි අදහසක් සහිත දෙබසක් නිසාවෙන් පසුව එම දෙබස වෙනස් කරන්නට වූවා. “එන්න නෝනේ! ඔයා නිසා තමයි මේ ඔක්කොම.” යනුවෙන් එය නැවත සංස්කරණය කොට තිබෙනවා.

පසු කලෙක සන්තානම් වෙනුවෙන් විශේෂ චරිත ලබා දුන් චිත්‍රපටද නිෂ්පාදනය වූවා. Nanbenda (2014), Theeya Vela Seyyanum Kumaru (2013), Vanakkam Chennai (2013), Linga (2014) යන චිත්‍රපටි දැක්විය හැකියි. මූල්‍යම ස්ථාවරත්වයක් සාදා ගත් පසුව ඔහු “Handmade Films” යන නාමයෙන් චිත්‍රපට නිෂ්පාදනයෙන් Kanna Laddu Thinna Asayya (2013) ද, නිෂ්පාදනයෙන් සහ ප්‍රධාන චරිත රංගනයෙන් Vallavanukku Pullum Ayudham (2014) චිත්‍රපටයෙන් නව ආරම්භයක් සනිටුහන් කලා. ඔහුට ඒ සඳහා උදවු උපකාර කරනු ලැබුවේ සිම්බු හා වී. ටී. වී. ගනේෂ් විසිනි. තම රංගන දිවියේ 100වැනි සටහන ලින්ගා චිත්‍රපටයේ රජිණිකාන්ත්ගේ සඟයා වීමට් තරම් වාසනාවන්ත වූවා. කෙසේ වුවත් සන්තානම් Arai Enn 305 ill Kadavul (2008) හි ප්‍රධාන චරිතය ඉදිරිපත් කලද එම වෑයම සාර්ථක වූයේ නැහැ. රංගන ජීවිතයේදී නිර්දේශ 23කදී සම්මාන 15ක් දිනා ගැනීමට ඔහු වාසනාවන්ත වෙනවා.

ප්‍රධාන චරිත රංගනයෙන් සන්තානම් සාර්ථකත්වයක් ලඟා කරගත්තේ නම් නැහැ. මෑතකදී ඔහු ප්‍රධාන චරිතය රඟ පෑ චිත්‍රපට වලින් Dillukku Duddu (2016) හැරෙන්නට අන් සියල්ලක්ම අසාර්ථක වූවා. ප්‍රේක්ෂකයා ඔහුගෙන් බලාපොරොත්තු වු හාස්‍යජනක රංගනය අතහැර ඔහු “වීරයා” රංගනය ප්‍රේක්ෂකයා එතරම් පිළිගනු ලැබුවේ නැහැ. නමුත් සන්තානමද ප්‍රේක්ෂක අදහස් නොසළකා තමන් වීරයා වීමේ අදහසේ තවමත් සිටී. ඒ වගේම මේ වන විට ඔහු රඟ පෑ චිත්‍රපට කිහිපයක් නිකුත් වීමට ප්‍රමාද වෙමින් පවතියි. Madha Gaja Raja බොහෝ කලකට පෙර පැමිණීමට තිබූ ඔහු සහය චරිතයක් රඟ දක්වම චිත්‍රපටයකි. Server Sundaram, Oodi Oodi Uzhaikanum වගේම සෙල්වරාඝවන්ගේ (දනුෂ්ගෙ අයියා) Mannavan Vanthanadi ඔහු ප්‍රධාන චරිතය නිරූපණය කරන චිත්‍රපටි නිකුත් වීමට ප්‍රමාද වෙමින් පවතියි. මේ වන විට ඔහු මූල්‍යම ගැටලුවල හිරවී ඇති බවත් ආරංචි වෙනවා.

අමීර්ගේ යෝගී චිත්‍රපටියෙන් ආව බාබු නම් සන්තානම්ට වෙනස් ක්‍රම වේදයක් අනුගමනය කරන්නෙ. දැක්කම කෙල ගහන්න හිතෙන මූණක් අද වෙනකොට ප්‍රධාන චරිත රඟපානවා. බාබූ බහුතර චිත්‍රපට ප්‍රමාණයක වෙනත් චරිත වලින් අපහාස විඳින චරිතයක් විදිහට තමයි ඉස්සරහට ආවේ. පසු කාලෙක බාබු මූණ පෙන්නුවත් හිනා යන තරමට ඔහු ජනප්‍රිය වුණා. අපි කොහෙද වීරයෝ වෙන්නෙ කියලා නිහතමානීව ලැබෙන ආරාධනා වලට උපරිම සාධාරණයක් ඉටුකලා. සන්තානම් ගිය අඩුපාඩුව බාබු පිරෙව්වා. සූරිත් එකල ගොඩක් ජනප්‍රිය වුණත් සූරී වෙනම පාරක ගියා. බාබූ තමන්ගෙ කුසලතා වලින් ආනන්ද විකටන් සම්මානය තුන් පාරක් ගහගත්තා. චිත්‍රපටයේ කැපී පෙනෙනම චරිතය මල්ලි. බෙන්ගාලි සිනමාවේ රීතිකා සෙන්ගේ රඟපෑම කොච්චර සිත් ගන්නවද කියා නරඹා අවසානයේදී දැක ගත හැකියි. මේ චිත්‍රපටය ඇයගේ කරගනිමින් රඟපෑමට ඇය දක්ෂ වෙනවා. ලෝක සිනමාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයකට තම මුහුණ හොබා “ලෝක ගිනස් වාර්තාව” දිනා ගත් තෙළිඟු සිනමාවේ විහිළුකාරයා බ්‍රහ්මාණ්ඩම්ද මෙහි ආකර්ෂණීය රංගනයක නියැලෙනවා. බ්‍රහ්මාණ්ඩම්ගේ දෙමළ චිත්‍රපට බහුතරයකට හඬ කවා ඇත්තේ එම්. එස්. බාස්කර් විසිනි.

තවද මෙහි රාධා රවී, ටරුන් ආරෝරා, ස්ටන්ට් සිල්වා, සන්තාන භාරති, මනෝබාලා, නමෝ නාරායනා වැනි ප්‍රබල නළු නිළියන් ඉදිරිපත් වෙනවා.

සන්තානම් විසින් අධික මුදලක් වැය කොට දර්ශනීය ස්ථාන යොදා ගනිමින් මෙය නිර්මාණය කොට තිබෙන මෙහි පැයකුත් විනාඩි විස්සක පමණ කාලයක් පුරා අලංකාර කතාන්දරයක් ගලා යනු ලබනවා. චිත්‍රපටය ඉන් පසු සිතාගැනීමට පවා නොහැකි අන්දමින් වේගවත්ව ගලා යන්නේ චිත්‍රපටයේ අසාර්ථක වීමට තිර රචනයේ කැපී පෙනෙන අඩු පාඩු පෙන්වා දෙමිනි. යම් දෙබස් මඟින් යම් තැන් සාධාරණීකරණය කිරීමට උත්සාහ කලත් සාර්ථක වූයේ නැහැ. තිර රචනයේ නිසි පරිදි වෙනස් කම් කොට විජේ වෙනුවෙන් ඉදිරිපත් කර නිපදවූවා නම්, මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබන චිත්‍රපටයක් විය හැකිව තිබුණා.

සබ් එකේ අඩුපාඩු ගැන දැනුවත් කරලා දෝශ හදාගන්න උදවු වෙන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. මේ චිත්‍රපටය මට භාර දුන්නෙ හසන්ත අයියා. හසන්ත අයියා වගේම බයිස්කෝප් මණ්ඩලයටත්, කමෙන්ට් කරන හැමෝටමත් ස්තූතියි!

සෞඛ්‍යය අංශ වලින් දෙම නියෝග අකුරටම පිළිපැදලා කොරෝනාව අපේ රටෙන් තුරන් කරන්න හැමෝගෙම සහයෝගය ලබා දෙන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB DL පිටපත් සඳහා අදාළ වේ.

12,696 downloadsDownload DAGAALTY-2020.zip60 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

12,696 downloadsDownload Subtitles60 KB

16 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට

  2. indika75

    thanks..

  3. දිල්ශාන් සචින්ත

    Lipiya mru. Thankz for sub. Digatama sub demu

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...

  6. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    උපසිරැසියට බොහොම ස්තුතියි වගේම ලිපියත් හොඳට ලියලා තියෙනවා ලිපියටත් බොහොම ස්තුතියි.!

    1. Naveen Mbr

      ස්තූතියි තරිඳු අයියා!

  7. GaYan 797

    Thank you very much for the subtitles ❤️

  8. Naveen Mbr

    හැමෝම ස්තූතියි!

  9. Anonymous

    Bonus
    2020 marathi film eke subtitles dennako

  10. PahasaraDv

    Thankz....

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Anonymous

    Thank you

  13. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  14. praveen

    thanks bro

  15. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥