Watch Trailer

Dead Awake (2016) with Sinhala Subtitles | මරණයෙන් අවදිව [සිංහල උපසිරසි සමඟ]

“අද ලෝකයේ නවීන විද්‍යාවට හසු නොවන කොතරම් දේවල් තිබෙනවාද. සමහරු එම දේවල් පිලිගන්නවා සමහරු පිළිගන්නෙ නැ.” මේ තමයි මගෙ දෙවෙනි උපසිරැසි නිර්මාණය. පළමු නිර්මාණය The void (2016). මෙම සලරුවට imbd අගය 4.6ක් ලැබිලා තිබෙන thriller/horror ගණයට තමයි වැටෙන්නේ. ඒ වගේම මා මෙය තෝරගන්නෙ විශේෂ හේතුවක් නිසා. ඒ මෙහි ත…

“අද ලෝකයේ නවීන විද්‍යාවට හසු නොවන කොතරම් දේවල් තිබෙනවාද. සමහරු එම දේවල් පිලිගන්නවා සමහරු පිළිගන්නෙ නැ.”

මේ තමයි මගෙ දෙවෙනි උපසිරැසි නිර්මාණය. පළමු නිර්මාණය The void (2016). මෙම සලරුවට imbd අගය 4.6ක් ලැබිලා තිබෙන thriller/horror ගණයට තමයි වැටෙන්නේ. ඒ වගේම මා මෙය තෝරගන්නෙ විශේෂ හේතුවක් නිසා. ඒ මෙහි තිබෙන තේමාව.

මෙහි තේමාව අපි හැමෝම ජීවිතයෙ එක් වතාවක් හෝ අත් විඳලා තිබෙන (නැත්නම් ඉසසරහට විඳින්න ඉන්න😋) අත්දැකීමක් පාදකකොට ගෙන තමයි මෙය නිර්මාණය වෙලා තියෙන්නෙ. Sleep paralaysis නැත්නම් නිද්‍රා ආඝාතය යනු අපි නින්දයි නොන්දයි අතරෙ සිටින විට අපගේ ශරීරය තාවකාලිකව අඩපණ වීමකට ලක්වීම ලෙස හඳුන්වනවා. මෙහිදි අපිට වටපිටාවේ සිදුවීම් පෙනෙන්න ගන්නවා. දැනෙනවා. ඇහෙනවා. නමුත් අපිට ශරීරයේ කිසිදු සෙලවීමක් සිදුකල නොහැකිව, කෑ ගැසීමට පවා නොහැකිව අපි ඉතාම අසරණ තත්වයකට පත්වෙනවා. කෙටි හුස්ම තමයි ගන්නෙ. (ඒ feeling එක මේ තත්වයට පත් වුන කෙනෙක් නම් හොඳටම දන්නවා😨. දන්නෙ නැති අය ඒ අත්දැකීමට මුහුණ දුන් කෙනෙකුගෙන් අහලා දැන ගන්න. ඒක පට්ට). අන්තිමේදි අපිට අමාරුවෙන් කෙසේ හෝ ඇඟිල්ලක් හෝ චලනය කර ගැනීමට හැකි වුවහොත් අපිට පියවි සිහියට පැමිණෙන්න පුළුවන්.

මෙම සලරුවේ තවත් මෙවැනිම දෙයක් ගැන පවසනවා. එයට කියන්නෙ “old hag syndrome” කියලා. මෙයත් sleep paralysisම තමා. hag කියන්නෙ මනඃකල්පිත සත්වයෙක්. මෙහිදි නම් අපිට දැනෙන්න ගන්නවා අපේ පපුව මත යම් බර දෙයක් තිබෙන බව. නැත්නම් පෙනෙන්න ගන්නවා පපුව මත කෙනෙකු වාඩි වෙලා ඉන්නවාසේ (අම්මෝ 😨). ඒ වගේම හුස්ම ගන්නත් අමාරුයි. ඒ වගේම වේගයෙන් කෙටි හුස්ම ගන්නවා. පෙර සේම ඇහෙනවා, පෙනෙනවා, ගඳ සුවඳත් දැනෙනවා. ශරීරය නම් හොලවන්නවත් බැ. හදවත වේගයෙන් ක්‍රියාකරන්න ගන්නවා. ඒ වගේම සමහර වෙලාවට අප අවට කවුරුන් හෝ සිටින බවකුත් දැනෙනවා. අඩි ශබ්දත් ඇහෙන්න ගන්නාවා. (ඒක නම් පට්ට 😁) කතාවෙ සිදුවීම විස්තර කරනවා නම් ඉහත අත්දැකීමට නිතරම මුහුණ දෙන කිහිපදෙනෙක් ඒ සඳහා විසඳුමක් සොයන ආකාරය තමා පෙන්වන්නේ. ඉතින් මොවුන් මේ සඳහා විසඳුමක් සොයා ගනීවිද? ඒ සඳහා මෙය නරඹන්න වෙනවා.

ඉතින් මෙතනින් මම නවතිනවා. මින්පසු කවුරුන් හෝ නින්දට යාමේදි පොඩ්ඩක් පරිස්සම් වුනොත් හොඳයි. දන්නෙ නෑනෙ hag ඒවිද කියලා. ආවොත් නම් ඉතින් පට්ට😁

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා වලංගු වේ.

1,907 downloadsDownload Dead-Awake-2016.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/athula-kariyawasam.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල කාරියවසම්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අතුල කාරියවසම්

Subtitles

1,907 downloadsDownload Subtitles40 KB

15 comments

  1. dhaushka

    1st thank you sub eakata

  2. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    1. Tharaka

      ඔය අත්දැකීම මමත් ලබලා තියෙනවා. අඳුරු බලවේගයක් වගේ දෙයක් හිටපු ගමන් එකපාරටම ශරීරය ග්‍රහණය කරගන්නවා වගේ දෙයක් වෙනවා. නැගිටින්නත් බෑ .කාටවත් කතා කරන්නත් බෑ. ඒ දේට මුල් කාලෙදීම් මම බය වුණා. දන්න කාට හරි කිවුවත් ඒ දේ කවුරුවත් වැඩිය ගනන් ගත්තේ නෑ. විශ්වාස කලෙත් නෑ. ඉතින් මමම කාලයක් තිස්සේ හිතේ පහල වන මේ දේ එක්ක තනියම සටන් කලා. එයට බිය නොවී සිටිමින් එය මා තුලින් පලවා හැරියා. දැන් මට ඒ දේ කුමන හෝ ඒ දෙයක් වුනත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෑ. මම එයට දැන් බය නෑ. මේ චිත්‍රපටිය නම් හරිම ලස්සනයි සහෝ. හුඟ කලෙකින් බයිස්කෝප් එකෙන් දැක්ක වෙනස්ම මාදිලියේ ලස්සන චිත්‍රපටයක්. ඉදිරියටත් මේ වගේ වෙනස් චිත්‍රපට වලට සබ් දෙන්න සහෝ. සිංහල උපසිරැසියට නැවතත් ගොඩාක් ස්තූතියි! ජය වේවා! බුදු සරණයි!

  4. Lucky Dhananjaya

    HAG AWOTH NAM PATTA KESE WETHATH THOWILAYAK DEKAK NATANNA WEWI.SUB EKATA THANX BRO...

  5. අසිත

    මම ඔය අත්දැකීම ලබලා තියෙනවා
    දවල්ට නින්දට වැටුන අවස්ථා 02 03 කදී ඕක වෙලා තියෙනවා
    ඒත් මම දන්නේ නෑ ඔහොම දෙයක් බව
    තෑන්ක්ස් සහෝ

  6. malith

    me film eka bluray tiyenawa ne ai ekata sub damme nathte bluray ekata sub danawada??

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  9. M.B.H.M Marasinghe

    sub ekata thanks sahooooo..hag case eka matath wela tiyenawa

  10. දමිත්

    බොහොම ස්තුතියි උපසිරැසියට අතුල සහෝ.
    ජයෙන් ජය.

  11. Sajith Anthony

    උපැසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  12. බොබී

    මටත් ඔය සිද්ධිය වෙලා තියෙනවා. ඒක මොකක්ද කියලා මාත් හොය හොයා හිටියේ. මම අහන අහන අය එහෙම දෙයක් ගැන දන්නෙවත් නෑ. අර කිව්ව විදිහට අතක් හොලවන්න පුළුවන් නම් ඇහැරින්න පුළුවන් තමයි. අනිවාර්යෙන් ෆිල්ම් එක බලනවා. තෑන්ක්ස්.

  13. Lakshansilva18

    Awake (2007) wage film ekakne

  14. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿