Watch Trailer

Paambhu Sattai (2017) With Sinhala Subtitles | කලු සල්ලි සහ මනුසත්කම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවේ යාලුවනේ හුග කාලෙකට පස්සේ ආයෙම අලුත් සලරැවක් අරගෙන ඔයාලා මුනගැහෙන්න ආවා.ඇත්තටම කාලෙකින් උපසිරසියක් කරන්න උනේ නැහැ ටිකක් කාර්‍ය බහුල නිසාම.ඉඩක් ලැබුන හැටියෙම තමා උපසිරසියක් කරන්න හිතුනේ එත් හිත ගියපු සලරැ කිහිපයක් ගැන ඇහුවත් එවා වෙන අය බාරගෙන තිබුන නිසාම හොද සලරැවක් හොය හොය ඉන්න කොට අහම්බ…

ඔන්න යාලුවේ යාලුවනේ හුග කාලෙකට පස්සේ ආයෙම අලුත් සලරැවක් අරගෙන ඔයාලා මුනගැහෙන්න ආවා.ඇත්තටම කාලෙකින් උපසිරසියක් කරන්න උනේ නැහැ ටිකක් කාර්‍ය බහුල නිසාම.ඉඩක් ලැබුන හැටියෙම තමා උපසිරසියක් කරන්න හිතුනේ එත් හිත ගියපු සලරැ කිහිපයක් ගැන ඇහුවත් එවා වෙන අය බාරගෙන තිබුන නිසාම හොද සලරැවක් හොය හොය ඉන්න කොට අහම්බෙන් Paambhu Settei (2017) එකේ පොස්ටරයක් දැක්කා.ඇත්තටම Kirthy Suresh සලරැවක් වන මෙක මම බලපු නැති එක පුදුමයක් වැඩ නිසා මග ඇරැනද කියලත් හිතුනා.මොකද මම Kirthy ගේ එක සලරැවක්වත් අතාරින්නේ නැතුව බලන නිසා කොහොම හරි උපසිරසිය වෙන් කරගෙන ලියන්න කියලා හැදුවා එත් පරිගනයක් ඔන් වෙන්නේ නැති නිසා එතනම අදහස බිදුනා.එත් බාර ගත්ත එක නිසාත් සලරැව බලලා ඒකේ සුපිරි බව නිසාත් මම ෆොන් එක පාවිච්චි කරලා උපසිරසිය ලියන්න ගත්තා.ටිකක් අමාරැයි තමා එත් කොහොම හරි ටික ටික ලියලා දවස් තුනකින් සම්පුර්ණයෙන් ඉවර කර ගත්තා.

ඇත්තටම කිව්වොත් සලරැව සුපිරියි වචන දෙකක් නැ එක දිගට කම්මැලි නැතුව බලාගෙන යන්න පුලුවන්. Bobby Simha සහා Keerthy Suresh රගන දායකත්වයෙන් හැඩ වෙන මෙම සලරැව විනාඩි 140 පුරා දිවෙනවා. Keerthy ගේ පිල්ම් නම් ඉතිං හොදයි කියලා දන්නවනේ.මතකයිනේ Thodari (2017), Remo (2017) , Nenu Sailaja (2017), Rajini Murugan (2015) සුපිරි රංගන දායකත්වවෙන් හැඩ උනා.සමාජයේ දුප්පත් කම නිසා පීඩා විදින ජනතාව කොච්චර දුක් විදිනවද ඒ වගෙම සල්ලි නිසා මිනිස්සු කොච්චර වන සත්තු වෙනවද, සල්ලි මිනිස්සුව කොච්චර අසරණ කරනවද ,හොර සල්ලි අච්චු ගැසිම් කොච්චර ලොකේ වෙනවද එවට මිනිස්සු නම්ම ගන්න හැටි,මිනිස්සුන්ට වැරදි බව තෙරැනත් සල්ලි කියන දේ නිසා අසරණ කරලා එවට පොලවාගන්නවා. ඇත්තට ජිවතේට ගන්න ගොඩාක් දෙවල් තියෙනවා මේ සල රැවේ.එහෙනම් වැඩි කතා නැතුව පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.

දච්චනා කියන්නේ මසේ එක ගානේ ජොබ් බලට යන ටිකක් විනොදෙන් ඉන්න කොල්ලෙක්.මෙයාට කියලා ඉන්නේ නැනා විතරයි.ඒ අයියා බැදපු කෙනා.ගෙදරට හොරාට තමා බැදලා තියෙනනේ.අයියා මැරෙන නිසාත් නැනාව ගෙදරින් බාර ගන්නෙත් නැති නිසාත් එක ගෙදරක තමා දෙන්නා ජිවත් වෙන්නේ.කොහොම උනත් මෙහෙ වගෙම තමා මිනිස්සුගේ කටවල් නෙසැහෙන්න දෙවල් කියනවා දෙන්නට.ඔන්න ඉතිං අලුත් ජොබක් සෙට් වෙලා දච්චනා යනවා.ගිහින් එයාට තියෙන්නේ වතුර කැන් අදින්න.මිනිහා පලවෙනි දවසේම නවතිනවා කියලා හිතාගෙන ඉන්න කොට තමා වෙනී දකින්නේ.දච්චනාට වෙනි බලන්න ඔන නිසාම මිනිහා මේ ජොබ කරගෙන යනවා.ඔඓම ඉදලා දෙන්නා සෙට් වෙනවා.ගෙදරින් කසාදේට කැමති නැ නැනායි දච්චනයි එක ගෙදරක ඉන්න නිසා.එක නිසා මෙයා නැනාට මනමාලයො හොයනවා එත් කරැවත් කැමති නැ.එත් කෙනෙක් ඉන්නවා.එයාට හොදටම ණය වෙලා.දච්චනාව සිද්ද වෙනවා එ ණය ගෙවන්න.කොහොම හරි නැනාගෙනුයි වෙනීගෙනුයි තව සල්ලි ටික හොයා ගතත් මදි වෙනවා.එත කොට තමා හොර සල්ලි මුද්‍රනය කරන තැනක කෙනෙක් සෙට් වෙලා සල්ලි ටික නැති කර ගන්නේ,එතන වෙන්නෙ වෙනම වැඩක්,, ඔතනින් එහාට නම් කතාව කියන්න බැ ඔයාලම බලන්න.දච්චනාට සල්ලි ටික ලැබෙද? නැනාව බන්දන්න ඇහැක් වෙයිද? වෙනීව ලැබෙද? ඇත්තටම බලන්න ලස්සන සලරැවක්.

එහෙනම් තවත් සලරැවකින් හමු වෙමු.ඔබට ජය෴


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

5,566 downloadsDownload Paambhu-Sattai-2017.zip125 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/IshanSandaruwan2-e1484000723890.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් සඳරැවන් (Scott MacCall)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-12-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉෂාන් සඳරැවන් (Scott MacCall)

Subtitles

5,566 downloadsDownload Subtitles125 KB

23 comments

  1. Krishan NiShalya

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬☻
    බොහොම ස්තුතියි
    තවත් පහර ෆිල්ම් වලට
    සිංහල උපසිරැසි දෙන්න පුළුවන් වේවා ...
    ☻☻☺☺☺☺☺
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬☻

    1. Scott

      තැන්ක්ස් මචං.

  2. Kenway

    සබ් එකට ස්තූතියි මචෝ !! :) gd luck (y)

    1. Scott

      තැන්ක්ස් මා බොක්ක.

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට!

  5. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. දමිත්

    බොහොම ස්තුතියි උපසිරැසියට ඉෂාන් සහෝ.
    ජයෙන් ජය.

  8. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 -2017 වසරවල දමිළ චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  9. Avishka De silva

    SuB ekata Thanx saho...thama baiscopedownloads walatanm filuma Awiath ne...

  10. Malan Madhushan

    Sub ekata thanks
    Jaya wewa

  11. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    කීර්ති අක්කා ඉන්නවා නම් නොබලා කොහොමද
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  12. Kasuhan Herath

    ටැමිල් ෆිලුමක් නැතුව වේලි වේලි හිටියේ.සබට thanks

  13. chanaka n,k

    thanks

  14. chanaka n,k

    සුපිරි ‍ෆිලුමක් ආ ..සුපිරි ‍ෆිලුමක් ආ ..බලලාම කමෙන්ට් කලෙ

  15. asan

    හරිම ආසාවෙන් බැලුවා. සිංහල උපසිරැසියට ගොඩක් ස්තුතියි!

  16. Tharaka Lahiru

    tnq

  17. Jeewantha

    mchnla kawru hari meke link eka hari torrent eka hari dennako

  18. praveen ranasinghe

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬☻
    බොහොම ස්තුතියි
    තවත් පහර ෆිල්ම් වලට
    සිංහල උපසිරැසි දෙන්න පුළුවන් වේවා …
    ☻☻☺☺☺☺☺
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬☻

  19. malith

    Ela ela

  20. Rukshan37

    sub eka set wenne nhane mco

  21. tharidu16

    උඔලා සබ් දෙන්න නොමැරී මැරෙන බව අපි දන්නවා. එත් බං හැමතැනම නම දාන්න එපා. ෆයිට් යන තැන වැදගත් තැනක්. ෆිල්ම් එක පෙන්නේ නැ උඹේ නම විතරයි. මළ පනිනවා බං. උඹලා මේවා නිකම් තමයි කරන්නේ. එත් බං වැඩක් නැනේ. කරන වැඩෙන්. ලයින් සෙට් වෙන්නෙත් නැ. ඒ මදිවට උඹේ නම පැයක් විතර තියෙන්නේ. මේකේ සබ් 400 කරපු අය ඉන්නවා. එයාලා මුලින් නම දාන්නේ තප්පර 2ක් විතර. උඹ බං පැය භාගයක්විතර දාලානේ. නම රද්දපං වැඩ කරලා. නැතුව පෙන්නලා නෙවෙයි. තරහා වෙන්න එපා. තෑනක්ස් සබට