Watch Trailer

The Suicide Squad (2021) Sinhala Subtitles | ස්ටාර්ෆිෂ් ව්‍යාපෘතිය [සිංහල උපසිරසි] [18+]

මේ මුණගැහෙන්නෙ මේ ලෝකෙ ඉන්න අවාසනාවන්තම ෆෑන්බේස් එකක, මේ වසරට නිකුත් වෙන දෙවන වගේම අවසාන DC කොමික් චිත්‍රපටය එක්කයි. මුල්ම එක විදිහට තමයි වසර ගණනාවක් ඉල්ලීම් කරලා කරලාම Zack Snyder’s Justice League චිත්‍රපටය නිකුත් වුනෙ. අලුත්ම චිත්‍රපටය ගැන කියන්න කලින් මුල්ම චිත්‍රපටය ගැන කියන්න දෙයක් තියෙනවා. Su…

මේ මුණගැහෙන්නෙ මේ ලෝකෙ ඉන්න අවාසනාවන්තම ෆෑන්බේස් එකක, මේ වසරට නිකුත් වෙන දෙවන වගේම අවසාන DC කොමික් චිත්‍රපටය එක්කයි. මුල්ම එක විදිහට තමයි වසර ගණනාවක් ඉල්ලීම් කරලා කරලාම Zack Snyder’s Justice League චිත්‍රපටය නිකුත් වුනෙ. අලුත්ම චිත්‍රපටය ගැන කියන්න කලින් මුල්ම චිත්‍රපටය ගැන කියන්න දෙයක් තියෙනවා.

Suicide Squad | පළමු දිගහැරුම

DCEU එකෙ ආරම්භයත් සමගම නිකුත්වෙන තුන්වන චිත්‍රපටය තමයි Suicide Squad කියන්නෙ. මේක නරඹපු බොහෝ දෙනෙක් ඇත්තෙ කිසිම ගුණාත්මක භාවයක් නැති චිත්‍රපටයක් කියන මතයෙ. ඒවගේම සමහරු නොදන්නවා ඇති මේ චිත්‍රපටයට සිද්දවුනෙත් සැලසුම් කරපු Zack Snyder’s Justice League චිත්‍රපටය නිකුත් කරනවා වෙනුවට සෑහෙන කොටස් ප්‍රමාණයක් අඩු කරලා Josstice League නිකුත් කලා වගෙ චිත්‍රපටයෙ නිර්මාතෘවරුන්ට වගේම රසිකයන්ටත් ලොකු අසාධාරණ වැඩක් කියලා? Suicide Squad චිත්‍රපටයෙ අධ්‍යක්ෂක David Ayer නිර්මාණ කටයුතු වල ඉද්දීම ඔහුගෙ සැලසුම් වලට නිර්මාණය වෙමින් තිබ්බ චිත්‍රපටයත් මුළුමනින්ම වෙනස් කරලා, යම්තාක් කොටස් ප්‍රමාණයක් අඩු කරලා, නැවත රූගත කිරීම් කරලා ඔහුගෙන් නිර්මාණ කටයුතුවල පාලනය උදුරා ගැනීමක් වෝනර් බ්‍රදර්ස් ආයතනය සිදු කරනවා. මේ නිසා තමයි ඇත්තටම බලාපොරොත්තු වුන තරම් දෙයක් අවසන් චිත්‍රපටයෙන් දැකගන්න ලැබෙන්නෙ නැත්තෙ.

Q : ඒ කියන්නෙ 2016 දී නිකුත් වුන Suicide Squad චිත්‍රපටයටත් ඩිරෙක්ටර් කට් එකක් තියද? ඒක නිකුත් වෙයිද?
A : ඔව්. ඩිරෙක්ටර් කට් එකක් තියෙන බවත්, අවසර දෙනවනම් ඒක ලේසියෙන්ම සම්පුර්ණ කරලා නිකුත් කරන්න පුලුවන් බවත් වගේම චිත්‍රපටයෙ නිල ධාවන කාලය පැය 02ක් හා විනාඩි 22ක් බව අධ්‍යක්ෂක David Ayer විටින් විට තහවුරු කලත්, මේකත් ස්නයිඩර් කට් එක වගෙ නිකුත් වේවි කියලා ඇත්තටම බලාපොරොත්තු තියාගන්න අමාරුයි. මොකද මේ චිත්‍රපටය නිර්මාණය වෙන අතරතුරේදී තමන්ගෙ චිත්‍රපටයෙ නිර්මාණ කටයුතුවල පාලනය උදුරගෙන ඒවා වෙනස් වෙන හැටි බලාගෙන David Ayer බලාගෙන ඉන්න වෙලා, අන්තිමටම චිත්‍රපටයෙ අසාර්ථකතත්වයට දොස් අහන්නත් සිද්ද වෙනවා. මීට අමතරව WarnerMedia ස්ටුඩියෝවේ CEO වන Ann Sarnoff විසින් මේ වසරේදී කියලා තියෙනවා ඔවුන්ට ඩිරෙක්ටර් කට් (Ayer Cut) එකක් නිකුත් කරන්න බලාපොරොත්තුවක් නැහැ කියලා.

Q : ඒ කියන්නෙ මේ අලුත් චිත්‍රපටය බලන්න පරණ එක බලන්න වෙනවද?
A : 2016 වසරේදී නිකුත් වුන Suicide Squad චිත්‍රපටය බලලා ඇති කියලා හිතනවා. බැලුවේ නැතත් කමක් නැහැ අද අරගෙන එන චිත්‍රපටය එක්ක නම් සම්බන්ධයක් නැහැ. හැබැයි බැලුවා කියලා පාඩුවක් නැහැ. මොකද අද අරගෙන චිත්‍රපටයෙ ඇතුලත් වෙන චරිත කිහිපයක්ම මුල් චිත්‍රපටය හරහා දැකගන්න ලැබෙනවා.

Justice League චිත්‍රපටයට අඩිතාලමක් ලබාදුන්නු මේ චිත්‍රපටයෙ විශේෂයෙන්ම Zack Snyder’s Justice League චිත්‍රපටය හරහා දැකගන්න ලැබුණු ස්ටෙපන්වුල්ෆ්ගෙ චරිතය නිරූපණය වෙන්න තිබුනත් ඒවත් චිත්‍රපටයෙන් ඉවත් කෙරෙනවා. මීට අමතරව, අනතුරට ලක්වෙන ජෝකර්ගෙ මුහුණුවර පෙන්නුම් කරන්නෙ නැහැ.

– චිත්‍රපටයෙ ස්ටෝරි බෝඩ් ඇසුරින් නිර්මාණය වූ මදර් බොක්ස්වල පාලනයට නතු වූ එන්චැන්ට්‍රස් –

 

– චිත්‍රපටයෙ ස්ටෝරි බෝඩ් ඇසුරින් නිර්මාණය වූ ස්ටෙෆන්වුල්ෆ්ගෙ පැමිණීම –

 

ඉතිං Suicide Squad චිත්‍රපටය ඇසුරින් Gotham City Sirens, Birds of Prey, Deadshot චිත්‍රපට රැසක්ම නිර්මාණය කරන්න සැලසුම් කරලා තියෙද්දී අධ්‍යක්ෂක David Ayer හට දෙවන Suicide Squad චිත්‍රපටය නිර්මාණයෙන් ඉවත් වෙන්න සිද්දවෙනවා Gotham City Sirens චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න බාර දීලා තිබුණු නිසා. නමුත් 2021 වෙද්දී දැනගන්න ලැබෙන තොරතුරු වලට අනුව Gotham City Sirens, Deadshot වැනි චිත්‍රපට නිර්මාණය කරන්න වෝනර් බ්‍රදර්ස් ආයතනයට බලාපොරොත්තුවක් නැහැ. ඉතිං මේකෙ ප්‍රතිඵලයක් විදිහට David Ayer හට දෙවන Suicide Squad චිත්‍රපටය නිර්මාණයට නැවත අවස්ථාව ලැබෙන්නෙත් නැහැ වගේම කිසිම DC චිත්‍රපටයක් නිර්මාණයට අදටත් අවස්ථාව ලැබිලා නැහැ.

මෙතනට තමයි මාවල් චිත්‍රපට අධ්‍යක්ෂක James Gunn සම්බන්ධ වෙන්නෙ.

The Suicide Squad (2021)

2018 වසරේ ඔක්තෝබර් කාල සීමාව ඩිස්නි ආයතනය වෙද්දී මාවල් සිනමා නිර්මාතෘ James Gunn ඉවත් කිරීමක් සිදුකරනවා ඔහු විසින් ට්විටර් පුරාවට පල කරලා තිබුණු අප්‍රසන්න මත වගයක් මීට පෙර පල කිරීම නිසාවෙන්. මේ සමගම ඔහුට අවස්ථාව ලැබෙනවා වෝනර් බ්‍රදර්ස් ආයතනය එක්ක එකතු වෙලා නවතම The Suicide Squad චිත්‍රපටය නිර්මාණය කරන්න. 2019 සැප්තැම්බර් වෙද්දී රූගත කිරීම් පවා ආරම්භ වෙලා දින කිහිපයක් ගත වෙද්දී දැනගන්න ලැබෙනවා The Suicide Squad චිත්‍රපටය හරහා දැකගන්න ලැබෙන Peacemaker නම් කතාමාලාවක්ද HBO Max වෙනුවෙන් නිර්මාණය කරන්න ආරම්භ වෙනවා කියලා. මේ වෙද්දී නැවත වතාවක් ඩිස්නි ආයතනය James Gunn හට නැවත අවස්ථාව ලබා දෙනවා Guardians of the Galaxy Vol. 3 චිත්‍රපටය ඔහු යටතේම නිර්මාණය කරන්න. ඉතිං සියලුම මාවල් චිත්‍රපට සම්බන්ධ ව්‍යාපෘති පැත්තක තියලා තමයි ඔහු මේ DCEU එකට සම්බන්ධ නිර්මාණ දෙකටම අවධානය දීලා කටයුතු කරන්නෙ.

2016 වසරේදී නිකුත් වුන Suicide Squad චිත්‍රපටය තුලින් දැකගන්න ලැබුණු හාර්ලි කුයින්, රික් ෆ්ලැග්, ඇමැන්ඩා වොලර් වගේම කැප්ටන් බූමරෑන්ග් වැනි චරිත මේ අලුත් චිත්‍රපටයට එක්කාසු වෙලා තිබුනත්, චිත්‍රපටයෙ නිර්මාණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්හ කලාම වෝනර් බ්‍රදර්ස් ආයතනයෙන් ජේම්ස් ගන්ට උපදෙස් දීලා කියන්නෙ අලුත් චිත්‍රපටය වෙනුවෙන් පරණ චිත්‍රපටයෙන් හාර්ලි කුයින්ගෙ චරිතය විතරක් යොදාගන්න කියලා. දැන් පේනවනෙ මේක මුල් එකට තියෙන සම්බන්ධය මොන තරම් නම් අඩුද කියලා වගේම වෝනර් බ්‍රදර්ස් ආයතනය යටතේම සෝදා පාලුවට ලක් කරන ඔවුන්ගේම නිර්මාණ ගැන තියෙන තැකීම මොන තරම්අඩුද කියලා. විශේෂයෙන්ම කියන්න ඕන මුල් චිත්‍රපටයෙ ඩෙඩ්ෂොට්ගෙ චරිතය නිරූපණය කල විල් ස්මිත්  අලුත් චිත්‍රපටයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඔහුගෙ කාර්යබහුලත්වය නිසා.

මේ චිත්‍රපටයෙ විලන් එහෙම නැත්හම් ප්‍රධාන සතුරා විදිහට යොදාගෙන තියෙන්නෙ ‘ස්ටාරෝ’ නම් ජස්ටිස් ලීග් කණ්ඩායමේ සතුරෙක්ව. ජස්ටිස් ලීග්? ඔව්. යෝධ ස්ටාර්ෆිෂ් කෙනෙකුගෙ ස්වරුපය ගත්ත, මැදට වෙන්න විශාල ඇසක් වගේම විශාල ග්‍රහිකාවන් පිහිටලා තියෙන බුද්ධිමත් පිටසක්වල ජීවීයෙක් තමයි ‘ස්ටාරෝ’ කියන්නෙ. Gardner Fox, Mike Sekowsky දෙදෙනාගෙ එකතුවෙන් නිර්මාණය වුන ‘ස්ටාරෝ’ චරිතය මුල්ම වරට දැකගන්න ලැබෙන්නෙ Brave and the Bold 28’වැනි කොමික් කලාපය හරහා.

අන් අයගෙ මනස පාලනය, ශරීර ප්‍රමාණය වෙනස් කිරීම ශක්තින් අවශෝෂණය හා ප්‍රක්ෂේපණය කිරීම ශරීරයෙ වර්ණය වෙනස් කිරීම, නැවත ප්‍රකෘතිමත් වීමේ හැකියාව වගේම ජෛව-විඛණ්ඩනය වැනි හැකියාවන් රැසක් පිහිටලා තියෙන මේ පිටසක්වල ජීවී ස්ටාරෝ චරිතය The Superman/Aquaman Hour of Adventure, Batman Beyond, Teen Titans Go!, Powerless වැනි DC කතාමාලා රැසකත් වගේම Justice League: The New Frontier, Justice League: Crisis on Two Earths, Justice League: The Flashpoint Paradox වැනි DC ඇනිමේෂන් චිත්‍රපට හරහාත් දැකගන්න ලැබිලා තියෙනවා. මුල්ම වතාවට තමයි ලයිව්-ඇක්ෂන් චිත්‍රපටයක් හරහා ස්ටාරෝ චරිතය දැකගන්න ලැබෙන්නෙ.

මුල් චිත්‍රපටය හරහා දැකගන්න ලැබුණු චරිත හතරට අමතරව තවත් චරිත රැසක්ම මේ අලුත් චිත්‍රපටය හරහා හදුන්වා දෙනවා වගේම ඔවුන්ට ආවේනික හැකියාවන් වගේම සමහර චරිතවල පෙර කතාව ගැනත් බොහෝ වෙලාවල් වලදී චිත්‍රපටය තුලම සදහන් වෙනවා. විශේෂයෙන්ම චිත්‍රපට ගණනාවක් පුරාවටම දැකගන්න ලැබුණු, චරිතයටම උපන් හාර්ලි කුයින්ගෙ චරිතයටත් වඩා මේ චිත්‍රපටයෙ බොහෝ දෙනෙකුගේ (පුද්ගලිකවම මං ඇතුළුව) හිත් දිනාගත්ත චරිතයක් බවට කිං ශාර්ක්ගෙ චරිතයට හැකියාව ලැබෙනවා. ඒකට විශේෂ හේතු කිහිපයක් තියෙනවා.

මේ චරිතය ගොඩනැගෙන්නෙ කොමික් හො The Flash කතාමාලාව හරහා දැකගන්න ලැබුණු කිං ශාර්ක්ගෙ චරිතයෙ මුහුණුවරත් වගේම විශේෂයෙන්ම හැසිරීම හුගාක් වෙනස් ආකාරයකට. 2019 වසරේදී විකාශය ආරම්භ වුන Harley Quinn ඇනිමේෂන් කතාමාලාව හරහා හදුන්වලා දුන්න කිං ශාර්ක්ට ලබාදීලා තිබුණු මුහුණුවරේ ආභාෂයෙන් The Suicide Squad චිත්‍රපටයෙ චරිතයටත් ලබා දීලා තියෙනවා. අනික් සුවිශේෂීම කාරණාව තමයි මේ චරිතයට හඩකැවීමෙන් සම්බන්ධ වෙන්නෙ හොලිවුඩයෙ ජනප්‍රිය රංගන ශිල්පී සිල්වෙස්ටර් ස්ටැලෝන් විසින්.

අවසාන වශයෙන් චිත්‍රපටයෙ පසුබිම ගැන කිව්වොත් කතාව රචනයත් වගේම අධ්‍යක්ෂණයත් සිදුවෙන්නෙ James Gunn විසින්. Margot Robbie, Idris Elba, John Cena, Joel Kinnaman, Sylvester Stallone, Viola Davis, Jai Courtney, Peter Capaldi වැනි රංගන ශිල්පින් රැසකගෙ එකතුවෙන් තමයි චිත්‍රපටය හැඩගැහිලා තියෙන්නෙ. ජූලි 30’වැනිදා සිනමාශාලාවල තිරගත වෙලා HBO Max හරහා අගෝස්තු 05’වැනිදා, ඒ කිව්වේ අධ්‍යක්ෂක ජේම්ස් ගන්ගෙ උපන්දිනය දවසෙ වගේම 2016 වසරේදී නිකුත් වුන Suicide Squad චිත්‍රපටය නිකුත් වෙලා වසර පහක් ගත වන දිනටයි. ඊළගට චිත්‍රපටය තව තවත් අලංකාර කරන පසුබිම් සංගීත කටයුතු සදහා දායක වෙලා තියෙන්නේ Kick-Ass (2010) චිත්‍රපටයේ පසුබිම් සංගීත යෙදු John Murphy The Suicide Squad චිත්‍රපටයෙ කටයුතු සදහාද දායක වෙලා තියෙනවා.

සංගීතය ගැන කතා කරද්දී තවත් විශේෂ කාරණයක් තියෙනවා. ඕනෑම චිත්‍රපටයක් වෙනුවෙන් ලස්සන ගීත ටිකක් එක්කාසු කිරීම චිත්‍රපටයට ලොකු දායකත්වයක් ලබාදෙනවා. ඉතින් The Suicide Squad චිත්‍රපටය වෙනුවෙන් ප්‍රධාන ගීතය නිර්මාණය වෙන්නේ Grandson හා Jessie Reyez යන දෙදෙනා විසින්. ඔවුන් යටතේ නිර්මාණය වුනු “Rain” ගීතය මේ චිත්‍රපටය සදහා ලොකු දායකත්වයක් ලබා දෙමින් මේ වන විට යූටියුබ් තුලසැලකිය යුතු මට්ටමේ නැරඹුම් සංඛ්‍යාවක් ලබාගෙන තිබෙනවා. විනාඩි 132ක් පුරාවට ධාවනය වන මේ චිත්‍රපටය සදහා IMDb අගය 7.9/10 ක් වගේම Rotten Tomatoes දර්ශකයෙ 96% ක අගයක් ලැබිලා තියෙනවා.

  • එදා මෙදා කාලය පුරාවටම විශාල පිරිවැයක් යොදාගෙන නිර්මාණය වූ R-Rated චිත්‍රපට අතරින් දෙවැනි තැන හිමි කරගත් චිත්‍රපටය වන්නෙ The Suicide Squad චිත්‍රපටයයි. ඒ ඇ. ඩො. මි. 180ක පිරිවැයකින්. තවමත් පළමු තැනට ඇත්තෙ Terminator 3 චිත්‍රපටයයි.
  • COVID-19 කාලය හමුවේ ඉහලම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට The Suicide Squad චිත්‍රපටය පත්ව තිබෙනවා. ඒ ඇ. ඩො. මි.  4.1ක ආදායමක් උපයා ගනිමින්.
  • DCEU සිනමාපට එකතුවෙහි Rotten Tomatoes වෙබ්අඩවිය තුලින් ලබාගත් වැඩිම අගයක් ලබාගත් චිත්‍රපටය බවටද The Suicide Squad චිත්‍රපටය සුදුසුකම් ලබාගෙන තිබෙනවා. ඒ Wonder Woman පළමු සිනමාපටය රදවාගෙන තිබු 93%ක අගය පසු කරමින්.

සූසයිඩ් ස්ක්වාඩ් නොහොත් සුපර් විලන්ගෙ කණ්ඩායමක් එකතු කරන්නෙ පෘතුවියට මුහුණ දෙන්න වෙන භයංකාර තත්වයක් පාලනය කරන්නනෙ ඉතිං. මේ වතාවේ එකතු කරන සුපර් විලන්ලා යන්නෙත් මේ වගේම තත්වයකට මුහුණ දෙන්න. චිත්‍රපටය නරඹලාම තීරණය කරන්න මොන විදිහේ තත්වෙක අලුත් චිත්‍රපටය තියද කියලා.

S E Q U E L  &  S P I N – O F F  S E R I E S

2021 වසරේ ජනවාරි මාසය වෙද්දීම ජේම්ස් ගන් සදහන් කරනවා වෙනස්ම කෝණයකින් මේ චිත්‍රපටයෙ සීක්වල් එකක් එහෙම නැත්තම් තවත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. 2022 වසරේ HBO Max ඔරිජිනල් සීරිස් එකක් විදිහට නිකුත් කරන්න නිර්මාණය වන, ජනප්‍රිය රංගන ශිල්පී ජෝන් සීනාගෙ චරිතය වන පීස්මේකර් ඇසුරින් නිර්මාණය කල ‘Peacemaker’ කතාමාලාවේ රූගත කිරීම් අවසන් කරලා මේ කතාමාලාව නිකුත් වන්නටත් කලින්ම දෙවැනි කතාසමය වෙනුවෙන්ද සැලසුම් සූදානම් කරලා අවසන්.

මීට අමතරව ජේම්ස් ගන් සදහන් කරලා තියෙනවා The Suicide Squad චිත්‍රපටයෙ සීක්වල් එකත්, ‘Peacemaker’ කතාමාලාවටත් අමතරව මේ ච්ත්‍රපටයෙ දකින්න ලැබුණු චරිත පාදක කරගත් තවත් කතාමාලාන්වල නිර්මාණ කටයුතු සිදු කරන්න තමන් කැමැත්තක් දකවනවා කියලා. බලාගෙන ඉමු ඉදිරියේදී මොකද වෙන්නෙ කියලා එහෙනම්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

49,520 downloadsDownload The-Suicide-Squad-2021-Blu-Ray.zip148 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

49,520 downloadsDownload Subtitles148 KB

63 comments

  1. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි චම්මු.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  3. Ishan Maduhsa

    බොහෝම ස්තූතියි සහෝ

  4. Gihan

    සිංහල උපසිරැසියට ‌‌බොහෝම ස්තූතීයි !!................
    ජය වේවා !!!................

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Nishan S. Ariyarathna

    thanks for subtitles

  7. LaHIRU

    උපසිරැසියට බොහොම ස්තූතියි...!!!

  8. Kushan

    Sub akta thanks

  9. Lakmal

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Anonymous

    Thanks bro

  11. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  12. Tharaka

    Thanx bro

  13. Kasun Widusha

    Tnx Bokkah......

  14. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  15. Neo

    Thanks brother
    Keep it up

  16. Anonymous

    සබ් එක දුන්නට බොහොම ස්තුති

  17. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  18. Anonymous

    Thanks

  19. Niyon

    Thanx for the sub ❤️

  20. Anonymous

    thanks bro,

  21. indika75

    thanks..

  22. Anonymous

    thanks chamara bro

  23. ලහිරු

    ස්තූතියි සහොදරයා

  24. Dhanushka

    ලිපිය නම් සුපිරියටම තියෙනව මචන්

  25. charith

    පට්ට ලිපිය...සබ් එකට ස්තුතියි...

  26. මයිකි

    ලිපිය නම් නියමයි. බොහොම ස්තුතියි සබ් එකට සහා හොද ලිපියක් දැම්මට

  27. Roshan

    Tnx bro...Good Luck...Stay Safe...

  28. Nilush Angana

    Sub ekata thanx

  29. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. KaviDU lakshan

      ලිපිය මරු , Thanks sub එකට Bro

  30. Suranjan

    Thanks jayawewa...!

  31. Anonymous

    Thanks cago❤

  32. ishan

    බොහොම ස්තූතියි සබ් එකට යාලුවා..

  33. Bruce

    Thans sub ekata, Jayawewa

  34. Anonymous

    Thanks machan

  35. Anonymous

    thanks for the sub

  36. R_deshan

    බොහොමත්ම ස්තූතියි සහෝ සබ් එකට.ගොඩක් වැදගත් ලිපියක් පළකරාටත් බොහොම ස්තූතියි.සබ් එක හොඳටම තිබ්බා.කලින් suicide squad ෆිල්ම් එකෙන් පට්ටම එපා වෙලා හිටපු අපිට මෙදා පාර නම් ජේම්ස් කාරයා හොඳම මට්ටමින් චිත්‍රපටය අරන් ඇවිත් තියනවා.ඉතා ඉක්මනින් සබ් එක අරන් ආවට බොහොම ස්තූතියි.ජයවේවා!!

  37. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  38. Ruchira

    Thanks for the sub!!!!

  39. lakshan

    thanks ...........................

  40. Senesh Madhushanka

    බොහොම ස්තුතියි

  41. ravidu ishan

    Tnx mchn සබිඑකට ..ජය!! ✌️✌️

  42. supun

    tz sub ekata..

  43. Tharindu

    thank you machoo

  44. Sandeepa Viduranga

    Thanks Brother

  45. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  46. Anonymous

    Thank you

  47. Bobby

    Thank you very much

  48. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  49. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  50. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.