ඔන්න මගේ පලවෙනි සිංහල උපසිරැසිය. මුල්ම එක නිසා අඩු පාඩු ඇති ඒ නිසා ගණන් ගන්න එපා. ෆිල්ම් එකක් බලනවට වඩා ගොඩක් අමාරුයි උපසිරැසි යොදන එක. මට මේක කරන්න ගොඩක් කල් ගියා. හරි කතා ඇති දැන් බලමු මම මොකක්ද කරපු උපසිරැසිය කියලා. මේක හින්දි ෆිල්ම් 1ක්, නම Delhi Belly, සබ් නැතුව මේක කලින් දීලා තිබ්බා. මේක […]
ඔන්න මගේ පලවෙනි සිංහල උපසිරැසිය. මුල්ම එක නිසා අඩු පාඩු ඇති ඒ නිසා ගණන් ගන්න එපා. ෆිල්ම් එකක් බලනවට වඩා ගොඩක් අමාරුයි උපසිරැසි යොදන එක. මට මේක කරන්න ගොඩක් කල් ගියා. හරි කතා ඇති දැන් බලමු මම මොකක්ද කරපු උපසිරැසිය කියලා. මේක හින්දි ෆිල්ම් 1ක්, නම Delhi Belly, සබ් නැතුව මේක කලින් දීලා තිබ්බා. මේක හින්දි වුණාට 90%ක් විතරම කතා කරන්නේ ඉංග්‍රීසි වලින්. මම ළඟදී බලපු හොඳ කොමඩියක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Abhinay Deo. නිෂ්පාදනය කරලා තියෙන්නේ සුපිරි නළු Aamir Khan, එතකොට රංගනයෙන් දායක වෙන්නේ, I Hate Luv Storys (2010), Mere Brother Ki Dulhan (2011), Matru Ki Bijlee Ka Mandola (2013) වැනි චිත්‍රපටියන්හි රංගන දායකත්වය ලබාදුන් Aamir Khanගේ ඥාති පුත්‍ර Imran Khan ඔහු ටාශි ලෙසත්, VIr Das ඔහු අරුප් ලෙසත් රඟපානවා, ඔහු Badmaash Company (2010), Go Goa Gone (2013) වැනි චිත්‍රපටිවල රඟපා තිබෙනවා, තව චරිතයක් තියෙනවා ඒ Kunaal Roy kapur ඔහු නිතින් ලෙස රඟපානවා, ඔහු තමා මේ දිනවල ඇති සාර්ථකව තිරගත වෙන Aashiqui 2 ෆිල්ම් එකේ රඟපාන Aaditya Roy Kapur ගේ සොහොයුරා, තව Poorna Jagannathan මේනකා ලෙසත්, Shenaz Treasurywala සෝනියා ලෙසත් රඟපානවා. මේක 2011 අවුරුද්දේ තිරගටහ වුනු චිත්‍රපටියක්, IMDb අගය 7.5ක් ලෙස දැක්වෙනවා, එකෙන්ම පේනවනේ ෆිල්ම් එක හොඳයි කියලා, හරි අටුවා ටීකා ඇති දැන් බලමු කතාව කොයි වගේද කියලා,
අපේ ප්‍රධාන චරිතය ටාශි ඔහු මාධ්‍යවේදියක්, අරුප් කාටූන් චිත්‍ර ශිල්පියෙක්, නිතින් ඔහු ටාශිගේ ජයාරූප ශිල්පියා. ඉතින් මේ තුන්දෙනා එක කාමරයක ජීවත් වෙනවා, එක දවසක් ටාශිගේ පෙම්වතිය සෝනියා, ටාශිට පාර්සලයක් දෙනවා තව කෙනෙක්ට බාර දෙන්න කියලා, ඉතින් කොහොමින් කොහොම හරි පාර්සලේ නියමිත තැනට යනවා, හැබැයි පාර්සලේ මාරු වෙලා, දැන් තමා කතාව වෙනස් වෙන්නේ මේ පාර්සලේ නිසා මේ අයගේ ජීවිතත් කණපිට පෙරළෙනවා. ඉතුරු ටික බලන්නම ඕනේ, එතකොට මේනකා ඇය තමා ටාශිගේ වාර්තාකාරිණිය. ඇයත් ප්‍රධානම චරිතයක්. ආ තව නිතින් එයාට මරු ලෙඩක් හැදෙනවා, ඒකත් බලන්නකෝ. මේ ෆිල්ම් එකේ කතාව රැගත් Settai නමින් දෙමල චිත්‍රපටියක් මේ අවුරුද්දේදී අති සාර්ථකව තිරගත වුණා.
මේකේ අසභ්‍ය වචන බහුලව තියෙනවා, මම පුළුවන් තරමට ඒවාට ගැලපෙන වචන ආදේශ කළා. ඉතින් ඔබගේ අදහස් හා යෝජනා මම බලාපොරොත්තු වෙනවා, මට මේකට ආසිරි ප්‍රියන්ත(හේවා ලුණුවිලගේ) උදව් කළා, ආ ෆිල්ම් එක අන්තිමේදී Aamir Khan ඩිස්කෝ ඩාන්ස් එකක් දානවා, මට මේකේ සිංදුවල උපසිරසි ගොනුව නම් ලැබුනේ නෑ. ඉතින් තවත් උපසිරසියකින් හම්බවෙමු.
මීට පෙර පළකල ලිපිය
ඔන්න කාලෙකට පස්සේ මම ගෙනාවා පට්ට කොමඩියක්. විශේෂයෙන් කියනවා නම් මේක “IMDB”එකේ 8.0/10 ක ජනප්‍රියත්වයක් ලබාගැනීමට සමත්වී තිබෙනවා. අධ්‍යක්ශණය Akshat Verma ගෙන්. රංගනයෙන් දායක වෙනවා Imran Khan, Vir Das සහ Kunaal Roy Kapur.
වැඩි විස්තර නැතුව ඔන්න මම බහිනවා කතාවට!
මේක මුලින්ම සිද්ධිය පටන්ගන්නේ එක පාර්සලයක් ඩිලිවරි කරන්න එක සුද්දෙකුගේ ස්ටෝරියකින්. මේ සුද්දා මේ පාර්සලේ දෙන්න ගේන්නේ ලොකු මැර කන්ඩායමකට. නමුත් මේ පාර්සලේ එක එක අකරතැබ්බ වෙලා යනවා හොඳ කොමිටල් පොරවල් තුන්දෙනෙක් අතට. ඒත් මේ සෙට් එක දන්නේ නැහැ මේකේ තියෙන්නේ මොනවද කියලවත්. කොහොම කොහොම හරි මැර කන්ඩායමට මල පැනල, යනවා මේ පාර්සලේට මොකද්ද වුනේ කියලා හොයන්න. දැන් තමයි නියම හරිය පටන් ගන්නේ.බඩ පැලෙනකම් හිනාවෙන්න පුළුවන් වැඩ තමා මේ තුන්දෙනාට වෙන්නේ.
මම මීට වැඩිය කියන්න යන්නේ නැහැ. මොකද එතන යන පට්ට සිද්දි මෙහෙම කියන්න අමාරුයි. ඒ නිසා ඔයාලම බලන්න මේ පාර්සලේ තියෙන්නෙ මොනවද? ඒ වගේම මේක කාට ලැබෙයිද කියන එක.
ෆිල්ම් එක බලලා කමෙන්ට් එකක් දාලා යන්න කොහොමද කියලා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “පහන් තාරක” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
7,669 downloadsDownload Delhi.Belly_.2011.zip85 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
103 comments
DarKneT | ඉෂාර
isuru
hurray mama 2nd me wunamai mata jayawewa!!!
nilanka
sub file 1 witharak denneththe ai?
hemotama film 1 banna vidiyak nehene?Tarith
elazzz....math download kara.. :D
chamila
CHA WAGE BUT THANKS
Extreme
Patta comedy film eka bllnko mra fun
පහන් තාරක
මේක චා ෆිල්ම් එකක් නෙමෙයි. මගේ හැදින්වීම චා උනත් මේ බයිස්කෝප් එක නම් එහෙම නෑ මම ඒක බය නැතුව කියනවා. බාලම බලන්න යාලුවනේ!
mudiya
නියම ෆිල්ම් 1ක්.මං කඳුළු පනිනකං හිනා වුනා මේක බලලා.දෙපාරක් හිතන්නෙ නැතුව බාගෙන බලන්ට යාළුවනේ.පහන් තාරක සහෝ නියමයි වැඩේ.බොහෝ...........ම ස්තූතියි!!!
Tharanga Darshana Ekanayaka
අද හොදට හිනාවෙන්න පුළුවන් වෙයි වගේ......
එළකිරි............හසිත මදුශංක
මම බලපු පට්ටම හින්දි ෆිල්ම් එකක් තමයි මේක. බොඩිගාර්ඩ් ෆිල්ම් එකට කලින් මට මේකට සිංහල සබ් දාන්න හිතුනට එහෙම කලේ නැහෑ. මොකද මේකේ බාවිතා වෙන වචන සිංහලෙන් දාන එක හරි නැති නිසා. උදාහරනයක් විදියට මේ දෙබස ගන්නකෝ.
this is an ugly f@%king ugly car, okay.
when a donky f@%ks a rickshaw, this is what you get.
කොහොමද මේක සිංහලට පරිවර්තනය කලා නම්?
ඔය වගේ ගොඩාක් දෙබස් මේ චිත්‍රපටයේ තියෙනවා. මොනවා උනත් සුපිරි චිත්‍රපටයක්. හැම රංගන ශිල්පියෙක්ම තමන්ගේ උපරිම දායකත්වය මේ චිත්‍රපටයට ලබා දී තිබෙනවා.කියන්න අමතක උනා, සුපිරි නලු අමිර් ඛාන් නර්තනයේ යෙදෙන ගීතයක් චිත්‍රපටයේ අවසානයේ තිබෙනවා. ඒකත් මතක ඇතිව නරඹන්න.
KD
හින්දි සහ දමිළ චිත්‍රපටි තියනව නම් ඉතින් එලම තමා...
Rumesh
මමත් මේ ෆිල්ම් එක බැලුවා, පට්ට ෆිල්ම් එකක්, ඒ වගේම මේක ආමීර් කාන් ප්‍රඩක්ශන් එකක්.එතකොට ඉතින් ආයිත් කතා කරන්න දෙයක් නෑනෙ.ඒ වගේම මේක වැඩිහිටියන්ට පමනයි ෆිල්ම් එකක්,හැබැහි බය වෙන්න එපා,නිරුවත් දර්ශන නෑ,කුණුහරප විතරයි තියෙන්නෙ, හිහ් හිහ් හී..හරියට නිකන් English ෆිල්ම් එකක් බැලුව වගේ. ආ .. තව මේකෙ සංගීතයත් මරු. තව මේක Box office දර්ශකයෙ Super Hit එකක්
Saranga
මේක මේ අවුරුද්දේ ආපු පට්ටම ෆිල්ම් 1ක්.අමීර් ඛාන් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ.ගොඩක් ස්තුතියි සහෝදරයා.
Akalanka Yapa
මම බලපු පට්ටම හින්දි ෆිල්ම් එකක් තමයි මේක.
navo
tnx for the film bro!!! Hindi comedies are superb!!!!
Deezter
ela thank u wewa
AL1717
eLAAAA Thanks Wewaaa
Meka gena kiwwata
Jaya Wewwaaaaaru
ela...mama meka baluwa...
eth puluwannam sinhala sub dapan machanla...Irshad Haniffa
ela macho thax
radika
mama meaka baluwa. ela but meka tikak withara 18+ wenawa neda?????
M.D.A Pradeep (අමිල මනනදේව)
බලමුකෝ කාලෙකින් හොද කොමඩියක් බැලුවේ නෑ.
ස්තුතියි සහෝ.ishara
super movie
San J
එල එල මචං. ඔන්න කාලෙකට පස්සෙ මමත් ආවා. මේක නම් අනිවා බලන්න ඕනෙ
me
Thanks
අමිල නිශාන්ත
niyamai...thanks
Pasindu
හින්දි නොබලන මමත් මේක බැලුවා... නියමයි...
Uraj Deemantha
මේක ඊයෙම බෑවා ඔෆිස් එකේ 4MB ලයින් එකට පිංසිද්ධ වෙන්න..... :P උඩින් උඩින් බැලුවා.. සුපිරි ෆිල්ම් එකක් වගේ...... :) මේ දවස් වල, Unstoppable film එකට සිංහල සබ් දානවා..... කවුරුවත් මීට කලින් ඒකට සබ් දාලා නැතුව ඈති නේ....??
දනුක බෙන්තරවිතාන
ෆිල්ම් එක නම් හොදයි වගේ! ඔන්න ඉතින් මමත් බාන්න දැම්මා!
fnd
@ Uraj Deemantha
Unstoppable වල සිංහල සබ් තියනවා! plz google...
shiwantha
thanx machan
Anonymous
tx bro
Anonymous
patta patapata.......
gayan
මේකේ සිංහල subtitles
නැද්ද???Chanuka
ලොවෙත් නෑ...... :P
රාම් රාජ්
එළ තෑන්ක්ස්
samu
maxxa bro... thank you very much
navo
hey bro watched the film and it's really a fantastic one!tnx again
hitha hoda kolla
woow maxxxxxxa
Praveen
meke english subtitle ekawath thiyenwada mn download wenna damma 585Mb copy eka..
shiwantha
english subtitles SUBSCENE.COM eken download karaganna puluwan. thanks bro....
madushkad
tnx machan patta aaa...
Madushanka Gamage
කාටහරි පුලුවන්ද 705Mබී ටොරන්ට් එකේ සබ් ෆයිල් එක හොයලා දෙන්න...??
nelusha
meka patta movie ekak machooo.man meka baluwa
haris
Patta ... Pata... Pata... Thanks.
nilanka
meke sinhala sub neeeeeeeeeeeee ne
528mb copy 1ke sub file 1 neeeeeeeeeeeee
please replykaveen
patta comedyak dunnata thank you very much
malith
thanx bro!!! i love comodies
සංදීප
එළකිරි…………
රාම් රාජ්
thanks
Esha
onna math bagena beluwa...thanks ...copy1 niyamai inbuilt sub tibuna nisa...
film1 hodai...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මමත් බැලුව හොදම ෆිල්ම් එකක්, විශේශයෙන්ම මේ වගේ ඒවා හින්දි වලින් අඩුයි, හැබැයි පට්ට, භාශාවත් සුපිරි :P