ඔන්න එහෙනම් පලවෙනි සැරේට මම හින්දි චිත්‍රපටියකට සිංහල උපසිරසියක් දෙන්න යන්නේ. මේ මගේ දොළොස් වෙනි චිත්‍රපට උපසිරැසිය. මේ කතාව ඇත්තටම ලස්සන සහ ප්‍රායෝගික විහිළුවලින් සමන්විත කතාවක්. මොකද සමහර කොමඩි කියන වර්ගයේ හින්දි චිත්‍රපටි වල හාස්‍යය කියන එක බලෙන් ඔබ්බවලා ප්‍රේක්ෂකයාව බලෙන් හිනා ගස්සවන්න හදනවා වග…

ඔන්න එහෙනම් පලවෙනි සැරේට මම හින්දි චිත්‍රපටියකට සිංහල උපසිරසියක් දෙන්න යන්නේ. මේ මගේ දොළොස් වෙනි චිත්‍රපට උපසිරැසිය. මේ කතාව ඇත්තටම ලස්සන සහ ප්‍රායෝගික විහිළුවලින් සමන්විත කතාවක්. මොකද සමහර කොමඩි කියන වර්ගයේ හින්දි චිත්‍රපටි වල හාස්‍යය කියන එක බලෙන් ඔබ්බවලා ප්‍රේක්ෂකයාව බලෙන් හිනා ගස්සවන්න හදනවා වගේ වැඩ කරනවා. මෙහි ඇති විහිලු එහෙම නැහැ. මොකද කතාව යන අතරෙදීම වෙන්න පුළුවන් වර්ගයේ හාස්‍ය කැටි කරගත් සිදුවීම් ගොඩක් දක්නට ලැබෙනවා. ඒවාට හිනා යනවා ඇත්තටම බලෙන් හිනාවෙන්න ඕනේ නැහැ. මේ චිත්‍රපටිය ඉන්දියාවේ ප්‍රදර්ශනය ආරම්භ කලේ 2013 ජනවාරි 11 වෙනිදා ඒ වගේම මේ චිත්‍රපටියට ජාත්‍යන්තර චිත්‍රපටි ශ්‍රේණිගත කිරීමේදී ලකුණු 6.6/10 ලබා ගෙන තියෙනවා. මේ චිත්‍රපටිය Vishal Bardwaj කියන දක්ෂ අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක්. අපේ වෙබ් පිටුවේ ඔහුගේ නිර්මාණ නුපුරුදු තැනක් නෙමෙයි. මීට කලිනුත් Nishabd (2007) සහ 7 Khoon Maaf (2011) යන නිර්මාණ රස විඳලා ඇති. මේ සලරුවට රංගන දායකත්වයෙන් Film Fare සම්මාන උළලේදී පසුගියදා හොඳම සහය නිළිය ලෙස සම්මාන ලැබූ Anushka Sharma, ඒ වගේම Imran Khan, Shabana Azmi සහ Pankaj Kapur යන දක්ෂ නළුනිළි පිරිසක් සහභාගී වෙලා තියෙනවා.
එහෙනම් මොකද්ද මේ කතාව කියලා පොඩි ආරම්භයක් දෙන්නම්, මේ කතාව “මන්දෝලා” කියලා එක්තරා ගමක් වටා ගෙතුන කතාවක්. මේ ගමේ ඉන්නවා “මන්දෝලා” (Pankaj Kapur) කියලා ලොකු සල්ලි කාරයෙක් සහ එයාට ඉන්නවා ලස්සන දුවෙක් “බිජ්ලි”(Anushka Sharma) කියලා, ඒ වගේම මෙයාට උගත් රියදුරෙකුත් ඉන්නවා “මත්රු” (Imran Khan) කියලා. මෙයාල තමා මේ කතාවෙ ප්‍රධාන චරිත. මේ “මන්දෝලා” මහත්තයගේ නරක පුරුද්දක් තියෙනවා මත්පැන් පානය කියලා. වැඩේ කියන්නේ මේ මනුස්සයා බිව්වට පස්සේ හෙන සමාජවාදියා නැතිකොට ඊටත් වඩා ධනපති පැලැන්තියේ කෙනෙක් නැහැ. මෙයාගේ බීමත් කම පාලනය කරන්න තමා “මත්රු” සේවයට අරන් තියෙන්නේ. බිව්වට පස්සේ තමන්ට විරුද්ධව එයාම පෙළපාලි ලෑස්ති කරන ජාතියේ කෙනෙක් . එකෙන් හිතා ගන්න පුළුවන්නේ මනුස්සය ගැන. සිහියෙන් ඉන්න කොට “මන්දෝලා” මහත්තයාගේ සිහිනයක් තියෙනවා මේ ගම කර්මාන්ත පුරයක් කරන්න. ඒකට ගමේ ගොවියෝ විරුද්ධයි. ඉතින් මේ පානෙන් එලිය බලන්න තව මන්ත්‍රිතුමියකුත් (Shabana Azmi) බලන් ඉන්නවා එයාගේ පුතාව”බිජ්ලිට” කසාද බන්දවල ඔක්කොම අයිති කරගන්න. “බිජ්ලි” කියන්නෙත් සෙල්ලකාර ජිවිතයක් ගෙවන බරක් පතලක් නැති කෙල්ලක්. ගමේ අයත් ගොවිතැන් වලට තමන්ගේ ඉඩම් උගස් කරලා ණය වෙලා කරමුලටම හිර වෙලා ඉන්නේ. මේ අතරේ මේ ගමේ වෙන අසාධාරණය වලක්වන්න ගමට උදව් කරන සැඟවුන වීරයෙකුත් ඉන්නවා. අපි බලමු “මන්දෝලා” තමන්ගේ කර්මාන්තපුර සිහිනය ගොවියන්ගේ කුඹුරු යටකරගෙන දකින්න අවස්ථාවක් හොයා ගනීවිද සහ අනෙක් අයගේ සිහින සැබෑ වෙන්නේ කොහොමදත් කියලා.
තව දෙයක් මේක කරගෙන යනකොට හිතුන දේවල් ටිකක්. වැඩේ කියන්නේ මේක ලේසි උනේ නැහැ. හින්දි උපසිරැසි කරන යාලුවෝ කොහොම කරනවද කියලා හිතුනේ මේක කරගෙන යනකොට. මේවගේ හින්දි චිත්‍රපටි වල පැය දෙකකට අධික කාලයක් දෙබස් විශාල ප්‍රමාණයක් පරිවර්තනය කරනවා කියන්නේ ඇත්තම අමාරු වැඩක්. එකත් ඉක්මනට ඔයාලට දෙන්න ඉවර කරනවා කියන්නේ ඊටත් අමාරු වැඩක්. මේ චිත්‍රපටිය හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් උනේ පසුගිය බදාදා. ඉතින් මටත් හින්දි එකක් කරන්න ආසාව තිබුනා ඒ අත්දැකීමත් ලබා ගන්න එක්ක වැඩේට අත ගැහුවා. අද දෙන්න හැකියාවක් ලැබුනා ඉතින් කොහොම කොහොම හරි මේ හින්දි චිත්‍රපටි වල එන ඉංග්‍රීසි උපසිරැසි මඟින් නියම අර්ථය එන්නෙත් නැති නිසා තවත් අපහසුතා වලට මුහුණ දුන්නා. බලන්න උපසිරසියට සාධාරණයක් වෙලාද කියලා. බලල හොඳ නරක කියන්න අමතක කරන්නත් එපා එහෙනම්.
තවත් චිත්‍රපටි උපසිරසියකින් මුණ ගැහෙන තුරාවට හැමෝටම ජයෙන් ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
6,421 downloadsDownload Matru-Ki-Bijlee-Ka-Mandola-2013.sinhala.sub_.baiscope.lk_.rar315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
95 comments
Madusanka
sidath.
thnxxx maxxxaaaa
Isuru
elakiri supiri naluwekui niliyakui ne inne
lasidu
ෆිල්ම් එක ලග තියෙනවා...සබ් එක ගත්තා එල මචං
g-a-n-d-u
තෑන්ක්ස් සහෝට
wow
wow ... maru :)
quik
thanks
elakiri
එලම තමා මචෝ අනිවා බලනවා මම ආසම නිලියක් ඉන්නේ
zumo man
thnxz macho
rusuru | රුසිරු
පට්ට පට්ට හින්දි නම් අනිවා බලනවා... ජයම වේවා!
hh
meyka denakm balagena unne thx hasantha
එරංග
එලස්.. ඔන්න උදෙන්ම බාන්න දැම්ම.
kalinga
නියමයි බලන්න ඕනේ . බොහොම තුති හසෝ
MXX
මැක්සා වගේ :)
ccnp
Thanks
ganidu
මේක දෙනකම් උන්නේ ෆිල්ම් එක බාගත්තා කලින්. බයිස්කෝප් එකට ජයම වේවා!
ositha
elakirine macho niyama hindi film akak wagey
chami
thnxxxxxxxxxxxxxxxx
DARSHANA
ela ela thawa hindi oni thanxxx
was
සබ් දෙනවා නේ හෝ ගාලා අපිට මේවා දෙන විදියට බාන්න අලුතෙන් කනෙක්ෂන් ගන්න වෙයි .. හික්ස්.. මේකත් බලමු නේ .. සුපිරි
lasanatha!!!!!!
තෑන්ක්ස්
ranga
ela ela ela ela ela :)
Fernando
thnx SO much hasantha & baiscope team
chandana
niyamai saho digatama hindi awata denna
sualakshana
නියමයි ඔන්න මමත් බාන්න දැම්මා අනේ අයියේ Lovely (2012) මේ තෙළිගු එකෙයි Naked soldier 2012 ENGLISH එකෙයි සින්හල සබ් දෙන්නකො
vernie
kalinga says:
2013 March 2 at 8:00 amනියමයි sahoo
vernie
niyamai saho
h[A]s
ඩවුන්ලෝඩ් වෙන්න දැම්ම.,ෆිල්ම් ඇවිත් හැරෙන්නත් කලින් සබ් දෙන ඔයාලට ගොඩාක් පින්
mindika
thanks !!!!!!!!!!!!!!
නලියා
හසන්ත සහෝ අත තිබ්බා කියන්නේ ආයි අමුතුවේ සාධාරණයක් උනාද කියලා බලන්න ඔනේ නෑ...!
අනිවා එළටම කරලා ඇති
12 පස්සේ ඔන්න 50 එන්නේ කවද්ද කියලා බලන් ඉන්නේ ඔ:...
ජයවේවා සහෝjeewantha
maxxxa hode
upali
math gannawa jaya
thusitha
jayama weywa!!!!!!!!!!!!!!
sampath
thanks
chamath cafe
එල එල මේක දෙනකම් උන්නේ
ns
thanx...
tharanga
ඔන්න අපිත් ගන්නවා.. නියම වැඩක්.
nalin sameera
ela
eraNga
නියම නළුවෙක් ඉන්නේ මම කැමති
සිංගි
නියමයි මචං දිගටම කරගෙන යන්න. ජය වේවා.....
දිදුල Kd සිල්වා
නියමයි හසන්ත අයියේ.. පට්ට වැඩක්.. හින්දි, දෙමළ, තෙලිඟු කොතනද අපි එතන.. ජය වේවා෴
nilupa
thxz
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔහෙපලයන්, මේ දීල තියෙන්නේ වෙඩි වගේ... එල අංකල් කෙනෙක් නේ... වයසට ගියත් ආයේ වැඩනම් කොල්ල්ක්ගේ වගේ.... දවසින් විතර දුන්න නේද..... එලකිරි එළකි අංකල්.. තවත් හින්දි එකකින් හම්බෙමු හොදේ.......
BuLa
uparimayi
ganaka
thnxxxx boss
Uraj Deemantha
එළකිරි ආ...... :)
“චූටී මල්ලි”
පට්ට බන් දෙනක්ම් උන්නෙ
සබට තෑන්ක්ස්හසිත අලහකෝන්
ගිය අවුරුද්දේ trailer එක බැලුවට පස්සේ බලන්න ඕන කියල හිතුන චිත්‍රපටියක්. හොඳ පිටපතක් එක්නකම් හිටියේ. දැන් “හසන්ත වික්‍රමරත්න” සහෝදරයා නිසා සිංහල උපසිරසිත් එක්කම බලන්න අවස්තාව ලැබුණා. එකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.
ඇත්තටම මට හිතෙන විධියට එක භාෂාවක ප්‍රකාශණයක් වෙනත් භාෂාවකට පෙරලද්දී, මුල් අර්ථය එලෙසම කිවුවොත් දෙවැනි භාෂාවෙන් එයට අර්ථයක් නැතිවෙනවා. විශේෂවෙන්ම මේක අදාළ වෙන්නේ වහරන(කතාකරන) භාශාවෙදියි. උදාහරණෙකට හින්දියෙන් කියනවා (දොස් නැගීමේදී) "නමක් හරාම්" කියලා, එකේ හරිම තේරුම වෙන්නේ "ලුණු පව්කාරයා" නැත්නම් "ලුණු දුෂ්ඨයා" වගේ දෙයක්. නමුත් එකෙන් අදහස් කරන්නේ "ද්‍රෝහියා" හෝ "ගුණමකුවා" වගේ දෙයක්. මොකද ඉන්දියාවේ කියමනක් තියෙනවා වෙනත් කෙනෙක්ගෙන් "ලුණු" ඉල්ලගෙන කන්න වෙන්නේ තමාගේ සියළු දේ නැති උනාමයි කියලා. ඒවගේ වෙලාවක ලුණු ටිකක් හරි දෙන කෙනා "දෙවියෙක්" ලෙස සලකන්න ඕනා කියලා. ඉතින් කෙනෙක් තව කෙනෙකුට "නමක් හරාම්" කියල බනිද්දි එකෙන් අදහස් කරන්නේ "මගෙන් කාපු ලුණු වලවත් ගුණේ තිබ්බේ නෑ" හෙවත් "ගුණමකුවා" කියලයි.
ඉතින් මට කියන්න ඕනෑකම තියෙන්නේ එක් එක් භාෂාවල තියෙන උපමා, ව්‍යංගාර්ථ, ප්‍රස්තවපිරුළු , උපහැරණ වගේ දේවල් වෙනත් භාෂාවකට නැගීමේදී "පරිවර්තනයට" වඩා 'අනුවාදනය'(අනුවර්ථනය) තමයි සාර්ථක. නැත්නම් සමහර අවස්ථාවල ප්‍රකාශණයේ අර්ථය විකෘති වෙනවා.
“හසන්ත වික්‍රමරත්න” සහෝදරයා උපසිරැසි වල අර්ථය සම්බන්ධව කියල තිබුණ නිසා මගේ අදහස ලියන්න හිතුනේ. මම හිතනවා මේ ගැන හැමෝම හිතල බලයි කියලා.
නැවත වාරයක් ට ගොඩක් ස්තුතියි කියලා කියනවා උපසිරැසියට. තවත් හොඳ හින්දි චිත්‍රපටි හොයලා උපසිරැසි දෙන්න කියලත් කියනවා.f_live
මේක පට්ටම ෆිල්ම් එක දැන් බලලා ඉවර උනේ,, නියමයි සහෝ
jack
patta machan thanx kiwwa sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Elakiri machan. Thankz