Watch Trailer

Despicable Me 3 (2017) with Sinhala Subtitle | නිවුන් දුෂ්ඨ ජෝගිය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සෑහෙන දෙනෙක් ආසාවෙන් බලන් හිටිය ෆිල්ම් එකක් අරගෙන ආව, සෑහෙන කාලෙකට පස්සේ තමයි සබ් එකක් කලෙත්, මතකද දන්නෙත් නෑ කට්ටියට, නෑ නෑ මාව නෙමේ “ගෘ” ව. ලො සුපතල අධමයා නහය උල් ගෘ, පොඩ්ඩක් කරුණු කාරනා දිග ඇරගෙන කතාවට යමු එහෙනම්. Despicable Me (2010) නමින් මිට වසර හතක් වගේ කාලයකට ඉහතදී තමා මේ […]

 

ඔන්න එහෙනම් සෑහෙන දෙනෙක් ආසාවෙන් බලන් හිටිය ෆිල්ම් එකක් අරගෙන ආව, සෑහෙන කාලෙකට පස්සේ තමයි සබ් එකක් කලෙත්, මතකද දන්නෙත් නෑ කට්ටියට, නෑ නෑ මාව නෙමේ “ගෘ” ව. ලො සුපතල අධමයා නහය උල් ගෘ, පොඩ්ඩක් කරුණු කාරනා දිග ඇරගෙන කතාවට යමු එහෙනම්.

Despicable Me (2010) නමින් මිට වසර හතක් වගේ කාලයකට ඉහතදී තමා මේ ගෘ සහ මිනියන් කියන දෙපාර්ශවය සිනමා රසිකයින් අතරට එන්නේ, සුපුරුදු වීර චරිතයකින් මිදිලා දුෂ්ඨ ප්‍රධාන කොටගත්ත මේ සිනමා නිර්මාණය වයස් බේදයකින් තොරව ප්‍රේක්ෂකයින් වැළඳ ගන්නව, ඒ ඩොලර් මිලියන 550කට ආසන්න ගණනක ආදායමක් ලබාගනිමින් වගේම IMDB දර්ශකය 7.7ක් වගේ ගණනකට ඔසවමින්, ඔන්න ඊට පස්සේ තමා සල්ලි ගහ හෙලවෙන්න පටන් ගන්නේ, ගෘ ප්‍රමුඛ මිනියන්ලා නැවත එනවා ඒ 2013 දි ගෘට තම ඉරණම්කාරිව මුනගැහෙන්නෙත් මේකෙදි තමා Despicable Me 2 ලෙසින් පැමිණිය මේ සිනමා සිත්තමට IMDB 7.4ක් ලැබෙනවා ඒ විතරක් නෙමේ ඩොලර් මිලියන 980කට ආසන්න ගණනක් ආදායමක් ලබා දෙමින්, ඔන්න ඊළඟට විප්ලවයක් සිද්දවෙනවා, ඉලුමිනේෂන් තීරණය කරව ගෘ සහ මිනියන් හමුවීම උනේ කොහොමද, මිනියන්ලගේ උපත සිද්දවුනේ කොහොමද මිනියන්ලා මොන වගේ පිරිසක්ද කියල වෙනම කතාවකින් ප්‍රේක්ෂකයින්ට කියන්න ඕන කියල,

ඔන්න ඒ විදියට අපිට 2015 දි Minions කියන අපුරු සිනමා සිත්තම ලැබෙනවා, අපිට එක ලැබෙනකොට එයාලට ආදායම ඩොලර් බිලියන 1.2ක් වගේ අගයක් ලැබෙන්නේ ඉතිහාසයේ වැඩිම ආදායමක් ලබාගත් සිනමාපට අතරට මේ කහපාට විනෝදකාමින් පිරිසගේ කතාවද එක්කරමින්. හැබැයි මේ වෙනකම් අරගෙන ආව IMDB 7+ අගය මෙවර අහිමි වෙනවා, මිනියන් සිනමා පටයෙ IMDB අගය 6.6ක් වගේ වෙනවා. එයින් ලද සල්ලි කන්දත් එක්ක ඔන්න මේ විදියට අපිට ගෘ ප්‍රමුක මිනියන්ලාගේ තවත් අපුරු කතාවක් දැක බලාගන්න ලැබෙනවා. නිසැකවම හතරවැන්නක් එයි කියල හිතන්න පුළුවන්, මේ වෙනකොට Despicable Me 3 ආදායම ඩොලර් මිලියන 740කට ආසන්න ගානක් වෙනව. මේ මිනියන්ලා ගැන තව දැනගන්න ඕන නම් මිනියන් සිනමා පටය ලබාදුන්නා ලිපියේ විස්තර කරල තියනව. ඉතිං වටේ ගියා ඇති කතාවට හැරෙමු.

දුෂ්ඨක් විදියට ගමන ඇරඹි ගෘ මේ වෙනකොට සේවය කරන්නේ දුෂ්ඨ විරෝධී පෙරමුණ නොහොත් AVL සඳහා, ගෘ සමග ගෘගේ බිරිඳ ලුසිත් වැඩ කරන්නේ මේකේ, ලුසී නිසානේ ගෘ මේකට බැඳුනේ මතක ඇතිනේ. ඉතිං මෙවර ගෘ සහ ලුසිල්ට තවත් දුෂ්ඨකට මුහුණ දෙන්න වෙනවා, ලෙහෙසි වෙන්නේ නැහැ, දෙන්නටම රස්සාවත් නැති වෙනවා, ඔන්න ඔය අතරේ ගෘට දැනගන්න ලැබෙනවා ගෘ කියන්නේ නිවුන් උපතක් ලද කෙනෙක් ගෘ ගේ සහෝදරයා තවම ජිවතුන් අතර ඉන්නව කියල. ඔන්න ඉතිං ඊට පස්සේ කතාව දෙගුණයක් ආතල් වෙනවා.. ආතල් කඩන්නේ මොනාටද නෙ කතාවම කියල, ඔන්න සබ් එක ඔයාලම බලාගන්න, හැමෝටම ජයෙන් ජය, කාලෙකට කරන්න ෆිල්ම් එකක් නම් නෑ, වොකින් ඩේඩ් වලින් තමා ආයේ හම්බවෙන්න වෙන්නේ,

එතෙක් හැමෝටම ජයෙන් ජය..

Despicable Me 3 (2017)on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා යාවත්කාලීන කර ඇත.

55,831 downloadsDownload Despicable-Me-3-2017-BR.zip152 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/vima-1478.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

55,831 downloadsDownload Subtitles152 KB

112 comments

  1. Eranga Deshapriya

    Thankz Brow

  2. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  3. එල්.සී. දමැල්

    බොහොම ස්තුතියි උපසිරසට. අඩවියට සාදරෙන් පිලිගන්නවා :p නොනැවතී දිගටම උපසිරස දෙයි කියල හිතනවා.

  4. අසිත

    elama saho thanks
    bluraya awma balamu

  5. Yeshan Chanura

    Thanks bro

  6. thisal

    thudu apu gaman dala thanks puthi ;)

  7. Pradharaka Maheeshan

    කියල වැඩක් නෑ මචන් එල....
    එනකල් බලන් හිටියෙ...

  8. prabodha

    Wow. Niyamaine. Thanks bro sub ekata.....

  9. tharindu gunarathna

    thanks

  10. භාෂිත් උඩවත්ත

    thx a lot... ;)

  11. Akram

    thanx bn

  12. Poojana Udawela

    මේක ඒනකන් බලන් හිටියෙ Thank u very much

  13. poojana udawela

    aiyye plzz.. mata movie download link eka dennako

  14. සුපුන්

    මේක ඒනකන් බලන් හිටියෙ කියල වැඩක් නෑ මචන් එල….ගොඩක් ස්තුතියි

  15. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    හම්මේ..විමාගේ සබක් දැක්ක කල්..! කොහොමහරි උස්සගෙන ඇවිත් තියෙන්නේ හැම කෙනෙක්ම පට්ට ආසවෙන් බලන්න හිටඖ ෆිලුමක්. කියන්න වචන නෑ ඉතිං..BR එනකම් ඉන්නත් හිතෙනවා. කොහෙද ඉතිං! එච්චරම ඉවසීමක් නෑනේ..අද රෑට එහෙනම් ඇති වෙන්න හිනා වෙලා නිදාගන්න පුලුවන්!
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  16. සුපුන්

    Despicable Me 3 2017 720p WEBRip 650 MB - iExTV

    මේ copy එකනම් බාන්න එපා මචන්ලා මෙලෝ රහක් නෑ.video quality මදි.කාට හරි පුලුවන්ද 800mb වගේ හොද copy එකක ලින්ක් එකක් දෙන්න.

  17. lakmal

    downloadmkv.ml

    one click no ads

  18. malidu

    Bluray awama balamu....

  19. Mithun

    Thx bro ලස්සන මුවි එකක් වගෙ

  20. Mithun

    Dan nm web-dl blurry ම watana nisa godak asawan sab ganna qwa wada Great

  21. Udara Damith B/K

    ~~~~~~~~~~~~~~~~නියමයි ~~~~~~~~~~~~~~~~~~~~~
    ~~~~~~~~~~~~~~~~~එල ~~~~~~~~~~~~~~~~~~~~~~
    ``````````````````````ස්තුතියි ``````````````````````````
    @@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

    කිසිවෙකුට කාලය දීර්ග කලා නොහැක

    @@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@
    රොබට් බර්න්ස්

  22. Ravin Laksitha

    gaththa gaththa gaman baluwa...niyamai

  23. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට ස්තුතියි සහෝ
    තවත් මේ වගේම ෆට්ට ෆිලුමකින් හමු වෙමු
    #ජය වේවා....

    තව දෙයක්,
    ප්‍රනීත් සහෝ කරගෙන ආපු sense8 කතාමාලාව ඒ සහෝ කාර්‍යබහුල නම් වෙන කාට හරි දෙන්න පුලුවන්ද උපසිරැසි ලබා දෙන්න....
    දැන් හුග කාලයක් වෙනවා නැවතිලා තව කොටස් 4ක් වගේ තියෙන්නේ ඒ ගැන පොඩ්ඩක් බලන්න සහෝ ප්ලීස්....

  24. Sithum

    Thanks bro....

  25. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  26. Chami.S

    Thanks..
    Good Luck..

  27. Silent$

    Thnxxxxxxxxxxxxxx

  28. Nalin perera

    ට හුඩු.. තවත් එකක් ඇවිල්ලද යකෝ!

    එල එල ජය වේවා

  29. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  30. Janodha47

    ela bro...

  31. Kulanjana Maduranga

    niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  32. anujaya

    මේක ඒනකන් බලන් හිටියෙ...ගොඩක් ස්තුතියි

  33. Kaushan_P_Herath

    හම්මෝ සුපිරිම එකක් බස්සලා තියෙන්නෙ.සබට තෑන්ක්ස් බොක්ක

  34. Janodha47

    Ela Saho. Last Knight enne kawadda bro..?

  35. Lasantha Chandimal

    Elama....thnkzzzz machaaa...

  36. Amila Mudalige

    Sub ekta Thanks

  37. Mahesh

    Sub ekata thanx

  38. C. R. ජයලත්

    Niyamai Vima Jaya Wewa!!!!!

  39. Nchamara

    Thanks...

  40. DG

    bohoma sthuthi saho...

  41. Ashan Pabasara

    Balan hitapu film ekak

  42. Pubudu

    Ela ela.. Thanks bro.. Godak asawen balan hitiye movie eka enakal. Sub ekatath thanks..

  43. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  44. madu

    godak asawen balan hitiye.Thanks

  45. kamal

    animation = shaan

  46. haitha

    webrip ekatath support karyida sahoo.,,

  47. Anton Perera

    Thanks saho sub ekata..

  48. dasun kalahewaththa

    thank uu for the subtitle

  49. dasun kalahewaththa

    thank uu very much

  50. pasindu de silva

    spider man homecoming sub title plz

Load more comments