Watch Trailer

The Hitman’s Bodyguard (2017) with Sinhala Subtitles | කුලී ඝාතකයාගේ අංගාරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ] (18+) [50]

New York Minute (2004) නම් චිත්‍රපටියට සැකසුනු මගේ පළවෙනි සිංහල උපසිරැසිය බයිස්කෝප් අඩවියෙ පළවෙන්නෙ 2014 සැප්තැම්බර් මාසෙ 26 වැනිදා. ඒ අදට ආසන්න වශයෙන් අවුරුදු 03 කට කලින්. ඉතිං මං මගේ උපසිරැසි කරණයේ පළවෙනි කඩඉම තමයි මේ පහු කරන්නෙ. උපසිරැසි අර්ධ ශතකය. මේ උපසිරැසි 50 ම චිත්‍රපටිවලට විතරක් කරපු උපසිර…

New York Minute (2004) නම් චිත්‍රපටියට සැකසුනු මගේ පළවෙනි සිංහල උපසිරැසිය බයිස්කෝප් අඩවියෙ පළවෙන්නෙ 2014 සැප්තැම්බර් මාසෙ 26 වැනිදා. ඒ අදට ආසන්න වශයෙන් අවුරුදු 03 කට කලින්. ඉතිං මං මගේ උපසිරැසි කරණයේ පළවෙනි කඩඉම තමයි මේ පහු කරන්නෙ. උපසිරැසි අර්ධ ශතකය. මේ උපසිරැසි 50 ම චිත්‍රපටිවලට විතරක් කරපු උපසිරැසියි. ටීවී සීරීස්වල එපිසෝඩ් නැතුව චිත්‍රපටිවලින්ම විතරක් 50 ක් ගහපු අය ඉන්නෙ කීප දෙනෙක් විතරයි මං හිතන්නෙ. ඒක ලේසිපාසු දෙයක් නෙවෙයි. ඉතිං පුංචි ආඩම්බරේකුත් දැනෙනවා මේ වෙලාවෙ. මං හැම වෙලාවෙම උත්සාහ කළේ උපසිරැසිය අසංෂිප්තව ලබාදෙන්නයි. ඒ කියන්නෙ ඉංග්‍රීසි උපසිරැසියෙ තියෙන කිසිම දෙයක් අඩු නොකර සිංහලට පරිවර්ථනය කරල ලබාදෙන්න. මං හිතනවා මං සාර්ථක වුනා කියලා. ඒත් ඉතිං ඒ ගැන මට වඩා දන්නෙ ඔයාලනෙ. ඉස්සරහට සබ් කරන එක ටිකක් අඩු වෙන්නත් පුළුවන් කාර්ය බහුලත්වය නිසා. මොකද ඔෆිස් එකේ වැඩත් කරන ගමන්නෙ මේක කරන්නෙ. ඒත් බයිස්කෝප් අඩවියෙන් ඈත් වෙන්නෙ නැති බව නම් කියන්න ඕනෙ. මොකද සබ් කළා නැතා ෆිල්ම් බලන එක නවතින්නෙ නෑනෙ.

පුද්ගලිකව දැකල කථා බහ කරල නැතත් බයිස්කෝප් අඩවිය හරහා හම්බවෙච්ච සෙට් එකක් ඉන්නවා. ඉතිං මේ වෙලාවෙ එයාලවත් මතක් කරන එක යුතුකමක් කියල හිතනවා. මගේ පළවෙනි ඊමේල් පණිවුඩයට පිළිතුරු සපයන්නෙ සමීර කරුණාරත්න සහෝදරයයි. ඊට පස්සෙ වාසල, හසන්ත වික්‍රමරත්න, රොයිලි ප්‍රනාන්දු, සමීර චතුරංග, යශෝධ ශ්‍රීමාල්, ප්‍රණීත් රණසිංහ, ශාන් විමුක්ති, ආසිරි ප්‍රියන්ත, සමන් ප්‍රසාද් සහ අවසාන වශයෙන් මගේ 50 වෙනි උපසිරැසියට මගේ ඉල්ලීම අනුව මේ චිත්‍රපටිය වෙන්කරල දීපු අසංක ප්‍රදීප් රණතුංග කියන සහෝදරවරුන් සියළුදෙනාවත් මේ වෙලාවෙ ආදරෙන් මතක් කරනවා. ඒ වගේම හැම වෙලාවෙම කම්පියුටරේ එල්ලීගෙනමයි කියල නෝක්කඩු කිව්වත් මේ වැඩේට මට සහය දෙන මගේ ආදරණීය බිරිඳ හර්ෂණී චතුරිකාවත්, මගේ අම්ම තාත්තවත්, නන් අයුරින් සහය දීපු හැම දෙනාවත් විශේෂයෙන්ම මගේ සබ්වලට කමෙන්ට් කරල ධෛර්ය දීපු හැමදෙනාවත් අවසාන වශයෙන් මගේ උපසිරැසි එක්ක චිත්‍රපටි බලල රසවිඳපු හැමෝවමත් මේ වෙලාවෙ මතක් කරන්න කැමතියි.

ඉතිං ඔන්න මගේ උපසිරැසි අර්ධ ශතකය වාර්තා කරන්න ‍තෝරගත්තෙ 2017 අගෝස්තු මස 18 දින තිරගත වීම ඇරඹුනු නවතම Action, Comedy වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය දැනට IMDB වල රේටින්ග්ස් 7.1 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 118 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Patrick Hughes නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේක 2017 අගෝස්තු මස 18 දින තිරගත වීම ඇරඹුණාට අගෝස්තු 27 වෙනිදා හොඳ තත්ත්වයේ Web – Dl Copy එකක් නිකුත් වෙනවා. ඒ නිසා බලාපොරොත්තු නොවුනු වෙලාවක හදිස්සියෙන් තමා මේ සබ් එක කරන්නෙ.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ Green Lantern, R.I.P.D., The Captive සහ Deadpool වැනි සුපිරි චිත්‍රපටිවල රඟපෑ Ryan Reynolds නම් නළුවා සහ Snakes on a Plane, Iron Man 2, Captain America: The First Avenger, The Avengers, RoboCop, Kingsman: The Secret Service, Miss Peregrine’s Home for Peculiar Children සහ Kong: Skull Island වැනි සුපිරි චිත්‍රපට රැසක රඟපෑ Samuel L. Jackson නම් නළුවායි. ඊට අමතරව Elodie Yung සහ Gary Oldman ඇතුළු තවත් සුපිරි නළු නිළියන් රැසක් මෙහි රඟපානවා.

මයිකල් බ්‍රයිස් (Ryan Reynolds) කියන්නෙ පෞද්ගලික අංගාරක්ෂයෙක් අපි බොඩි ගාඩ් කියල සිංහලෙන් කියන්නෙ. ඉතින් මෙයාට පැවරෙනවා දරුණු කුලී ඝාතකයෙක් වන ඩාරියස් කින්කේඩ්ව (Samuel L. Jackson) හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙ තියෙන නඩුවක සාක්ෂි දෙන්න එක්කන් යන්න. ඒත් ඒකට බාධා ගොඩක් එල්ල වෙනවා. ඒ ඇයි? අන්තිමට එයාලට ඒ බාධා ජය අරගෙන අධිකරණයට යන්න ලැබෙයිද? ඒක දැනගන්න නම් කරන්න ඕනෙ දේ ඔයාල දන්නවා.

මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා. අඩුම ගානෙ VOTE එකක්වත් දාගෙන යනව නම් හොඳයි. මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු.

එතෙක් ආයුබෝවන්….!

The Hitman's Bodyguard (2017) on IMDb

 

 


Due to copyright issues, we do not provide any torrent links.


The Hitman’s Bodyguard (2017) 720p HEVC- Team x265

The.Hitmans.Bodyguard.2017.720p.BluRay.X264-AMIABLE

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

57,488 downloadsDownload The-Hitmans-Bodyguard-2017.zip121 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

57,488 downloadsDownload Subtitles121 KB

172 comments

  1. kavi

    thenks bro sub ekata

  2. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ්එකට. සුපිරිම ඩබලක් ඉන්නෙ. Samuel l jackson ගෙ ඇක්ටින් සුපිරිම සුපිරි. ගොඩාක් පිං.

  3. prabodha

    Thank bro sub ekata. Film eka download karala tibunee..

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  5. නිරෝෂ්

    ස්තුතියි විජිත සහෝ.ජයවේවා !

  6. Udara Damith B/K

    50 ට සුබ පතනවා
    ඉදිරියටම යන්
    ස්තුතියි

  7. PASINDU

    FILM EKA DOWNLOAD KARANNA LINK EKA PLZ

  8. PASI

    LINK EKA ONE FILM EKA DOWNLOAD KRNNA PLZZZ

  9. AKKL

    supiri wadak

  10. Charuka Lakshitha

    50 වන උපසිරැසියට සුබ පතනවා...
    100 වන උපසිරැසිය අරන් ඉක්මනටම එන්න...

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  11. chinthaka

    ala bro tanx

  12. අසිත

    elama saho thanks
    ikamnata 100 k ona
    jaya wewa..!!!

  13. මධුකප්‍රිය පෙරේරා

    50වන උපසිරසියට සුබ පැතුම් සහෝ..
    නොනැවතී දිගටම වැඩේ කරගෙන යමු..
    ඔබට ජයෙන් ජයම වේවා!

  14. Ishan

    Sub ekata thanx saho.. century ekath ikmanatama gahanna lebewa kiyala wish karanawa.

  15. Sahanga

    Ela saho

  16. ut

    thank you

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. Pradharaka Maheeshan

    සුපිරියක් වෙන්න ඕන...
    50 වෙනි උපසිරැසියට සුබ පතනවා
    ඉක්මනට 100 ගහමු සහෝ.....

  19. Sandheep

    සුපිරිම සහො... ඔබට ජය ...

  20. දිල්ශාන් සචින්ත

    නියමයි සහෝ.. ලස්සන චිත්‍රපටියකින් පලවෙනි කඩයිම පහුකරලා නොවැ මෙතනින් නොනැවති ඉදිරියට යමු. ජය

  21. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    50වෙනි කඩඉමට හදවතින්ම සුබ පැතුම් සහෝ..අර කිවුවත් වගේ ෆිල්ම් වලට විතරක් සබ් 50ක් කරනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි! ඒ වගේම ගොඩක් වටින වැඩක්..! මේ ෆිලුමත් එනකම් මග බලාගෙන හිටපු එකක්. අපේ වෙලාවට ඉක්මනටම හොද පිටපතකුත් අවා,සබ් එකත් ආවා.. ජිවිතේ හැම වැඩ කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ..! බොහොම පිං මේ කරන සේවයට!
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  22. lakmal

    direct link
    no ads one click only

    downloadmkv.ml

  23. Krishan Madusanka

    බුදුසරණයි thanks

  24. Buddi

    Thanks..........

  25. isuruHikka

    Elama denakan balan hitiye aiye thnx

  26. Kapila

    Patta aaaaa.go forword

  27. Samitha

    Thnkzzz mchn

  28. Thushan Madusanka

    බොහොමත්ම ස්තූතියි සහෝ

  29. Hemal

    Thank you kollo. Jaya wewa!!

  30. ඉෂාන් මදුෂ

    නියමයි සහෝ.50 උපසිරැසියට සුබපැතුම්.බොහොම ස්තූතියි

  31. Sasindu

    ස්තුතියි මචං.දවස් 4ක් බලන් හිටියා කොපිය හම්බෙලා උබලා සබ් එක කරනකන්.උබලට ජයෙන් ජයම වෙලා ඉස්සරහට යන්න කියලා සුබපතනවා...

  32. Mithun

    කියන්න වචන නැ සුපිරි සහෝ
    මාත් මෙක එනකල් උන්නෙ බ්ලුරෙ ආපුමත් උපසිරැසි අප්ඩෙට් එකක් දෙමු
    ඔබට ජය්....

  33. asitha

    thank you bro, goodluck.

  34. Shenin Perera

    Thanks saho

  35. Jack

    නියමයි මචෝ.....
    50 වෙනි කඩයිමට මගෙනුත් සුබ පැතුම්...
    දිගටම වැඩේ කරගෙන යමු...
    බොහෝම ස්තුතියි සබ් එකට..
    ජයෙන් ජය...

  36. daminda

    thanks bro sabata

  37. Rasitha Nalin

    Thank you..................

  38. devinda

    ty bn...gdk pin....

  39. Sajith Anthony

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම් සහෝ..!!!
    බොහෝම ස්තුතියි සබ් එකට,
    ජයෙන් ජයම වේවා...!!

  40. Kulanjana Maduranga

    welldone….Hat off Respect Bro….Great work & Lot of thanks VIJITHA saho.wish u’r great future…..

  41. anujaya

    ස්තුතියි විජිත සහෝ.ජයවේවා !

  42. Kaushan_P_Herath

    දෙනකන් බලන් හිටියේ සහෝ,සබට තෑන්ක්ස්

  43. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. අර්ධ ශතකයට උණුසුම් සුභපැතුම්... ජය වේවා....

  44. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  45. Ashen ravisanka

    එලම සහොදරයා . ගොඩ කාලෙක ඉදන් බලන් හිටපු ෆිලුමක්
    කොමෙන්ටුව දාන කොටත් ෆිලුම බලල නැ ... සබ ගැන ශුවර් හින්ද දාන්න හිතුන කොමෙන්ටුවක්
    ජය වේවා අයියා .....................................

  46. Rajitha

    Thank you bro.......digatama yamu.......jayawewa......!

  47. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  48. Bobby

    Thank you very much Vijitha

  49. DG

    bohoma sthuthi saho...

  50. Wijitha

    Me sub eka ganna try karala ude idan "Page not found" kiyala apu kenek innawanam comment ekak danna.

    1. අසංක ප්‍රදීප් රණතුංග

      නිකමට වත් සබ් ලින්ක් එක කොපි කරලා අරගෙන තිබේ නම් ඒක එන්න පුළුවන් ඕන කෙනෙක්ට, බයිස්කෝප් වෙබ් අඩවියට සබ් දෙන අයගේ මහන්සිය වටිනාකම තේරෙන හින්දා වෙබ් අඩවියට දැම්ම ආරක්ෂක උපක්‍රමයක් ඒක. නැත්නම් වෙබ් අඩවියෙන් සබ් ලින්ක් එක කොපි කරලා තම තමන්ගේ බ්ලොග් වල දාගන්නවා කට්ටිය. ප්‍රයිවට් ෂෙයාර් කරනවා. එතකොට සබ් එක දුන්න කෙනාට ඩවුන්ලෝඩ් කවුන්ට් එක වත් විව් වත් නැ.

      එහෙම දුන්න කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ හිස්ට්‍රි ක්ලියර් කරගෙන ආපහු විව් කරා නම් හරි. ඒ වගේම ආපහු ඒ වැඩේ නොකර ඉන්නත් ඕන. විජිතට අපි මේක මේල් එකකින් කිව්වා. අපිව විස්වාස නැති හින්ද වෙන්න ඇති මේ ඩබල් චෙක් කරන්නේ.

    2. Wijitha

      මං ඔය කියන විදිහට හිස්ට්‍රි ක්ලියර් කළෙත් නෑ. වෙන දෙයක් කළෙත් නෑ. ඒත් ඔයාලට ඊමේල් එවලා ටික වෙලාවකින් නිකන්ම හරිගියා. ඒක මට විතරක් වෙච්ච එකක්ද කියල දැනගන්නයි මේක දැම්මෙ. අනිත් එක අද සෙනසුරාදා 9.15 a.m. වලින් පස්සෙ එක කමෙන්ට් එකක්වත් නැති වුන නිසයි මේක දාන්න වැඩියෙන්ම හේතු වුනේ. ඔයාලව අවිශ්වාස කිරීමක් එතන නැහැ. ඕන කෙනෙකුට වරදින්න පුළුවන්නෙ ඒකයි.

Load more comments