ආයුබෝවන්! මතක ඇතිනෙ මේ අද දීලා තියෙන චිත්‍රපටියෙ පළවෙනි චිත්‍රපටිය ”detective k secret of the virtuous widow”. ඉතින් අද උපසැරසියඅරගෙන ආවේ ඒකෙ දෙවනි චිත්‍රපටියට. ඒත් මේක පළවෙනි චිත්‍රපටියත් එක්ක සම්බන්ධයක් නෑ. ඒ නිසා ඒක බැලුවෙ නෑ කියලා කිසිම ගැටලුවක් මතුවෙන්නෙ නෑ. මේ චිත්‍රපටිය ගැන කිව්වොත් 2015 පෙබ…

ආයුබෝවන්! මතක ඇතිනෙ මේ අද දීලා තියෙන චිත්‍රපටියෙ පළවෙනි චිත්‍රපටිය ”detective k secret of the virtuous widow”. ඉතින් අද උපසැරසියඅරගෙන ආවේ ඒකෙ දෙවනි චිත්‍රපටියට. ඒත් මේක පළවෙනි චිත්‍රපටියත් එක්ක සම්බන්ධයක් නෑ. ඒ නිසා ඒක බැලුවෙ නෑ කියලා කිසිම ගැටලුවක් මතුවෙන්නෙ නෑ. මේ චිත්‍රපටිය ගැන කිව්වොත් 2015 පෙබරවාරි 11 තමයි තිරගත වීම ආරම්භකරල තියෙන්නෙ. ඇමරිකානු ඩොලර් මිලියන 27.8ක් උපයගෙන තියෙන මේ චිත්‍රපටිය drama/history/commedy ගණයට අයත් වෙනවා වගේම imdb 6.4 ක වගේ හොඳ අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. පළවෙනි චිත්‍රපටියටත් වැඩිය හොඳ මට්ටමේ තියෙන මේ චිත්‍රපටිය තාක්ෂණයඅතින් වගේම හාස්‍ය අතිනුත් ඉහළ මට්ටමක තියෙනවා. හරි ඉතින් වැඩි කතා නැතුව කතාව ගැන ටිකක් කියන්නම්.
කලින් කතාවෙ වගේම මේකෙත් ජොසොන් වල පළවෙනි රහස් පරීක්ෂකට ඉන්නෙත් කිම් මින්(Kim Myung-min)වංශාධිපතිම තමයි. ඒ වගේමමෙයාගෙ සහයට ඉන්නෙ සො-පිල්(Oh Dal-su). කතාව පටන් ගද්දිම මෙයාලා එක පරීක්ෂණයක් විසදනවා. ඒ තමයි ජොසොන් වල හොර රිදීනිෂ්පාදනය කරන මැර කල්ලියකට හොරෙන් රිංගලා මේ හොර රිදී හදන සූත්‍රෙ එහෙම නැත්තන් වට්ටෝරුව අරගැනීම සහ ඒ කල්ලිය හිර භාරයටගන්න එක. එහෙම කොහොම හරි හොර රිදී හැදිල්ල නැවතිලා යනවා.
ඊට හය මාසෙකට පස්සෙ මොකක් හරි හේතුවක් හින්දා මේ රහස් පරීක්ෂක වංශාධිපතිව රටෙන් පිටුවහල් කරල දාලා, දූපතකට වෙලා තමයි ඉන්නෙ. ඉතින් ඔහොම ඉද්දි මේ සො-පිල්. එනවා රහස් පරීක්ෂකව හම්බෙන්න. එයා එන්නෙ ජොසොන් වල ආයෙමත් හොර රිදී ජාවාරම වෙනපණිවිඩෙත් අරගෙන. ඔය අතරෙම මේ දූපතට පොඩි වහල් ගෑණු ළමයෙක් එනවා.එයාගෙ නංගිව අතුරුදහන් වෙලා. රහස් පරීක්ෂක කෙනෙක් දූපතේඉන්න බව දැනගෙන එයාගෙන් උදව් ඉල්ලන්න තමයි මුහුදෙන් පීනලා මෙයා එන්නෙ. ඒත් මේ පරීක්ෂකතුමා කියනව උදව් කරන්න බෑ කියලා. මොකද එයත් දූවෙ හිරවුණ හිරකාරයෙක් නිසා. ඒත් මේ වහල් කෙල්ල දිගටම එනවා. කොහොම හරි දවසක් මෙයාට බැනල එලවගත්තට පස්සෙ ආයෙ ආවෙම නෑ.
රහස් පරීක්ෂකයි සගයයි මේ අතරෙම දූවෙන් පැනල යනවා හොර රිදී ජාවාරම ගැන හොයන්න. ඒ අස්සෙම මේ දෙන්න පස්සෙන් අර කලින් හිරේටදාපු මැර කල්ලිය පන්නනවා. මෙයාල නැව් තොටුපලට එන ජපනුන් ගැන විමර්ශනය කරද්දි මේ ජපනුන් නිතරම නාට්‍යාංගනා නිවසට යන බව දැන ගෙන එහාට යනවා. එතන ඉන්නවා නාටිකාංගනාවක් ජපානෙන් ආපු. මේ කෙල්ලගෙ අමුතු හැසිරීම නිසා ප්‍රධාන සැකකාරි වෙන්නෙ එයාවයි. ඒ වුණාට අපේ පරීක්ෂකට ඒ කෙල්ල ගැන මෙව්ව එකකුත් තියෙනවා පොඩියට.
ඔය අතරම එක ජපන් නැවක් පෙරලිලා විනාශ වෙලා ගහගෙන එනවා. මේ නැව සාමාන්යෙන් රෙදි සහ කුළුබඩු තමයි අරන් යන්නෙ. ඒත් මේ නැවේතිබිලා පොඩි පොඩි ගෑණු ළමයිගෙ මිනී සෑහෙන ප්‍රමාණයක් ගොඩට ගහගෙන එනවා. ඊට කලිනුත් විටින් විට පොඩි ගෑණු ළමයින්ගෙ මිනී මුහුදෙ පාවෙලා ඇවිත් තිබුණා. ගමේ මිනිස්සු කියන විදියට නැව මූදුබත් වෙලා තියෙන්නෙ ”මකර රාජ දූව” කියන දූපත නිසාලු. මේ දූපත අවට තියෙන්නෙ සැර දියවැල් කියල කටකතා තියෙන නිසා කිසි කෙනෙක් ඒ දූපත පැත්තටවත් යන්නෙ නැහැලු. කටකතා තිබුණට මේක බොරුවක් කියලා අපේ පරීක්ෂකතුමා හොයා ගන්නවා. ඉතින් මේ දූවට ගිහින් බැලුවම හුඟක් හොර රිදී ජාවාරම ගැන වගේම මේ ළමයි මැරෙන, අතුරුදහන් වෙන එකටත් හේතුව පැහැදිලි වෙනවා.
නොකියපු දේවල් තව එමටයි. ඒත් මං කියන්නෙ නෑ… කලින් කතාවෙ වගේ මේ සගයයි රහස් පරීක්ෂකයි සාර්ථක විදියට පරීක්ෂණය විසඳයිද? මේ දෙන්නට මූණ දෙන්න වෙන ප්‍රශ්න මොනවද? නාට්‍යාංගනාව කවුද? දූපතේ අභිරහස මොකක්ද කියල බලන්න. ප්‍රතිචාර දක්වන්නත් අමතක කරන්න එපා. තවත් කෙනෙක්ට බලන්න ශෙයාර් කරන්න. තවත් කතාවක් අරගෙන එනකල් අදට ගිහින් එන්නම්. මම චාමල් කැලුම් අතපත්තු.
බුදු සරණයි!
ගැළපෙන පිටපත්
Detective.K.Secret.of.the.Lost.Island.2015.BluRay.720p.DTS.x264-EPiC
Detective.K.Secret.of.the.Lost.Island.2015.BluRay.1080p.DTS-HDMA.5.1.x264-EPiC
Detective.K.Secret.of.the.Lost.Island.2015.BluRay.720p.x264.Ganool.Video
Detective.K.Secret.of.the.Lost.Island.2015.BluRay.1080p.x264.Ganool.Video
Detective.K.Secret.of.the.Lost.Island.2015.BluRay.1080p.DTS.x264-CHD
Detective.K.Secret.of.the.Lost.Island.2015.BluRay.720p.DTS.x264-CHD
Detective.K.Secret.of.the.Lost.Island.2015.BluRay.720p.DTS.x264-WiKi
Detective.K.Secret.of.the.Lost.Island.2015.BluRay.1080p.DTS.x264-WiKi
Detective.K.Secret.of.the.Lost.Island.2015.720p.BRRip.MkvCage
Detective.K.Secret.of.the.Lost.Island.2015.720p.BluRay.x264.ShAaNiG
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,106 downloadsDownload Detective.K.Secret.of_.the_.Lost_.Island.2015.Baiscopelk.com_.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
24 comments
chamalkalum
Thilina weerasinghe
Thanks for the Sub Machan......
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ.
ජය වේවා!Jay Sri
Niymai kollooo meka mn beluwa eng sub ekka eeth kisi gthyak naa aaye blnva eknma thanks sub ekta wish u the best
chamalkalum
Elazz
Chami.S
Thanks..
Kulanjana Maduranga
niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
ස්තුතියි
ස්තුතියි
ස්තුතියි
ස්තුතියි
ස්තුතියිchamalkalum
Ur welcome
Ur welcome
Ur welcome
Madhawa
Thanx Saho................
Dish
tnx saho
Gamunu
තරහ වෙන්න එපා මෙහම කියනවට SUBTITLE දැම්මට වැඩක් නැ ප්‍රින්ට් එක DAWNLORD කරන්න යනකොට සමහර site වල 4.8GB වගේ FILE තියන්නේ මට එපා වෙනනවා DATA ප්‍රශ්නේ කව්රුහරි 800MB වගේ COPY EKAKA LINK EKAK DENNA
chamalkalum
තරහ නැතුව මගෙ fb එකට msg 1 දානවද?ලින්ක් එක එවන්නම්.නැත්තන් fb බයිස්කෝප් පිටුවෙ මේ film එකේ පෝස්ට් එකට direct ලින්ක් එක දාන්නම්.ගිහින් ගන්න.එල.
Pasidu
Oyawa kohmda fb 1n contact kara ganne????mtath film 1 torrent file 1 hari direct download link 1 hari one..
shehan
me film eke torrent hari direct link ekak hari 720p 1gb ekata adu ekak tiyei nam dennako saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ටිකිරී
maru film eka baanawa aniva ස්තුත්යි මචෝ ...direct ලින්ක් ekak සෙට් උනා 501.mb.....මෙතැන දාන්න බෑ නේද .ඕන උන් ඉන්නවනම් fb කොටපන් .ti ki ri
chamalkalum
එලස් මචන්
Udara Damith B/K
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Sasanka Sathyajith
Thanks for the sub
Ravindra
Thanks
Krishani
Thank you ️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මෙය ඇනිමේශන් හෝ 18+ චිත්‍රපටියක් නොවන බව කරුණාවෙන් සලකන්න.