Watch Trailer

Pride & Prejudice (2005) with Sinhala subtitles | ආදරයට දෙවෙනි වූ අභිමානය [සිංහල උපසිරැසි සමඟ]

ඔයාල හැමෝම බලලා ඇතිනේ a walk to remember, notebook, dear john වගේ සුපිරි ආදර කතා. ඒ වගේම සුපිරි ආදර කතාවක් තමා pride and prejudice කියන්නේ. ආදර කතා වලට ආදරේ කරන හැමෝම නැරබිය යුතුම ෆිල්ම් එකක් කියල මම නිර්දේශ කරනවා. මේ ෆිල්ම් එක jane austen ගේ pride and prejudice(1813) කියන නවකතාව ආශ්‍රයෙන් තමා හදල…

Pride & Prejudice (2005)

ඔයාල හැමෝම බලලා ඇතිනේ a walk to remember, notebook, dear john වගේ සුපිරි ආදර කතා. ඒ වගේම සුපිරි ආදර කතාවක් තමා pride and prejudice කියන්නේ. ආදර කතා වලට ආදරේ කරන හැමෝම නැරබිය යුතුම ෆිල්ම් එකක් කියල මම නිර්දේශ කරනවා.

මේ ෆිල්ම් එක  jane austen  ගේ  pride and prejudice(1813) කියන නවකතාව ආශ්‍රයෙන් තමා හදල තියෙන්නේ. ඒ පොතට ෆිල්ම් එක උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියල කියන්න පුළුවන්. මිලියන 20කට වඩා පිටපත් ගානක් අලෙවි උන ලස්සනම් ලස්සන පොතක් ඒක. ඔයාලම හිතාගන්නකෝ ෆිල්ම් එක කොහොම ඇතිද කියල එතකොට.

මේ ෆිල්ම් එක joe wright තමා අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. ප්‍රධාන චරිතයට පණ පොවන්නේ keira knightley. ඔයාලට මතක ඇතිනේ the imitation game, pirates of the carribean, king arthur ෆිල්ම් වල දැකපු ලස්සන කෙල්ල. එයාගේ දක්ෂ රංගනය ඇතුළුව තවත් සම්මාන 4කට 2006 දි මේ ෆිල්ම් එක නිර්දේශ වෙනවා ඔස්කාර් සම්මානයට. චිත්‍රපටිය රූපගත කරලා තියෙන්නේ බොහොම ලස්සන පරිසරයක. ඒකත් මේ ෆිල්ම් එකේ විශේෂ දෙයක්. ගොඩක් ලස්සන දර්ශන ඇතුලත් වෙනවා. මතකනේ sound of music වල පසුතල වල තිබුන ලස්සන, ඒ තරම් නැතත් මේ ෆිල්ම් එකටත් භාවිතා කරලා තියෙන ලස්සන පරිසරය ලොකු වටිනාකමක් එකතු කරනවා. සංගීතයත් එහෙම තමා. ෆිල්ම් එක පුරාම ලස්සනට ගලාගෙන යනවා. imdb 7.8 අගයක් තියෙන මේ ෆිල්ම් එක විනාඩි 127 පුරා දිවෙනවා. ඒ මුළු කතා කාලය පුරාම කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් බලන් ඉන්න පුළුවන් ෆිල්ම් එකක් තමා මේක. එලිසබෙත් බෙනට් කියන ලස්සන ගෑනු ළමයා වටේට තමයි මේ කතාව ගෙතෙන්නෙ. මම ෆිල්ම් එක ගැන කිසි දෙයක් කියන් නැ. ඔයාලම බලන්නකෝ. කාලෙකින් බලපු සුපිරිම ෆිල්ම් එකක් වෙනවා මේක.

මේක මගේ පලවෙනි උපසිරසි ගැන්වීම. ඒ නිසා ගොඩක් වැරදි ඇති, මම ගොඩක් උත්සහ කරා ඔයාලගේ රසවින්දනයට හානියක් නොවෙන්න සබ් එක හදන්න. ඒත් වැරදි ඇති ගොඩක්, ඒකට සමාවෙන්න.

 

Pride & Prejudice (2005) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Pride.and.Prejudice.2005.720p.BluRay.x264-NeZu

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,214 downloadsDownload Pride.and_.Prejudice.2005.Baiscopelk.com_.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පියුමාල් දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,214 downloadsDownload Subtitles56 KB

38 comments

  1. Dulanga

    Thanks

  2. අසිත

    ෂා...පට්ට සහෝ මග හැරුන ලස්සන ෆිල්ම් එකක්
    ජය වේවා!!!

  3. නිර්මාණී විජේසිංහ

    මගෙ කැමතිම පොතක් සහ කැමතිම චිත්‍රපටියක්. මේ වෙද්දි පොතයි ෆිල්ම් එකයි දෙකම දහ පාරකට වඩා කියවලා බලලා තියනවා. බොහොම ස්තූතියි උපසිරසියට. ආය වතාවක් උපසිරසි එක්කම බලන්නම්කො. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කොප් අඩවියට. දිගටම උපසිරසි කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය.....

  4. Kulanjana Maduranga

    lassana film 1k...G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks PIYUMAL saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  5. KAVINDA GAMAGE

    බොහොම ස්තූතියි උපසිරසියට

  6. sashika pramith

    Thank you, Good luck...

  7. Kushan Hasaranga

    fattai bro .elama

  8. subhashana

    Pattai bro sub eka. Thanks aa.

  9. Nuwan

    Wow..
    What a nice film and your subtitle well macthed.
    Give us more subs...
    Good luck for ur future...

  10. Sajith Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ
    ජයෙන් ජයම වේවා...!!

    1. පියුමාල්

      බොහොම ස්තුතියි

  11. tharindu gunarathna

    thanks

  12. nuwan

    me wagema sub ekakin set wemu..jaya wewa..

  13. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  14. දමිත්

    සුබ පැතුම් සහෝ..
    ස්තුතියි උපසිරැසියට..
    ජයෙන් ජය

  15. Chalana Rukshan

    thnx bro...

  16. වජිර රත්නායක

    සුබ පැතුම්. හොඳ නිර්මාණයක් පළමුවෙනි උපසිරැසිය සඳහා තෝරාගෙන තිපබන්නේ. ජේන් ඔස්ටින් නම් බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවගේ විශිෂ්ට නවකතාවක් "Pride & Prejudice" කියන්නේ. රාණි සේනාරත්න රාජපක්ෂ මහත්මිය මේ නවකතාව "අභිමානය සහ අගතිය" යන නමින් යුතුව සිංහලට පරිවර්තනය කරලා තිබෙනවා. මම කීපවරක් ම කියවපු ඉතාමත් ම රසවත් නවකතාවක්. ඔබ ලබා දී ඇති චිත්‍රපටය නම් මම බලලා නෑ. නමුත් උසස් නිර්මාණයක් වෙන්න ඇති කියලා බලාපොරොත්තු වෙනවා. උපසිරැසියට ස්තූතියි.

    1. පියුමාල්

      ස්තුතියි සහෝ.මාත් කැමතිම නවල් එකක්.ඇත්තම කියනවා නම් ෆිල්ම් එකට වඩා නවල් එක හොදයි.

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Dasitha147

    bohoma sthuthie saho upasirasiyata. jaya

  19. Anu

    Lassanama lassanai.thanks godaaaaak sub ekata

  20. Sam Fisher

    old film walata wagema tv shows walatath sub danna ko.
    thank you bro for keira knightley film

  21. Yasas

    Well done brother, nice work. I have the moview. But still not yet watched. However I hope watch this movie with your subtitles.thanks

  22. chinthaka

    thank u very much bro....

  23. LSM HUSKAA

    ස්තුතියි උපසිරැසියට..ජයෙන් ජය

  24. iresha

    thank you very much

  25. Prageeth Gaya

    film eka patta
    sub eka ela bro

  26. Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා

  27. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා... ජයෙන් ජයම..!!!

  28. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  29. MAALnath

    Thanks ...............good luck ..................

  30. Bruce

    Thans saho sub ekata,. Jayawewa,.

  31. sasanka

    thanks for the sub

  32. Nilush Angana

    Sub ekata thanx

  33. ශශී ඩී.ජාගොඩ

    සබ් එක ඩවුන්ලෝඩ් කරන්න ආවේ පොත බාගෙට කියවන ගමන්
    බොහොම ස්තුතියි

  34. Dineth K

    ස්තූතිය සබ් එකට

  35. Ravindu Heshan - Admin

    මේක හදලා තියෙන්නේ සහෝ

  36. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් මචං

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.