Watch Trailer

Iyobinte Pusthakam (2014) with Sinhala Subtitles | වයසත් සමඟ නිවැරදි දේ තේරුම් නොගතහොත් කිසිදා වයසත් සමඟ මුහුකුරා නොයයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අදත් ඔයාලව බලන්න ආවේ සුපිරිම මලයාලම් ෆිල්ම් එකක්ම අරගන තමයි. මේක මගේ හතරවන උපසිරැසිය. අද මම තෝරගත්තු ෆිල්ම් එක 2014 වර්ෂයේ ප්‍රදර්ශනය වූ Iyobinte Pusthakam කියන ෆිල්ම් එක. ටිකක් පරණයි තමයි. එහෙමයි කියලා නොබලා යන්නෙපා, මොකද මේක සුපිරිම ෆිල්ම් එකක්. ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වෙල…

Iyobinte Pusthakam 2014

ඔන්න යාලුවනේ මම අදත් ඔයාලව බලන්න ආවේ සුපිරිම මලයාලම් ෆිල්ම් එකක්ම අරගන තමයි. මේක මගේ හතරවන උපසිරැසිය. අද මම තෝරගත්තු ෆිල්ම් එක 2014 වර්ෂයේ ප්‍රදර්ශනය වූ Iyobinte Pusthakam කියන ෆිල්ම් එක. ටිකක් පරණයි තමයි. එහෙමයි කියලා නොබලා යන්නෙපා, මොකද මේක සුපිරිම ෆිල්ම් එකක්. ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වෙලා තියෙන්නේ Fahad Fazil. මෙයා කවුද කියලා දන්නේ නැත්තම්  Bangalore Days(2014) කියන ෆිල්ම් එක බැලුවා නම් ඔයාලට දැන ගන්න පුළුවන්. මෙයාගේ ලස්සන ෆිල්ම් ගොඩක් තියනවා. ඒත් ඉතින් අවාසනාව කියන්නේ ඒවාට සිංහල උපසිරසි නෑ. ඊට අමතරව Lal,Jayasurya වගේ මලයාලම් සිනමාවේ ප්‍රසිද්ද චරිත රාශියක් මේ ෆිල්ම් එකේ දැකගන්න පුළුවන්.

ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කතා කරනවා නම් IMDB අගය 7.6/10 ක් ලබාගන තියනවා. ෆිල්ම් එක අයත් වෙන්නේ Action Drama කාණ්ඩයට. අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ Amal Neerad විසින්. කතාව පටන් ගන්නේ ඉන්දියාව නිදහස ලබාගන්න පෙර කාලයෙන්, ඒ කියන්නේ සුද්දගේ පාලන කාලෙන් තමයි. හැරිසන් කියන ඉංග්‍රීසි ජාතික තේ වැවිලිකරුවෙක් කේරල වල දුප්පත් කම්කරුවෙක් තමන්ගේ ප්‍රධාන සේවකයා කරගන ක්‍රිස්තියානි ආගමට හරවගන තමන්ගේ ලගින්ම තියාගන්නවා. සේවකයා නමින් ඉයෝබ්. කල් යනකොට හැරිසන් මලයාලි කාන්තාවක් (කලලි) විවාහ කරගන්නවා. හැරිසන්ගේ මරණෙන් පසු ඔහු සියලු දේපොළ කලලිට පවරා දෙනවා. නමුත් ඉයෝබ් ඒ දේ සියලු දෙනාගෙන්ම සඟවා ඔහු ඒ දේපොළ ලබාගන්නවා. කලලිව ගෙදරින් එලියට දානවා. ඉයෝබ්ට පුතාල තුනක් ඉන්නවා. අයිවන්, දිමිත්‍රි සහ ඇලෝෂි. ඇලෝෂි තමයි තුන්වන පුතා. මෙයා පොඩි කාලෙම ගෙදරින් පැනලා යනවා. ඒ අයියලා දෙන්නගේ අසාධාරනකම් දරාගන්නම බැරුව. පසුකාලීනව නැවතත් ඇලෝෂි තමන්ගේ ගෙදර එනවා. ඊට පස්සේ තමයි ගොඩක් දේවල් වෙන්නේ. ඔය කිව්ව සිද්දි අතරතුර තව ගොඩක් සිද්දි තියනවා. ඔක්කොම කියන්න අමාරුයි. ඔයාලම අරගන බලාගන්න. හොඳ කුතුහලය පිරුණු කතාවක් කියලා කියන්න පුළුවන්.

පුංචි දෙයක් මතක් කරන්න ඕන. මම මුලින්ම සබ් කරන ලද Ennu Ninte Moideen(2015) ෆිල්ම් එකේ බාගත කර ඇති ප්‍රමාණය දැක්කම ගොඩක් දුක හිතෙනවා. ඒ වගේ කතාවකට ඊට වඩා ඩව්න්ලෝඩ් ප්‍රමාණයක් ලැබෙන්න ඕන කියලයි මට නම් හිතෙන්නේ. හැබැයි බොහොම සුළු ප්‍රමාණයක් තමයි ලිපිය බලලා තියෙන්නේ. ඒ නිසා ඒ ෆිල්ම් එක නොබලපු කෙනෙක් ඉන්නවා නම් ලිපිය කියවලා  ඩව්න්ලෝඩ් කරගන බලන්න කියලා ආරාධනා කරනවා.  ඉංග්‍රීසි ෆිල්ම් බලන ගොඩක් අය ඉන්දියානු ෆිල්ම් බලන්නේ ගොඩක් අඩුවෙන් තමයි. නමුත් ඉන්දියානු ෆිල්ම් බලන කෙනෙක් නම් මේක අනිවා බලන්න වටින එකක් කියලයි මට නම් හිතෙන්නේ. ගොඩක් අය තෙලිඟු, දමිල ෆිල්ම් සඳහා උපසිරැසි ඉල්ලුවා. තෙලිඟු , දමිල  සඳහා සබ් කරන්න ගොඩක් අය ඉන්නවනේ. නමුත් මලයාලම් ෆිල්ම් වලට සබ් කරන්නේ කට්ටිය අඩුවෙන්.  ඒ නිසයි මම මලයාලම් ෆිල්ම් වලටම සබ් කරන්න තීරණේ කලේ. තෙලිඟු , දමිල ෆිල්ම් රසවතුන්ටත් මලයාලම් ෆිල්ම් බලන්න ආරාධනා කරනවා.

තවත් උපසිරසියකින් හමුවෙමු. ඔබට ජය වේවා…!

 

Iyobinte Pusthakam (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Iyobinte Pusthakam (2014) Malayalam 950MB 720p DVDRip 5.1 ESubs x264 Team DDH~RG

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,121 downloadsDownload Iyobinte.Pusthakam.2014.Baiscopelk.com_.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPD” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

SPD

Subtitles

1,121 downloadsDownload Subtitles28 KB

30 comments

  1. Hasitha madhushan

    Thank you so much for the subtitle...
    Keep it up bro...

  2. lahiru

    thanx macho sub walata...
    Ennu Ninte Moideen(2015) mekat balanna one..

  3. Mayura

    නියමයි මචන්, උඹේ ෆිල්ම් එකක් එනකම් බලාගෙන හිටියේ. මලයාලම් ඒවටම සබ් දෙන්න තීරණේ කරපු එක නම් ලොකු දෙයක්. හැමෝම කරන්නේ ජනප්‍රිය ඒවා පස්සෙන් යන එකනේ. එහෙනම් තවත් එකක් එනකම් බලන් ඉන්නවා. ජය

    1. SPD

      තැන්ක්ස් මචං. සබක් කරන එකෙන් ලැබෙන එකම සතුට ඉතින් ඔයාලගේ කොමෙන්ටුව තමයි සහෝ. නිදහසක් ලැබුනම සබක් කරනවා. තවත් එකකින් හමුවෙමු. ජයවේවා...!!

  4. Chami.S

    Thanks..
    Good Luck..

  5. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  6. sandun

    machan nivin pauly ge film walata puluwannam sub denna balapanko.
    thanx

    1. SPD

      nivin paulyge film godakata sub thiyanawa machan ehema nathi ekak thiyanawa nam comment karanna. karanna balannam..

  7. eranga

    Mekey hash tag hoyal diyala ban downlord karaganna

    1. SPD

      8ADE4031B68CB1BCD1FAF0998276B7B1E9785A19

    2. emn

      tx

  8. Kulanjana Maduranga

    niayamai…malayalam films nm aniwa balanawa..thanks SPD saho..sub ekata..thawa malayalm films denn.jaya wewa……

    1. Kulanjana Maduranga

      SPD saho puluwan nm me malayalm films walatath sub denn....
      1.Anarkali 2015
      2.Bhaskar the Rascal 2015
      3.Two Countries 2015
      4.Angry Babies in Love 2014
      5.Thoppil Joppan 2016
      6.Acha Dhin 2015
      7.Utopiayile Rajavu 2015

    2. SPD

      balamu saho... okkoma nam beri wei honde. free time adui saho.

    3. Kulanjana Maduranga

      kk.saho free welawak thibunoth try 1k denna.

  9. Kalum Gunasekara

    ඔයා කියපු විදයට ලිපිය නම් බැලුවා. ඒත් ඒකේ කතාව ගැන මොනාත් කියලා නැහැනේ?

    1. SPD

      මම කියන නිසා ෆිල්ම් එක අරගන බලලා කොහොමද කියලා කියන්නකෝ සහෝ.
      කතාව කියන්න අමාරුයි සහෝ. අනික මම කිවොත් ඔයා බලන එකේ තේරුමකුත් නෑනේ.

  10. Chamara

    Machoo..sub ekata godak tks..
    Malayalam thama hodama film tiyene..anith ewata wada..

  11. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ සබට,මලයාලම් ෆිල්ම් වල තියන වෙනස්ම රසය ඒකටම ආවේණික එකක්.ඒ වගේ ෆිල්ම් වලට සබ් කරන්න ඔයා හිතපු එක ගැන ගොඩක් සතුටු වෙනවා.ඒ වගේම මලයාලම් ෆිල්ම් රසිකත්වය වැඩිකරන්න මේ විදියට උත්සාහ කරමු.දිගටම මලයාලම් ෆිල්ම් දෙමු.ඔබට ජය !

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. asanka

    එල එලම... ස්තුති වේවා..'' :D

  14. Gayan

    Sub ekata thank's saho. Jayawewaa!

  15. Thara

    thanks machan. really appreciate your work!

  16. nidi

    SPD,
    ගොඩක් ස්තුතියි!
    කතාවට ගැළපෙන සබිස්. නියමයිි.

  17. Gayan

    Patta bro

  18. 94hanz

    ela

  19. Dula95

    supiri bro thanks

  20. Pradeepkumara

    Thanx saho

  21. Deegayu Abeysekera

    dairyawanthawa katayuthu kirimata prarthana karanawa!

  22. Vishwa sasanka

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.