2009 වර්ෂයෙදී කාගේත් සිත් දිනාගන්න හැකියාවක් ලැබුණු සොම්බි චිත්‍රපටය මොකක්ද කියලා ඇහුවොත් ඔබ දෙන උත්තරේ කුමක්ද? මං නම් දෙපාරක් නොහිතා දෙන්නෙ ”Zombieland” කියන නම. ඔන්න හරියටම වසර 10 කට පස්සෙ එහි දෙවැන්න පැමිණියා. ගොඩක් නොඉවසිල්ලෙන් ඉන්න ඇත්තෙ ඔක්කොම. කොහොමහරි කලින් එකට වඩා ලයින් ප්‍රමාණය වැඩි වුණා.…

2009 වර්ෂයෙදී කාගේත් සිත් දිනාගන්න හැකියාවක් ලැබුණු සොම්බි චිත්‍රපටය මොකක්ද කියලා ඇහුවොත් ඔබ දෙන උත්තරේ කුමක්ද? මං නම් දෙපාරක් නොහිතා දෙන්නෙ ”Zombieland” කියන නම. ඔන්න හරියටම වසර 10 කට පස්සෙ එහි දෙවැන්න පැමිණියා. ගොඩක් නොඉවසිල්ලෙන් ඉන්න ඇත්තෙ ඔක්කොම. කොහොමහරි කලින් එකට වඩා ලයින් ප්‍රමාණය වැඩි වුණා. කොහොමහරි අවුරුද්ද අන්තිම වෙද්දී ඒක ඉවරයක් කරගන්න පුළුවන් වුණා.
මේ වෙනකොට චිත්‍රපටය හට IMDb අගය 7.0 ක වැනි ඉහළ අගයක් සහ කුණු තක්කාලි අගය 68% අරගන්න සමත් වෙලා තියෙනවා. Action l Comedy l Horror කාණ්ඩයට අයත් වෙන මෙය පැයයි විනාඩි තිස් නමයක් පුරාවට රසවිඳින්න හැකියාවක් ලැබෙනවා. කලින් වගේම රංගනයෙන් Emma Stone l Abigail Breslin l Woody Harrelson l Zey Deutch l Rosario Dawson l Luke Wilson l Jesse Eisenberg එකතු වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
කොලොම්බස්ට හැමදාමත් ඕන කරේ හැමෝටම සතුටින් ඉන්න හිටින්න තැනක් හොයන එක. කොහොමහරි අන්තිමේදී එය ඉෂ්ට වෙනවා. ඔවුන් ඔක්කොම ආරක්‍ෂිත ස්ථානයකට යනවා. ඒ තමයි ධවල මන්දිරය. ඉන්න තැනක් හොයාගත්තට හැමෝම සතුටින් නෙමේ හිටියෙ. ලිටල් රොක්ට මෙයාලාගෙන් වෙන් වෙලා එයාගෙම වයසෙ කට්ටිය ඉන්න තැනකට යන්න ලොකු ආශාවක් ඇතිවෙනවා. ඒවගේම තමයි කොලොම්බස් විචිටාට යෝජනාවක් ඉදිරිපත් කරන්න ගිහින් වැඩේ අනාගන්නවා. විචිටා මේ කාරණය ගැන ගොඩක් වදවෙනවා. ඒ නිසාම එයාලා එහෙන් පිටවෙනවා කාටවත්ම නොකියා. ඔන්න ඔය යන අතරේ මෙයාලට තව කෙනෙක් හම්බවෙනවා. ඔහුගෙ නම බර්ක්ලි. ලිටල් රොක්ගෙ වයසේම කෙනෙක්. හැබැයි මොහු වෙනස්. ඔහු සාමකාමී කෙනෙක්. ඒ කියන්නෙ සොම්බිලාව මරණ්නේ කරන්නෙ නැහැ. කාටවත් කරදරයක් නොවෙන්න ජිවත් වෙනවා රහසෙ. ඉතින් ලිටල් රොක් කරන්නෙ මෙයා එක්ක පැනල යන එක. ඒ වැඩේ නිසා විචිටාට ආයෙ ධවල මන්දිරයට එන්න සිද්ධ වෙනවා. එතකොට ටැලහෑසිගෙ වගේම කොලොම්බස්ගෙ හිත කැඩිලා ගිහින් තියෙන්නෙ. ඉතින් ටලහෑසි ලිටල් රොක්ට ගොඩක් ආදරේ නිසාම එයාව හොයාගන්න වැඩේට උදව් කරනවා. හැබැයි ඒක ලේසි වෙන්නෙ නැහැ. මොකද කිව්වොත් සොම්බිලා පරිණාමය වෙලා ගිහින් තියෙනවා. ඒකට හේතුව කවුරුත්ම දන්නෙ නැහැ. ඉතින් මෙවැනි තැනකදී මෙයාලට ලිටල් රොක්ව ආරක්ෂා කරගන්න හැකියාවක් ලැබෙයිද? එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකො.
එහෙනම් හැමෝටම සුබ නව වසරක් වේවා කියා පාර්ථනා කරනවා!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.
13,364 downloadsDownload Zombieland.Double.Tap_.2019.Baiscopelk.com_.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
32 comments
තිසර නියෝ
Mangala
thanx kollo
podi niwaridikirimak PARIMANAYA neweneda hari wachane PARINAMAYA mama hithanne nikan kiwwe ekanisa kisi awlak wela ne.sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
බලපු සුපිරිම කතාවක්....Rumesh Asanka
thank you
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nalin83dhanus
Thanks sub ekata
wajira
Thanks for sub
Suranjan
Thanks jayawewa.....!
rockz2020
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤
ඔබටත් ඔබේ පවුලේ සැමටත් සියලු යහපත් පැතුම් ඉටුවන නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සහෝ! ✌
ජය වේවා! ❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌Gopala
Marvel ranawarys s3 sub denne nedda
dileepasanjeewa119
සුබ නව වසරක් වේවා ...... tnx sub ekata.. 1917 movie ekath apu gmn dnna..
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බලන්න තියෙන ආසාව නිසාම BR ආවට පස්සේ වෙන සයිට් එකක් සබක් අරන් බැලුව. අවුරුදු ගානකට පස්සේ. ඒ තරම් ඉවසිල්ලක් නැතුව හිටියේ බලන්න. ෆිල්ම් එකත් එක්කම එපා උනා. ඒ තරම් අඩුපාඩු සබ් එකේ. එක එක Accent වර්ග තියෙන ෆිල්ම් එහෙකත් මං එච්චර අඩුපාඩු දැක්කා කියන්නේ වැඩක්ම නෑ කතා කරලා. ආයෙනම් බලන්නෙ නෑ කියලා හිතාගත්තා. බයිස්කෝප් සබ නැත්තම් ඉංග්‍රීසි සබ් එකක් බලන එක ඊට වඩා හොදා. දැන් ආයෙත් දෙයියනේ කියලා බලන්න පුලුවන්..ජය වේවා..බුදුසරණයි..!
Supun M. Hettigoda
සබ් එකට තෑන්ක්ස්... ජයෙන් ජයම!!
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Dhanushkadill
Thanksssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
AsithaDilruwan
ela saho thanks
gayanmagee
thanks
Dewadithya
Thanks for Sub!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...ChamalKanishka
Thnx sub ekata
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
HMRC Herath
thanks lot..
podda
tnx mcn
Sajithlakshan
thanks .......................
Shehan putha
Thanks bro
thanks bro
sanjeewakbg
thanks bro..
Shaggie
Thnks mchn
Thilanjika
Thanks
amila844
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra