මාගේ තෙවන උපසිරැසිය සම්භාව්‍ය සිනමාව ප්‍රිය කරන රසිකයින් සදහා තිළිණ කරන දැවැන්ත සිනමා සිත්තමකි. 1958 වර්ෂයේදී නෝබල් සම්මානය ලබාගත්, ඩොක්ටර් ෂීවාගෝ නමින් බොරිස් පැස්ටර්නික් නම් රුසියානු කතුවරයා කල මහා කාව්‍ය ග්‍රන්ථය මේ සදහා පාදක කර ගෙන ඇත. මේ වන විට IMDB RATE 8 ක් ලබා ගැනීමටද සමත් වී ඇති, වර්ෂ 1965…

මාගේ තෙවන උපසිරැසිය සම්භාව්‍ය සිනමාව ප්‍රිය කරන රසිකයින් සදහා තිළිණ කරන දැවැන්ත සිනමා සිත්තමකි. 1958 වර්ෂයේදී නෝබල් සම්මානය ලබාගත්, ඩොක්ටර් ෂීවාගෝ නමින් බොරිස් පැස්ටර්නික් නම් රුසියානු කතුවරයා කල මහා කාව්‍ය ග්‍රන්ථය මේ සදහා පාදක කර ගෙන ඇත. මේ වන විට IMDB RATE 8 ක් ලබා ගැනීමටද සමත් වී ඇති, වර්ෂ 1965 දී ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන 6 කට නිර්දේශ වී, ඉන් 5 ක්ම දිනාගත්, එම වර්ෂයේදීම ඔස්කාර් සම්මාන 10 කට නිර්දේශ වී, ඉන් 5 ක් දිනාගත්, නොයෙකුත් ජාත්‍යන්තර සිනමා උලෙළවලදී සම්මාන රාශියකුත් ලබා ගත් සිනමා සිත්තමකි.
බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි, ලෝරන්ස් ඔෆ් ඇරේබියා වැනි සුප්‍රකට සිනමා පට අධ්‍යක්ෂණය කල ඩේවිඩ් ලීන් විසින් අධ්‍යක්ෂණය කර ඇත. ලෝක සිනමා ඉතිහාසයේ ආදායම් අතර 8 වන ස්ථානයේ (උද්ධමනය ගණන් බැලූ විට) රැදෙන අතර, M.G.M චිත්‍රාගාරය නිපැයු නිර්මාණ වලින් 2 වන ආදායම ලබා ගත් සිනමා පටයද වේ. ලෝකය පුරා සංගීත ලෝලීන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් LARAS THEME නම් තේමා සංගීතය අන්තර්ගත වන්නේද මෙහිය. මෙම තේමාව අනුව පසු කලක නිර්මාණය වූ SOME WHERE MY LOVE ගීතයද මහත් ජනප්‍රසාදයක් දිනාගන්නා ලදී. (මෙම අංග දෙකම YouTube හරහා සවන්දීමට ඔබට හැකියි).
විනාඩි 200 කට අධික කාලයක් ගලායන සිනමා පටය සදහා ලබා දී ඇති ටොරන්ට් එක ඉතා ඉහළ වීඩියෝ තත්වයක් ඇති එකකි. කුඩා කලදීම, තම මවගේ වියෝවෙන් පසු මෝස්කව් බලා පැමිණෙන ෂීවාගෝ එහිදී වෛද්‍යවරයෙකු ලෙස පුහුණුව ලබා සමත් වී, තමන් හදා වඩා ගත් පවුලේ එකම දියණිය ටොන්යා සමග විවාහ වේ. මේ අතර ලාරා නම් තරුණියක් තම මවගේ පෙම්වතා අතින් කිළුටට පත්වී අපහසුවට පත් වේ. එහෙත් ඇයට තම පෙම්වතා වන පාෂා සමග විවාහ වීමට අවස්ථාව සැලසේ. පාෂා විප්ලව වාදියෙකි. යුද සමයේදී හමුදාවට එක්වන පාෂා අතුරුදහන් වේ.
ඉන්පසු ස්වේච්ඡා හෙදියක් බවට පත් වන ඇයට යුද භූමියේ රෝහලකදී ෂීවාගෝ මුණ ගැසේ. එහිදී දෙදෙනා අතර ඇති වන ආදර සම්බන්ධයත්, විප්ලවය නිසා පවුල් සම්බන්ධතා ඉහීරී යාම, නැවත එක්වීම, පාෂා නැවත මතුවීම, ලාරාගේ දූෂකයාගෙන් සිදුවන හිරිහැර, වැනි කරුණු රැසක් ඉස්මතු කරමින් චිත්‍රපටය ගලායයි. පළවන ලෝක යුද සමයේ හා විප්ලවය සමයේ රුසියානු ජනතාව මුහුණ දුන් දුක් කරදර ගැහැට යනාදියද මැනවින් චිත්‍රණය කර ඇත.
මෙම සිනමා පටයට අසාධාරණයක් නොවන ලෙස ඉතා ප්‍රවේශමෙන් උපසිරැසි පරිවර්තනය කිරීමට උත්සහ ගත් අතර, යම් වැරැද්දක් සිදු වි ඇත්නම් පෙන්වා දෙන ලෙසත් ඉල්ලා සිටිමි.
7C9EE72FD932842230F2897D38CD552D8F4FC784 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
577 downloadsDownload Doctor.zhivago.1965.baiscopelk.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ SIRIJAYA ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SIRIJAYA
Subtitles
29 comments
යශෝධ
dilshan
me wagema story ekak tiyena tawa parana patta film ekak tiyenawa,Gone with the wind kiyala.meke russiawe vilplawaya wage eke tiyenne civil war eka.ekath MGM lama hadapu ekak.me wagema peya 3+ tiyena 50 ganan wala 60 ganan wala gahapu film ekak.ah e wagema denata eda meda tura wedima income eka hoyapu film ekath gone with the wind tamai.puluwannan saho ekatath sinhala sub denna.man hitanne GONE WITH THE WIND walata bi scope eke tama sinhala sub neti eka loku adupaduwak.tawa deyak me filme eka academy awards 7 witara dinala tiyenawa
Vithanage Priyantha Dayakeerthi
මේ චිත්‍රපටය ගැන අහල තිබුණත් බැලුවේ ඔයාගේ උපසිරසි නිසා.
මේ දෑස කුමට ද? කියල හිතෙනවා මේ වගේ විස්මිත නිර්මාණ ඇස නොගැටෙන.ජෝතිපාල කලාකරුවාගේ සින්දු හැමදාම, ඕනෑම කාලයක් ගියත්, අහන්න පුළුවන්නේ.
ඒ වගේ තමයි මේ උපසිරැසිය දිනෙන් දින අතිනත යනවා.ගොඩක් ස්තුතියි! පුළුවන්නම් "ගෝන් විත් ද වින්ඩ්" උපසිරසි කරන්න.
රවිදු
ඔව් සහෝ! මං Gone With The Wind ඉංග්‍රීසි සබත් එක්ක බැලුවා.
කතා 2ක් නෑ, බලපු හොදම ෆිල්ම් 1ක්! OLD is Good කියන 1 ඔප්පු වෙනවා මේකෙන්.
ඔයාලත් බලන්න...@
Samee
Thanks a lot. සුපිරිම film එකකට සබ් දුන්නට ඔබට ස්තුති කරන්න වචන නෑ.........
Sisira Hegoda
Thanks.
Kulanjana Maduranga
ela.subata thanks SIRIJAYA saho.digatama sub demu. jaya wewa...........
nishan
THanks good work!!!!
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Kalana Soysa
සහෝ එකෙන්ම උබට ආචාර කරනවා. මේ වගේ film එකක් නෙවෙයි legend එකක් sub කලාට. බලල තිබ්බට උබේ sub එක්ක අයේ බලනවා. අපේ තාත්තගේ film ලිස්ට් එකේ තාමත් උඩින්ම තියෙන්නේ මේක. :D
Yashodha
මේ වගේ විශිෂ්ට සිනමා කෘතියකට සබ් දුන්නාට බොහොම ස්තුතියි. මෙයට උපසිරැසි යෙදීම ලොකු අභියොගයක් වෙන්න ඇති බව හිතනවා. චිත්‍රපටය කලින් බලා තිබුනත් සින්හල සබ් සමග නැවත වරක් බලනවා.
ඒ වගෙම මෙහි ධාවන කාලය මිනිත්තු 300ක් නොව පැය 3ක් (මිනිත්තු 197ක්) ලෙස නිවැරදි විය යුතුය.SIRIJAYA
බොහොම ස්තූතියි. පෙන්වා දී තිබූ විනාඩි ගනනේ වෙනස නිවැරදි කලා.
SIRIJAYA
Global
Thanks For The Giving Sub For The DOCTOR ZHIVAGO. I Love This Movie. I Saw This Movie First Time In Year 1988 (My Age Is 7)In VHS. And I Have The Original DVD Of This Movie In My Library. Good Luck With Baiscop. Thanks Bro....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මේ වගේ වටිනා චිත්‍රපටයකට උපසිරැසි දීම ඇත්තෙන්ම මිල කල නොහැකි ක්‍රියාවක්. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
THUSHARA
Underdogs aka Metegol (2013) , Viy 3D (2014) me dekata sinhala subtitles denako superi film 2k
Aravinda
මේක මම බලපු එකක් , ලෝක සිනමාවේ උසස් කෘතියක් වගේම මතක විදිහට ඩේවිඩ් ලීන් ගේ එකක් .ඔබට බොහොම ස්තුතියි මේකට උපසිරස දුන්නට
හර්ෂ ලහිරු
බොහෝම ස්තුතියි සහො :D
තවත් මේවගේ සුපිරිම ගනයේ ෆිල්ම් එකකට සබ් දෙමු :D :D ජය“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය.........Raj
නියමයි පට්ට පට පට, Thanks මචන්
Nelson Rodrigo
Good Post Friend, Thanks!
නලින්
ස්තුතියි SIRIJAYA සහෝ
ජය වේවා!
Tharindu Perera
niyama kathavak vageeee macahnnn.......
thanks sub ekatahhhh...............දිමුතු තරංග ඉලුක්කුඹුර
නියම කතාවක්නේ අනිවා බලන්න ඕනි, බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍ravindu
නියමයි මචන්! මේ වගේ පැරණ ෆිල්ම් මාර සුපිරි බන්.
බොහොම ස්තුතියි!
පුළුවන් නම් Once Upon A Time In America (1984) ට සබ් දෙන්න.
ජය වේවා!Wiki
Thanks
kavinuweerakkody
tnkq !!!! mn blpu supirima salruwak'''
Anonymous
thanx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Upasirasata sthuthy saho... jayama wewa....
elazzzzzzzzzzzzzzzzz niyamai......