Watch Trailer

Dolittle (2020) Sinhala Subtitle | මුහුද මගේ ගොඩබිමයි – දොස්තර හොඳහිත මමයි! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම,ලොකු ප්‍රමාදයක් එක්කම සෑහෙන දෙනෙක් බලාගෙන හිටිය අලුත් ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තටම මේ තරම් ඉක්මනට මේකේ කොපියක් ඒවි කියල බලාපොරොත්තු උනේ නැහැ. ෆිල්ම් එක බාරගෙන තිබ්බේ නිර්මාණි අක්ක උනත් එයාටත් වැඩ රාජකාරී තිබ්බ නිසා මට කරන්න කිව්වට කරන්න ගත්ත දවසේ ඉඳලම මාවත් හිරවුණා. බාගයක් උදයංග…

කොහොමද හැම කෙනෙක්ටම,ලොකු ප්‍රමාදයක් එක්කම සෑහෙන දෙනෙක් බලාගෙන හිටිය අලුත් ෆිල්ම් එකක් අරගෙන ආව. ඇත්තටම මේ තරම් ඉක්මනට මේකේ කොපියක් ඒවි කියල බලාපොරොත්තු උනේ නැහැ. ෆිල්ම් එක බාරගෙන තිබ්බේ නිර්මාණි අක්ක උනත් එයාටත් වැඩ රාජකාරී තිබ්බ නිසා මට කරන්න කිව්වට කරන්න ගත්ත දවසේ ඉඳලම මාවත් හිරවුණා. බාගයක් උදයංගට දීලා කොහොම හරි ඔන්න අරගෙන ආව.

ඩොක්ටර් ඩුලිට්ල්, එහෙමත් නැත්නම් අපේ විදියට දොස්තර හොඳ හිත කියන චරිතය ගැන ආයේ ආයේ අමුතුවෙන් කියා දෙන්න දෙයක් නැහැ අපේ අයට. සිනමාව රුපවාහිනිය එක්ක හිටිය අපේ අය මේ දොස්තර හොඳ හිත ගැන හොඳටම දන්නව. අපි විතරක් නෙමෙයි මුළු ලෝකයම හොඳට දන්නා චරිතයක් තමයි මේ සත්තු එක්ක කතා කරන දොස්තර. මිට කලින් ඩොක්ටර් ඩුලිට්ල් ෆිල්ම් දෙකක් ඇවිල්ල තියෙනව. ඒ තමයි Doctor Dolittle (1998) සහ Dr. Dolittle 2 (2001) මේ ෆිම් එකේදී ඩොක්ටර් ඩුලිට්ල් චරිතයට දායක වෙන්නනේ Eddie Murphy නමැති විශිෂ්ඨ රංගධරයා.

Dolittle (2020) සිනමාපටයට දායක වෙන්නේ අපි කවුරුත් දන්නා Robert Downey Jr. එඩි සහ රොබට් කියන දෙන්නම සිනමාවේ ඉන්න බොහොම කටකාර චරිත දෙකක්. දෙන්නගේ ඒ සමානකම නම් ෆිල්ම් එක පුරාවටම කැපිලා පේනව. හැබැයි එඩිගේ සහ රොබට්ගේ සිනමාපට දෙක දෙවිදියකට තමයි ගලාගෙන යන්නෙ.  හැබැයි මේක තමයි කාටුන් එකට ඉතාම සමානව දිවෙන කතාව වෙන්නෙ. මොකක් නිසාදෝ මන්දා රොබට්ගේ ඩුලිට්ල් ෆිල්ම් එක ආදායම් අතින් හිතුව තරම් සාර්ථක වෙන්නේ නැහැ. සිනමාපටය වෙනුවෙන් ගිය වියදමට යාන්තමට සමාන ආදායමක් තමයි ලබාගත්තෙ හරිම අමාරුවෙන්. එහෙම වෙන්න හේතුව බොහෝවිට මම කියපු කාරනාව වෙන්න පුළුවන්. කොහම උනත් අවුරුද්දේ බලාපොරොත්තු සහගත සිනමාපට අතරින් ඉදිරියෙන් හිටිය සිනමාපටයක් අසාර්ථක වීම නිසාවෙන් අපිට රොබට් ඩව්නි සහ සත්තු එක්ක ගෙතෙන හරිම අපුරු වික්‍රමාන්විත කතාවක ඉදිරි ගලායාමක් ගැන බලාපොරොත්තු තියාගන්න බැරිවෙයි ගොඩක් වෙලාවට. කොහොම උනත් බලාපොරොත්තු සහගතව ඉමු. මොකද ෆිල්ම් එක බැලුවට පස්සේ තේරෙයි ඔයාලටත් මේකට මිට වඩා දේවල් ලැබියයුතුයි කියල. 🙁 

Stephen Gaghan ගේ අධ්‍යක්ෂණයෙන් නිමවුන මේ සිනමාපටය වෙනුවෙන් Robert Downey Jr, Antonio Banderas, Michael Sheen, Jessie Buckley වැනි නළු නිළියන්ගේ දායකත්වය ලැබෙනවා. ආදායම අතින් කොහොම උනත් ඩුලිට්ල් සිනමාපට අතරින් වැඩිම IMDB අගය වෙච්ච 5.5ක අගයක් ලබා දෙන්න නම් ප්‍රේක්ෂකයින් අමතක කරන්නෙ නැහැ.

කතාව ගැන කිව්වොත්, කාටුන් එකට ඉතාම සමානවයි හැම දේම තියෙන්නෙ. ඉතිං මේකෙදි කතාව පටන් ගන්නේ ඩොක්ටර් ඩුලිට්ල්ගේ ආදර සම්බන්ධතාවයක් ගැන විස්තර කරමින්, හැබැයි ඒ ආදර කතාව ඒ තරම් සුභ දායක ආදර කතාවක් වෙන්නේ නැහැ. ඒ නිසාවෙන්ම ලෝකයක් දැනගෙන හිටිය දොස්තර ලෝකයාගෙන් වෙන් වෙලා හුදකලාවේ සත්තු එක්ක විතරක් ඉන්න ගන්නවා. හැබැයි එකවරම එංගලන්තයේ කිරුළ දරණ වික්ටෝරියා රැජිනගෙන් කැඳවීමක් ලැබෙනවා ඩොක්ටර් ඩුලිට්ල්ට. එතනින් පස්සේ ඩොක්ටර් ඩුලිට්ල්ගේ කතාව වෙනස් වෙන්න පටන්ගන්නවා. ඒ කතාව ඔයාලට බාරයි. එහෙමනම් නැවත උපසිරසියකින් මුනගැහමු.

 

පරිස්සමින් ගෙදර ඉන්න,
එලියට බැස්සම පරිස්සම් වෙන්න.
අන් අය ප්‍රවේසම් වෙන විදියට තමන් වගකීම් සහගතව හැසිරෙන්න! 

 

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය පෙර නිකුත් වූ  HD පිටපත් සහ
පසුව නිකුත් වූ ඔර්ජිනල්  WEB/HD/Blu-Ray  පිටපත් ත්‍රිත්වය සඳහා ලබා දි ඇත.

( බයිස්කෝප්ඩව්න්ලෝඩ්ස්.co වෙබ් අඩවියෙහි නිවැරදිම පිටපත් සඳහා ලින්ක් ලබා දී ඇත)

 

41,292 downloadsDownload Dolittle-2020-Blu-Ray.zip149 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27 [ ශාන් විමුක්ති ]
SUBMAKER RATING BY ADMINS

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-07-03 [ උදයංග සම්පත් ]
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

41,292 downloadsDownload Subtitles149 KB

82 comments

  1. Navodani Thilini Sasanika

    උපසිරසියට ස්තූතියි දෙන්නටම!

    1. Chamith Nilaweera

      SUb ekata thanks

  2. kkdsugathapala

    thanks

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    1. sachintha

      සහෝ blueray realese වෙලා නේද, ඒකට update කරලා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්....

  4. Sandeep

    Thanx brother

  5. Chanu Mikhail

    Thank u

  6. Kavi_madushan

    Sub ekata bohoma sthuthi,puluwnnm "Dragon Quest" animation movie ekt sub dennko,jayawewa

  7. Hiran Eranda

    thank you dennatama

  8. arawindasunimal

    THANKS ENAKAM BALAN HITIYE (SHAN VIMUKTHI) JAYAWEWA BS........

  9. sashan

    Thanks bro

  10. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) Bluray ඇවිල්ලා තියෙන්නෙ මචං සබ් එක update කරනවද..
    ඒ වගේම Dr. Dolittle අනිත් filmවලටත් සබ් දෙන්න පුළුවන්ද

  11. Anonymous

    thanks,,,bro

  12. Shaggie

    Thnks mchn

  13. Anonymous

    Thanks sub ekata,bluray ekata update karanna puluwanda ?

  14. ashenwmab

    Thanks bros

  15. indika75

    thanks..

  16. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    අද Bluray copy එකත් ආවා. එකටත් ඉක්මනටම update කරමු...
    බලන්න එනකම් හිටපු ෆිල්ම් එකක්...

  17. Ishan Madusha

    බොහොම ස්තූතියි.ජය වේවා..!

  18. Anonymous

    Thank you

  19. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝලා දෙන්නටම ජයම වේවා! ✌❤

    1. Kolitha4

      Thanx you

  20. Isirajanith

    Thanks denkan thx ela

  21. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
    වැඩ රාජකාරි අස්සේ මේ වෙනුවෙනුත් කාලය වෙන් කලාට ආයෙමත් ස්තුතියි.
    ජයෙන් ජයම වේවා!

  22. CNR Max

    Thanks Bro

  23. gayan215

    bohoma sthuthi saho oba depalatama...

  24. athulafernando

    thanks

  25. Rukshan37

    Ela

  26. Ravisara Dharmapala

    Mtnm film eka intresting hena athal film ekk magenm adhasa meeta wada ratings tykk enda tyba but sun ekta thnks nimetma krla tyba thnks gd lck bro..

  27. Kanchaka

    Thanks bro

  28. LB Roshan

    thanks for sub

  29. Tharindu07

    Thanks Machooo....!!!!

  30. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. Wayantha Sandaruwan

    godak sthuthi sahooo jaya wewa

  32. subodha

    Thanks

  33. Lahiru Lakshan

    thanks machn....

  34. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා !!

  35. Anonymous

    Thanks saho

  36. D.Chamara

    bohoma sthuthi ...

  37. Sandeep

    Thanx saho sub ekata.. good luck

  38. Achinthaka Millaniya

    thanks bro enkm balagena hitapu subak

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. wajira

    Thanks for subtitles

  41. Sanjaya

    Thanks saho...
    Theruwan saranai

  42. nish47

    ස්තූතියි සහෝ

  43. jayNP

    Thank you.. keep it up good work.. :)

  44. chanakaaa

    thanks

  45. aks

    Thanks...

  46. Dewadithya

    Thanks for sub!

  47. Kasun A.

    උපසිරැසිය ලබාදීම වෙනුවෙන් ශාන් සහෝටත් උදයංග සහෝටත් බොහෝම ස්තූතියි!
    ජය!

  48. Tharindu

    bohoma stuti saho...

  49. ruchiralakmal

    Thanks for the sub!!!!!!!!

  50. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා... ජයෙන් ජයම!!

Load more comments