Watch Trailer

Kalippu (2019) AKA Seetha Sinhala Subtitles | සමාජ ජාල, මාධ්‍යය අනිසි ලෙස භාවිතයෙන් වන අහිතකර බලපෑම! [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම රට තුල උද්ගත වී ඇති තත්වයෙන් රට ආරක්ෂා කර යලි යථා තත්වයට පත් වීමට දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව මාගේ උතුම් රටට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අදත් බයිස්කෝප් එකකින් ඔබ සියළු දෙනා හමුවෙන්නේ පහුගිය මාසෙ යෙදී තිබූ අධික රාජකාරි වලින් මදක් මිදුනට පසුවයි. අද අරගෙන ආව මේ චිත්‍රපටය ආදරය, අපරාධ, ක්‍රියාදාම,…

මුලින්ම රට තුල උද්ගත වී ඇති තත්වයෙන් රට ආරක්ෂා කර යලි යථා තත්වයට පත් වීමට දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව මාගේ උතුම් රටට ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අදත් බයිස්කෝප් එකකින් ඔබ සියළු දෙනා හමුවෙන්නේ පහුගිය මාසෙ යෙදී තිබූ අධික රාජකාරි වලින් මදක් මිදුනට පසුවයි. අද අරගෙන ආව මේ චිත්‍රපටය ආදරය, අපරාධ, ක්‍රියාදාම, දුක සහ හාස්‍යය යන සියලු අංග එකතු කර ඇති අතර එමඟින් සියලුම ප්‍රේක්ෂකයින්ට එය නැරඹිය හැකි ඝණයේ සිනමා පටයකි. එහෙනම් මේකට උපසිරසි ගන්වන්න වෙන්කරල දුන්න හසන්ත විත්‍රමරත්න අයියටත්, බයිස්කෝප් ටීම් එකටත් මුලින්ම ස්තූතිවන්ත වෙනවා.

කලිප්පු යනු චෝලා ජනපදයේ කතන්දර 2 කක් වටා ගෙති යන චිත්‍රපටයකි. මෙම චිත්‍රපටය යුක්තිය අහිමි වූ පොදු ජනතාව වෙනුවෙන් ක්‍රියා කරන තරුණයන් පිරිසක් පිළිබඳව මනාව ගෙන හැර දක්වයි. මෙම චිත්‍රපටය අපේ සමාජයේ සිදුවන සියලු අසාධාරණයන් හරහා මැනවින් ගෙනමැ දක්වයි. ජෙසන් ජෝශප් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද 2019 ඉන්දියානු මලයාලම් භාෂා ක්‍රියාදාම ත්‍රාසජනක වර්ගිකරනය යටතේ නිකුත් වු චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ දෙමළ නළු බාලා සිං, කලසල බාබු, ශලීල් කල්ලූර්, අම්බිකා මොහාන්, ජෙෆින් (‘කුම්කි’ චිත්‍රපටයේ වික්‍රම් ප්‍රභාගේ චරිතය රඟපෑ) සහ අනස් සයිනුදීන් ප්‍රධාන චරිත නිරූපණය කරති.

එක හා සමාන පෞද්ගලික හෝ වෘත්තීය අවශ්‍යතා, ක‍්‍රියාකාරකම්, ජීවිත සම්බන්ධතා වැනිදෑ අනෙකුත් ජනතාව සමග හුවමාරු කිරීමට භාවිතා කරනු ලබන අන්තර්ජාල වේදිකාව “සමාජ ජාල” නමින් හදුන්වනු ලබයි. අද වන විට මෙය හරහා ඩිජිටල් ෆොටෝ, වීඩියෝ, අදහස්, තොරතුරු, පිංතූර, හුවමාරුවීම් සිදුවන අතර සෑබෑ ලෝකයේ ක‍්‍රියාකාරකම් සහ සිදුවීම් ගැන අන් අයට එම මොහොතේම දැනුම් දීමට මෙමගින් ඉඩහසර විවරවී ඇත. වර්තමානය වන විට සමාජ ජාල හරහා ක‍්‍රියාත්මක වන පෞද්ගලික ගිනුම් ප‍්‍රමාණය බිලියන ගණනකි. ඒ හරහා විවිධ ක‍්‍රියාකාරකම් සිදුවන අතර මේවා අතර, Facebook, Twitter, Instagram, Snapchat යනාදි එකී මෙකී නොකී සමාජ මාධ්‍ය හෙවත් social media වෙබ් අඩවි අද ලෝකයේ නැතිවම බැරි අංගයක් බවට පත් වෙලා. කොටින්ම ඔබ මේ ලිපිය කියවන්නෙත් Facebook එකේ අපි දාල තිබ්බ link එක දැකපු නිසානේ? අපි කැමති වුනත් නැතත් ලෝක ජනගහනයෙන් 1/3කට වඩා ප්‍රමාණයක් අද social media විවිධ ආකාරයෙන් භාවිතා කරනවා. ඒ හේතුවෙන් සමාජයේ ඇති වෙමින් පවතින වෙනස් වීම අපේ ඇස් පනා පිට පෙනෙන්න තියෙනවා.

සමාජ ජාල, දැනුම වැඩිකර ගැනීමට මෙන්ම සමාජ විරෝධී ක‍්‍රියා සදහාද භාවිතා කිරීම පෙනෙන්නට ඇත. විද්‍යාත්මක දැනුම වර්ධනය කිරීම උදෙසා ආරම්භ කරන ලද සමාජ ජාල බොහොමයකි. ඉන් සමහරක් නවීන විද්‍යාත්මක දැනුම සියඵ දෙනා අතර බෙදා හැරීමේ මාධ්‍යයක් ලෙස භාවිතා වන අතර යම් සමාජ ජාල හරහා පර්යේෂකයින් ඔවුන්ගේ ප‍්‍රකාශන බෙදා හැරීම හා ඒ පිළිබද සාකච්ඡුා කිරීමට මෙන්ම අද වන විට නවීන අධ්‍යාපන ක‍්‍රමයකට තල්ලූවෙමින් ප‍්‍රශ්න පත‍්‍ර පිළිබද සාකච්ඡුා කිරීමට, සාම්ප‍්‍රදායික පංති කාමර පරිසරය තුල ලබාදෙන ඉගැන්වීම වෙනස් කිරීමට, ඉංග‍්‍රීසි අධ්‍යාපනයට පමණක්ම වෙන්වූ සමාජ ජාල මගින් ඉංග‍්‍රීසි අධ්‍යාපනය දියුණු කර ගැනීමට, ඉගැන්වීම් ක‍්‍රමය වඩා රසවත් කිරීමට මෙය යොදා ගනී. කෙටියෙන්ම පැවසුවොත් සමාජ ජාල යනු සේවා පර්යේෂණ ජාල එසේ නැතහොත් ඉගැනුම් ජාල බවට පත්කර ගත හැකිය.

නමුත් අද වන විට සිදුවී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. ඉගැනුම් ජාල බවට පත්කර ගත හැකි සමාජ ජාල ඉගැනුම අවහිර කර ගැනීමට පිටුවහලක් කරගෙන ඇත. කාලය නාස්ති කිරීමේ මාධ්‍යයක්, පෞද්ගලිකත්වය නැති කර ගැනීමේ මාධ්‍යයක්, පාසැල් පරිගණක විද්‍යාගාර වෙතින් ඉවත් වීමට මාධ්‍යයක් බවට පත්කරගෙන ඇත. එනිසාම සමහර රටවල පාසැල් තුල සමාජ ජාල තහනම් කිරීමට හෝ සීමා සහිත කිරීමට කටයුතු කර ඇත. සමාජ ජාල සේවාවන් නිසා පෞද්ගලිකත්වයට සිදුවන ගැටළු හා ලිංගික විලෝපිකයින්ගෙන් සිදුවන තර්ජන නිසා මේ සදහා පරිශීලකයින් යොමුවීම අඩුවීමට හේතුවී ඇති බව පැහැදිලිය. තවත් කරුණක් වන්නේ පෞද්ගලික තොරතුරු නිසි පරිදි ආරාක්‍ෂාවන ලෙස නොතැබීම නිසා තෙවැනි පාර්ශවයක් අතට පත්වීමෙන් සිදුවන අනතුරුය. ළමයින් සමාජ ජාල හරහා පරිගණක ක‍්‍රීඩා වෙත යොමුවීම නව යොවුන් වියේ තරුණියන් කාමාතුරයින් අතට පත්වීමේ ඉඩකඩ නිසාද තවත් සමාජ ප‍්‍රශ්නයක් මතු වෙමින් ඇත.

සැබෑ ජීවතයේදී, ඒ කිව්වේ අන්තර්ජාලයෙන් පිටතදී – දෙදෙනෙක් මුණ ගැසී කතා කරද්දී බොහෝ අවස්ථාවන් හිදී (30% ත් 40% ත් අතර ප්‍රමාණයක්) එය සමබර ස්වරූපයක් ගන්නා නමුත්, social media වල අපි දාන ටෝක් බොහෝ දුරට (80% ක් පමණ) අපි ගැන විතරයි. ආදරය, ධෛර්යය, හා සුරතාන්තය (orgasm) යානදියට සම්බන්ධ මොළයේ පෙදෙස් සමාජ මාධ්‍ය ජාල භාවිතයෙදී ද උත්තේජනයට ලක් වේ. විශේෂයෙන්ම තමන්ට රසිකයන් පිරිසක් සිටින බව අවබෝධ වීමත් සමග මෙම උත්තේජනය තවත් තීව්ර වන බව විද්‍යාඥයින් පවසනවා. ආදර සම්බන්ධතා ආශ්‍රිතව කරන ලද සමීක්ෂණ මගින් සනාථ වී ඇති එක දෙයක් නම් දෙදෙනෙකු මුල් වරට අන්තර්ජාලයේදී මුණ ගැසුනහොත් සැබෑ ජීවතයේදී මුල් වරට හමු වූ දෙදෙනකුට වඩා එකිනෙකාට කැමැත්තක් හා ලැදියාවක් දක්වන බව. මෙයට පැහැදිලි හේතුවක් හරියටම සොයා ගෙන නැතත්, අන්තර්ජාලයේ ලැබෙන නිර්නාමික බව හෝ තම අනාගත බලාපොරොත්තු පිළිබඳව සන්නිවේදනය කිරීමේ ඇති පහසුව නිසා හෝ, සංඛ්‍යාත්මකව ගත් කල වඩාත් සාර්ථක යුගදිවියක් පවත්වාගෙන යාමේ ඉඩ කඩ වැඩිය.

එහෙනම් චිත්‍රපටය ගැන පොඩි අදහස් ටිකක බලමු. අද සමාජයේ සිදුවන සිදුවීම් කිහිපයක් වටා කතාව ගෙති යන්නේ චෝලා නම් ජනපදය මුල් කරගෙනය. මෙහි සිදුවන සිදුවීම් පෙලක් වටා කතාව ගෙති යන අතර ඒ සියල්ල සිදු වන්නෙ සමාජ මාධ්‍ය ජාල නිසාය. එමගින් සිදුවන අහිතකර බලපෑම සසාජයට කෙබදුද යන්න පෙන්වා දෙයි. තරුණ කණ්ඩායමක් ඔවුනට සිදු වු අසාධාරණයක් සම්බන්දව කුියා කරන අයුරුත්, ඔවුන් පොදු ජනතාව වෙනුවෙන් කරන්නා වු සේවයද ගෙනහැර දක්වයි. ඉක්මනින් නැවතත් මලයාලම් සිනමාවක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් එහෙනම් අදට මම සමුගන්නවා. සියළු දෙනාටම තෙරුවන් සරණයි.

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

අධ්‍යක්ෂණය : Jessen Joseph

නිෂ්පාදනය : High Mastcinemas

කථාව රචනය :Jessen Joseph

වර්ගීකරණය : Thriller

රංගනශිල්පීන්: Jeffin,Anaz, Sainudeen, Bala Singh

ධාවන කාලය : 130 mins

තිරගත කල දිනය : 10 May 2019 (India)

සංගීතය : Amarnath (Music & BGM)

Anaz Sainudeen (Music)

IMDB අගය : 5.7/10

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

3,466 downloadsDownload Kalippu-2019.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,466 downloadsDownload Subtitles51 KB

9 comments

  1. Sameera

    Machan...prithviraj ge ayyappanum koishium 1ta sub 1 deepanko..bn..me sub 1tath isthuthii...eelangata eekata demu neh..jaya wewa..

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. oshanda

    thanks saman sahoo

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Lalani Maduwanthi

    Thank you malli

  6. isuru srinath sjs

    මරු සහො .. ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා !!

  7. Hasitha Chamara

    pattama sub eka machan fil ekath patta

  8. sadeesh mendis

    film eka hodai macho...km playar 64 versoin ekata me sub eka ganne na....anik bisecope eke sub wada km 64 versoin eke

  9. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.