මුලින්ම ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕනෙ මේ නිර්මාණයට සබ් කරන්න අවස්ථාව දුන්නු සිසිල ප්‍රසාද් අයියට, හරි Disneynature කියන නම දැක්ක ගමන් ඉතින් nature documentary බලන අයට අමුතුවෙන් පැහැදිළි කරන්න අවශ්‍ය නැහැනෙ, මේ අපූරු නාමය යටතේ කලඑළි බහින නිර්මාණය මොකක් උනත් සුපිරිම නිර්මාණයක් බව බලන්නත් කළින් හිතාගන්න…

මුලින්ම ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕනෙ මේ නිර්මාණයට සබ් කරන්න අවස්ථාව දුන්නු සිසිල ප්‍රසාද් අයියට, හරි Disneynature කියන නම දැක්ක ගමන් ඉතින් nature documentary බලන අයට අමුතුවෙන් පැහැදිළි කරන්න අවශ්‍ය නැහැනෙ, මේ අපූරු නාමය යටතේ කලඑළි බහින නිර්මාණය මොකක් උනත් සුපිරිම නිර්මාණයක් බව බලන්නත් කළින් හිතාගන්න පුලුවන්. ඉතින් මේ තාක් එළි බැහැපු චිත්‍රපට අතරින් Disneynature සන්නාමය යටතේ නිකුත් කරපු 14 වෙනි සිනමා සිත්තම තමයි මේ. 2018 වසරේ පළමු වරට ප්‍රංශයේදි එළිදැක්වුනත්, මේ covid වසංගතය අස්සෙ පහුගිය අප්‍රේල් 3 වෙනිද Disney+ හරහා නැවත වරක් එළිදැක්වීමක් කරා, ඒ 2020 වර්ෂයේ පළමු වරට එළි දැක්වුණු Elephant (2020) සිනමාපටයත් සමග.
IMDB අගය 7.5 දැනට දිනාගෙන තියෙන මේ සිනමාපටයට පාදක වෙන්නෙ පැසිපික් සාගරයේ පිහිටා ඇති පොලිනීසියානු දූපත් සමුහයක් කේන්ද්‍ර කරගනිමින්, අපි වගේම හුස්ම ගනිමින් ජීවත් වන කොරල් පරයක පදිංචි වෙලා ඉන්න ඩොල්ෆින් රංචුවක්. මේ රංචුවේ ඉන්න සිනමා පටයේ ප්‍රධාන නළුවා තමයි “එකෝ” එයා අවුරුදු 3ක් වයස bottlenose ඩොල්ෆින් කෙනෙක්. එයාගෙ අම්ම “කුමූ” තමන්ගෙ පුතාට තනියම ජීවත් වන හැටි උගන්වන අයුරු එක් පසෙකින් නිරුපනය වෙද්දි ඔයාට බලාගන්න පුලුවන් කොරල් පරයක් නොනැසී පැවතීමට එහි ජීවත් වන ජීවින්ට ඉටුකිරීමට ඇති වගකීම් මොනවද කියල. ඇත්තටම මේ සිනමාපටය හරහා සොබාදහමේ ඇති අපූරු ස්වභාවික සමතුලිතතාවය, මේ කොරල් පරය තුල සිදුවන අන්තර්ක්‍රියා හරහා ඉතාමත්ම අපුරු ලෙස බලාගන්න පුලුවන්. සමහරවිට කිසිදාක දැකපු නැති ජීවින් සහ එයාලගෙ අපුරු චර්යා රටා, ඒ වගේම ඩොල්ෆින් සතුන්ගෙ ලෙහෙසියෙන් බලාගන්න අමාරු අතිශය දුර්ලභ ක්‍රියාකාරකම්, සුපුරුදු පරිදි සිනමාත්මක ගුණයෙන් යුතුව ඉදිරිපත් කිරීමක් විදියට හඳුන්වන්න පුලුවන්. ඉතින් මේ වගේ සුපිරි නිර්මාණයක් කළඑළි බැහැල තියෙද්දි, තවත් මොන එහෙකට මේක කියව කියව ඉන්නවද, බාගෙන බලනව මිසක් එහෙම නේද?
එහෙනං හැමෝටම තෙරුවන් සරණයි ! ජය වේවා!

Due to copyright complications, we do not provide torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.
2,008 downloadsDownload Dolphin-Reef-2018.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/wayantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වයන්ත සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වයන්ත සඳරුවන්
Subtitles
14 comments
Uvindu
Anonymous
උපසිරැසියට බොහොම ස්තූතියි, norbit 2007 film ekatath සබ් එකක් දාන්නකො පුලුවන් නම්, ගොඩක් ලස්සන comedy film එකක්.
එල්.සී. දමැල්
වාර්තාමය පැත්තට අවධානය දෙන එකනම් බොහොම වටින වැඩක් :)
ඩිස්නි නේචර් එකේ වැඩ ඉතින් කියල වැඩක් නෑ, අපූරුයි!
ස්තුතියි...
ජය...Hashan M. Priyadarshana
හම්මෝ බොහොම ස්තුතියි බ්‍රෝ බොහොම ස්තුතියි :) :) Documentariesවලට සබ් දෙන්න දිගටම හරි වටිනවා
Hashan
පුළුවන් නම් Disnynatureලගෙ මේ ෆිල්ම් තුනටත් සබ් කරන්න බලන්න :)
Penguins (2019)
Ghost of the Mountains (2017)
OceanWorld 3D (2009)
suranuwan
thanks bro...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
කෞශල්‍ය දුෂ්‍යාන්
මේවනං මසුරං කිරිපුතේ. වැඩි වැඩියෙන් ලැබේවා. සබට තුති.සදා ජය.
Uvindu
Disney hamilton වලටත් sub දාන්න පුලුවන්න්ද? ඒකත් අලුත් විදිහෙ වැඩක් නෙ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
සුපිරියක් වගේ.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!
උවිඳු
බොහෝම ස්තුතියි. Disney hamilton වලටත් sub දානවද?
Sanath 1990
එල් සීද මැල් සොහොයුරා ලබාදුන්නු Elephant උපසිරසිය මා බොහොම ආසාවෙන් නැරබුවා. ඒ වගේම ඔබ ලබාදුන්නු මෙම උපසිරසියත් මා ඉතාම ආසාවෙන් නැරබුවා. වාර්තා වැඩසටහන් වලට උපසිරසි ලබාදීම ගැනනම් මා අතිශය අගය කොට සලකන කෙනෙක්. කොහේ දුටුවත් කමෙන්ටුවක් හලාගෙන යන්නෙ එවැනි උපසිරසි කරුවන් දිරිමත් කරන එක කල යුතුම නිසයි. චිත්‍රපට නිශ්පාදනය අඩු මෙවැනි කාලයක වාර්තා වැඩසටහන් වලට උපසිරසි කිරීමට ලොකු අවස්තාවක් තියෙනවා කියලා මා හිතනවා. තව තවත් එවැනි වටින උපසිරසි කිරීමට හැකිවේවායි මම විස්වාස කරනවා. ඔබට අනේක වාරයක් ස්තූතියි..
Roshan
Tnx bro...great job...good luck...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරසට බොහෝම ස්තිතියි.