Watch Trailer

Elephant (2020) Sinhala Subtitles | දිවි සොයා යන කලහාරී ඇත් චාරිකාව [සිංහල උපසිරසි සමඟ]

මේ අවුරුද්දේ අප්‍රේල් 3වෙනිදා Disney Nature එකෙන් හදවතට දැනෙන බොහොම ලස්සන වර්තාමය වැඩසටහනක් නිකුත් කරනවා. මේක ඇතුන් ගැන කතාවක්. මම දන්නවා වාර්තා වැඩසටහන් වැඩි දෙනෙක් නොබලන බව. නමුත් මේක හදවතට දැනෙන කතාවක් කියලා මම 100%ක් සහතික කරනවා. අලංකාරවත් දර්ශනතල රැසක් දැකගත හැකි වෙන මෙහි පසුබිම් කතනය සිදු කරන…

මේ අවුරුද්දේ අප්‍රේල් 3වෙනිදා Disney Nature එකෙන් හදවතට දැනෙන බොහොම ලස්සන වර්තාමය වැඩසටහනක් නිකුත් කරනවා. මේක ඇතුන් ගැන කතාවක්. මම දන්නවා වාර්තා වැඩසටහන් වැඩි දෙනෙක් නොබලන බව. නමුත් මේක හදවතට දැනෙන කතාවක් කියලා මම 100%ක් සහතික කරනවා. අලංකාරවත් දර්ශනතල රැසක් දැකගත හැකි වෙන මෙහි පසුබිම් කතනය සිදු කරන්නේ ඔයාලා කවුරුත් හොඳින්ම හඳුනන හැරී කුමරුන්ගේ බිරින්දෑ වන මේගල් මාකල් විසින්. මින් පෙර බොහොම අපූරු වාර්තා වැඩසටහන් අපට තිළිණ කරන්නට සහය වූ Mark Linfield, Vanessa Berlowitz සහ Alastair Fothergill කියන තිදෙනා තමයි මෙය අධ්‍යයක්ෂණය කර තිබෙන්නේ. IMDb අගය 7.0 ලෙස තමයි දැනට සටහන් වෙලා තියෙන්නේ.

කතාව ගැන පොඩි සටහන් කළොත් කලහාරි කියන්නේ කාන්තාරයක්. මේ අසල ඩෙල්ටා නදි‍ය අසබඩ දිවි ගෙවන ඇතුන් රංචුවක් ඉන්නවා. මොවුන් පවුලක් විදිහට හඳුන්වන්න පුලුවන්. මොවුන්ගේ පවුලේ තියෙන්නේ මාතෘමූලිකත්වයක්. නායිකාව කියන යෙදුම මම යොදාගත්තා. ගායා තමයි මේ ඇත් රංචුවේ නායිකාව. කලහාරියට වියළි සමය ලබන විට ගංගාව වියළි යන නිසා මේ ඇත් රංචුවට සිදු වෙනවා ජලය, ආහාර සොයාගෙන සංචාරයක් ගොස් නැවතත් ඩෙල්ටාවටම එන්න. ගිහින් එන ගමනට සම්පූර්ණවම සැතපුම් 1000ක්.

ඉතින් සැතපුම් 1000ක් ඇවිදිනවා කියන්නේ ලේසි පහසු වැඩක් එහෙම නෙමෙයි කියලා පැහැදිලි ඇතිනේ. අපි බලමු ගායා කොහොමද රංචුවෙ ඉන්න ජෝමෝ කියන පුංචි පැටවාත් ඇතුළුව අනතුරු, අභියෝග මධ්‍යයයේ මේ වගේ අමාරු ගමනක් තම සහජ බුද්ධිය පාවිච්චි කරලා යන්නේ කියලා. ඔයාලටත් ආරාධනා කරනවා ඔවුන් සමග මේ අති අපූරු ගමනට එක් වෙන්නට…

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

26 comments

  1. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  2. Bandara

    වාර්තාමය වැඩසටහන් චිත්‍රපට හදන්න වර ගනනාවක් වෙහෙසවී කරන සාමූහික ප්‍රයත්නයක්.උදාහරනයක් ලෙස ලංකාවෙ පොලොන්නරුව ප්‍රෙද්ශයේ රූගත ගත කල Monkey Kingdom (2015) හදන්න වසර දෙකකට වඩා වැඩිකාලයක් ගිහින් තියෙනව. මෙවැනි වාර්තාමය වැඩසටහන් වලට උප සිරස දුන් මැල් සොහොයුරාට මගේ ප්‍රණාමය..සුභ අනාගතයක්

  3. maduka

    thank you sub ekata bro

  4. indika75

    බොහොම ස්තූතියි .මම ගොඩක් කැමතියි මෙවැනි වාර්තා වැඩසටහන්වලට.planet dinosaur download link එකක් දාන්න පුලුවන්ද? මගේ ලඟ තිබුන video delete වෙලා.download කරන්න link එකක් හොයා ගන්න බෑ plz.

  5. Sanath 1990

    මේ වගේ උපසිරසියකට නිකන්ම "ස්තූතියි" කියල විතරක් කමෙන්ටුවක් දැම්මොත් ඒක අඩු පාඩුවක් කියල මට හිතුනා. මේ වගෙ documentaries වලට උපසිරසි කරන්නෙ අතේ ඇගිලි වලටත් අඩු ප්‍රමානයක්. ඒකත් බොහොම කලාතුරකින්. ඒ උනත් මේ වගේ අධ්‍යාපනික, දැනුම වඩවන වැඩසටහන් උපසිරසියක් එක්ක බලන්න කැමති ගොඩක් දෙනෙක් ඉන්නවා. මං හිතන්නෙ නිකන්ම චිත්‍රපටයකට උපසිරසි කරනවාට වඩා මේ වගේ වැදගත් documentaries වලට උපසිරසි කරන ඔයාලා වගේ අය ගොඩක් අර්ථවත් කියලයි මට හිතෙන්නෙ. චිත්‍රපටයකට පොරකාලා වෙන්කරගෙන උපසිරසි කරනවා කියලත් අහල තියෙනවා. කොහොමනමුත් මට කියන්න ඕනි උනේ මේ උපසිරසිය ගොඩක් වටින එකක් කියලයි. ඒ ගැන මගේ හද පතුලෙන්ම ස්තූති වන්ත වෙනවා. ඉදිරියටත් මෙවැනි වටින උපසිරසි කරන්න කියල මං ඉල්ලා සිටිනවා. ඒ වගේම ලෝකයේ බිහිඋනු අපට මග ඇරුනු තවත් බෝහෝ වටිනා documentaries තියෙනවා. හැකිනම් ඒවාද සොයා බලා උපසිරසි ලබාදෙන මෙන් ඉල්ලා සිටිනවා. චිත්‍රපට නිශ්පාදනය අඩු මෙවැනි කාලයක එය ඉතාම අර්ථාන්විත වේවි.. නැවත් ඔබට බොහෝම ස්තූතියි....!
    (මේ වගේ උපසිරසියකට අරවට තරම් කමෙන්ට් වැටෙන්නෙ නැති වෙයි.. ඒ ගැන කවදාවත් දුක් වෙන්නෙපා. මොකද කවදාවත් බාර් එකේ තරම් සෙනග කොලකැද පෝලිමට එන්නෙ නෑ. හොද දෙයක් අගය කරන්නෙ ටික දෙනයි. ඒක ස්වභාවය..)

  6. සමන් ඉන්දික

    ඉතාම වටින උපසිරසියක් සහෝදරයා. දිගටම මෙවැනි වාර්තාමය වැඩසටහන් කරන්න කියලා යෝජනා කරනවා. BBC, National Geographic, Netflix වැනි ආයතන මගින් කරන ලද අති විශිෂ්ඨ වාර්තා වැඩසටහන් තියෙනවා. සලකා බලන්න කියා ඉල්ලා සිටිනවා.. උපසිරසියට ඉතාම ස්තූතියි සහෝදරයා.. Great Work...!!!

  7. Uvindu

    සිංහල උපසිරසට බොහෝම ස්තිතියි .

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    අර ජැකී චෑන්ගේ ෆිලුම නියමයි. තව ජැකී චෑන්ගේ පරණ ෆිල්ම් වලට සබ් දෙන්න පුලුවන්ද. ජෙට් ලී සහ චක් නොරිස් ගේ පැරණි ෆිල්ම් වලටත් සබ් දෙන්න පුලුවන් නම් නියමයි. චක් නොරිස් ගේ ෆිල්ම් වලට කවුරුවත්ම සබ් දෙන්නේ නෑ.

    චක් නොරිස් ගේ The Delta Force 1986 ෆිල්ම් එකට බයිස්කෝප් අඩවියෙහි සොහොයුරකු විසින් සබ් දීලා තිබුණා. මුලු බයිස්කෝප් අඩවියටම චක් නොරිස් ගේ සබ් තියෙන්නේ ඒක විතරමයි. සහෝට පුලුවන් නම් ඒකේ දෙවන කොටස වන Delta Force 2 1990 ෆිල්ම් එකට සබ් දෙන්න. චක් නොරිස් ගේ තව ෆිල්ම් වලට සබ් දෙන්න පුලුවන් නම් නියමයි. කවුරුවත්ම කරන්නේ නැති නිසා. The Goonies 1985 ෆිල්ම් එකටත් හැකි නම් සබ් දෙන්න.

  10. Nelson

    Good work friend, Thanks for the sub!

  11. විමා

    සබට බොහොම තුති මලේ
    මේවා වටිනවා.. :)

  12. Udaya Fdo

    Thank you

  13. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ Documentaryවලට සබ් කරන එක නම් පුදුම විදිහට වටිනවා ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා.. වැටෙන කමෙන්ට්ස් ප්‍රමාණය ඩවුන්ලෝඩ් ප්‍රමාණය ගැන නොහිතා බයිස්කෝප් ටීම් එකේ අය මේ වගේ documentary ෆිල්ම්වලට ටීවී සීරිස්වලටත් දිගටම අනිත් ෆිල්ම්වලට සබ් කරනවා වගේ සබ් කරන්න පටන් ගන්නව නම් වටිනවා මොකද documentary එකකට සබ් එකක් මේකෙ පලවෙන්නේ කලාතුරකින් දැන් දවස් හතර පහකට කලින් First Man (2017) documentary film එක දුන්නා ඒකත් මාර අධ්‍යාපනික වටිනාකමක් තියන ෆිල්ම් එකක්.. ඉස්සර නම් documentary tv showවලට සබ් කරපු අය හිටියා planet dinosaur, blue planet, bbc africa, bbc life වගේ වටින tv showවලට සබ් කරපු අය හිටියා (තව tv show තියනව මට මතක ටික විතරයි දැම්මෙ :) ) documentary film එකකට ඉඳල හිටලා සබ් එකක් මේකෙ පල වුණත් documentary tv show එකකට නම් සබ් එකක් දැන් පලවෙන්නෙම නැති ගානයි Ancient Aliens එකත් මඟ නැවතිලා.. මේ වගේ වටින වාර්තාමය වැඩසටහන්වලට සබ් අඩුවෙන්න හේතුව සබ් බාගන්න ගොඩක් අය documentary film, tv series බලන්න වැඩි කැමැත්තක් නැතිකමයි සබ් කරන ගොඩක් අය කමෙන්ට් ගැනයි ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණය ගැනයි හිතන එකයි කියලයි මට හිතෙන්නේ (වැරදියට තේරුම් ගන්න එපා මං සබ් කරන අයට දොසක් කිව්ව නෙවේ තමන්ගෙ කාලය ශ්‍රමය වැය කරන් සබ් කොටන අයගෙ සතුට වැටෙන කමෙන්ට් ටිකයි ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණෙයි කියල මං දන්නවා).. පුළුවන් නම් documentary filmවලට, tv seriesවලට සබ් කරන්න ඉගෙනගන්න අයට, ඉගෙනගන්න ආස අයට හරි වටිනවා :)

  14. Anonymous

    Tnx bro

  15. Madhawab

    Thank you.......!!!

  16. thilina

    Mewage ewata sub karanawata godak isthuthi !

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Wayantha Sandaruwan

    මේ වගේ ෆිල්ම් එකකට සබ් කරපු එකට ගොඩක් ස්තූතියි සහෝ, මේව බලන කට්ටිය සාපේක්ෂව අඩු උනත් ඒ අය වෙනුවෙන් සබ් දෙන්න ඉන්නෙ බොහොම ටික දෙනයි. ඒ නිසා ගොඩක් පින්. ජය වේවා!

  19. D.Chamara

    bohoma sthuthi ..

  20. sisira

    මම බලන්න ලැබුණු ලස්සනම වාර්තා චිත්‍රපටයක් ඔබට බොහොම පින් ..මේ වගේ තවත් වාර්තා සිනමා පටයකට උපසිරසි ලබා දෙනකම් බලාපොරොත්තුවෙන් ඉන්නම්.

  21. udulakasun081

    macho godak thanks... ape siya mara vidihata sathutu una

  22. Anonymous

    Thannks for sub

  23. Dewadithya

    Thanks for sub!

  24. wasantha senadheera

    ගොඩක් ආශාවෙන් බැලුව documentary එකක්....මේ වගේ තවත් ගොඩක් ඒවා සබ් නැති නිසා මග ඇරෙනවා...පුලුවන්නම් ඒවටත් සබ් දෙන්න...සබ් එකට ගොඩක් ස්තුතියි...

  25. Buddhika Lakmal

    Thanks Brother.. Good job.... ♥♥

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.