Watch Trailer

Don’t Kill It (2016) with Sinhala Subtitles | මරන්න හිතන්නවත් එපා!! [සිංහල උපසිරසි සමඟ]

ටික කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් ඔයාල හමුවෙන්න ආවෙ 2016 වර්ෂයේ තිරගතවුණු සලරුවක් අරගෙනයි. ඉතින් මේ වතාවෙ තෝරගත්තෙ Action | Comedy | Fantasy | Horror කියන ගණයන්ට වැටෙන ඇමෙරිකානු සිනමා නිර්මාණයක්. මේ සිනමාපටය මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2016 අගොස්තු විසිහත්වෙනිදා ජර්මනියේදී. ඇමෙරිකාවේ තිරගත කිර…

ටික කාලෙකට පස්සෙ ඔන්න ආයෙත් ඔයාල හමුවෙන්න ආවෙ 2016 වර්ෂයේ තිරගතවුණු සලරුවක් අරගෙනයි. ඉතින් මේ වතාවෙ තෝරගත්තෙ Action | Comedy | Fantasy | Horror කියන ගණයන්ට වැටෙන ඇමෙරිකානු සිනමා නිර්මාණයක්. මේ සිනමාපටය මුලින්ම තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2016 අගොස්තු විසිහත්වෙනිදා ජර්මනියේදී. ඇමෙරිකාවේ තිරගත කිරීම ආරම්භ කරල තියෙන්නෙ 2017 මාර්තු තුන්වෙනිදා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Mike Mendez අධ්‍යක්ෂකවරයා විසින්. තිරපිටපත් නිර්මාණය Dan Berk සහ Robert Olsen විසින්. අපි කවුරුත් දන්න Universal Soldier, Universal Soldier: Regeneration, The Expendables, The Expendables 2, Universal Soldier: Day of Reckoning වැනි සිනමා නිර්මාණ වලට තම රංගන දායකත්වය ලබා දීපු Dolph Lundgren තමා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ. Kristina Klebe, Elissa Dowling, Michael Aaron Milligan, Billy Slaughter වැනි නළු නිළියනුත් රංගනයෙන් දායක වෙලා තියනවා.

චිත්‍රපටයේ රූගතකිරීම සිදුකරල තියෙන්නෙ ඇමෙරිකාවේ මිසිසිපි ප්‍රදේශයේදී. Archstone Pictures සහ Burning Sky Films කියන සමාගම් දෙක තමයි මේ සිනමාපටයේ නිෂ්පාදන කටයුත්තට දායකත්වය ලබාදීල තියයෙන්නෙ. ඉතින් මිනිත්තු 83ක් පුරාවට ගලායන කතාවකින් යුත් මේ සිනමාපටය IMDb දර්ශකයේ 5.2/10ක් වගෙම තක්කාලි දර්ශකයේ 100%ක් ලබාගෙන තියනවා.

ඉතින් කතාව ගැන කියනව නම් හැම දෙයක්ම පටන්ගන්නෙ තමන්ගෙ සුරතල් බල්ලා ”ටයිටස්” එක්ක මුව දඩයමේ යන ”ග්‍රේබ්‍රියෙල්” කියන චිකරි ක්‍රීක් නගරයේ පුද්ගලයෙක් මුහුණ දෙන සිදුවීමකින්. ග්‍රේබ්‍රියෙල් මුව දඩයමේ ගිහින් මුවෙකුට වෙඩිතියලා එයාගෙ බල්ල ටයිටස් ව මුවාගෙ පස්සෙන් යවනවා. ඒත් ටයිටස් ආපහු එන්න පරක්කු නිසා ග්‍රේබ්‍රියෙල් ටයිටස් හොයන්න ගියාම එයා දකිනවා ටයිටස්ට පොඩි ඇන්ටික් රත්තරන් මංජුසාවක් වගේ එකක් හම්බවෙලා තියනවා.මේ මංජුසාවෙ පියන ඇරිල තමා තියෙන්න.ඉතින් ග්‍රේබ්‍රියෙලුත් මේක දැකලා වාසියක් වෙන්න ඇති කියල සතුටු වෙනවා. ඒත් එයාගෙ සුරතලා ටයිටස් නම් ටිකක් වෙනස් වෙලා කියල ග්‍රේබ්‍රියෙල්ට තේරෙනවා. ග්‍රේබ්‍රියෙල් හිතුව හරි, එක පාරටම ටයිටස් ග්‍රේබ්‍රියෙල්ගේ ඇඟට කඩාපැනල එයාව මරන්න උත්සහ කරනවා. ඉතින් ග්‍රේබ්‍රියෙල්ට වෙන තේරීමක් නැති නිසා එයා ආදරෙන් හැදුව සුරතලාට වෙඩිතියල මරන්න සිද්ද වෙනවා. ටයිටස් ව මැරුවට පස්සෙ එතනින් නැඟිටලා යන්නෙ කලින් හිටපු ග්‍රේබ්‍රියෙල් නම් නෙවෙයි. ලේ පිපාසයෙන් වියරු වැටුණු අමනුශ්‍යයෙක්!! බලලම ඉන්නකෝ…

”හැම අමනුෂ්‍යයෙක්ම එකිනෙකාට වෙනස්,
       ඒත් උන් හැමෝටම උන්ගෙම කියල
රූපය වෙනස් කරගන්න ක්‍රමයක් තියනවා.”
                                              –ජෙබඩායි වූඩ්ලි–

~~MAY WE MEET AGAIN~~
~~අපි නැවත හමුවේවි~~

Don't Kill It (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

Dont.Kill.It.2016.720p.BRRip.x264.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

6,326 downloadsDownload Dont-Kill-It-2016.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/IsuruSampath1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉසුරු සම්පත් සිරිසේන

Subtitles

6,326 downloadsDownload Subtitles40 KB

22 comments

  1. Isuru Upendra

    එලම මචං
    මාත් බලල නෑ බලන්න ඕනි
    තව තවත් සබ් කරමු
    වැඩේ එල කිරි වගේ...... යනවා

  2. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    kavinda gamage වෙත,
    (මගේ comment කොපි කරන්න එපා)

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  4. අසිත

    elama saho thanks

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  6. Rajitha

    Thanks machan......jayawewa.....!

  7. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!!

  8. Udara Damith B/K

    .....................උපසිරැසියට බොහොම ......................
    .............ස්තුතියි.................................

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. tharangani

    thanks

  11. Jack

    නියමයි මචෝ….
    බොහෝම ස්තුතියි සබ් එකට..
    ජය…

  12. D.Chamara

    bohoma sthuthi sahoooo

  13. Black Panther

    මේ අඩවිය ගැන තවත් විස්තර කියනව නම්, මේක සේවයක් විදියට කරන දෙයක් මිසක් මුදල් ඉපයීමට කරන දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට වගේම ඔයාලටත් මේ අඩවියට සම්බන්ධ උනා කියල මූල්‍යමය වාසියක් ලැබෙන්නෙ නෑ. නමුත් හිතට දැනෙන සතුට නම් බොහොමයි. මේ වැඩේට කැමති කට්ටිය පහළ තියෙන ඊමේල් ලිපිනයෙන් අපිව සම්බන්ධ කරගන්න.

    මුලින් මේම තමා කියන්නේ..ඒත් බලහල්ලකෝ ඇඩ් දාලා දෙන ආතල් එක 25000-30000 ඉලු..යකෝ මෙචර මහන්සි වෙලා සබ කරන එව්න්ට සත පහක්වත් හම්බවෙන් නෑ..ඒකට මොකද...මුන් නම් හොදට හම්බකරනවනේ දැන් දැන්..ඒ උනාට එද්දි කියන්නේ සේවය මුලට දාලා..

    1. Sisila Prasad

      මචං, කිසිම දෙයක් නොදැන බොරුවට කතාකරන්න එපා. මේ ඇඩ් දාලා සල්ලි අරගෙන ඇඩ්මින්ලා කාලා ඇඳලා ඉන්නෙ නැහැ. බයිස්කෝප් සිංහලෙන් ප්‍රධාන සයිට් එක, බයිස්කෝප් මංසල, බයිස්කෝප් ඩවුන්ලෝඩ්... මේ විදියට අපේ සයිට් තුනක් තියෙනවා. මේ සයිට් තුනේ සර්වර් වලට මාසෙකට ලොකු ගාණක් ගෙවන්න ඕනේ. අනිත් එක සයිට් එකක මොකක්හරි ප්‍රශ්නයක් ආවොත් ඒවා හදාගන්න ලොකු මුදලක් යට කරන්න ඕනේ. පිට ඉන්න මිනිස්සුන්ට මේ දේවල් වල තියෙන අමාරුව තේරෙන්නේ නැහැ. සයිට් එක කරගෙන යන මිනිස්සු තමයි මේකේ තියෙන අමාරුව දන්නේ. අනිත් එක, අපි මේ සල්ලි සමාජ සුබසාධනය වෙනුවෙන් පවා වියදම් කරනවා. මේ අවුරුද්දෙත් ගංවතුරෙන් අනාථ වෙච්ච මිනිස්සුන්ට සහනාධාර යැව්වා. මේවා ලොකුවට පෝස්ටර් ගහගෙන, අපි මෙහෙම කළා, අරහෙම කළා කියලා මුළු ලෝකෙටම අඬබෙර ගහලා කියන්න අපිට උවමනාවක් නැහැ.

      ඔයාට මේ සම්බන්ධව මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලින්ම ඇවිල්ලා කතාකරන්න. නැතුව බොරු නම් දාගෙන, හැංගි හැංගි කියන කතා අපි නම් තුට්ටුවකට වත් ගණන් ගන්නේ නැහැ.

    2. හසන්ත

      ඔව් මුල දවස් වල එහෙම කිව්වා තමා. එතකොට සයිට් එකට ආව පිරිස බොහොම ටිකයි. එතකොටත් කිසිම දැන්වීමක් නොදා අපි මේක කලේ අපේ අතේ වියදමෙන්. දැන් එහෙම කරන්න බැහැ මහත්තයෝ හිතේ සතුටට කලා කියල සර්වර් එක දෙන අය ඒවගේම සර්වර් මැනේජ් කරන ආයතන මෙව්වා හිතේ සතුටට නොමිලේ දෙන්නේ නැහැනේ. දැන්වීම් දාන්නේ ඇඩ්මින්ලා හම්බකරගන්න නෙමේ මේකේ තියෙන වියදම හොයාගන්න. අනික ඔබතුමා නොදන්නවට සයිට් එකේ ආදායම් වියදම් උපසිරසිකරුවන්ට හැම මාසෙකම උපසිරසිකරුවන්ට පමණක් සීමිත උන ගෘප් එකක දකින්න සලස්වනවා.

      සර්වර් එකට ඩොලර් 121 යි සර්වර් මැනේජ් කරන සමාගමට ඩොලර් 80ක් ගෙවන්න මේකේ රුපියල් සීයේ දෙකේ දැන්වීම් දාල බැහැ සහෝදරයා. ඔයා මෙහෙම ඔහේ කමෙන්ට් එකක් කොටලා ගියාට මේක මේ විදිහට පවත්වාගෙන යන්න රු 31,000 වැඩි මුදලක් මාසිකව අපි හොයන්න ඕනේ. මේ හැම මාසෙකම අනිවාර්යෙන්මෙ ගෙවන මුදල. මීට අමතරව සයිට් එකේ තාක්ෂණික ගැටළු ආවම එව්වා කවුරුත් නිකන් කරලා දෙන්නෙත් නැහැ. ඒ හැමදෙයක්ම කරන්නේ මේ සල්ලි වලින්. මෙතන එක සයිට් එකක් උනාට අපි වෙබ් අඩවි තුනක් කරගෙන යනවා කියල නොදන්නවා ඇති. බයිස්කෝප් මංසල, බයිස්කෝප් සිංහලෙන්, බයිස්කෝප් ඩවුන්ලෝඩ් මේ හැම එකක්ම යැපෙන්නේ මෙතනින්. සිසිල සහෝදරයා කිව්වා වගේ මීට අමතර දේවල් කරලා තියෙනවා. ඒවා උපසිරසිකරුවෝ දන්නවා. ලෝකෙට පෙන්න පොටෝ ගහගෙන අපි මේක කලා අරක කලා කියන එක නොකර අපි අපේ යුතුකම් සමාජෙට කලබව උපසිරසි කරන අය දන්නවා. කීබෝඩ් එකේ බට්න් තිබ්බ පලියට ඔබන්න එපා යථාර්තය දැනගෙන අදහස් ප්‍රකාශ කරන්න.

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Udaya Fernando

    උපසිරැසියට බොහොම ස්තූතියි.

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. hasith

    tnx bro

  18. Lahiru ishan

    Thanks for sub

  19. Isuru Upendra

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ....

  20. Ayesh

    Supiriy sahooo.... jayama wewaaa