[box]ඉතින් යාලුවනේ අද අපේ baiscope වෙබ් අඩවිය තවත් කඩ ඉමක් පසුකලා ඔන්න. ඒ තමයි උපසිරැසි 1000 ක් සම්පූර්ණ කිරීමේ අභියෝගය ජයගත්ත එක. ඒ කඩඉම පසුකල අපේ baiscope වෙබ් අඩවියට සුබ පැතුම් එක් කරන්න කැමතියි මම මුලින්ම. ඒ වෙනුවෙන් ඔයාලට විවිධ භාෂාවන්ගෙන් සිනමාපට කිහිපයකටම අද දිනයේ උපසිරැසි ලබාදෙන්නයි අපේ සහෝ…
ඉතින් යාලුවනේ අද අපේ baiscope වෙබ් අඩවිය තවත් කඩ ඉමක් පසුකලා ඔන්න. ඒ තමයි උපසිරැසි 1000 ක් සම්පූර්ණ කිරීමේ අභියෝගය ජයගත්ත එක. ඒ කඩඉම පසුකල අපේ baiscope වෙබ් අඩවියට සුබ පැතුම් එක් කරන්න කැමතියි මම මුලින්ම. ඒ වෙනුවෙන් ඔයාලට විවිධ භාෂාවන්ගෙන් සිනමාපට කිහිපයකටම අද දිනයේ උපසිරැසි ලබාදෙන්නයි අපේ සහෝදරවරුන්ගේ සූදානම. ඉතිං මටත් ඒකෙ කොටස්කරුවෙක් වෙන්න ලැබීම ගැනනම් ලොකු සතුටක් තියෙන්නේ. කොච්චර වැඩ රාජකාරි තිබුනත් මේ වගේ දෙයක් කරනවා සහෝ සහයෝගයක් දෙන්න පුලුවන්ද කියලා විකියා සහෝ කල ඉල්ලීම අහක දන්නේ කොහොමද. ඉතිං මීට කලින් මම හින්දි, දෙමල, තෙලිඟු, ඉන්දුනීසියන්, ඉංග්‍රීසි මේ හැම එකකටම උපසිරසි දුන්නනේ. ඒක නිසා මේ සැරේ වෙනසකටත් එක්ක අද ඔයාලට ජර්මන් ෆිල්ම් එකකට උපසිරැසි දෙන්නයි සූදානම. තවම උපසිරැසි දීලා තියෙන්නේ 15ක් විතර වුනාට විවිධ භාෂා 6ක් යටතේ වෙනස් නිර්මාණ කරන්න පුළුවන් වුන එක ගැනත් සතුටක් තියෙන්නේ.
එහෙනම් අපි ස්ටොරිය දිහාටත් හැරිලා බලමු නේද පොඩ්ඩක්. ඔයාල හැමෝම දන්නවා ඇතිනේ ජර්මනිය කියනකොටම මතක් වෙන්නේ කවුද කියලා. අවිවාදයෙන්ම ඒ තමයි ඇඩොල්ෆ් හිට්ලර්. 2004 දී නිකුත් වුන මෙම ජර්මානු සිනමා පටයෙන් කියවෙන්නේ හිට්ල්ර්ගේ පාලනයේ කඩාවැටීම පිළිබඳව ට්‍රවුඩි ජුන්ගේ ඒ කියන්නේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ අවසන් ලේකම්වරියගේ සටහන් තමයි මේකේ ඇතුලත් වෙන්නේ. ඒ වගේම මේක තමයි හිට්ලර් පාලනය පදනම් කරගෙන බිහිවූ පළමු ජර්මානු සිනමාපටය. imdb රේටින් 8.3ක අගයක් ලබාගන්නත් මේක සමත් වෙලා තියෙනවා.ලෝකේ හොදම චිත්‍රපට අතර 112 ඉතින් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ෆිල්ම් එක කොහොමද කියලා.
මේකේ කතාව පටන් ගන්නේ, 1942 නොවැම්බර් මාසෙදි තරුණ කෙල්ලෝ කණ්ඩායමක් කෘර පාලකයාගේ (හිට්ලර්) මූලස්ථානයට යනවා ඔහුගේ ලේකම් තනතුර සඳහා සම්මුබ පරීක්ෂනයකට. මේකෙදි ඒ සඳහා තෝරාගන්නේ මියුනිච් වලින් ආපු අවූරුදු 22ක් වුන ට්‍රවුඩිව. නමුත් මේකේ ඉතිරිය ගලාගෙන යන්නේ 1945 ඇතිවන ජර්මන් රුසියන් යුද්දයත් සමග. මෙම සිනමා පටන් විග්‍රහ කරන්නේ හිට්ලර්ගේ පාලකයෙක් වශයෙන් කොහොමද ඔහු තීරණ ගත්තේ කියලා. ඒ වගේම මටනම් මේක බලද්දී හැඟුනේ කොතරම් කෘර පාලකයෙක් වුනත් ඔහු තුලත් සේවකයන් කෙරෙහි කරුණාවක් නොතිබුනා නෙවෙයි. ඒ වගේම ඔහුට පනටත් වඩා ආදරය කරපු මිනිසුන් පිරිසක් පවා ඉන්නවා හිට්ලර් වෙනුවෙන් තම ජීවිතය වුනත් කැප කරන්න සූදානම් වුන. හැබැයි හිට්ලර්ට ද්‍රෝහී වෙන අයටනම් කාගේ කවුරු වුනත් ඔහුගෙන් සමාවක්නම් නෑ.
යුද්ධයේ අවසන් කාලයේ ඇතිවන ගැටළු මොනවද හිට්ලර් ඒවාට කොහොම මුහුණ දේවිද ? මේ එඩිතර කෘර නායකයාව අල්ලගන්න රුසියානු හමුදාවන්ට හැකි වේවිද? ඔහුත් සමග ඉන්න හමුදා නිලධාරීන්ට මොන වගේ තත්වයන්ට මුහුණ දෙන්න වේවිද ? බලයට ඇති කෑදර කම නිසා සිදුවන පාවාදීම් මොනවද? මේ වගේ ගැටළු වලට විසඳුම් හොයාගන්නනම් ඔයාලට මේකත් අරගෙනම බලන්න වෙනවා.
කට්ටියටම එහෙනම් ජයවේවා කියලා ප්‍රර්ථනා කරනවා…..!!!
820 MB කොපිය මෙතනින් බාගන්න 824752c2579af1dbfc2483639c26ad3897fd6412 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,327 downloadsDownload Downfall.2004.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/නවීන්-ලක්ෂිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවීන් ලක්ෂිත
Subtitles
73 comments
නීනු
සමීර කරුණාරත්න
ඔන්න එහෙනම් නවීන් ජර්මනියට....
විකියාගේ ලෝකය පුරා හොර වීසා දීමේ ව්‍යාපාරය නැගලා යනව කියන
එක නම් හොදටම පේනවා.... කොහොම කොහොම හරි උපසිරැස ටික අගේට ලැබෙනවා නොව, එහෙනම් බොහොම ස්තුතියි සහෝ....හසන්ත වික්‍රමරත්න
අද සබ් දෙනවා නිකන් රම්පෙට පොරි හැලෙන්න....
දැනට රටවල් දෙකකට ගියා දැන් තුනායි...
නියමයි නවීන් සහෝ...නීනු
මෙව්වා බලන්න... අපිට ටෙලිකොම් එකෙන් සහන පැකේජ් ටිකක් අරන් දෙන්න ක්‍රමයක් තිබ්බා නම් එළ
naleen
තැන්ක්ස්
upali
ela ela ela ela
tharanga
ලොවෙත් නෑ පට්ට හොදේ මේවා නම් අනිවා බලනවා!
quik
thanks
Hitha Honda kolla
(Y)
Isuru
patta patta hode
kalinga
අනිවා බලන්න ඕනේ ...ජය
නලින්
ස්තුතියි නවියා..
මෙවගේ පට්ටම පට්ට කථාවක් අපිට ගෙනාවට
ජය වේවා පැට්ටෝ...!
lasidu
ජයම වේවා!!!!!! මචං
wow
wow..maru :D
shann
මාත් බලනවා මේවා මග අරින්නේ නෑ තුති
ශාන් විමුක්ති [වීමා] 〠
හොද වෙලාවට විකියගෙන් හොරට පාස් පෝට් ටිකයි වීස ටිකයි ගහගත්තෙ
උදෙන්ම ඉතාලියට ඊලග ස්පාඤ්ඤයට දැන් ජර්මනෛයට...
හනෙ අප්පේ... ආසාවෙ බෑ :D
එල තමා ලක්ෂිතයෝ....ජය හොදේ ;)හොද වෙලාවට විකියගෙන් හොරට පාස් පෝට් ටිකයි වීස ටිකයි ගහගත්තෙ
උදෙන්ම ඉතාලියට ඊලග ස්පාඤ්ඤයට දැන් ජර්මනෛයට...
හනෙ අප්පේ... ආසාවෙ බෑ :D
එල තමා ලක්ෂිතයෝ....ජය හොදේ ;)ccnp
Thanks
aruna
thank you malli, thank you
amilatk
jayen jayama wewa!!!
uda
හිට්ලර් ජමනිය හෙල්ලුවා වගේ අපේ බයිස්කෝප් සගයෝ ලංකාව හොල්ලනවා සිංහල උපසිරැසිකරණයෙන්. හිට්ලරුත් පටන්ගත්තෙ පොඩියට. තවත් එක සොල්දාදුවෙක් විදිහට. අන්තිමේ ලෝකෙම හෙල්ලුවා. අපටත් බැරි වෙන එකක් නෑ දවසක ලොකෙත් හොල්ලන්ඩ.
මම හිතන්නේ මේ අධ්‍යක්ෂකවරයාගේත් කඩඉම් නිර්මාණයක් විය යුතුයි මෙය. හිට්ලර්ව වෙනස් මානයකින් දුටු හැටි නිසාම වෙන්නට ඇති මෙතරම් ප්‍රසාදයක් හිමිකරගන්නට හැකියාව ලැබුණෙත්.
බොහොම අගෙයි නවීන් සහෝ කෙටි කාලයක් තුළ 15ක් කළා වගේ තවත් වැඩි වේගෙන් 50 කරා යන්න හැකිවේවායි පතනවා! එහෙමනම් ස්තුතියි මෙවන් චරිත කතාවකුත් අද වෙනුවෙන් එකතු කළාට! තුති සහ ජය!
කසුන්
උනුසුම් සුබපැතුම් 1000 ට.. මාස කීපයක් තුල 2000ත් කරන්න හැකිවේවා..
Lakshan jayasuriya
මෙන්න නියම ෆිල්ම්,සබ්වලට තෑන්ක්ස් සහෝ......
indika
thnq machoo...!! :)
mudiya / මුදියා
ඒක තමයි එහෙනම් මේ අද දවස පුරා එස්.එම්.එස්. එයි කිවුවෙ.ඔෆිස් එකේ අන්ලිමිටඩ් පැකේජ් එකට පින්සිද්ධ වෙන්න බාන්න නම් පුළුවන්.ඒත් ඉතිං බලන්න වෙලාව කොහෙන්ද දෙයියනේ හොයන්නෙ.කොහොමහරි මැක්සම එකක් නවීන් දීල තියෙන්නෙ.පෝස්ටරේ තියෙනවනෙ සම්මාන ටිකයි ඇගයීමයි.ඉතිං බලන්නෙ නැතුව කොහොමද.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!
sura
ela machan
දිනිඳු සම්පත්
අදනම් ලෝකෙ තියෙන ගොඩක් භාෂා වලින් අපිට චිත්‍රපටි ලැබෙනවා වගේ.. හිට්ලර් කොච්චර දුෂ්ඨයෙක් උනත් නියම භාණ්ඩයක්. හිට්ලර් ගැන අදටත් කතා ලියවෙන්නෙ, සිනමාපට බිහිවෙන්නෙ ඒ නිසයි. ඉතින් ලක්ෂිත සහෝ. බොහොම ස්තූතියි ඔයාගෙ උපසිරැසියට. ජයවේවා.!
Sd
Ela Ela
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා......….. බුදු සරණයි…............
ප්‍රශන්න
අප්පටබොල මේකත් බලන්න එපෑය… ඒකත් බානවා
shen
Meke sub file eka extrct wen nhane bro....
sachith
නියමයි. සිංහල උපසිරසි එක්ක ආයෙත් බලනවා.
තුතිආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි සහෝ අද වගේ දවසක ඔයා නියමම ෆිල්ම් එකක් තෝරන් තියෙන්නේ....මේ වගේ එව්වා ඉතින් බලන්නම තියෙන එව්වා තමයි, අනිවා බලනවා..මගේ සුභ පැතුම් ඔයාට අපේ සහශ්‍ර සමරුමටත්...ජය වේවා!!!
Eranga
shaaaaaaaaaaa nice wish your all the best
hm
මේ ෆිල්ම් එක මිට කලින් මම බලල තියෙනවා.නමුත් සිංහල සබ් තියෙන නිසා ආපහු බලනවා.ඒ වගේම මම ඉල්ලීමක් කරන්න කැමැති.විශිෂ්ඨතම සිනමා නිර්මාණ කරුවන්ගේ නිර්මාණත් දහයකට එකක්වත් දෙන්න.
d2dinu
ජයෙන් ජයවේවා!
“චූටී මල්ලි”
පට්ටනෙ සහෝ
මේ සුවිශේෂි දිනයෙ අප වෙනුවෙන් උපසිරැසියක් ලබාදුන් ඔබට
මාගෙ ප්‍රණාමය...
ඔබට සදා ජය...ගයාන්
තෑන්ක්ස්
රොයිලි
බොහොම ස්තූතියි නවීන් සහෝ බයිස්කෝප් උපසිරැසි 1000 වෙනුවෙන් මේ දීපු සිංහල උපසිරැසියට. කලින් බලලා තිබ්බත් උපසිරැසි එක්ක ආපහු බලනවමයි. :P :P
dimuthu තරංග ඉලුක්කුඹුර
නියම කතාවක්නේ ඔන්න මමත් ගත්තා,ජයවේවා.
kkg
පට්ට යන්න ස්තූතියි සබ් වලට ජයෙන් ජයක්ම වේවා !
Uvindu sathsara
naveen thanks
රාම් රාජ්
ස්තූතියි නවීන් බලන්නම හිටිය ෆිලම් එකක්.
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
ගොඩක් ස්තුතියි
waruna
patta wadak..thanks bro,keep it up
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
heshad
thaknk machan ...........patta story akak .......
isuru neranjan
patta
Kalpa
der untergang best movie ever.
prabath
thanks bro...
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

නියමයි