Watch Trailer

Drishyam 3 (2026) Sinhala Subtitles | අතීතය කිසිදා නිහඬව නොසිටී… එය බලා සිටිනවා පමණි [සිංහල උපසිරැසි]

Drishyam 3 (2026) Sinhala Subtitles හොඳයි එහෙනම්. ඔන්න එහෙනං මං හරියටම අවුරුදු තුනකට පස්සේ හොදම මලයාලම් ෆිල්ම් එකකට සබ් එකක් අරං ආවා. මලයලම් සිනමාවට වසන්තයක් ගෙනාපු ෆිල්ම් එකක් තමා Drishyam (2013). ඉතිං මට මේ ෆිල්ම් එකෙත් සබ් එක කරන්න ඒ කාලේ පුලුවන් උනා. ඉතිං ඒ කාලේ මේ සබ් එක මට කරන්න පුලුවන් උන එක…

Drishyam 3 (2026) Sinhala Subtitles

හොඳයි එහෙනම්. ඔන්න එහෙනං මං හරියටම අවුරුදු තුනකට පස්සේ හොදම මලයාලම් ෆිල්ම් එකකට සබ් එකක් අරං ආවා. 

මලයලම් සිනමාවට වසන්තයක් ගෙනාපු ෆිල්ම් එකක් තමා Drishyam (2013). ඉතිං මට මේ ෆිල්ම් එකෙත් සබ් එක කරන්න ඒ කාලේ පුලුවන් උනා. ඉතිං ඒ කාලේ මේ සබ් එක මට කරන්න පුලුවන් උන එක ගැන ඇත්තටම මට ගොඩාක් සතුටුයි. දෙවෙනි ෆිල්ම් මට කරන්න හම්බුනේ නෑ මොකක් හෝ නොවැලැක්විය හැකි හේතුවකට. මලයාලම් සිනමාවේ කොටි 50 ක් ගහපු පලවෙනි ෆිල්ම් එක මේක තමා.

Drishyam (2013) ෆිල්ම් එකේ කතාව ඔයාලට මතක ඇති නේ.වරුන් ප්‍රභාකර් ජෝර්ජ් කුට්ටිගෙ දුව ට තර්ජනය කරන්න ගෙදරට ගියාම  එතනදි වෙච්ච සිද්ධි දාමය එක්ක, දුව එයාගෙයි, අම්මගෙයි ආත්මාරක්ෂාවට එයා කරපු දේ. ඉතිං එතනදි වරුන් මැරෙනවා. ඉතිං මේක පස්සෙ ජෝර්ජ් කුට්ටිට කිව්වට පස්සේ එයා දන්න ඔක්කොම දහං ගැට දාලා ඒ චෝදනාවලිං නිදහස් වෙන්න වැඩ කලා. විශේෂයෙන්ම අගෝස්තු 2 සහ 3 කියන දවස් වලිං කරපු මතක වංචාවෙන්. ඉතිං ඒකේ අන්තිමට පෙන්නුවානේ වරුන්ගේ මිනිය හංගන්නේ අලුතෙන් හදන්න ගත්තු පොලිස් ස්ටෙෂන් එකක කියලා.

ඉතිං මේ ෆිල්ම් එක පස්සේ තෙලිගු මලයාලම් හිංදි කන්නඩ වගේම අපේ සිංහල භාෂාවෙනුත් මේක Remake කලානේ. ජැක්සන් ඇන්තනි මහත්මයගේ හරිස්චන්ද්‍ර ගෙ චරිතයත් මතක ඇති නේද ඔයාලට. මෝහන්ලාල් වගේම හොද රංගනයක් අපේ ජැක්සන් ඇන්තනි මහත්මයා දැක්වුවා කියලා ඔයාලට මතක ඇති නේ.

ඉතිං මේ ෆිල්ම් එකේම චීන ෆිල්ම් එකකුත් ආවා. ඒ එක්කම මේ අවුරුද්දේ ඉන්දුනීයානු ෆිල්ම් එකකුත් එනවා Ayah, Aku Mau Cerita… (2026) කියලා.

එහෙනං අපි දෙවෙනි ෆිල්ම් එක ඒ කියන්නේ Drishyam 2 (2021) පැත්තට හැරෙමු.  මේ ෆිල්ම් එක සිනමාශාලා වලට එන්න තිබ්බ ෆිල්ම් එකක් නමුත් ඒ කාලයෙ පැවතුන කොවිඩ් වාතාවරණෙත් එක්ක මේ ෆිල්ම් එක කෙලින්ම ඇමසන් ප්‍රයිම් හරහා විකාශණය කරන්නට එහි නිෂ්පාදකයින් තීරණය කරනවා. මේකේ සබ් එක කලේ අපේ සිසිල සහෝදරයයි, තරිදු සහෝදරයයි.

පළමු සිදුවීමෙන් අවුරුදු 6කට පස්සේ, ජෝර්ජ්කුට්ටි දැන් ෆිල්ම් හෝල් එකක අයිතිකාරයෙක්, ඒ වගේම කවදාකම හරි එයාගෙම ෆිල්ම් එකක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. ඒත් රහස් පොලීසිය මේක අතෑරලා තිබුනේ නෑ, මතකයි නේද රහස් පොලීසියෙන් අසල්වැසි අඹු සැමි යුවලක් වගේ රගපාලා ඇත්ත දැනගන්න දරපු උත්සහය, ඒත් ඒකත් හරි ගියේ නෑ. මෙතනදි ජෝර්ජ් කුට්ටි ඒ අස්ථි කොටසුත් මාරු කරලා ගේමක් ගහනවා.

ඉතිං මේ ෆිල්ම් එකේම සදහන් වෙනවා ජෝර්ජ් කුට්ටිට නීතියෙන් දඩුවම් ලැබුනේ නැතත් මානසිකව දඩුවම් ලැබිලා තියෙන්නේ කියලා, එ කියන්නේ තමන් කොයි වෙලේ අහු වෙයිද කියන බයෙන්. ඉතිං එහෙම අහු නොවි ජීවත් වෙන්න කොච්චර නං දහං ගැට දදා ඉන්න වෙනවද. හෘද සාක්ෂියෙන් එයාට දඩුවම් ලැබිලා ඉවරයි.

ඉතිං මේ ෆිල්ම් එක ඇසුරින්ම ලංකාවේ ප්‍රතිනිර්මාණය වුණ ධර්මයුද්ධය 2 සිනමාපටයත් බොක්ස් ඔෆිස් වාර්ථා බිද හෙලමින් තිරගත්ත වුණා. ජැක්සන් ඇන්තනි මහත්මයගෙ අභාවයත් එක්ක, ඒ චරිතෙට පණ පොවන්නේ බිමල් ජයකොඩි විසින්. ඇත්තටම ඒ චරිතෙට බිමල් ඇරෙන්න වෙන නළුවෙක් හොයාගන්න ඇත්තටම අමාරුයි. 

ඉතිං අද මේ තුන්වෙනි ෆිල්ම් එකෙන් බලාගන්න පුලුවන් එයාගේ වගේම එයාගේ පවුලේ අයගෙත් හෘද සාක්ෂිය එයාටම අභියෝග කරන විදිය. ඉතිං මං ඒ ගැන කියන්න යන්නේ නෑ ඔයාලම බලලම ෆිල්ම් එක ගැන කමෙන්ට් එකක් දාන්නකො.

ඉතිං මේ ෆිල්ම් එකත් දැං මේ වෙනකොට කෝටි 300 පහු කරලා ආදායමක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම දැනට වැඩිම ආදායම ලබා ගත්  මලයාලම් සිනමපට අතර හතරවන ස්ථානයේ මෙය පසුවනවා.

 

ඉතිං මං මේ ෆිල්ම් එකට සබ් එකක් කරන්න ගත්තේත් මගේ කප්පරක් වැඩ කන්දරාවක් අස්සේ. අපේ බයිස්කොප් සයිට් එකේ ඇඩ්මින් රවිදු මල්ලි කිව්වා මං මේ ෆිල්ම් සීරිස් එකෙ පලවෙනි ෆිල්ම් එක කරපු හිංදා මේ ෆිල්ම් එකටත් සබ් එකක් කරන්න කියලා. දහසක් වැඩ අස්සේ  රවිදු මල්ලිගෙ ඉල්ලීම අහක දාන්න බැරි කමට වගේම, මං කලිං මේකෙ පලවෙනි ෆිල්ම් එක කරලා හොද අත්දැකීමක් තියෙන හිංදා මේ ෆිල්ම් එකත් හොද හිංදා මං මේ වැඩේට අත ගැහුවා.

ඉස්සර වගේ නෙවේ නේ. කාලෙක්ට පස්සේ සබ් එකක් කරන්න ගත්ත හිංදා කැම් කොපියකට අලුතෙන් ලයින් ගහලා කරන්න ගියාම තමා එලොව පොල් පෙනුනේ. ඒත් කමක් නෑ ෆිල්ම් එකට ආස හිංදා කරන්න ගත්තා. ඉතිං මේ සබ් එක සිංක් කරලා දෙන්න සහයෝගය දක්වපු බන්දුල අයියටත්, රවිදු මල්ලිටත් මගේ ස්තූතිය පුද කරනවා.  ඉස්සර වගේ විවේක වෙලාව නෑනේ. ඔයාලාගෙ විවේක කාලයේ ෆිල්ම් එකක්, සීරිස් එකක් බලන්න ගන්න කාලය යොදව ගන්නවා වගේ තමා, අපිත් සබ් එකක් කරන්න අපේ විවේක වෙලාව යොදාගන්නවා. සරලව කිව්වොත් ඔයාලගෙ විවේක කාලය ලස්සන කරන්න අපේ විවේක කාලය ඔයාලා වෙනුවෙන් වෙන් කරනවා. ඒක තේරෙන පිරිසක් ඉන්නවා, නොතේරෙන පිරිසකුත් ඉන්නවානේ. 

ආයි මේ වගේම සිනමාපටයකට හෝ රූපවාහිණි කතාමාලවකට උපසිරැසි අරං එන්න කවදා පුලුවන් වේවි ද කියලා කියන්න අමාරුයි මගේ කාර්‍යබහුලත්වයත් එක්ක. ඒත් විවේක කාලයක් ලැබුනොත්, මට හොදයි කියලා හිතෙන එකක් හම්බුනොත් මං උපසිරැසියක් රැගෙන එන්නං. එහෙනං හැමෝටම ජය වේවා.  

 

Drishyam 3 (2026) Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HQ HDRIP පිටපත සඳහා ලබා දි ඇත.

6,176 downloadsDownload Drishyam-3-2026-2.zip173 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Drishyam 3 Sinhala Subtitles

Subtitles

6,176 downloadsDownload Subtitles173 KB

12 comments

  1. Gagan Pabasara

    බොහොම ස්තුතිය උපසිරස ට ❤️

  2. Sohan Jayasooriya

    සුපිරියි සුපිරියි සුපිරියි… තෑන්ක්ස් අයියේ..වෙල්කම් බැක් ❤️

  3. Sohan Jayasooriya

    සුපිරියි සුපිරියි සුපිරියි තෑන්ක්ස් අයියෙ

  4. Anonymous Participant

    සබ් එකටනම් ගොඩක් ස්තූතියි බොසා ❤️.

  5. Hemantha De Silva

    ස්තුතියි චලිඳු…
    ස්තුතියි බයිස්කෝප්…
    ජයවේවා…

  6. නලින්

    හම්මෝ චලිදුවා… සබ් එකක් කරනවා කියන්නේ ඉතින්… ආයේ ඉතින්… කියන්න දෙයක් නැහැ, ස්තුති කොල්ලෝ!
    ජයවේවා!

  7. Buddhika laKMal

    තෑන්ක්ස් මචං සබ්එකට

  8. suranga pushpakumara

    sub eka gatta, thanks

  9. Gihan Darshana

    උපසිරැසියට බොහෝම ස්තූති

  10. එල්. සී. ‎දමැල්

    පළවෙනි ෆිලුම ඔයාගෙ සබ එක්ක තමා බැලුවෙ. ආයෙ අහන්න දෙයක් නෑ මේකත් රහටම උයල ඇති. 😀
    එහෙනම් බොහොම තුති කිනා. 🙂
    ජය! ✌

  11. Anonymous

    උපසිරැසියට බොහෝම ස්තූති

  12. Harshana Atapattu

    සබ් එකට තුති සහෝ