ඔන්න අලුත්ම ෆිලුමක් අරගෙන ඉක්මනින්ම ආයෙත් ආවා.මේ ෆිලුම අයිතිවෙන්නේ Thriller කාණ්ඩයට.මේක යුද්ධය නිසා ඇතිවුන අතුරු බලපෑමක් අලලා නිෂ්පාදනය වුනු ෆිලුමක් කියලා කියන්න පුළුවන්.Lord of the Rings චිත්‍රපට මාලාවට රංගනයෙන් දායකවුනු Sean Bean මේකේ ප්‍රධාන චරිතයකින් දැකගන්න පුළුවන්.ඒ වගේම Godzilla (2014) චිත්…

ඔන්න අලුත්ම ෆිලුමක් අරගෙන ඉක්මනින්ම ආයෙත් ආවා.මේ ෆිලුම අයිතිවෙන්නේ Thriller කාණ්ඩයට.මේක යුද්ධය නිසා ඇතිවුන අතුරු බලපෑමක් අලලා නිෂ්පාදනය වුනු ෆිලුමක් කියලා කියන්න පුළුවන්.Lord of the Rings චිත්‍රපට මාලාවට රංගනයෙන් දායකවුනු Sean Bean මේකේ ප්‍රධාන චරිතයකින් දැකගන්න පුළුවන්.ඒ වගේම Godzilla (2014) චිත්‍රපටයට,The Flash රූපවාහිනී කතා මාලාවට රංගනයෙන් දායක වුනු Patrick Sabongui තවත් ප්‍රධාන චරිතයකට පණ පොවනවා.මේකේ පළමු දර්ශනවාරය තිබ්බේ අප්‍රේල් මාසේ තිබ්බ 2017 Vancouver සිනමා උළෙලදී.ඇමෙරිකාවේ තිරගතවීම් ඇරඹුවේ පසුගිය මැයි මාසේ 26වෙනිදා.මේක කැනේඩියානු චිත්‍රපටයක්.
යුද්ධය කියන්නේ ලෝක ඉතිහාසයත් එක්ක තදින්ම බැඳිලා තියෙන දෙයක්නේ.ලෝක යුද්ධ ඇතුළුව අතීතයේ සිද්දවුන විවිධ යුද්ධ ගැන අපි අහලා තියෙනවා.කාලයත් සමඟ යුද ක්‍රමෝපායනුත් විවිධ වෙනස්කම් වලට ලක්වුනා.තාක්ෂණික දියුණුවත් සමඟ යුධ ආයුධ සහ යුධ උපක්‍රම තව තවත් දියුණු වෙලා,යුද්ධයකින් සිද්දකරන්න පුළුවන් විනාශය තව තවත් වැඩි දියුණු වුනා.
ඒ වගේම යුද්ධය නිසා අලුත් තාක්ෂණික ආයුධ,උපකරණ නිෂ්පාදනය වුනා.UAV-Unmanned Aerial Vehicle ඒ කියන්නේ නියමුවන් රහිත ගුවන් යානා,මේ විදියට නිෂ්පාදනය වුන ආයුධයක් කියන්න පුළුවන්.මේ වෙද්දී අපි හැමෝම දන්න Drone අයිති වෙන්නෙත් මේ UAVවලට.මේ වෙද්දී මේ Drone සාමාන්‍ය වීඩියෝකරණය සඳහා තමයි බහුලව යොදාගැනෙන්නේ.නමුත් සටන් බිමෙන් කිලෝමීටර් දහස් ගණනක් ඈතක ඉඳලා සතුරන් විනාශ කරන්න තමයි මේවා මුලින්ම භාවිතයට ගැනුනේ.මේවා අදටත් මේ කාර්යය සඳහා යොදාගැනෙනවා.2004 වර්ෂයේ ඉඳලා ඇමෙරිකාව Drone යොදාගෙන මේ විදියට පාකිස්ථානයේ හඳුනාගත්ත සතුරු ඉලක්ක වලට මිසයිල /බෝම්බ එල්ලකරනවා.මේ වෙද්දී මේවා යම් සීමාවක් දක්වා අඩු වුනත් තවම මේ මෙහෙයුම් ඇමෙරිකාව සිදු කරන බවට වාර්තා තියෙනවා.කොහොමවුනත් මේකේ ප්‍රශ්නය තියෙන්නේ ත්‍රස්තවාදීන් වෙත එල්ල කරන මෙම ප්‍රහාරවලින් අහිංසක සිවිල් වැසියනුත් නිකරුනේ මරණයට පත්වෙන එක.වාර්තා වලට අනුව 2014න් පස්සේ පාකිස්ථානයේ සිදුවුන මෙවැනි මෙහෙයුම් වලින් නම් සිවිල් වැසියන් මරණයට පත්වෙලා නෑ .ඒත් සිවිල් වැසියන් ගැවසෙන ස්ථාන වලට ගුවන් මගින් එල්ලවන මේ ප්‍රහාර අතිශයින්ම භයානක ප්‍රතිඵල ගෙන එන බවට නම් සැකයක් නෑ .ඉතින් මේ විදියට එල්ලවුණු ප්‍රහාර නිසා පාකිස්ථානයේ අහිංසක පවුලක් නිකරුනේ විනාශවෙලා යන සිද්දියක් තමයි ෆිලුමේ තියෙන්නේ.
නීල් කියන්නේ කලින් කිව්ව විදියේ මෙහෙයුම් සඳහා CIA එක වෙනුවෙන් වැඩ කරන කොන්ත්‍රාත්කරුවෙක්.මොහු Drone ක්‍රියාකරවන්නෙක්.නමුත් මේ රහසිගත මෙහෙයුම් ගැන නීල්ගේ පවුලේ අය ඒ කියන්නේ එයාගේ බිරිඳ සහ පුතා දන්නේ නෑ .එයාලා හිතන්නේ මෙයා කරන්නේ පරිගණක සම්බන්ධ සාමාන්‍ය රැකියාවක් කියලා.ඔහොම වැඩ සිද්දවෙන අතරේ තමයි ඉමීර් ඇමෙරිකාවට එන්නේ.මුලින් පේන විදියට නම් මේ ඉමීර් බොහොම අහිංසක,යටහත් පහත් පුද්ගලයෙක්.නමුත් මෙයාගේ මේ සීමාව ඉක්මවා ගිය අහිංසකකම ම යම් කුකුසක් ඇතිකරනවා.ඉතින් මේ ඉමීර්ගේ මේ අහිංසකකම ට හේතුව මොකක්ද? මෙයා ඇමෙරිකාවට ආවේ ඇයි? එයා එහෙම ආව අරමුණ මෙයාට ඉෂ්ට කරගන්න පුළුවන් වෙයිද කියලා ෆිලුම සම්පූර්ණයෙන් බැලුවාම ඔයාලට දැනගන්න පුළුවන් වෙයි.
යුද්ධයේ තවත් වෙනස්,නමුත් සත්‍ය පැතිකඩක් ගැන කතාවක් මේ ෆිලුම අපිට කියනවා.ෆිලුමේ තියෙන කුතුහලයත් ත්‍රාසයත් එක්ක මේක එක දිගටම බලාගෙන යන්න පුළුවන් වෙයි.අවසානයේ බොහොම ශෝඛාන්විත විදියට චිත්‍රපටය අවසන් වෙන්නේ යුද්ධයේ නිරර්ථකකම සහ එයින් මිනිසුන්ට ලැබෙන දුක්ඛදායක සහ කණගාටුදායක අතුරු බලපෑම් ගැන යම් පණිවිඩයක් ලබා දෙමින්.ෆිලුම බලලා ඉවරවෙලා උපසිරැසිය ගැන අදහසක් පල්ලෙහායින් කොටගෙන යන්න,මේක තවම මගේ දහසයවන උපසිරැසි ගැන්වීම හින්දා ඉදිරි උපසිරැසිකරණ කටයුතු වලදී ඒ අදහස් අනිවාර්යෙන්ම හුඟක් ප්‍රයෝජනවත් වේවි.ඒ වගේම මල් වලට වගේම ගල් වලටත් කමෙන්ට් තීරුව විවෘතයි.ඔයාලගේ විවේචනත් මේ කාර්යය ඉස්සරහට තවත් සාර්ථක කරගන්න හේතුවක් වේවි.කොහොමහරි උපසිරැසිය ගැන හිතෙන ඕනෙම දෙයක් පල්ලෙහායින් සටහන් කරගෙන යන්න කියලා ආයෙත් මතක් කරනවා,මොකද ඒ දෙයින් තමයි අවසානයේ අපි මේ වැඩේ ගැන අදහසක්,තෘප්තියක් ලබන්නේ.
ඉතින් තවත් ෆිලුමකින් ළඟදීම ආයෙත් හමුවෙමු.එතෙක් ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Drone.2017.720p.WEB-DL.700MB,MkvCage
Drone.2017.720p.BluRay.H264.AAC-RARBG
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
14,003 downloadsDownload Drone-2017.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
45 comments
Dhananjaya Kasthuri
damith
Thanks for the sinhala sub bro..
keep it up..Suranga anuradhe
TnQ malliya..tawa tawat hoda nirmana apita denna shaktiya dairya lebewa....
sunimal
Sub eka kalata okkotama kalin thanka... Malli. Twath sub karanna hamba wewa kiyala partana karanawa lipiyath hodai.... Film eka balala adupadiwak tibboth ki nam....
Muditha
Good job machan.thawa sub kotannata shakthiya lebewa....
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
හේමන්ත
Thriller....!!
Thanks Malli...Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Gathsara Umesh Kumara
Bohoom sthuthiy sahoodry...
Netfilx animation mov ekth sub ek damu e...අසිත
elama saho thanks
anuradha
machan knocked up film eke sub denna puluwanda loku udawwak
kumara
බොහෝම ස්තූතියි මල්ලි. ජයවේවා!!
Dulanga
Thanks
Thili
tanks bro.gd luck.apita tawa onoooooooo.
මොහොට්ටි
හොඳවෙයි කියල හිතලා ඩවුන්ලෝඩ් කරනවා.සබට ස්තුතියි
wicharaka
http://www.imdb.com/title/tt3062880/ Gett: The Trial of Viviane Amsalem (2014)supiri fillm ekak sub denakan balan inne
wicharaka
Toni Erdmann (2016)) sinhala sub one machan
Wolwerine.
Thanks for sub!☺️
CHEthiya
Thank You.
එල්.සී. දමැල්
හ්ම්ම්... පරිගණක සම්බන්ධ කතාවක් නිසා නොබලා බැහැ... ස්තුතියි තරිඳු මේ උපසිරසට...
තවත් ලස්සන චිත්‍රපටයකින් ඉක්මනින් හමුවෙමු...dilan lakmal
niyamai bro .ela.thanks sub ekata.
lkmnmlk
super
sunimal
Aniwa alanawa itin lipiya nisa balanna hotuna.... jaya wewa....
sunimal
Aniwa alanawa itin lipiya nisa balanna hotuna.... jaya wewa....niyamai brooooo
Lushan Kuruppu
එළ බ්‍රෝ! දිගටම කරගෙන යමු!
Harindu Jayakody
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sachintha Senarath
Supiri Film 1 . Sub 1ta godak Thanks saho. JAYA WEWA
හිරු
උපසිරැසියට ගොඩක් ස්තුතියි..
ඔන්න මමත් පිලුමයි, සබයි බානවා..Malith
Thanks saho..
Arjuna Thusitha
Please Update BR
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය!sam
Thanks You
silent$
Thnxxxxxxxxxxxxxxx
Muditha
thanks තරිදු රසාංග mama me filuma balanayada naddaa kiyakiya inakota mata yaluwek kiuwe sinhala saba awith thiyenne kiyala .obage ediri katauthu dinendina diunun wewa
sanjaya
thank you machan
සචින් කෙවින්
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..mindika
Thanks !!!!!!
සුදේශ්
Thanks bro.Download karala balala thawa comment karannamko
Nishan
Thanx bro
sanjeewa
Good job bro..go ahead..
akila13
thanx for sub goood luck
හසිත
සබ් එක දුන්නට ස්තුතියි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sub ekata tnx rasanga