මුහුද කියන්නේ අමුතුම ලෝකයක්. මතුපිටින් ලොකු ජල කඳක් දැක්කට ඒ ඇතුලේ වෙනස් සහ අපි මේ පය ගහලා ඉන්න ඉඩට වඩා වැඩි ප්‍රමාණයක භූමි ප්‍රමාණයක් ආවරණය කරගෙන තියෙනවා. ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් පෘතුවි මතුපිටෙන් 71% ප්‍රමාණයක් ජලය මගින් ආවරණය කරගෙන තියෙනවා. ඉතිරි 29% වගේ පොඩි ඉඩක තමයි මිනිසා කියන සත්වයා සේරම ස…
මුහුද කියන්නේ අමුතුම ලෝකයක්. මතුපිටින් ලොකු ජල කඳක් දැක්කට ඒ ඇතුලේ වෙනස් සහ අපි මේ පය ගහලා ඉන්න ඉඩට වඩා වැඩි ප්‍රමාණයක භූමි ප්‍රමාණයක් ආවරණය කරගෙන තියෙනවා. ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් පෘතුවි මතුපිටෙන් 71% ප්‍රමාණයක් ජලය මගින් ආවරණය කරගෙන තියෙනවා. ඉතිරි 29% වගේ පොඩි ඉඩක තමයි මිනිසා කියන සත්වයා සේරම සෙල්ලම් දාන්නේ. ඉතින් මේ මෙච්චර විශාල භූමියක් ආවරණය කරගෙන තියෙන මේ අමුතු ලෝකය ඇතුලේ මොනවගේ පුදුම තියෙනවද කියලා අපිට තවම නිශ්චිතවම කියන්න බැහැ. මොකද විවිධ විවිධ සාගර වල වෙනස් වෙනස් තත්වයන් තියෙන්නේ ඒවාගේ ඉන්න ජීවිනුත් විවිධාකාරයි. ඒ ඒ ස්ථානයට සෑම ජීවියෙක්ම හැඩගැහිලා තියෙන්නේ. මේ කිව්වේ මුදුද යට ලෝකය ගැන.
දැන් කියන්නේ අපිට කලින් පෘතුවිය රජ කරා කියන සත්ව කොට්ඨාශයක් ගැන. හැමෝම දැනට හිතාගෙන ඉන්නේ ඩයිනෝසර යුගය අවසන් වීමට හේතුව විශාල උල්කාවක් කියලා. ඒක එහෙමයි කියමුකෝ එත් මේ ප්‍රාග් ඓතිහාසික යුගය තුල පෘතුවිය තුල හිටපු භීමරූපියන් වාසය කලේ ගොඩ බිම පමණක්ද? මේ සත්වයන් ජලය තුලත් වාසය කලා. ඒ වගේම ඒ කාලය වෙනකොට පෘතුවිය කියන්නේ එතරම් සුන්දර පරිසරයක් නෙමේ ජීවය පවත්වා ගැනීමට. මේ ගැන ටිකක් දැනගන්න තිබ්බා මම මීට කලින් උපසිරැසි යෙදු “පෘතුවියේ විකසනය” සම්බන්ධ වැඩසටහන බැලුවා නම්. ජීවයට හිතකර නැහැ කිව්වේ මේ සත්වයන් වාසය කල කාලය තුල පෘතුවිය කියන්නේ ඉතාමත් උණුසුම් තැනක්. ඒ වගේම විවිධ විකිරණ ශීලී ද්‍රව්‍ය බහුල තැනක්. ඉතින් ඒ වගේ තැනක ජිවත් වෙන කෙනෙක් නම් ඒ පාරිසරික සාධක වලට ඒ සතුන් අනුරූප වෙන්න අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මෙහෙම අය ගොඩ බිම වගේම ජලයේත් වෙසෙන්න ඇති. මේ කිව්වේ අද මේ ඉදිරිපත් කරන චිත්‍රපටය ගැන පූර්ව පැහැදිලි කිරීමක්. මේ චිත්‍රපටය පාදක වෙන්නේ මෙසේ වසර මිලියන ගාණක් වෙසෙන සත්වයෙක් ගැනයි. මෙයා අර කලින් කිව්වා වගේම පෘතුවි ගර්භය තුල තියෙන විකිරණ තම අහාර ප්‍රභවය බවට පත් කරගෙන ජිවත් වෙන්නේ. නමින් “ගොඩ්සිලා”. ඒ උනාට මිනිසුන්ට හානියක් නැති සත්වයෙක්. තමන්ගේ පාඩුවේ තියෙන දෙයක් කාලා ඉන්න කෙනෙක් 😉 මේ සත්වයා ගැන විස්තර දන්නේ මෑතකදී නෙමේ. මීට වසර ගානකට පෙරාතුව මුහුද තුල කල පරමාණු බෝම්බ හෙලීම් වලට මූලික හේතුව මේ ගොඩ්සිලා. මිනිසුන්ට කරදරයක් නැති උනාට අපරාදේ කියන්න බැහැ මේ පාඩුවේ ඉන්න කෙනාට අපේ උන්දලා ඉන්න දීලා නැහැ 😛 ලෝකයට බෝම්බ පරීක්ෂාවක් කිව්වට මේ අය කරලා තියෙන්නේ ගොඩ්සිලා දඩයම.
මේ දේවල් මෙහෙම වෙද්දී තාප ජපානයේ ජන්ජිරා වල න්‍යෂ්ටික බලාගාරයක සේවය කරන ඇමෙරිකානු යුවලක් අමුතුම අත්දැකීමකට මුහුණ දෙනවා. ජෝ බ්‍රොඩි සහ ඔහුගේ බිරිඳ සැන්ඩ්‍රා බ්‍රොඩි තමයි මේ දෙන්නා. එයාලගේ පුත්‍රයා ෆෝර්ඩ් බ්‍රොඩි. ජෝට අහන්න ලැබෙනවා බලාගාරය අවට භූකම්පන රටාවක් ඇතිවෙමින් පවතින බව. මේ ගැන තරමක අවධානයක් මීට කලින් පටන්ම ජෝ ලබා දීලා තියෙනවා. මේ ගැන සොයා බලන්න ප්‍රතික්‍රියාකාරකය අසලට යන්නේ සැන්ඩ්‍රා බ්‍රොඩි සහ පිරිසක්. ඒත් අවාසනාවකට ඇය සහ මේ පිරිසට මේ යන ගමන තමන්ගේ ජිවිතයේ අවසන් ගමන කරගන්න සිද්ධ වෙනවා. ඒ බලාගාරය අභ්‍යන්තරයේ සිදු වෙන බිඳ වැටීමක් නිසා ඒ නගරයටම විකිරණ නිරාවරණය වෙලා නගරය ජන වාසයට නුසුදුසු වෙනවා. එත් මේ බලාගාරය ඇතුලේ සිද්ධ උනේ මොකද්ද? මේ ඇත්තටම භූ කම්පනයක්ද? ජෝ කලින් ඉඳන්ම දැනගෙන හිටියේ මොනවද? ඒත් මේ සිදුවෙමෙන් වසර 15 කට පස්සේ ජෝ මේ උනේ මොකද්ද කියලා හොයන එක නතර කරලා නැහැ. ඒ වගේම ලෝකය වටා තවමත් විවිධ සිදුවීම් වෙනවා එත් ලෝකයට රහසින්. දැන් ඒ හැම රහසක්ම මුළු ලෝකයටම එළිදරවු වෙන්නයි යන්නේ….
චිත්‍රපට අදායම් ගැන සඳහන් කලොත් දැනට ලොව වටා ඩොලර් මිලියන 500.7ක් උපයාගෙන තියෙනවා. ඒ වගේම නිෂ්පාදන පිරිවැය වෙන්නේ ඩොලර් මිලියන 160ක්. IMDb දර්ශකය තුල ලකුණු 7.1ක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තියෙන්නේ Gareth Edwards විසින්. ඒ වගේම මෙහි දෙවැන්නක් වෙනුවෙනුත් දැනටමත් 2018 ජුනි 8 වෙනිදා වෙන් කර අවසන් කියලා සතුටින් දැනුම් දෙන්න ඕනේ. එහෙනම් මේ නොවිසිඳුන අභිරහස හොයා ගන්න එක ඔයාලට භාර කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් ඒ වගේම ජය වේවා!
තව දෙයක් මීට කලින් මේ චිත්‍රපටයේ මේ නමටම සමාන චිත්‍රපට රැසක් 1954 පටන් තිරගත වෙලා තියෙනවා. 1998 දී තිරගත කල චිත්‍රපටය සහ මේ චිත්‍රපටය තමයි අපි හැමෝම අතරේ ජනප්‍රිය උනේ. ඒ ගැන ගොඩක් මතකයේ හිටින්න හේතුව ඉස්කෝලේ යන කාලේ ඉස්කොලේදීම මේ චිත්‍රපටය බලන්න අවස්ථාවක් ලැබුනා පුළුල් තිරයකම. ඉතින් මේ චිත්‍රපටය මට නම් මගේ පාසැල් අත්දැකීමක්.
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ (BR) පිටපත් සඳහා අදාළ වේ.
21,808 downloadsDownload Godzilla-2014.zip80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
203 comments
hiru
Harsha
Niyamai machannnnnnnnn, Very good machan
dumidu
ela.tnx machan
සමීර චතුරංග
අප්පා.. මේක ආව ගමන් දුන්නා නෙහ්.. කියල වැඩක් නැහැ අයියා.. අදම බලනවා ඔන්න. බොහොම තුති සබට. ජය වේවා!!!!
pradeep Iresh
මේ තියෙන්නේ බඩු...එල එල...දැන්ම බානවා..ජය වේවා සබ් එකට...
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මෙන්න කතාව.
පුංචි කාලේ ඉඳන් ආස කරන කතාවක්.
කොහොමත් බලන්නම වෙනවා.
එපා කිව්වත් උපසිරැසි බාගන්නවා.
;-)pathum chathuranga
නියමයි සහෝ..... එනකම් බලාගෙන හිටපු ෆිල්ම් එකක්..
සබට ස්තුතියි..
ඔන්න ගත්තා..Thamoda
thank you very much (y) (y) (y) (y) (y)
ලක්ෂාන් නිලංක
මෙන්න බඩු ආපු ගමන්ම දිලා..සබට බොහොම තුති හසන්ත අයියෙ...ජය වේවා....!
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
පුංචි කාලේ ඉඳන් බලන්න ආස කතාවක්.
අළුත් එකත් අනිවාර්යෙන්ම බලනවා.ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
පුංචි සන්දියේදී බලන්න
ආසාවෙන් හිටපු කතාවක්.පුංචිකාලේ මතක් වෙන්නත් එක්කලා බලනවා.
sasanka
iyamai patta
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
පුංචි සන්දියේ ඉඳන් බලපු කතා මාලාවක්
ආයෙමක් පුංචිකාලේ මතක් කරගන්න ආසයි.
උණු කැවුම් විකිණෙනවා, හෝ ගාලා.luck_shan
thnkz sub valata.. jayen jaya :)
ශාලික
නියමයි මචා .පුලුවන් ඉක්මනින් Anjaan Tamil Movie එකත් දාන්න ඕන බ්‍රෝ.....................................
කල්හාර ප්‍රසාද්
තැන්කූ වේවා හසන්ත මාමේ! :-)
indunil
tnx dr
richi
thanks wewa.................................................!
Kamal Arjuna
Thanks Saho Apiwenuwen Karana kapawemata
helpmozer
elakiri mchooo
Sam
thnkss sahooo ikmanta sub aran awata..niyama wadak sahoo..jayen jaya....
prasa
ස්තූතියි සහෝ.
ඉදිරියටත් සුභ පතනවා.
ජය වේවා.
ඔන්න අපි down කරාROCKX
fatta :) ELA hode !!!
“චූටී මල්ලි”
මේවට තමා කියන්නෙ උනු කැවුම් කියලා
මට හිතාගන්න බැරි මේක කොහොමද
මෙච්චර ඉක්මනට දුන්නේ කියලා
හසා මාමා පෙර සුදානමක් ඇතිවම ඉදලා\වගෙ මේකට
ආපු ගමන් වග කියන්න
කෝමින් කෝමහරි
තවත් පට්ට එකක් බලන්න
වෙලාව හරි
සබට තුති
ඔබට ජය..............යශෝධ
අප්පේ මෙන්න දාලා.. මේ සතියේ ඒවි කියලා හිතුනා බඩු.. එලම් තමයි බොහෝම ස්තූතියි හසන්ත අයියේ උපසිරසට... ජයම වේවා... එලස්ස්ස්........
Kumara
නියමයි බොහොම ස්තුතියි..
janaka
thanx....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි. මේ තියෙන්නේ උණු උණුවෙම.. :P
මාස ගානක් බලන් හිටියේ මේක බලන්න හොඳ කොපියක් එනකල්.
උපසිරැසියට තුති හසන්ත අයියේ…… :)
මේකනම් ඉක්මනට බාන්න ඕනි. මෙන්න බානවා එහෙනම්..
ස්තූතියි..
ඔබට ජය .. :)lahiru
Ela machoowwww.....danama baanawaaa
Lakith
Very Quick Thanks Bro Thanks A Lot.....................
jayasooriya (jayas)
nice machan. thanks sub ekata
cZRGsl
එළ එළ හසන්ත සහෝ දෙනකම් උන්නේ...... බොහොම පින් ඔයාලා මේ කරන වැඩේට.
chandima amarasinghe
ammo ela ela onna bawa subapatum...
kuma
Thanks for sub........
Tharindu
Ela machn
Ashan ravihansa
ammatahudu hasantha ayya kalakata passe patta film ekak aran avith mama hithuve na meka messara kalin dei kiyala sub ekata godak thankz shao.
ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Tharindu Perera
elaz ahhh...
maru fistharayakuth dila thiyenne....
denakan balan unnee...
dnama bava danma baluvaa...
thanks hasantha sahooo sub ekatahh...Tharindu Perera
elaz ahhh…
maru fistharayakuth dila thiyenne….
denakan balan unnee…
dnama bava danma baluvaa…
thanks hasantha sahooo sub ekatahh…ශාන් විමුක්ති [විමා]
හසන්ත මාමේ ඔයාට වගේම තම මටත් ගොඩ්සිලා කියන්න මැරෙනකම් මතක හිටින ෆිල්ම් එකක්
මම මුලින්ම බලාපු ඉංග්‍රීසි ෆිල්ම් එක තමා ගොඩ්සිලා. කීවෙනි එකද කියලනම් මතක නැහැ
මම හයවසරේ ඉන්නකොට හරි හත වසරේ ඉන්නකොට හරි අපේ තාත්තා මාව එක්කන් ගියේ
අද වගේම මට ෆිල්ම් එකේ වෙච්ච දේවල් මතකයි
ගොඩ්සිලා කාර් එකක් ගිල්ලහම කාර් එකේ විදුලි වයර් එකක් අරන් ගොඩ්සිලාගේ කටට තියල පැනලා යන සීන් එක තමා හොදටම මතක හිටියේ මම තාත්තාගෙන් ඇහුවම කොහොමද එච්චර ලොකු සතෙක්ව හැදුවේ කියල තාත්ත කිවුවා කම්පියුටර් වලින් තමා ඒ සත්තුන්ව හදන්නේ කියල. මම හිතුවේ ඉතින් රබර් වලින් ලොකු සතෙක්ව හදලා මිනිස්සු ඒක ඇතුලේ කම්පියුටර් තියාගෙන ඒක කන්ට්‍රෝල් කරනවා කියල. ඔන්න ඔහොමයි ඒ සිගිති මොලේට ඒක තේරුනේ :P
එදා පටන් ගත්තු ෆිල්ම් බැලිල්ල තමා ඉතින් මේ තවමත් තියෙන්නේ
එහෙන හසෝ ආයේ කියන්න දෙයක් නැහැනේ
පවුල පිටින්ම මාමගේ සබත් එක්ක මේක බලනවා එහෙනම්
බොහොම ස්තුතියි සබට :Ddeleepa
අෙන් හසන්ත ඔයාෙග් සබ් දිපු ඒකට ඔයාට ෙලාඩක් ස්තුතියි ඒ්වෙගම ඔයාෙගන් ඉල්ලනවා A MILLION WAYS TO DIE IN WEST(2014) චිත්‍රපිටයත් සබ් කරලා ෙදන්න කියලා ප්ලීස් ප්ලීස්
ferdi
patta
Jack
මච්න් සුපිරි වැඩක් ආ.
එනවත් එක්කම සබ් දිලා.
මේ වගේ කතා ඉතින් අතාරිනවයැ..
ගොඩක් ස්තුතියි සබ් එකට.Shyan Rhydmika
thanks godakkal balan hitiya bicecopelk jaya!!!
sajeevi
thanks
Kavindu
me apu gamanma dila tiyenne Ela Thnx saho......
Nelson Rodrigo
thanks brother! Good work
kasun
ela .... godaak sthuthi...
Sampath
Supirima Thamai. Thanks..................
Kavindu Dias
thnx bro.. :) ela
රොෂීන් චාරුත
නියමයි හසන්ත අයියා. දෙනංක බලං හිිටියේ. හිතුවේ නෑ මෙච්චර ඉක්මනට හොද කොපියක් එයි කියලා. ස්තුතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්‍රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්‍රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Godzilla (2014) | බිහිසුණු දැවැන්තයා…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Godzilla-2014.jpg)

ela mama eka wage niyama wadak tnx sub ekata