යුද්ධය පිළිබඳවද අප රට තුල කථිකාවක් ඇතිවී ඇතිකාළයක මෙවැනි චිත්‍රපටියකට සිංහල sub දීමට හැකිවීම පිළීබඳ සතුටු වෙමි. මේ ලෝකයේ කැඩි වෙන්වී ගිය සියළුම රටවල් එසේ වීමට මුලිකව බලපෑ ඇත්තේ ජාති ආගම් කුල ගෝත්‍ර පිළීබඳ මිනිසුන් අතර තිබු පටු ආකල්ප බව පෙනි යයි. මෙම මාතෘකාව පිළිබඳ Bapsi Sidhwa විසින් රචිත 1991 එක්ස…

යුද්ධය පිළිබඳවද අප රට තුල කථිකාවක් ඇතිවී ඇතිකාළයක මෙවැනි චිත්‍රපටියකට සිංහල sub දීමට හැකිවීම පිළීබඳ සතුටු වෙමි. මේ ලෝකයේ කැඩි වෙන්වී ගිය සියළුම රටවල් එසේ වීමට මුලිකව බලපෑ ඇත්තේ ජාති ආගම් කුල ගෝත්‍ර පිළීබඳ මිනිසුන් අතර තිබු පටු ආකල්ප බව පෙනි යයි. මෙම මාතෘකාව පිළිබඳ Bapsi Sidhwa විසින් රචිත 1991 එක්සත් ජනපදයේ හා 1992 ඉන්දියාවේ Cracking India නමින් ප්‍රකාශණයට පත්කළ (මෙහි මුල් කෘතිය 1988 එංගලන්තයේදී Ice Candy men නමින් ප්‍රකාශයට පත්විය) එම පොත පාදක කරගෙන විප්ලවීය ඉන්දියානු හා කැනේඩියානු චිත්‍රපට අධ්‍යක්‍ෂිකා Deepa Mehta විසින් රචනාකර අධ්‍යක්‍ෂණය කළ මෙම චිත්‍රපටය 1947 බ්‍රිතාන්‍යන් විසින් ඉන්දියාවට නිදහස ලබා දුන් කාළවකවානුව අලලා නිර්මාණය කර ඇත. මේ කාළයේ විවිධ ජාතීන් වශයෙන් එක්ව ජීවත් වු ඉන්දියානුවන් ආගම් වශයෙන් බෙදි වෙන්වීම සිදුවෙමින් පැවතුනි.
රේඩක්ලි රේකාවෙන් දෙකට වෙන්වු භූමිය ඉන්දියාව හා පකිස්ථානය වශයෙන් වෙන්වී වී 1947 ආගොස්තු 14 හා 15 දිනවල මධ්‍යම රත්‍රියේදී ඉන්දියානු ජනරජය හා පකිස්ථාන ජනරජය වශයෙන් බෙදීම සාමකාමීව සිදුවු දෙයක් නොවන බව ඉතිහාසයේ කරුණු සොයා බැලීමේදී පැහැදිළි වේ. මිලියන ගණනකයේ ජීවිත ලෙයින් තෙත්වු මිලියනගණනකගේ ජීවිත අවතැන්වුවා මෙන්ම ප්‍රචන්ඩත්ය හා දූෂණයන්ගෙන් පිරි ගිය මෙම කාළ පරිචේදය අලලා ඇය විසින් නිර්මාණය කරන ලද මෙම අගනා ෆිලුම imdb අගය 7.8/10 ක්ද Rotten Tomatoes අගය 86% ද ඇමරිකාණු චිත්‍රපට විචාරක Roger Ebert විසින් චිත්‍රපටයකට ලබා දෙන තරු 04න් තුනක්ද මෙම චිත්‍රපට ලබා ඇත. 1999 වසරේ ඇකඩමි සම්මානය සඳහා හොඳම විදේශීය චිත්රපටය සඳහා ඉන්දියාව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබුවේද මෙම චිත්‍රපටයයි. එමෙන්ම Asian Film Festival හොඳම චිත්‍රපටය මෙන්ම Film fare සම්මාන උළෙලේ හොදම නැගී එන නළුවට හිමි සම්මානද ලබා ගත් මෙම ෆිලුම ඉන්දියාව තුල නොමැකෙන සටහතබා ඇත.
ප්‍රධාන වශයෙන්ම විකල්ප ධාරවේ අධ්‍යක්‍ෂිකාවක් වු Deepa Mehta විසින් අධ්‍යක්‍ෂණය කරන ලද මා විසින් උපසිරැසි ලබා දි ඇති Fire 1996 චිත්‍රපටය හා ශ්‍රී ලංකාවටද ආඩම්බරයක් ගෙන දුන් Water 2005 (උපසිරැසි වජිර රත්නායක සොයුරා ලබා දී ඇත.) චිත්‍රපටයත් මෙම චිත්‍රපටය ඇය විසින් අධ්‍යක්‍ෂණය කරන ලද තුන් ඈදුනු සිනමා සිත්තම්ය. මෙයින් ඇය නිරතුරුවම උත්සහ කලේ පිටතට නොපෙනුන ප්‍රෞඩ සංස්කෘතික ඉන්දීයනුවන් තුල නිදන්ගතව ඇති ජාති කුල ආගම් වශයෙන් බෙදුනු දුෂිත වුත්, ජරාජීර්ණවූත් ඉන්දීය සමාජයේ සැබෑ නිරුවත හා ඉන්දීය දේශපාලනයේ සෑබෑව සමාජය හමුවේ එළිදැක්වීමටයි.
මෙම කතාන්දරයට විස්තුබීජය වී ඇත්තේද ඉන්දිය නිදහස ලැබූ 1947 කාළවකවානුවයි. එකළ උතුරු නැගෙනහිර ඉන්දියාවේ ලාහෝරය (දැනටපකිස්ථානයේ නගරයකි) ආශ්‍රිත පෝලියෝ රෝගයෙන් පෙළුන ලෙනි නම්ගැහැණු ළමයකු ජීවත් වු අතර ඇය වර්තමානයේ ෂබානා අම්මි නමින් මෙමඅතීත කථාව විස්තර කිරීම සිදුකරයි. ධනවත් පර්සියන් පවුලකින් පැවත එනලෙනී නම් මෙම කුඩා ගැහැණු ළමයා වැඩෙන්නේ මධ්‍යස්ථ මතධාරී හින්දු,මුස්ලිම් හා සීක්වරු පිරිසක් ජීවත්වන පරිසරයකය. තම දෙමාපියන්ගේරැකවරණය අතර වැඩෙන ඇයගේ ආයා ලෙස සාන්තා (Nandita Das) නම්හින්දු තරුණියක් සිටින අතර ඇයගේ ආදරවන්තයා ලෙස හසාන් (Rahul Kanna) නැමති මුස්ලිම් තරුණයා හා ඩිල් නවාස් ice candy man (Aamir Khan) නමින් හැදින්වෙන මෙහි කේන්ද්‍රීයවු මුස්ලිම් තරුණයකුද ඇත.විවිධ ආගම් අදහන මොවුන්ගේ මිතුරු සමාජයේ දෙදරීම හා මෙහියටිපෙලින් දිවෙන සමාජ යථාර්ථයේ ඛේදාන්තය මනාව පෙන්විමට A.R. Rahman ගේ පසුබිම් සංගීත කණ්ඩද නොමඳ පිටුවහලක්වි ඇත. ඔබටආරාධනා කරනවා මෙම නිර්මාණය රසවිඳින්නට. බයිස්කෝප්කාර්යමණ්ඩලයට ජය…..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/my-photo-e1522779926885.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Chanmatara” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Chanmatara
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
18 comments
Shiromal
ranga11112
සබ් එකට බොහොම ස්තුතියි සහො ජය
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
jagath55
Thanks
Priyantha Dayakeerthi
Deepa Mehta සිනමාවේදීනියගේ ඉතාමත් ජනප්‍රිය සිනමාපට ත්‍රිත්වයවන Fire (1996), Earth (1998), Water (2005) වලින් ඔබත් දෙකක් සම්පුර්ණ කර තිබීම අගනා මෙහෙයක් ලෙස මා දකිනවා. මීට පෙර “වජිර රත්නායක සොයුරා විසින් “Water” සිනමාපටයට සිංහල උපසිරසි ලබා දී තිබුණා. මෙවන් කලාත්මක සිනමාපට සඳහා උපසිරසි සපයන්නන් මෙම වෙබ් එකේ ඉතාමත් දුලබයි. ඒ නිසා ඔබේ මේ සේවය ඉතාමත් වටිනවා, අප වැනි අයවලුන්ට. මෙවැනිම සම්මානලාභී පැරණි සිනමාපට සඳහාම උපසිරසි සපයන මෙන් මා ඔබෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. මෙම සිංහල උපසිරැසිය සඳහා කලාත්මක සිනමාපට ප්‍රිය කරන්නන් සැමදෙනා වෙනුවෙන් මාගේ අවංක ස්තුතිය, හැකිනම් 1960 දශකයේ ඒවාටත් සබ් දෙන්න. ලෝක සිනමාවේ ස්වර්ණමය අවධිය ලෙස සලකන්නේ 1960 සිට 1969 දක්වා කාල වකවානුවයි. ඔබට ජය!!!
Sachin135
Elama .......
Suranjan
Thank you .......jayawewa......!
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…….
ඒවගේම සබ් එකක් කරන්න මේ වගේ ෆිල්ම් එකක් තෝර ගත්තු එකටත් බොහොම ස්තූතියි!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Janith Sachintha
ඇත්තටම කියනවානං මම කැමතිම විදියේ සලරුවක් තමයි මේ අරං ඇවිත් තියෙන්නෙ ඉතින් නිකම්ම චිත්‍රපටියක් බලන එකට එහා ගිය සමාජාවබෝදයක් ගන්න පුලුවන් වටිනා කියන මේ වගේ නිර්මාණය තොරගන්නවට ඔබට බොහෝම ස්තුතිවන්ත වන්න ඔන තවත් මෙවන් සලරු තොරගන්න කියල බයිස්කෝප් සියළු දෙනාගෙන්ම ඉල්ලනවා ඔබට ජය
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි සහෝ
shanuka900
සිංහල උපසිරැසියට ස්තූතියි .junoon (1992) ෆිල්ම් එකටත් සිංහල උපසිරැසි ලබා දෙන්න .
shanuka900
සිංහල උපසිරැසියට ස්තූතියි .junoon (1992) ෆිල්ම් එකටත් සිංහල උපසිරැසි ලබා දෙන්න .
shanuka900
Junoon (1992) ෆිල්ම් එකටත් සිංහල උපසිරැසි ලබා දෙන්න .
shanuka900
ගොඩක් ස්තූතියි .junoon (1992) ෆිල්ම් එකටත් සිංහල උපසිරැසි ලබා දෙන්න .
damith_janaranjana
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks for sub..
GoodLuck..