දෙදහස් පහ වර්ෂයේ ප්‍රථම වරට තිරගත වූ වෝටර් වනාහි ඉන්දු-කැනේඩියානු නිශ්පාදනයක් වශයෙන් නිර්මාණය වූ හින්දි චිත්‍රපටයකි. ඉන්දියාවේ පෙරළිකාර සිනමාවේදිනියක ලෙස සැලකෙන දීපා මෙහෙතා විසින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය තුන් ඈඳුතු චිත්‍රපට පෙළක අවසන් චිත්‍රපටයයි. මෙයට පෙර ඇය විසින් නිර්මාණය කෙරුණු ෆයර් (1996…

දෙදහස් පහ වර්ෂයේ ප්‍රථම වරට තිරගත වූ වෝටර් වනාහි ඉන්දු-කැනේඩියානු නිශ්පාදනයක් වශයෙන් නිර්මාණය වූ හින්දි චිත්‍රපටයකි. ඉන්දියාවේ පෙරළිකාර සිනමාවේදිනියක ලෙස සැලකෙන දීපා මෙහෙතා විසින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටය තුන් ඈඳුතු චිත්‍රපට පෙළක අවසන් චිත්‍රපටයයි. මෙයට පෙර ඇය විසින් නිර්මාණය කෙරුණු ෆයර් (1996) සහ අර්ත් (1998) යන හින්දි සිනමා නිර්මාණ දෙක මේ සමග ඈඳුනු අනෙක් චිත්‍රපට වේ. ශ්‍රී ලංකාවේ රූ ගත කෙරුණු බැවින් මෙහි ප්‍රධාන චරිත තුනෙන් එකක් වන චූයියා නම් ළමා වැන්දඹුවගේ චරිතය නිරූපනය සඳහා ශ්‍රී ලාංකික කුඩා දැරියක වූ සරලා කාරියවසම් වෙත අවස්ථාව හිමි වී ඇත. ඇගේ මවුපියන් ලෙස බුද්ධි වික්‍රම සහ අයිරාංගනී සේරසිංහ යන ප්‍රවීණ නළු නිළි දෙපළ චරිත නිරූපනය කරති.
එක්දහස් නවසිය තිස් අට වර්ෂයේ භාරතය පසුබිම් කොටගත් මෙම සිනමා නිර්මාණය භාරතීය වැන්දඹු කාන්තාවන් සමාජීය වශයෙන් මුහුණ දෙන ගැටළු සහ දුක්ඛ දෝමනස්සයන් තේමා කොට ගත්තකි. බරණැස ගංගා නම් නදිය අසබඩ වැන්දඹු ආශ්‍රමයක දිවි ගෙවන වැන්දඹුවන් කීප දෙනකුගේ ජීවන ප්‍රවෘත්තියක් වශයෙන් දිගහැරෙන මෙම චිත්‍රපටය තුලින් සංවාදයට ලක්වන්නේ කිසිදා ඉටු නොවූ ආශාවන් හදවත තුල දරා මියයන, පවත්නා සමාජයේ ගැරහීමට සහ පිළිකුළට පාත්‍රව දහවල් දවස ගෙවා රාත්‍රියේදී ඔවුන්ගේම ලිංගික සූරාකෑමට ලක්වන, සමාජය විසින් අමතක කර දැමුණු භාරතීය වැන්දඹුවන්ගේ අතිශය සංවේදී කතා පුවතයි. සාම්ප්‍රදායික වේවා නවීන අදහස් සහිත ප්‍රතිසංස්කරණවාදීන් වේවා පුරුෂයන්ගේ දෙබිඩි ජීවිත හේතුවෙන් භාරතීය වැන්දඹුවන්ගේ විමුක්තිය තවත් බොහෝ දුර විය හැකි බවට නිර්මාණකාරිය ඉඟිකරයි. ප්‍රබල ස්ත්‍රීවාදිනියක වන දීපා මෙහ්තා, සමාජීය වශයෙන් පුරුෂයාට හිමි ස්ථානයම කාන්තාවටද හිමි විය යුතුය යන අදහස පෙරදැරිව නිර්මාණකරණයේ යෙදී ඇති බව පෙනේ.
මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් භාරතීය හින්දුත්වවාදීන්ගේ විරෝධතා පළවූයේ චිත්‍රපටය පිළිබඳ සංකල්පය ඉදිරිපත් වූ අවස්ථාවේ පටන්ය. බරණැස ගංගා නදීතෙර සකස් කෙරුණු දර්ශන තල ගිනි තබා විනාශ කෙරුණි. විරෝධය කොපමණ උග්‍ර වීද යත් චිත්‍රපටයේ ප්‍රධාන පිරිමි චරිතය වන නාරායණගේ චරිතය සඳහා තෝරාගෙන සිටි ප්‍රසිද්ධ සිනමා නළු අක්ෂය කුමාර් චිත්‍රපටයට විරුද්ධව ප්‍රකාශ සිදු කරමින් ඉන් ඉවත්ව ගියේය. ගංගා නදීතෙර පිහිටි බරණැස් නගරය මාදු ගඟබඩ ඉදි වූ අතර චිත්‍රපටය ශ්‍රී ලංකාවේදී රූ ගත කෙරුණි. කැනඩාව එක්සත් ජනපදය වැනි රටවල 2005 වර්ෂයේදී මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරුණත් ඉන්දියාවේදී ප්‍රදර්ශනය කිරීමට ඉන්දීය රැඟුම් පාලක මණ්ඩලය අවසර ලබා දුන්නේ නැත. අධ්‍යක්ෂවරියට ඒ සඳහා තවත් වසර දෙකක කාලයක් බලා සිටින්නට සිදු විය.
මේ චිත්‍රපටය සම්බන්ධයෙන් ආරම්භයේ පටන් ආන්දෝලනයක් ඇති වූ බැවින් ප්‍රදර්ශනයට නිදහස් වන කාලය වන විට එය ශ්‍රී ලංකාව තුළ අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබුණි. වතාවක් මම මෙහි ඩී.වී.ඩී පිටපතක් මිලට ගෙන නැරඹීමට උත්සාහ කළ මුත් නැරඹීමට නුසුදුසු තරම් අපැහැදිලි දර්ශන සහිත කැමරා කොපියක් වීම හේතුවෙන් ඉවත දැමුවෙමි. පසුව මෙය නිදහස් සිතින් නරඹා රසවිඳීමට හැකි වූයේ ටොරන්ට් භාවිතයෙන් බා ගත කරගැනීමෙන් පසුවය. මට මගහැරෙන්නට ඉඩ තිබුණේ අතිශය සුන්දර දර්ශන සහ ළයාන්විත සංගීතයෙන් සපිරි විශිෂ්ට සිනමා නිර්මාණයක් යැයි සිතමි. නිර්මාණකාරිය අතිශය සංයමයකින් යුතුව තම අදහස ඉදිරිපත් කරන්නීය. චිත්‍රපටයේ කිසිදු දර්ශනයක, දෙබසක හෝ ගීතයක අඩංගුව, හින්දු දර්ශනය හෝ හින්දු ධර්මය හෝ විවේචනය කරන, එසේත් නැතහොත් එයට නිග්‍රහ කරන ආකාරයේ කිසිවක් මට දැකගන්නට ලැබුණේ නැත. එසේ නම් හින්දුත්වවාදීන්ගේ විරෝධතාවන්ට ලක් වීමට දීපා මෙහ්තා සිනමාවේදිනියට සිදු වූයේ කුමක් නිසාද? සමහර විට ඇයගේ පෙර චිත්‍රපටවල තේමාව මෙම චිත්‍රපටය කෙරෙහිද ඔවුන් තුල සැක සංකා ඇති කරන්නට හේතු වන්නට ඇත. ෆයර් චිත්‍රපටයට තේමා වූ “කාන්තා සමලිංගිකත්වයෙහි අයිතිය” කවරදාක වුවත් හින්දුන්ගේ දැඩි විරෝධතාවට හේතු වන්නකි.
මෙම චිත්‍රපටයේ මගේ සිත් බැඳගත් සුවිශේෂීම අංගය වූයේ Mychael Danna නම් කැනේඩියානු සංගීත අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය කර ඇති පසුබිම් සංගීතයයි. ඔහුගේ සංගීතය චිත්‍රපටයට මහත් වූ ආලෝකයක් ලබා දීමට සමත් වී ඇති අතර චිත්‍රපටයේ තේමාව මැනැවින් ඉස්මතු කරයි. සාම්ප්‍රදායික හින්දි චිත්‍රපටයක ක්‍රමවේදයෙන් බැහැරව පසුබිම් ගීත භාවිත කර ඇත. සීමා බිස්වාස්ගේ රංගනය අති විශිෂ්ට බවට අවිවාදයෙන්ම එකඟ විය හැකිය. එසේම චූයියාගේ රඟපෑම් පිළිබඳවද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.
ශ්‍රී ලාංකික සිනමා රසිකයන් වශයෙන් මේ චිත්‍රපටය අප සැමට වැදගත්කමක් දරන ප්‍රධානම කාරණාව වන්නේ එවක අවුරුදු හතක් – අටක් පමණ වයසැති ශ්‍රී ලාංකික දැරියක් වන සරලා කාරියවසම් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත හතරෙන් එකක් සඳහා තෝරා ගැනීමයි. එය හින්දි සිනමා සලරුවක ශ්‍රී ලාංකික ශිල්පියෙක් හෝ ශිල්පිනියක් ප්‍රධාන චරිතයක් නිරූපනය කරන ලද ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වේ. තම පළමු රංගනය වුවත් සීමා බිස්වාස් වැනි ප්‍රවීණ නිළියක සමග කරට කර රංගනයක යෙදීමට සමත් වූ ඇයගේ රංගනය ජාත්‍යන්තර වශයෙන් පවා අවධානයට ලක් වූවකි. 2007 වර්ෂයේ එක්සත් ජනපදයේ පැවති තරුණ සිනමා ශිල්පීන්ගේ සම්මාන උලෙළේ හොඳම තරුණ නිළිය සඳහා පිරිනැමෙන සම්මානය දිනාගැනීමට සරලා කාරියවසම් දැරිය සමත් වන්නේ වෝටර් චිත්‍රපටයේ චූයියාගේ චරිතය රඟපෑම වෙනුවෙනි. මේ වනවිට ඇය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ රංග ශිල්පිනියකි. ඇගේ රංගන දිවිය සාර්ථක වීම සඳහා මෙලෙසින් සුබ පැතුම් එක්කරමි.
මගේ හය වන උපසිරැසි නිර්මාණය වශයෙන් වෝටර් චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔබ වෙත ගෙන එන්නට බලපෑවේ මෙම චිත්‍රපටය නරඹා රසවිදීමෙන් පසුව සිත තුල ඇති වූ චමත්කාරයයි. එබැවින් මෙම චිත්‍රපටය නිර්මාණය කළ දීපා මෙහෙතා සිනමාවේදිනිය ඇතුළු නිර්මාණ ශිල්පීන්ට පළමු ස්තූතිය පුද කරමි. එසේම මේ චිත්‍රපටයේ උපසිරැසි ඔබ වෙත ගෙන එන්නට අවස්ථාව සලසා දුන් www.baiscope.lk වෙබ් අඩවියට ද මගේ විශේෂ ස්තූතිය පුද කරමි. තවත් චිත්‍රපටයක උපසිරැසියකින් හමුවන තෙක් මා සමග එක්ව වෝටර් චිත්‍රපටය රස විඳින ලෙස සහෘද ඔබ සැමට ආරාධනා කරමි.
Due to copyright issues, we do not provide any torrent links.
Water (2005) 900MB Hindi DVDRip x264 E-Subs Team DDH~RG (901 MB)
1,122 downloadsDownload Water-2005.Baiscopelk.com_.rar26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/WajiraRathnayaka2-e1472758691562.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වජිර රත්නායක
Subtitles
27 comments
loku malli
tharindu lakshan
Skiptrace film eke sub daanne kawaddaa???
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ඔයා දුන්න හැම චිත්‍රපටියක්ම අර්ථවත්. ඒ වගේම හරිම ලස්සනයි. තව දෙයක් ඔයා දුන් පැරණි චිත්‍රපට වර්තමාන කාලයේ තරුණයෙකු වශයෙන් ජීවත් වන මා වැනි කෙනෙකුටත් වෙනසක් නැතිව රසවිඳින්න පුළුවන්. ඕනෑම කාලයක ඉපදුන බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට මේ අද්විතීය සිනමා නිර්මාණ රස විඳින්න පුළුවන්. මම ඔයා දුන් චිත්‍රපට ඔක්කොටම ප්‍රිය කරනවා. කලාතුරකින් තමයි ඔබ වැනි අයෙකු බයිස්කෝප් එකට සම්බන්ධ වී ස්වාභාවික ජීවිතය හා සංස්කෘතිය පෙන්වන මේ වගේ හොඳ චිත්‍රපට වලට උපසිරැසි දෙන්නේ. ඉතින් ඉදිරියටත් ඔයා අප වෙත මේ වගේ වටිනා සිනමා නිර්මාණයන් තව තවත් ගෙනෙ ඒවියැයි බලාපොරොත්තු වෙනවා.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!ප්‍රේමකුමාර
බයිස්කෝප් අඩවියට වියත් ලේඛකයකුගේ ආගමනය මෙම ලිපිය තුළින් පිළිබිඹු වන බවට එකඟ වීමට කාහට වුවද අපහසු කරුණක් නොවෙතියි සිතම්හ. නන් දෙසින් ඇසෙන, පෙනෙන හඩු බස් සරඹ මැද මෙසේ ඔදවත්ව, පණවත්ව ලියන්නට හැකිවූයේ පූර්ව වාසනා ගුණය නිසා ද? සත් සාහිත්‍ය සේවනයෙන් ලද පරිචය නිසාදැයි අපි නො දනිමු. අප හදවත් ඇමැතීමට සමත් මේ වාක් සංහිතාවන් එකතු කොට අනාගතයෙහි පොතක් ලෙසද පළ කිරීම අයෝග්‍ය නොවෙතියි සිතමි. වජිර සහෘදයාණෙනි, ඔබේ භාෂා නෛපුණ්‍ය ද රසවින්දන ශක්‍යතාවය ද තව තවත් දියුණු වේවායි පතමි. එහි මහත් ඵල මහානිසංශ අපට ද අත්පත් වන හෙයිනි. චිරං ජයතු !
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Withanage Priyantha Dayakeerthi
"water" film එක සිංහල උපසිරසි සහිතව බලන්නට ගොඩක් ආසාවෙන් හිටියේ, එය ඔබ ඉටුකළා. ගොඩක් ස්තුතියි! බලාපොරොත්තු නොවූ විදියට "බයිස්කෝප් වෙබ්" එකට පරණ සිනමාපට රැල්ලක් ඇවිත් නේද කියලා මගේ මිතුරෙකුත් ඇසුවා. ඔබ මේ පළකරනා ලිපි පෙළ කවදා හෝ පොතක් ලෙස පළකරනා ලෙස මා විසින්ද යෝජනාකර සිටිනවා. ඒ මන්ද ඉතාමත් වටිනා ලිපි පෙළක්. දෙස්, විදෙස් සිනමාපට පිළිබඳ ලියවුණු පොත් රැසක් මා විසින්ද මිලට ගෙන තිබෙනවා. එසේම මාගේ පොත් නිර්මාණද සමාජයට ලබාදී තිබෙනවා. දැනටත් කරගෙන යනවා.
nadun
බොහෝම හරවත් ලිපියක්.. සිංහල උපසිරසට ස්තූතියි.. මෙවැනි නිර්මාණ රැසක් කිරීමට හැකියාව ලැබේවායි පතමි.
Seo spider
පරණ රැල්ලක් නෙවෙයි බ්‍රෝ. මේ පට්ටම කතාවක්. ඔක්කොමත් වඩා, ආටිකල් එකට ආසා හිතෙන්නෙ.
Withanage Priyantha Dayakeerthi
Seo spider නාමයෙන් සිටින සොයුරා වෙත,
ඔබ මාගේ කමෙන්ටුව වරදවා වටහාගෙන වගේ, පරණ ඒවාට මමත් ආසයි, ඒ මිතුරත් ආසයි, ඒ නිසයි එහෙම කීවේ. ඒකයි රැල්ලක් කීවේ. මීට පෙර මේ වෙබ් එකට ආවේ අලුත් ඒවාම පමණයිනේ...ඒ රැල්ලට අපි කැමතියි.
Thilakarathna
දීපා මෙහෙතා සිනමාවේදිනියගේ Fire (1996), Earth (1998) ඒවාත් දෙන්න බලන්න, මෙයත් මා නරඹනවා. මේ කරනා සේවයට ඔබට යහපතක්ම වේවා!
Vajira Rathnayake
හැකි ඉක්මනින් ලබා දෙන්නම්
Akalanka
Thnx......
Thilina
බොහොම ස්තූතියි සබ් එකට. මේ ෆිල්ම් වලටත් සබ් දෙන්න පුලුවන් නම් එල
● http://m.imdb.com/title/tt0106725/
● http://m.imdb.com/title/tt0222024/
● http://m.imdb.com/title/tt0114230/
● http://m.imdb.com/title/tt0976027/
● http://m.imdb.com/title/tt0464990/Sanath Indika
thx brooo
Saman
Subtitle වලට ස්තූතී සහෝ. කාටහරි මේකේ quality direct link එකක් හරි torrent link එකක් හරි දෙන්න ප්ලුවන්ද, මම බාපු එක මදි
අසංක ප්‍රදීප් රණතුංග
විතානගේ සහෝ. ඔයා හරි. රැල්ලක් තමා. Seo spider ඔයත් හරි. මොකද රැල්ලක් නෙවි පැරණි ජනප්‍රිය චිත්‍රපට ටිකක් වැඩිපුර එලියට බැහැල. ඉතින් දැන් වෙබ් අඩවියේ අලුත් පරණ ඔක්කොටම බලන්න උපසිරසි ලැබෙනවා වගේ. සතුටුයි මටත් එකට දායක වෙන්න ලැබීම ගැන.
ස්තුතියි උපසිරසියට සහෝ. බුදු සරණයි
වයන්ත
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසට, මේ වගේ නිර්මාණ ලබාදීමෙන් බයිස්කෝප් අඩවියේ ලොකු ලොකු හිඩැස් පිරෙනව වගේම මීට කලින් බයිස්කෝප් එකෙන් ඈත් වෙලා හිටපු සම්භාව්‍ය ගණයේ චිත්‍රපටි රසිකයන්ව ආය එක් රොක් කරන්ඩත් ලොකු උදව්වක් වෙනව. දිගටම sub දෙන්න කියල ආරාධනා කරනව,
තෙරුවන් සරණයි!ඉන්දික
මා දන්නා තරමින් මෙම චිත්‍රපටිය රූගත කලේ පිලියන්දල බොල්ගොඩ ගග අසබඩ. අප පදිංචිව සිටින්නේ පිලියන්දල. මේ චිත්‍රපටිය රූගත කරන කාලේ අපි එහි දර්ශන බලන්නත් ගියා. කොහොම වුනත් සංවේදී චිත්‍රපටියක්. ස්තුතියි ඔබට මෙම චිත්‍රපටියට උපසිරැසි දුන්නාට.
Vajira Rathnayake
ඔබ නිවැරදි ඇති.ස්තුතියි තොරතුරු ලබා දුන්නාට. මම අසා ඇති පරිද්දෙනුයි ලිවුවේ
නිරෝෂ්
ස්තුතියි වජිර සහෝ,ජයවේවා!
Akalanka
Thnx.........
Srimal Priyanga
ස්තුතියි!
Dileepa Rodrigo
සහෝ දීපා මෙහෙතාගේ තවත් අනගි නිර්මානයක් වන Midnights Children (2012) ටත් සබ් ලභා දෙන්න.
වජිර රත්නායක
මට හොඳ පිටපතක් ලැබුණේ නෑන්. ලැබුණේ ගොඩාක් ලෝ කොලිටි එකක්. හොඳ පිටපතක් ලැබුණු වහාම ලබාදෙන්නම්
Dileepa Rodrigo
Midnights Children (2012) 720p BRrip_nItRo_sujaidr සහෝ මේ කොපිය හොද මට්ටමක තියෙනවා, මම මේ කොපිය බැලුවා.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sulochana
film aka download karanna nene...baiscopedownloads walata dennako..plz
Advertisement

Hoya hoya hitiya film 1k, hithuwewath nathi welawaka sub 1 dila. thanx sahoo sub 1 ta.