Watch Trailer

Amour (2012) Sinhala Subtitles | ආදරනීය ආදරයේ නාමයෙන්…. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Flammen and Citronen (2008) ඝාතකයෝ…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලි…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” Flammen and Citronen (2008) ඝාතකයෝ…..” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් නිර්මාණය වන්නාවූ දස දහස් ගනනක් වූ සිනමා පට අතුරින් බොහෝවිට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, කොරියානු, හිංදි, දමිළ ආදී සීමිත භාෂා ගණනකින් නිර්මාණය වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය කෙරෙන්නා වූ විශිෂ්ට සිනමාපට රැසක්ම අපට නොදැනීම මගහැරී යනවා. මේ උත්සාහය එසේ මගහැරී ගිය වෙනස්ම ආකාරයේ සිනමා සිත්තමකට උපසිරැසියක් ලබා දෙන්නයි.

ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවිඳිනකොට හම්බ උන වෙනස්ම විදියේ ප්‍රංශ සිනමා නිර්මාණයක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. 2012 අවුරුද්දෙදි එක්තරා ප්‍රංශ සිනමා සිත්තමක් තිරගත වෙනවා බොහොම නිහඬවම. හැබැයි ඒ සිනමා සිත්තම අන්තිමටම නතර වෙන්නෙ ඒ වසරේදී මුලු ලෝකෙ වටේම පැවැත්වුන අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලවල් සියල්ලම උඩු යටිකුරු කල මහා සුලි කුණාටුවක් බවට පත් වෙමිනුයි. සරල උදාහරණ ටිකක් කියන්නම්. 85 වෙනි ඔස්කාර් එහෙමත් නැත්තං ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටියට වගේම හොඳම විදේශ භාෂා චිත්‍රපටිය ඇතුලු ඔස්කාර් සම්මාන 5කට නිර්දේශ වෙනවා විතරක්ම නෙමෙයි. ඒ අතුරින් ඒ වසරේදී හොඳම විදේශීය භාෂා සිනමා පටයට හිමි ඔස්කාර් සම්මානයත් දිනා ගන්නවා. ඒ වගේම කැනාස් එහෙමත් නැත්තං ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේදී හොඳම සිනමාපටයට හිමි Palme d’Or සම්මානයත් දිනා ගන්නවා. එතැනින් නොනැවතී 25 වෙනි යුරෝපියානු සිනමා සම්මාන උළෙලේදී සම්මාන 6ක් සඳහා නිර්දේශ වී එයිනුත් වසරේ හොඳම සිනමාපටයට හිමි සම්මානය ඇතුලු සම්මාන හතරක්ම දිනා ගන්නවා. ආයෙමත් 66වෙනි බ්‍රිතාන්‍ය සිනමා සම්මාන උළෙලේදී වගේම 38වෙනි César සිනමා සම්මාන උළෙලේදීත් වසරේ හොඳම සිනමා සිත්තම ලෙසින් සම්මානයට පාත්‍ර වනවා. මේ හොඳටෝම ඇති මේ ලිස්ට් එක තව සෑහෙන්නම දිගයි. කෙටියෙන් කිව්වොත් එහෙම ඒ වසරේදී ලොව පුරා පැවති සිනමා සම්මාන උළෙලවල් සියල්ලම පාහේ නියෝජනය කරමින් සම්මාන 80ක් දිනා ගන්නටත් තවත් විවිධාකාරයේ සම්මාන 103කට නිර්දේශ වන්නටත් මේ සිනමා සිත්තමට හැකියාව ලැබෙනවා. එයිනුත් සෑහෙන ප්‍රමානයක් හොඳම සිනමා සිත්තමට හිමි සම්මානයි. පස්සෙ 2016 අවුරුද්දෙදි 21වෙනි සියවසේ බිහිවූ ලොව හොඳම සිනමා සිත්තම් අතරට එක් වෙන්නත් IMDb දර්ශකයේ 7.9ක් සහ rotten Tomatoes වර්ගීකරනයේ 93%ක් ලබාගත්තු මේ සිනමා සිත්තමට හැකියාව ලැබෙනවා. දැන් ඉතිං හිතාගන්න පුලුවන්නෙ මේ කියන්න හදන්නෙ කොහොම ෆිල්ම් එකක් ගැනද කියලා. සිනමාලෝලීන් නම් අනිවාර්යයෙන්ම දැනටමත් මේ ෆිල්ම් එක බලලා ඇති. තවමත් මේ සිනමා සිත්තම රසවිඳින්න බැරි උන අය ඉන්නව නං එයාලට මග ඇරිලා තියෙන්නෙ කොහොම ෆිල්ම් එකක්ද කියලා දැන ගන්නයි ඔය උඩ තියෙන විස්තරේ දැම්මේ.

මම මෙහෙම පටන් ගන්නම්කෝ. මේ සිනමා සිත්තමේ ප්‍රංශ භාෂාවවෙන් කියැවෙන නම ” Amour “. තේරෙන සිංහලෙන් නම් ඒ වචනෙ තේරුම ආදරය කියන එකයි. ආදරය කරන, ආදරය විඳින, ආදරය හොයන ආදරනීය හිත් වලින් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ඔය ” ආදරය ” කියන අකුරු හතරේ තේරුම දන්නවද? ඒ හැම ආදරනීය සිතකටමයි මේ ඇරයුම. මිනිත්තු 127ක් වැය කරලා මේ ආදනීය සිනමා සිත්තම රස විඳින්න. ඊට පස්සෙ ආයෙමත් ආදරය කියන ඒ අකුරු හතෙරෙ වචනේ තේරුම හොයන්න උත්සාහ කරන්න. ඔව්. මොහොතකට ඔබ නිරුත්තර වේවි…. මම මේ ආදර කතාව ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද ඒ දැනුන හැගීම් අකුරු කරන්න බැරි තරමටම භාෂාවේ වචන දුප්පත් නිසා. මේක කියවලා රසවිඳින සිනමා සිත්තමක් නොවන බවත් දෑසින් බලා රසවිඳිය යුතු සිනමා සිත්තමක් බවත් මේ සිනමා සිත්තම නැරඹුවායින් පසුව ඔබටම වැටහේවි. එහෙයින් වාසනාවන්තයෝ නරඹත්වා….!

” ආදරය අසීමිත විය හැකිද…?
බොහෝ විට නැත…
එය වසංගත වලට ගොදුරු විය හැක,
යුද්ධ වලට බිලිවිය හැක.
එසේත් නැති නම් ආදරය තුළම වූ
බොරු වලවල් තුල වැටී වල්මත් විය හැක…

එහෙත් කවදා කෙසේ,
කොතැනකදී ආදරය කලත්
ඒ ආදරය යනු ආදරයම වන බැව්
වටහා ගැනුමට
අසූ වියැති ඔහුට හෝ ඇයට
තවත් කල් බලා හිදින්නට සිදු නොවුනි…

යොවුන් වියේදී ආදරය
ගෙන දුන් ඒ චමත්කාරය,
හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ
රැලි වැටුන මුහුණක් පසු පස ඇති,
අතීතයක් තුළින් හාරා අවුස්සා ගන්නට
පෙළැඹෙන ඒ පිරිමියා කවුරුන්ද…?
ඒ ඔහුමය….

මේ ඔහුගේ හා ඇයගේ කතාවයි….
ඇතැම් විට මේ ඔබගේත් මගේත් කතාවයි….
අවසරයි නරඹන්න,
ආදරනීය ආදරයේ නාමයෙන්…. “

තවත් වෙනස්ම විදියේ ආදරනීය තුර්කි සිනමා සිත්තමක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු.

ඔබට ජය….!

ප.ලි
සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,077 downloadsDownload Amour.2012.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,077 downloadsDownload Subtitles46 KB

15 comments

  1. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata.. :)
    Jaya wewa.!

  2. nish47

    ස්තූතියි සහෝ

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  5. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසිත සහෝ.
    ජයෙන් ජයම වේවා!
    ලිපියනම් සුපිරියටම ලියලා තියෙනවා.

  6. sathira529

    අම්මෝ ඇති යන්තම් හසිත බ්‍රෝ සබ් එකක් දීලා.හැමදාම මේකට ඇවිත් බලන්නෙ ඔයා සබ් එකක් දීල තියෙනවද කියල තමයි..දෙමළ හින්දි තිරුවාණා අස්සෙ මෙහෙම මැණික් දෙන්නෙ හසිත බ්‍රෝ විතරයිනෙ දැන් මේකෙ.ජය වේවා.ස්තූතියි උපසිරැසියට.පුලුවන් නම් මේවටත් සබ් දෙන්න..
    Philadelphia
    Citizen kane
    Jacobs ladder
    Funny games

    1. හසිත මධුෂාන්

      පහුගිය කාලෙ සෑහෙන්නම කාර්යබහුල වෙලා හිටියෙ සහෝ...
      සිටිසන් කේන් බලන්න ලැබුනෙත් මීට දවස් දෙක තුනකට කලින්.
      " Rosebud " කොහොම අමතක කරන්නද?
      පුලුවන් තරම් ඉක්මනින්ම සබ් එක හදල ඉවර කරන්නම් සහෝ...

  7. Piumi ann

    Thankz broo mewane films patta a.. dan kale ewata wada parana ewa maru oyage me wade supiri

  8. indika75

    thanks..

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Bandaramudiyansi

    ඔයා ගෙනෙන ෆිල්ම් පුද්ගලිකව ලිස් එකක් හදාගන්න ඔන කියල හිතුව. මොකද කියනවනම් වෙනත් භාෂා වලින් හොදම රෙටින් තියෙන ලස්සන චිත්‍රපට ටිකක් ඔයා තොරල ගෙන්නෙ. අවංකකම වෙන කෙනෙක්ට බලන්න දෙන්න වටින නිර්මාණ .amazing . බෙස්ට් .
    Thanks lot brother

    1. හසිත මධුෂාන්

      ඒ වගේම බොහොමත්ම ස්තූතියි හැමදාමත් කමෙන්ට් එකක් දාන්න නතර වෙලා යනවට...

  11. AsithaDilruwan

    ela saho thanks

  12. sasanka

    thanks for the sub

  13. hasitha erathna

    Another great foreign language movie. superb machan. thank you.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.