මම මෙහෙම පටන් ගන්නම්, නේටෝ සහ මැතියස් කියන්නේ බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ හමුදා පොලිසියට ආපු නවකයෝ දෙන්නෙක්. දෙන්න කුඩා කාලයේ ඉඳන් මිත්‍රයෝ. නේටෝ කියන්නේ ටිකක් නහරකාරයෙක්. මොකද හැම දේම ඒ විදිහට ඕනේ වගේම පොඩ්ඩ ඇත්තන් යක්ෂයා ආරුඪ කරගන්න පුද්ගලයෙක්. එතකොට මැතියාස් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක්.…

මම මෙහෙම පටන් ගන්නම්, නේටෝ සහ මැතියස් කියන්නේ බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ හමුදා පොලිසියට ආපු නවකයෝ දෙන්නෙක්. දෙන්න කුඩා කාලයේ ඉඳන් මිත්‍රයෝ. නේටෝ කියන්නේ ටිකක් නහරකාරයෙක්. මොකද හැම දේම ඒ විදිහට ඕනේ වගේම පොඩ්ඩ ඇත්තන් යක්ෂයා ආරුඪ කරගන්න පුද්ගලයෙක්. එතකොට මැතියාස් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් පුද්ගලයෙක්. එයා පොලිසියට බැඳුනට හිත තියෙන්නේ නීතිඥයෙක් වෙන්න. දෙන්නම පොලිසියට බැඳුනේ ඒ වෙනුවෙන් අවංකවම සේවයක් කරන්න හිතාගෙන. එත් ලෝකේ කොහේ ගියත් දකින්න ලැබෙන දූෂණය, නිලධාරිවාදය බ්‍රසීල පොලිසිය තුලත් යහමින් රජයනවා. මේ දෙන්නට දෙයක් කරන්න උවමනා උනත් ඉහල දූෂිත නිලධාරීන් නිසා සමාජය වෙනුවෙන් යහපතක් කරන්න ලැබෙන්නේ නැහැ.
දැන් මම කියන්නම් තවත් කෙනෙක් ගැන, මෙයාගේ නම කැප්ටන් නසිමෙයාටෝ වැඩ කරන්නේ බ්‍රසීල විශේෂ පොලිස් ඒකකයක. ඒකකයේ නම BOPE (Special Police Operation Battalion) කියල තමයි හඳුන්වන්නේ. මේ ඒකකය අපේ රටේ STF වගේ කිව්වොත් තරමක් නිවැරදියි. පොලිසියට පාලනය කරගන්න බැරි වෙන දේවල් සඳහා කැඳවන්නේ මේ ඒකකයේ පිරිස තමයි. නසිමෙයාටෝට අලුත් පැවරුමක් ලැබිලා තියෙනවා. ඒ තමයි 1997 දි පාප් වහන්සේ රියෝ දී ජැනයිරෝ වලට සංචාරයක් යොදාගෙන. පාප් වහන්සේට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ හරියේ තියෙන මුඩුක්කු අසලම නවාතැන් ගන්න. මේ මුඩුක්කු තමා බ්‍රසීලයට තියෙන ලොකුම හිසරදය. මත්කුඩු ජාවාරම, මැරකම්, ගණිකා මඩම් සහ පාතාලය මේ මුඩුක්කු වාසස්ථාන කරගෙන තියෙන්නේ. වර්තමානයේ උනත් බ්‍රසීලයට තියෙන ලොකු හිසරදයක් තමයි මේ මුඩුක්කු. ඉතින් නසිමෙයාටෝට පැවරුන මෙහෙයුම තමයි පාප් වහන්සේගේ ආරක්ෂාව වගේම ඒ අවටින් කිසිම වෙඩි හඬක් වත් ඇසෙන්න ලැබෙන්නේ නැති වෙන්න වගබලා ගන්න එක. ඒ වගේම නසිමෙයාටෝ තාත්ත කෙනෙක් වෙන්න ඉන්නේ ඒ වගේම එයාට ඕනේ එයාගේ කණ්ඩායමේ කැප්ටන්ත නතුරට වෙන කෙනෙක් දාල මේ ඒකකයේ සෙබළු පුහුණු කරන අංශයට බැඳෙන්න.
කලින් කියපු නේටෝ, මැතියස් වගේම කැප්ටන් නසිමෙයාටෝ කියන්නේ කවදාවත් මුණ නොගැහුන තුන් දෙනෙක්. මේ තුන් දෙනා මුණ ගැහෙන්නේ අපූරු අකාරයකට. ඒකට මුල පෑදෙන්නේ නේටෝ සහ මැතියස් දෙන්නා එකතු වෙලා කරන හපන්කමක්. එහෙනම් මම මේ විස්තර කලේ ඔයාලට මීට කලින් උපසිරසි ලැබුන Elite Squad: The Enemy Within (2010) කියන බ්‍රසීල චිත්‍රපටයේ දෙවැන්න ගැන. මේ චිත්‍රපටය සම්මාන 39 ක් මේ වෙනකොට හිමිකරගෙන තියෙනවා ඒ වගේම IMDb දර්ශකයේ 8.1 වගේ ඉහල මට්ටමක රැඳුන චිත්‍රපටයක්. තව දෙයක් මම මේ චිත්‍රපටයට උපසිරසි හදන්න ගත්තේ 2013 සැප්තැම්බර් 13 වෙනිදා මොකද මේ උපසිරස මම ගූගල් ශීට් එකක දාල තිබුන නිසා මුලින්ම වැඩේ පටන් ගත්තු දිනය සඳහන් වෙන්නේ එහෙමයි. එතකොට අද දවස 2016 සැප්තැම්බර් 13 😀 ලේසි නැහැ කලින් අපේ හේවගේ අවුරුද්දේ වාර්තාව ඔන්න මම අලුත් කළා එහෙනම්. මේ උපසිරස කරන්න මට අවුරුදු තුනක් හරියටම ගත උනා මගේ කම්මැලි කමට පින් සිද්ධ වෙන්න. එහෙනම් හැමෝටම අරාධනා කරනවා එලයිට් ස්කොඩ් එක ආරම්භ උනේ කොහොමද බලන්න. නැවත මුණ ගැහෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
“On the streets of Rio only the elite survive”
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම බ්ලුරේ(BR) පිටපත් සඳහා අදාළ වේ.
1,764 downloadsDownload Elite-Squad-2007.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
18 comments
Kulanjana Maduranga
Ishan Madusha
බෝහෝම ස්තුතියි සහෝ sub එකට
දිනේෂ් අකලංක
සුපිරි film එකකටනෙ සබ් දීල තියෙන්නෙ අනිව බෑමක් තමා... ජයවේවා!!!
Lushan Kuruppu
පට්ට... බොහෝම ස්තූතියි අයියා!
Udara Damith B\K
කම්මැලි යා ..........................
Amil
film කොහොමද download නරන්නේ අයියා....
me
Thanks
thisal
සුපිරි film එකකටනෙ සබ් දීල තියෙන්නෙ අනිව බෑමක් තමා…
Rangana Prabath
Ko bn meke seeds nane banna.... sub eka awata baganne kohomada... seeds thiyena link 1k vath pls diyan...
praneeth madu
බෝහෝම ස්තුතියි සහෝ
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Chalana Rukshan
thnx bro...
Amila Mudalige
Thanks sub ekta
Ramal
Thanx aiye sub ekata..asawen balanna puluwan ekak wage...thanx again.
YASIRU HASARANGA
Oh. Mage palawei sub ekata meke 2010 apu eka dunne. Dn ekai dekai dekama thiyanwa. Sampurnai .
Sub ekata sthuthiiiරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
In the name of the father 1993
Primal fear 1996
Devil's advocate 1997
Arlington road 1999
K pax 2001
Big fish 2003
The wind that shakes the barley 2006Shaggy
Thank you very much
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……