මගේ තුන් වන උපසිරසි නිර්මානය සහ දෙවන කාටූන් උපසිරසිය විධිහට මම අරගෙන එන්නේ සුප්‍රසිද්ධ DC ඇනිමේෂන් සීරීස් එකේ අලුත්ම LeGo නිර්මාණයක් වූJustice league – Gotham city breakout 2016 චිත්‍රපටයයි. මේක IMDB ලකුණු 5.9/10ක් අරගෙන තියෙනවා. ධාවන කාලය මිනිත්තු 78ක්. ඉවර වෙනකම් ආසාවෙන් බලන්න පුලුවන්. ලෙගෝ මුවීස…

මගේ තුන් වන උපසිරසි නිර්මානය සහ දෙවන කාටූන් උපසිරසිය විධිහට මම අරගෙන එන්නේ සුප්‍රසිද්ධ DC ඇනිමේෂන් සීරීස් එකේ අලුත්ම LeGo නිර්මාණයක් වූJustice league – Gotham city breakout 2016 චිත්‍රපටයයි. මේක IMDB ලකුණු 5.9/10ක් අරගෙන තියෙනවා. ධාවන කාලය මිනිත්තු 78ක්. ඉවර වෙනකම් ආසාවෙන් බලන්න පුලුවන්.
ලෙගෝ මුවීස් කියන්නේ මට එච්චරටම අල්ලපු පැත්තක් නෙවෙයි. ඒත් මට මේක පොඩ්ඩක් බැලුවම හොඳයි කියලා හිතුනා. ඉතින් අරගෙන බැලුවා. මේකෙ සුපර්මෑන්ට වෙන දේවල් දැක්කම හිනා වෙතහැකි බඩ අල්ලගෙන. වෙන එකක් තියා හිනා කළඳක් නැති බුම්මැට්ටෙක් වෙන බැට්මෑන් උනත් මේකෙ ඉඳන් පට්ට ආතල් දෙන්නෙ. ඉතින් ඉන් පස්සෙයි සබ් එක කරන්න පටන් ගත්තේ. එතකොට නම් දාවල් තරුත් පෙණුනා. එක්දාස් ගානක් ලයින්ස්. ඒත් මොනවා කරන්නද කියලා වැඩේ ස්ටාර්ට් කලා. කාටුන් එකක් උණාට, සංකීර්ණ දෙබස් ගොඩක් මේකෙ පිරිලා. ඒවත් ලිහාගෙන, කාටත් තේරෙන සරල භාශාවකින් සබ් එක හදලා සමහර දිග වාක්‍ය, අමුතු ඉංග්‍රීසි උපහැරණ, ලෝකෙ නැති වචන වලට ලඟම සිංහල තේරුම ගලපලා මේක ඉවර කලේ. උදාහරණයක් හැටියට මේකෙ එන සමහර උපහැරණ ඒ හැටියටම ට්‍රාන්ස්ලේට් කලා නම් වැඩේ දෙල් වෙන්න තිබ්බා. ඉතින් කතාවෙ අඩු පාඩු තිබ්බොත් සමාවෙන්න. කතාව ගැන කියනවා නම්, මේකෙ තියෙන්නෙ සුපර්මෑන්ගෙ පොරවංශෙ නිසා බැට්මෑන්ගේ ගෝතම් නගරය අවුලකට වැටෙන සීන් එකක්. බැට්මෑන්ගෙ ජීවිතේ විශේෂ දවසක් ඇවිත්, එදාට ඒක සමරන්න ජස්ටිස් ලීග් එකේ කට්ටිය පාටියක් දානවා. එහෙම දාලා, බැට්මෑන්ව දවසකට වැඩ වලින් ඈත් කරලා පොඩි නිවාඩුවක් ගන්න පොළබවලා පොරව ඈතකට යවනවා. එතකම් ගෝතම් වල වැඩ බලන්න සුපර්මෑන් ඉදිරිපත් වෙනවා. ඉතින් බැට්මෑන් නිවාඩුව ගත කරන්න දිවයිනකට යනවා බැට්ගර්ල් එක්ක. (නෑ නෑ, කිලින් ජෝක් එකේ කෙනා නෙවෙයි.) නයිට්වින්ග් වත් ගමනට එකතු කරගන්නවා. ඉතින් තුන් දෙනා ට්‍රිප් එක ගිහින් ආතල් ගන්න හිතුවට පැටලෙන්නෙ තවත් ලොකුම ලොකු අවුලක. මේ අතරේ සුපී ජෝකර් ටීම් එකත් (ජෝකර්, හාර්ලි, පොයිසන් අයිවී, පෙන්ගුයින්, මේ සෙට් එක) එක්ක වලියක් දාගෙන ගෝතම් කනපිට හරවනවා. බලන් ඉන්න පට්ට ආතල් සීන් ටිකක් වෙන්නෙ. වෙන එකක් තියා කෙල්ලන්ගෙනුත් කනවා. ඉතින් අන්තිමට බැරිම තැන සයිබෝග් ටයි, වොන්ඩර් වුමන්ටයි කතා කරනවා උදව් ඉල්ලලා. ඒ දෙන්නටත් වෙන්නෙ ජෝකර් ටීම් එකට අහු වෙලා සුපර්මෑන් එක්ක පැකට් වෙන්න.
ඉතින් මේ සෙට් එක බේරෙයිද? බැට්මෑන්ට මොකද උනේ? ගෝතම් නගරය ඔහු නැතුව ආරක්ෂා කරන්න ඉන්නේ කවුද? මේ සේරටම උත්තර ඕනි නම් කතාව බලන්න. වැඩි ඉඩක් යන්නෙ නෑ. සබ් එක හැදුවෙ 600mb web-dl වීඩියෝ පිටපතට. අරගෙන බලලා හොඳ නරක කියන්න.
ස්තූතියි.
Due to copyright issues, we do not provide any torrent links.
LEGO.DC.Comics.Super.Heroes.Justice.League.Gotham.City.Breakout.2016.720p.BluRay.x264-ROVERS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
803 downloadsDownload LEGO.JL_.Gotham.City_.Breakout.2016.Br_.Baiscopelk.com_.rar40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/MalindaPitigala1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මාලින්ද පිටිගල
Subtitles
33 comments
Ishan Madusha
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
සජිත් Sαjιτh
[b]තෑන්ක්ස් බ්‍රෝ[/b]
Lahiru Lakmal
Thanks for sub.....
Chalana Rukshan
link eka nane?
මාලින්ද
බයිස්කෝප් එකෙන් ලින්ක්ස් දෙන එක අත් හිටවලා තියෙන්නෙ සහෝ. ඔයා ගිහින් ඕනිම ටොරන්ට්ස් සයිට් එකක මේකෙ නම ගහල සර්ච් කරන්න. සීඩ්ස් තියෙනවා. ලගදි ආපු එකක් නිසා.
Chalana Rukshan
na bro man qwe torrent link eka hoyaganna ba me file eke google eken kiyala?
Malinda
තාමත් හොයාගන්න අමාරුයි නම් මගේ නම උඩ click කරලා fb enna සහෝ. Link එක දෙන්නම්.
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B\K
උපසිරැසියට බොහෝම ස්තුතියි
praneeth madu
බොහෝම ස්තුතියි
chamara kalhara
puluwan kiyala okkatama kalin denna balagena tharageta wage WEB walata hadanna epa. wadak nane. therumak nane. BRrip eka enakan idala ekata hadanna.
Malinda
මේකට 1080p බ්ලුරේ තියෙනව සහෝ, ඒත් සාමාන්‍යයෙන් කාටුන් එකක් බ්ලුරේ බලන අය අඩුයි. අඩු සයිස් කොපි තමා වැඩි දෙනෙක් ගන්නෙ. හැමෝටම ඩේටා නෑනෙ මහ ගොඩක්. හොඳ පොපියුලර් මූවි එකක් නම් අනිවා සේරම වර්ශන් වලට සබ් එක අප්ඩේට් වෙනවා බයිස්කෝප් එකේ.
ලක්ජය
මලින්ද සහෝදරයා ඔයා වැරදි. හැමොම බලන්නේ blueray එකයි. කවුරුත් කොහෙවත් නැති webrip එකක් බලන්නනම් කැමති නැ. කවුරුත් කැමති නැ film එකක් බාල quality බලන්න. රසයක් නැති අය මිසක්. ඩේටා නැති කතාව ඇත්ත උනත් webrip කියල size එකෙත් අඩුවක් කියල නෑනේ(ඒක ඔයාගෙ නොදැනුවත්කම). baiscope එකෙ ගොඩක් sub blueray එකට වැඩ නැහැ. එක baiscope එකෙ වැරැද්දක්.
Devdun
අපි සතුටු වෙන්න ඔන මෙවෙග් සිංහල සබ් දෙන සයිට් ඒකක් තියෙන ඒනක ගැන
ලක්ජය
ඒක තමයි මාත් කියන්නෙ. තව කවුරුහරි blueray වලට විතරක් සිංහල sub දෙන්න පටන් ගන්න website එකක් හදපු ගමන් baiscope එක වැටෙනව. මේක කරන මිනිස්සුට ඒක තෙරෙන්නෙ නෑ.
Chämàrá Sâmpáth
@Chamara Kalhara - තේරුමක් නැත්තේ නෑ. දැනටමත් බාගතකිරීම 200+ තියෙනවා. තරගයක් නෑ කියන්න බැහැ. ඔයා තාම නිදාගෙන ඇත්තේ පොඩ්ඩක් ඇහැරිලා බලන්න මේ මුළු ලෝකයම කියන්නේ තනිකර තරගයක්.
@ලක්ජය - ඔයා කොහොමද කියන්නේ හැමෝම බලන්නේ බ්ලුරේ කියලා?? අඩුම තරමේ සයිට් එකේ CAM RIP එකටවත් සබ් දෙන්නේ නෑ. දුන්නොත් දෙන්නේ. HDTS එකකට. ඒ දුන්නත් බලන අය ඕනේ තරම් ඉන්නවා. විශේෂ යමක් ඇරෙන්න දැන් HDTS දෙන්නත් නෑ. එහෙව් එකේ WEB කොපි දුන්නා කියලා ඇයි මැරෙන්න දගලන්නේ? හොද විශේෂ ෆිල්ම් එකක් දුන්නොත් ඒකෙන් 80% බාගත කරන්නේ HD/WEB කොපි තමයි. පස්සේ අප්ඩේට් කරලත් දෙනවා. ඒක බාගත කරන්න ඉන්නේ 20% වගේ සුළු පිරිසක්. ඔයා නොදන්නවා වුණාට කට්ටිය ඕනේ තරම් ඉන්නවා කැමරා කොපි වළට පවා උපසිරැසි කරලා ඉල්ලන. අනික මෙතන ඔයාගේ දැනුමේ අවුලක් තියෙන්නේ. WEB /HD කිව්වහම පොඩි කොපි කියලා මනින්න බැහැ. 8GB පවා ගුණාත්මක තියෙනවා. දැකලා නැත්තම් කරුණාකරලා හොයලා බලන්න.
WEB හො HD වගේ පිටපත් ගද්දි HEVC කියලා කොපියක් තියෙනවා. ප්‍රමාණයෙන් අඩු ගුණාත්මක බැවින් වැඩි. ඔයාට වගේ මේකේ ඉන්න හැමෝටම බ්ලුරේ එනකන් ඉදලම ඩවුන් කරලා අප්ඩේට් කර කර ඉන්න උපසිරසිකරුවන්ට මාසෙකට 100GB වගේ පැකේජ් තියෙන ලොකු සල්ලිකාරයෝ මේකේ නැහැ. තවමත් මේකේ ඉන්නඋපසිකරුවන් වගේම ඇඩ්මින්ලා ලොකු රෝලක් ගහගෙන මේක කරගෙන යන්නේ. අනික ඔයා සයිට් එකටම වරද පටවන්නේ හරියට මේකේ අය ඔයාගෙන් යැපිලා කරගෙන යනවා වගේනේ. ඔයා කියන විදිහට බ්ලුරේ විතරක් සබ් දෙන සයිට් එකක් අවොත් වැටෙයි.. හැබැයි ඒ බයිස්කෝප් සිංහලෙන් නෙවෙයි.. ඔයා වගේ තව 100-200 ක් වගේ උපසිරසි ඩවුන්ලෝඩ් කරන අර බ්ලුරේ වළට උපසිරසි දෙන අඩවිය..ලක්ජය
'''අනික මෙතන ඔයාගේ දැනුමේ අවුලක් තියෙන්නේ. WEB /HD කිව්වහම පොඩි කොපි කියලා මනින්න බැහැ. 8GB පවා ගුණාත්මක තියෙනවා. දැකලා නැත්තම් කරුණාකරලා හොයලා බලන්න.'''
ඉතින් මම කියල තියෙන්නෙත් මේ දේයම තමයි. දෙයක් දැක්ක ගමන් උඩින් පල්ලෙන් බලල හීනෙන් නැගිටල වගේ කලබල වෙලා comments නොදා කියල තියන දේ තෙරුම් ගන්න ඊලග පාරවත් උත්සහ කරන්න කැමතිනම්. මට කියන්න ඔයා කොහොමද කියන්නෙ හැමොම 1080p, 720p BRrip එක එනකන් ඉන්නෙ නෑ කියල. මේ කොපිය 1080p, 720p BRrip උනානම් මෙතන 200 නෙවෙයි 20000+ පැනල.
''ඔයාට වගේ මේකේ ඉන්න හැමෝටම බ්ලුරේ එනකන් ඉදලම ඩවුන් කරලා අප්ඩේට් කර කර ඉන්න උපසිරසිකරුවන්ට මාසෙකට 100GB වගේ පැකේජ් තියෙන ලොකු සල්ලිකාරයෝ මේකේ නැහැ.''
ඔන්න ඔය කියල තියන දෙයින් ඔයාට මේ සම්බන්දව කිසිම දැනුමක්නෑ කියල තෙරේනව. එක නිසා කතාකරල වැඩක් වෙන්නෙ නෑ. කොහොමටත් ඔයා වගේ කෙනෙක් movie එකක් camrip එකෙන්ම බලන එක හොදයි. අනික මම බලන්නෙත් baiscopelk එක නග්ගල ගන්න කොහොමහරි. මම මේකෙ sub කරන කෙනෙක්. නැට්ට පාගගෙන දගලන්න එපා.
Chämàrá Sâmpáth
නෑ නෑ මෙතන ඔයාගේ මොලේ වර්ධනයේ අවුලක් තියෙන්නේ මං හොදාකාරවම කිව්වේ වෙබ් කොපි කොලිටියි කියලා. "ඔයා තමයි කිව්වේ වෙබ් කොලියි නෑ කියලා." අනික ඔච්චර රුදාවක් තියෙනවනම්, උඩ දාගෙන බ්ලුරේ බානවනම් අප්ඩේට් කරලා එවහන්කෝ. මං නෙවෙයි ඔයයි නිදාගෙන ඉන්නේ. මෙතෙක් සයිට් එකේ ලෙගෝ මූවී දුන්නා ජිවිතේට මං නම් දැකලා නෑ 20000+ පන්නපූ මූවිස්. අපෝ නෑ මං නම් පුද්ගලිකවම බ්ලුරේ තමයි බලන්නේ. අප්ඩේට් වෙලා නැත්තම් නැගලා ගියපු ෆිල්ම් එකක් නම් අනිවා අප්ඩේට් කරලාත් දෙනවා. සමාවෙන්න ඕනේ ඔය මහත්තයා වෙන කොහේහරි කෙනෙක් වෙන්න ඕනේ. මොකද ඔයාගේ නම මේකේ ලිස්ට් එකේ නෑ. අනික මං නම් දැකලම නෑ මේකේ සබ් කරන අය සබ් කරන අය සයිට් එකටම ගරහනවා. නිකන් ආපු අතක් බලාගෙන ගියා නම් තමයි හොද.
Thisara Neo
මොකක්ද දන්නෙ නෑ නේද ඔයා කරපු සබ්් එක. මටත් අපේ ලිස්ට් එකේ ඔය නම තියෙනව දැකල නෑ...
ඔයාකග දැනුම ගැනනම් කනගාටුයි..brදුන්න කියල 20000 පනිනවනම් මොනතරම දෙයක්ද. අනික චාමර කියනව වගේ 20% 30% පිරිසක් තමා br බලන්නේ. කටට ආවට මෙතන කියවන්න එපා. අත්දැකීමෙන් දන්න නිසයි කියන්නේ. Br ,එනකල් ඉන්න ඒව තියෙනව තමයි. එ් superhit තත්වයේ ඒවා. සාමානයෙන් මේ වගේ තත්වයේ ඒවා බහුතරයක් බලන්නේ web කොපි තමා. මම හිතන්නේ ඔයා වෙබ් කොපි කියන්නේ මොනාද කියලවත් දන්නේ නෑ වගේ. මොකටත් කලින් මංසලට ගිහින් අනවසර සලරූ කියන ලිපිය කියවල එන්නලක්ජය
ලංකාවෙ උන්ට හදාගන්න දෙයක් කිව්වම උන් කරන්නෙ ඒ කියපු එකාට ගහන්න. නැතුව වැරැද්ද හදාගන්න නෙවෙයි. කතා කරල වැඩක් නෑ බන්.
Chämàrá Sâmpáth
අපි නම් මෙතන කාටවත් ගැහුවෙත් නෑ. බැන්නෙත් නෑ. මෝඩයන්ට කරුණාව දාක්වනවා මිසක්. ඒත් ඔයාමයි කරලා තියෙන දේවත් අගය කරගන්න බැරිව අමු බොරු කියලා ලොරි ටෝක් දීලා පොර වෙන්න හැදුවේ. මේකේ අය කරන උපරිමය දන්නේ මේකේ පිටපස්සේ සිද්ද වෙන ක්‍රියාවලිය දාන්න එවුන් විතරයි. කරන්න පුලුවන් උපරිම්යත් කරලා අන්තිමට එක එකාගේ කතා අහන්නත් වෙලා.
Chämàrá Sâmpáth
අනික අපි කවුරුවත් වැරැද්දක් පෙන්නුවම හදාගන්නවා. නැතුව මේ වගේ අමු බොරු කියාගෙන ඇවිත් රගන්නේ නෑ. මේකේ බ්ලුරේ වළට සබ් අප්ඩේට් කරනවා. පේනවා ඇතිනේ ලොකු සයිස් ෆොන්ට් එකකින් වෙනම පේලියක් දකුණු අත [බත්කන අත] පැත්තේ තියෙනවා. පුලුවන් හැම එකකටම දෙනවා. එහෙමයි කියලා එන එන හැම බ්ලුරේ එකකටම අප්ඩේට් දෙන්න වත්කමක් අපි කාටවත් නෑ. අදාළ බ්ලුරේ වල සබ විතරක් අරගෙන හදලා දෙන්න පුලුවන්. නමුත් බැරිවෙලා හරි කොහේහරි ටයිම් අවුලක් තිබ්බත් මේකේ සමහරු කට්ටියගෙම පවුල් පිටින් සිහිපත් කරන්නේ. සබ් කරන්නත් ඕනා, ඇඩ්මින් ඒවා පෝස්ට් කරන්නත් ඕනා. මේ ටිකටම යට කරන කාලය, ඩේටා, පුද්ගලික වැඩ පාඩු කරගන්න ඒවා, අධ්‍යාපන වැඩ අතපසු වෙන එකම මදිද? පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. නැත්තම් බ්ලුරේ වළට සබ් විතරක් සයිට් එකක් හදලා කියන්න අපිත් බුරුතු පිටින් ඇවිත් සෙට් වෙන්නම් :v :3
nadera
Chämàrá Sâmpáth kenek waraddak pennuwama hadaganin pora wenna dagalanne nathuwa.
Chämàrá Sâmpáth
ඇත්ත කියද්දී කොහොමත් චාටේම ඉන්න අයට අමාරුයි වගේ. ඕනෙම මෝඩයෙක්ට පේනවා මෙතන කවුද සයිට් එකට ගරහලා/ තමන්ගේ ආශාව විතරක් ඉෂ්ට කරගන්න හදලා/ අමු බොරු කියලා වීරයෙක් පොර වෙන්න හැදුවේ කියලා.
Maleeshani
Mokada naththe... mn me dan inna gedra ekaa blueray dannewath naa... u blueray enakan inne naa.. adu quality baala matath denna hadanawa.. blueray balana aya witharai danne eeke aathal eka.. ekenma blueray
Devdun
උපසිරැසියට බොහෝම ස්තුතියි
disney finding DORY අැනිමේසන් ෆිල්ම් ඒෙකත් සබ් ඉක්මනට දාන්නThisara Neo
සබට තුති සහෝ
Lushan Kuruppu
Thanks for sub bro...!!!
Keep going!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
bbbbbb
web site eke subtitles download karanna bane Hethuwak dannawada?
Pasindu
Thanks
Advertisement

ස්තුතියි සහෝ.දිගටම animation movies වලට sub දෙන්න ලැබේවා