Watch Trailer

Elizabeth: The Golden Age (2007) | ස්වර්ණමය යුගයේ එලිසබෙත් රැජින. [සිංහල උපසිරසි සමඟ]

එංගලන්තයේ එදා සිට අද දක්වාම පවතින එලිසබෙත් රජ පෙළපත ගැන කියවෙන කතාවක්. ක්‍රි.ව 1533 දී එංගලන්තයේ උපත ලද පළමු එලිසබෙත් රැජින ගේ පාලනය කාලය ලෙසින් සැලකෙන්නේ ක්‍රි.ව 1558 සිට 1603 දක්වා කාලයයි. තමන්ගේ ඥාති සොහොයුරියක වූ මේරි ස්ටුවර්ට් වෙත ලැබීමට තිබූ රජ කිරුළ එලිසබෙත් විසින් ලබාගෙන ඇයව 19 වසරක් සිරගත…

Elizabeth-The Golden Age (2007)

එංගලන්තයේ එදා සිට අද දක්වාම පවතින එලිසබෙත් රජ පෙළපත ගැන කියවෙන කතාවක්. ක්‍රි.ව 1533 දී එංගලන්තයේ උපත ලද පළමු එලිසබෙත් රැජින ගේ පාලනය කාලය ලෙසින් සැලකෙන්නේ ක්‍රි.ව 1558 සිට 1603 දක්වා කාලයයි. තමන්ගේ ඥාති සොහොයුරියක වූ මේරි ස්ටුවර්ට් වෙත ලැබීමට තිබූ රජ කිරුළ එලිසබෙත් විසින් ලබාගෙන ඇයව 19 වසරක් සිරගත කොට ඇති බවයි ඉතිහාසය දක්වන්නේ. මේරි ස්ටුවර්ට් 1542 සිට 1587 දක්වා කාලය තුළ එංගලන්තයේ රජ කිරුළ අපේක්ෂාවෙන් ජීවත් වූ රජ පවුලට අයත් කාන්තාවකි. තමන්ගේ කිරුළට ඇයගෙන් ඉදිරියේදී ඇතිවිය හැකි තර්ජනය සලකා බලා ඇයව එල්ලා මරා දැමීමට පළමු එලිසබෙත් තීරණය කර තිබෙනවා. එංගලන්තය පාලනය කල පළමු එලිසබෙත් රැජිනට කල විවාහ යෝජනාව ඇය විසින්ම ප්‍රතික්ෂේප කිරීමේ දී ඇති වූ මදි පුංචිකමද බල පාන්නට ඇතැයි ඉතිහාසය කියා පායි. රෙපරමාදු ආගම ඇදහූ එංගලන්තයෙන් මෙන්ම තමන්ව ප්‍රතික්ෂේප කල පළමු එලිසබෙත්ගෙන් පළිගැනීමේ අදහසින් එංගලන්තයට පහර දීමට ස්පාඤ්ඤ නාවුක යාත්‍රා කණ්ඩායමක් එවීමට ස්පාඤ්ඤයේ පිලිප් රජු කටයුතු කර තිබේ. එංගලන්තයේ සැබෑ ඉතිහාසය කියවීමේදී මෙම සලරුව තුළ ඇති සිදුවීම්වල යම් කිසි පරස්පරතාවයක් දැකිය හැකිය. කෙසේ නමුත් 1558 දී රාජාභිෂේකය ලැබූ පළමු එලිසබෙත් රැජින 45 වසරකට ආසන්න කාලයක් එංගලන්තය පාලනය කළා. ඇය එංගලන්තය පාලනය කල කාලය එංගලන්තය තුළ The Golden Age (එංගලන්තයේ ස්වර්ණමය යුගය) ලෙස හඳුන්වන්නේ ස්පාඤ්ඤ නාවුක බළඇණිය පරාජයට පත්කිරීමත් සමඟම එංගලන්තය ලෝකයේ බලවත්ම රාජ්‍ය ලෙස නැඟී සිටියේ මෙම රැජිනගේ පාලන කාලයේ නිසාය.

එසේම ශ්‍රේෂ්ඨ ගත්කරු විලියම් ශේක්ස්පියර්ගේ උපත සිදුවන්නේත් මේ අවධියේයි. ඉතිහාසය සමඟ සම්බන්ධයක් තියෙන සලරූ බලනවිට නම් ඊට අදාළ ඉතිහාසගත කතා වස්තුව දැනගෙනම බලන එක නම් ගොඩක් වැදගත්. Imdb දර්ශකයේ 6.9ක් ගත් මේ සලරුවේ පළමු එලිසබෙත් රැජින ලෙස මෙහි දී රංගනයෙන් දායක වන Cate Blanchett නම් ඕස්ට්‍රේලියානු නිලියගේ රංගනය නම් අතිශයින්ම තාත්වික බව කියන්නම ඕන. ඇය ඒ තරම්ම විශිෂ්ට විදිහට දැනෙන ආකාරයේ රඟපෑමක් ඉදිරිපත් කරනවා. බෙස් විදිහට Abbie Cornish නම් නිළියත්, සර් වෝල්ටර් රැලේ විදිහට Clive Owen නළුවා ත් රංගනයෙන් දායක වෙනවා.

මේ සලරුවේදී පළමු එලිසබෙත් රැජිනට තමන්ගේ රාජධානිය ඇතුළතින් එන තර්ජන හා පිටතින් පැමිණෙන තර්ජන වලට මුහුණ දීමට සිදුවෙනවා. රෝමානු කතෝලික ආගම එංගලන්ත තුළ පැතිරවීමේ අදහසත් පෙරදැරිකරගෙන ස්පාඤ්ඤයේ පිලිප් කුමරු නාවුක බලඇණියක් එවනු ලබනවා. වෝල්ටර් රැලේ රැජිනට ආදරය කළත්, රැජින ආදරය පිළිනොගන්නා නිසා ඔහු රැජිනගේ මෙහෙකාරිය සමඟ ආදරයෙන් වෙලෙනවා. තමන්ගේ ඥාති සොයුරියක වන මේරි ස්ටුවර්ට් විසින් ඇයව මේ ආකාරයේ තර්ජනයක හෙළා ඇති බව ඇයගේ අනුශාසකයාගෙන් දැනගන්නා රැජින යුද්ධයට සූදානම් වෙනවා. පළමු එලිසබෙත් රැජින තමන් වෙත රට අභ්‍යන්තරයෙන් හා පිටතින් එල්ල වන තර්ජන වලට මුහුණ දෙන්නේ කොහොමද? රාජ්‍ය පාලනයේදී ඇය ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න සලරුව නැරඹීමෙන් දැකගත හැකි වේවි. ඉතිහාසගත සත්‍ය කතා තේමාවක් රැගත් යුද හා වීර ගණයට වැටෙන සලරුවක්. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා. 300 ද්විත්වය, Centurion (2010) , The Eagle (2011) යන ඒවා බලපු අය කැමති වෙන ආකාරයේ මේ චිත්‍රපටය ඒ තරම්ම ලස්සන එකක්.

Elizabeth: The Golden Age (2007) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

08307ba3c24860b1779cec9278e6f86fe9c1e29f ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,550 downloadsDownload Elizabeth.The_.G.A.2007.baiscopelk.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දමිත් තරංග

Subtitles

1,550 downloadsDownload Subtitles39 KB

25 comments

  1. රවිඳු නිපුන්

    නියමයි සහෝ...
    තෑන්ක්ස් සබ් එකට!!!

  2. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  3. SW sanjeewa

    නියමයි සහෝ…

  4. me

    Thanks

  5. කේ.යූ.ජී. උදාර

    ඔන්න මචෝ මාත් සබ ගත්තා.......
    බොහොම ස්තූතියි මේ වැඩේට.

  6. Jack

    පට්ටයි මචෝ.
    මේ වගේ ඒවා නම් අතාරින් නෑ.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  7. kanchana

    sthutiy...malli oya amaru film ekakata sub dila wage ...

    onna mama gattha

  8. එල්.සී. දමැල්

    උපසිරසට තුති...
    ජය...!

  9. Kulanjana Maduranga

    patta 1k..aniwa balanna ona..thanks DAMITH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  10. Global

    Thanks Bro. Great Work. Nice Upload.....

  11. indika

    thn q :)

  12. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  14. Amila

    Thanks

  15. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !

  16. Krish

    hoda film 1kata,hoda pera wadanak ekka lipiya liyala thiyenawa.godak sthuthi saho.Aniwa balanna oone

  17. රොයිලි

    බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. බ්ලැක් පැන්තර්

    ඔන්න එහෙනම් බාන්න දානවා කොල්ලෝ...
    සබට තුති වේවා...
    ජය...!!!

  20. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. nidi

    hondai, subs wagema film ekath hondatama hondai. Damith, thawa honda films godakata subs denna oyata wasanawa lebewa!

  23. Amanda

    thank you so much for the subtitles. one of my favorite movies.

  24. salamuthu

    thank you

  25. Sachith

    Me movie eka balanna Kalin 1998 release karapu Elizabeth Movie eka balanna one... eka me Movie eke Part 01 eka wage... Puluwannam ekata Sub eka Denna Puluwanda?