මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ මුල් සතිය සමස්ත ඉන්දියානු සිනමාවටම විශේෂ සතියක් උනා. ඒ ඔක්තෝබර් දෙවෙනිදා ඉතාමත් දැවැන්ත සිනමා නිර්මාණ කීපයක් තිරගත කරන්නට යෙදුන නිසා. නම් වශයෙන් කීවොත් Syra Narasimha Reddy 2019 සහ War 2019 එම චිත්‍රපටයන් හි නම් වලින්ම ඔබට අනුමාන කරගන්න පුලුවන් එම නිර්මාණ වල තිබෙන දැවැන…

මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ මුල් සතිය සමස්ත ඉන්දියානු සිනමාවටම විශේෂ සතියක් උනා. ඒ ඔක්තෝබර් දෙවෙනිදා ඉතාමත් දැවැන්ත සිනමා නිර්මාණ කීපයක් තිරගත කරන්නට යෙදුන නිසා. නම් වශයෙන් කීවොත් Syra Narasimha Reddy 2019 සහ War 2019 එම චිත්‍රපටයන් හි නම් වලින්ම ඔබට අනුමාන කරගන්න පුලුවන් එම නිර්මාණ වල තිබෙන දැවැන්ත භාවය කොහොමද යන්න. Syra Narasimha Reddy 2019 තෙලඟු චිත්‍රපටයක් War 2019 හිංදි චිත්‍රපටයක් .! ඔබත් සමාජ ජාලා වෙබ් අඩවි පරිහරණය කරන අයෙක් නම් දකින්නට ඇති පසුගිය දිනයන්හි මේ චිත්‍රපටයන් හි අධික නිෂ්පාදන බරපැන,භාෂාවන් කිහිපයකට හඬ කවා ප්‍රදේශයන් රැසක ප්‍රදර්ශනය කිරීම,විශාල වශයෙන් සිදුකරන ලද පූර්ව ප්‍රචාරනය,ගීත එලි දැක්වීමේ විශේෂාංග, Pre-release event යන ආදිය කරුණු ගැන තොරතුරු හුවමාරු වෙන ආකාරය. ඔක්තෝම්බර් මාසේ 04 වෙනිදා වෙනකොටත් ඒ චිත්‍රපටයන් ද්විත්වයේ උණුසුම කිසිසේත්ම පහව ගොස් තිබුණේ නෑ. Asuran 2019 ත් ඒ දැඩි උණුසුම මැද්දේ තිරගත කිරීම පටන් ගත්ත දකුණු ඉන්දියානු දමිළ චිත්‍රපටයක් .! ලිපිය ආරම්භක අවස්ථාවේදීම චිත්‍රපටයට අදාල සුවිශේෂවු කරුණු කිහිපයක් පහතින් දක්වන්නම්.
- පූර්ව ප්‍රචාරන කටයුතු වලින් තොරවීම.
- තිරගත කරන දිනට වේලාවට ප්‍රථම දර්ශන වාරයන් නොමැති වීම.(First Day First Show Special )
- ගීත එදි දැක්වීමක් හෝ pre-release event නොමැති වීම.
- අඩු නිෂ්පාදන වියදම.
- Poomani ගේ Vekkai නවකතා පොත ඇසුරින් චිත්‍රපටයේ කතාව නිර්මාණය.
ඉහත දක්වල තියෙන කරුණු ඇසුරෙන් කියන්න පුලුවන් දෙයක් තමයි මේ චිත්‍රපටයේ සාර්ථකත්වය පිළිබඳ යම් අනුමානයක් කලහොත් එක හෙලාම කෙනෙක්ට මේ චිත්‍රපටයේ සාර්ථක්ත්වයට වඩා අසාර්ථකත්වයක් ගැන අනුමාන කරන්න පුළුවන්.! නමුත් Asuran 2019 චිත්‍රපටයට එසේ සිදුවූයේ නැති බව පහතින් දක්වා තිබෙන විචාරක අඩවි ප්‍රතිචාරයන් එයට සාක්ෂි දරාවි.

මේ තියෙන්නේ විශේෂ ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් කිහිපයක්.!


ඉහත විචාරක ප්‍රතිචාරයන් සහ මුලින්ම ලිපියේ දක්වා තිබෙන තොරතුරු අනුව චිත්‍රපටයේ අන්තර්ගතය පිළිබඳව මේ ලිපියෙන් අමුතුවෙන් කතා කල යුතු නෑ වගේම චිත්‍රපටය තුල තිබෙන කතාවද සුළු වශයෙන් හෝ මෙතැනදි කිවයුතු නෑ . අතිදැවැන්ත නිර්මාණයන් දෙකක් මැද්දේ ඉතාමත් සුළු දර්ශන වාරයන් සහ අඩු ප්‍රදේශයන් කිහිපයක තිරගත කල මේ චිත්‍රපටයට කෝටි 100 සීමාව සහ කෝටි 150 සීමාව පසුකර Blockbuster ලේබලය අලවා ගැනීමටත් වැඩි කාලයක් ගතවුනේ නෑ.

දකුණු ඉන්දියානු සිනමාවේ රජෙක් බඳු Super Star රජිණි කාන්ත් ගේ බෑණා වන ධනුෂ් ගැන දකුණු ඉන්දියානු මෙන්ම පොදුවේ අනිකුත් ඉන්දීය සිනමා රසිකයින්ද වන ඔබ හොඳින් දන්නා නළුවෙක්.! සාම්ප්‍රදායික මසාලා වර්ගීකරණයේ චිත්‍රපට වලටම පමණක් සීමාවි නොසිට නිතරම පර්යේෂණාත්මක රංගනයේ යෙදෙමින් දැඩි ලෙස කැප කිරිම් සිදුකරමින් නිරතුරුවම තමන්ගේ රංගන ප්‍රතිභාව ඔපමට්ටම් කරගනිමින් ඉදිරියට යන නළුවෙක් විදියටත් ධනුෂ් ව අපිටමේ අවස්ථාවේදීම හඳුන්වන්න පුලුවන් උදාහරණ ලෙස මෑතකදී තිරගතවුන Vada Chennai චිත්‍රපටය හඳුන්වන්න පුලුවන් Vada Chennai චිත්‍රපටය බලපු අයට අමුතුවෙන් කිවයුතු නෑ . එවගේම අපි මෙතනදි කතාකල යුතුම සුවිශේෂි පුද්ගලයකු වෙන මේ චිත්‍රපටයේ මෙන්ම Vada Chennai චිත්‍රපටයේද අධ්‍යක්ෂකවරයා වෙන වෙට්‍ර්මාරන් පිළිබඳව සඳහන් කලොත් ඔහු දමිළ සිනමා කර්මාන්තයට සිටින විශේෂ සහ වෙනස් ආරකින් සිනමා නිර්මාණ කරන අධ්‍යක්ෂකවරුන් අතලොස්ස අතරින් ප්‍රමුඛ තැනැත්තෙක්.! Polladavan 2007, Adukalam 2011 සිනමාපටයන් දෙස බැලුවහොත් ධනුෂ්ගේ සහ වෙට්‍ර්මාරන් ගේ සුසංයෝගය ගැන අමුතුවෙන් කිවයුතු නෑ. වෙට්‍ර්මාරන් ගේ දෙවන සිනමා අධ්‍යක්ෂණය වෙන Adukalam 2011 චිත්‍රපටය ඉන්දියානු ජාතික සම්මාන උළෙලේ සම්මානයන් හයක් පවා දිනාගෙන තිබෙනවා. දැනට ලැබී තිබෙන තොරතුරු අනුව මේ චිත්‍රපටය එනම් Asuran 2019 ද ඉන්දියානු ජාතික සම්මාන උළෙලට පවා නිර්දේශ වී තිබෙනවා. තවද මෙහි සෙසු චරිතයන් රඟදක්වන Prakash Raj,Pasupathy ,Manju Warrier සහ දමිළ සිනමාවේ නැගී එන නිළියක වන Ammu Abirami ද මෙහි සෙසු චරිතයන් රඟදක්වන අතර ඔවුන් තමන්ගේ චරිතයන් හඳුනාගෙන හොඳින් එය අවබෝධ කරගෙන. එම චරිතයන්ට ඔවුන් හොඳ සාධාරණයක් ඉටුකරමින් රංගනය ඉදිරිපත් කර ඇති බවට අවිවාදයකින් යුතුව කිව යුතු කරුණක්.!
එසේ නම් චිත්‍රපටය පිළිබඳව ඇති කරුණු කිහිපයක් එක තැනකට ඇවිත් විස්තර කරලා තියෙනවා. ඉතින් චිත්‍රපටය රසවිඳින කෙනෙක්ට මේ තොරතුරු ප්‍රමාණවත් වේවි. චිත්‍රපටයේ ඇතුලත කතාව ගැන කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.මුලින්ම තවත් චිත්‍රපට දෙකක් ගැන සඳහන් කරේ ඒ චිත්‍රපට හෑල්ලු කරන්නවත් ඒවට වඩා මේක හොඳයි කියන්නවත් නෙවෙයි. හුදෙක්ම මේ චිත්‍රපටය සාම්ප්‍රදායික චිත්‍රපට කතාන්දරය රැල්ලෙන් මිදිලා මෙන්ම චිත්‍රපටයක් නිර්මාණය කිරිමේදි හා නිර්මාණයට පසුව සිදුකරන ගොඩක් දේවල් පවා මේ චිත්‍රපටයේ තිබුණේ නෑ. උදාහරණ – ප්‍රචාරක කටයුතු වගේ දේවල්.ඔය කාරනා නිසා තමයි තවත් චිත්‍රපට දෙකක නම් මෙතනට ගාව ගන්න උනේ. එකෙන් කිසිම විදියකින් අදහස් වෙන්නෙ නෑ ඒ චිත්‍රපට වලට වඩා මේක හොඳයි ඒ නිසා මේක බලන්නම ඕන කියන කතාව නම්. එක්තරා විදියක නිර්දේශ කිරිමක් විදියට මේ ලිපිය භාරගෙන චිත්‍රපටය නරඹන්නට ආරාධනා කරමින් අදට සමුගන්නවා.
ඔබ සැමට කඳසුරිඳු පිහිටයි..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි True WEB DL පිටපත සඳහා අදාළ වේ.
36,662 downloadsDownload Asuran-2019.zip73 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට සහ සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
100 comments
Ranidu
Hasitha901
film eka download karana link ekak denawa da
isuru srinath sjs
baiscopedownloads. co එකෙන් ගන්න.
Hiran Sanjika
link wedakaranne nehene
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!dineth89
Thank you machan
Prabodha Madhusankha Hettiarachchi
ස්තුති ඔබලාට සහෝ
Nilush Angana
Sub ekata thanx
Asitha.pramoth
අම්මෝ තැන්කූ බං
darshana56
Thnks
silvazi
supirima film ekk
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
gihan perera
ස්තුතියි ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට......මම මේක ට උපසිරැසි දෙන්න කියලා ඉල්ලුවා..ඉල්ලපු ගමන් දීලා....නියමයි සහෝ...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
Ayesh Prashan
Thank You
OsandaFdo
❤️❤️❤️
Pradeepspeed
Thank you machan
jaana
Thanx sahoo jaya wewa...
Kattiyatama poddak kiyanna
Batwomen ekai supergitl ekai....sub oneee...
Denakan balan innawa දෙසැම්බර් wenna issella one....plzzzz......
Jaya jaya
Baiscopelk.lk
Baiscopedownloads.cosashan
Thanks brother
wajira
Thanks for sub
chanakaaa
thanks.............
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
mad83
saba enakal hitiye ....sthuthi saho.....
C lakmal
ගොඩක් හොදයි සබ් එක තවත් සබ් කරන්න බලන්න
,ජය වේවා.Bandara76
Thank u very much Rasintha Bro..see u soon
Lasantharathnasirirox
ස්තුතියි සහෝදරයො දෙන්නටම....බුදුසරණයි !! ජේසු පිහිටයි !!
ජයවේවා !!!Dragonwhite
අඩේ දනුෂ්ගේ ෆිල්ම් එකක් අනිවා ගන්නවා
බොහොම ස්තුතී සබටLahiru Pramod
Mekata Hdrip eka match wenawada? Biscopedownloads eke thina link eka harida?
SaDuN
ඔව් හරි
thilz
thank you so much 4 the sub
arawindasunimal
ස්තුතියි උපසිරසියට (කවිශල් රසින්ත - සදුන් ධනුෂ්ක - පීටර් කුයින්) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
_testpasindu lakshan_test2
thank you
Wathma jeewan
baiscopedownloads.com site ekata yanna denne nane ai e, wena site ekak nadda film copy eka download karanna
samitha999
.com නෙමේ .co විතරයි
99Hirantha
Thanks bro
Kavishna
thnx bro...
isuru srinath sjs
ඔන්න අද තමයි බලන්න ගන්නෙ.. බොහොම ස්තුතියි උපසිරැසියට..!
iZafaya119
එල එල.. බල හිටපු සබ් එකක්.. thanks❤
Sandun_SD
Thanks sub akata aruvam ake sub aka denna puluwanda thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...මොන ආකරයක උනත් ධනුශ්ගෙ ෆිල්ම් එකක් මගහරින්නේ නෑ...මේකත් අනිවාර්යයෙන් බලනවා..
බුදුසරණයි...ජය වේවා!Fainz
Pls scary movie set ekata sub dennako
ඒෂාන් කාංචන
tnx
Lahiri
THANKZ SAHOLA
Uvindu Dilshan
Sub ekata thankx bro
SASANDA SENEVIRATHNE
Elama
Sanjeewa2010
Thnxxxxxxxxxx
Naveen Ranasinghe
බොහොම ස්තූතිය...
Raphaele
Thank you so much
Suresh Madhusanka
Godaak sthuuthi.....
N shanaka
Thank for subtitles good luck
Tharaka
Thanks bro
hewasiliyange
Thanks....film eka patta...baiscope sajiyata kade yana eka nam cheeeeeyaa...
MAALnath
Thanks .................good luck ..................
N_R
Thank You.
santhusha319
thanks බොක්කලා!!!!!
priyan99
Thanks machanla sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Asuran (2019) Sinhala Subtitles | රාක්ෂයකුගේ නැගීසිටිම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/11/asuran-2019.jpg)
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ...
Baiscope එකෙන්ම sub දෙනකන්ම බලන් හිටියා...මේ වගේ පහරවල් බාල sub එක්ක බලලා වැඩක් නැති නිසා...
Aruvam , Petromax වලටත් sub දෙමු
ජය වේවා!!!