Watch Trailer

Enakku Vaaitha Adimaigal (2017) Sinhala Subtitles | ජීවත් වෙන එකට තමා ජිවිතය කියන්නේ! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කට්ටිය හැමෝටම, ඔන්න Meesaya Murukku (2017) චිත්‍රපටියට පස්සේ මගේ දෙවැනි උපසිරැසිය විදිහට Enakku Vaaitha Adimaigal (2017) කියන ෆිල්ම් එක අරගෙන අවා. “ඔයාලා හැමෝම මේක බලන්නම ඕනේ ෆිල්ම් එකක්” ඉතින් කලින් කියන්ඩ කියලා හිතුවා මේකේ වැරදි අඩුපාඩු ඇති. මේක මම වැලන්ටයින් එක අල්ලලා තමා කරන්ඩ හිතුවේ ක…

ආයුබෝවන් කට්ටිය හැමෝටම, ඔන්න Meesaya Murukku (2017) චිත්‍රපටියට පස්සේ මගේ දෙවැනි උපසිරැසිය විදිහට Enakku Vaaitha Adimaigal (2017) කියන ෆිල්ම් එක අරගෙන අවා. “ඔයාලා හැමෝම මේක බලන්නම ඕනේ ෆිල්ම් එකක්”  ඉතින් කලින් කියන්ඩ කියලා හිතුවා මේකේ වැරදි අඩුපාඩු ඇති. මේක මම වැලන්ටයින් එක අල්ලලා තමා කරන්ඩ හිතුවේ කොහෙද ඉතින් මට තිබ්බ වැඩත් එක්ක පරක්කු වුණා. මේ ෆිලුම ආදරයෙන් පැරදිච්ච අයටත් ආදරය කරන අයටත් ආදරය කරන්ඩ හිතන් ඉන්න අයටත් ආදර්ශයක් දෙන හොද ෆිල්ම් එකක්. මම මේ ෆිල්ම් එක උපසිරැසි කරන්නද කියලා ඇහුවම සමන් ප්‍රසාද් අයියා තමා මට කීවේ කරලා එවන්න කියලා ඉතින් එයාට ස්තුතිවන්ත වෙනවා මට භාරදුන්නට. හරි එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට යමුකෝ.

මේ චිත්‍රපටය ඉන්දියාවේ එළිදක්වලා තියෙන්නේ 2017 පෙබරවාරි 02 වැනිදා. මේක comedy/drama/Romance ගණයට වැටෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක IMDb 6/10 ලෙසත් Behindwoods 2/5 ලෙසත්  ගූගල් පරිශීලකයන්ගේ 90% ක කැමැත්තකුත් සහිතව පැය දෙකයි මිනිත්තු තිහක කතා කාලයක් තියෙන මේක Mahendran Rajamaniගේ අධ්‍යක්ෂණයෙනුත් Santhosh Dhayanidhiගේ  සංගීත රසයෙනුත් මේ ෆිල්ම් එක රසික හදවත් දිනාගෙන තියෙනවා. Krishna කියන චරිතය ඒ කියන්නේ ප්‍රධාන නළුවට රගපාන්නේ Jai එතකොට Divya විදිහට ඒ කියන්නේ ප්‍රධාන නිළියට රගපාන්නේ Pranitha Subhash. සෙසු චරිත වලට ඉන්නේ Kaali Venkat, Rajendran, Thambi Ramaiah, Karunakaran, Santhanam, G. Marimuthu, R. N. R. Manohar, Anjali, Bhama, Badava Gopi, Sreejith Ravi, Naveen Madhav කියන කට්ටිය. මන් හිතන්නේ ෆිල්ම් එක ගැන කීවා ඇති වගේ ඔයාලත් හිතුවේ එහෙම නේද? හරි අපි කතාව පැත්තට යමුකෝ.

මේ පැය දෙක හමාර පුරාවටම තියෙන්නේ යාළුවෝ හතර දෙනෙක් ගැන. Krishnaගේ වහල්ලු. වහල්ලු කීවට වහල්ලුම නෙවේ මෙයාගේ යාළුවෝ. යාළුවෝ හඳුන්වන එකට පළමු යාළුවා දෙවැනි යාළුවා කියනවට වඩා පළමු වහලා දෙවැනි වහලා කීවම පොඩි ගතියක් තියෙන හින්දා තමා මම ඒක ඒ විදිහට Subtitle එකේ දාලා තියෙන්නේ. ඉතින් මේ Krishnaට හොද යාළුවෝ තුන් දෙනෙක් ඉන්නවා ඒ තමා Mohideen, Ramesh සහ Sowmi කියන්නෙ. ඉතින් මේ කතාවේ Krishna ඉන්නවා නේද මෙයා දිවිනසාගන්න කියලා තීරණයක් අරගෙන ගෙදරින් ගිහින් හොටෙල් එකක කාමරයක් කුලියට අරගෙන ෆෝන් එකත් ඕෆ් කරගෙන හොඳටම බොනවා. ගොඩක් වෙලාවට කොල්ලෙක් දිවිනසාගන්නවා කියන්නේ එක්කෝ ආදර හුටපටයක් නැත්තම් ගෙදරත් එක්ක දා ගත්ත කේස් එකක්නේ. ඉතින් මේ කතාවේ තියෙන්නේ මම පලවෙනියටම කීවා වගේ ආදර හුටපටයක් තමා. අපේ භාෂාවෙන් කීවොත් බූට් එකක් තමා. Krishnaගෙයි Divyaගෙයි ආදර කතාව හෝ ගාලා ගලාගෙන යනකොට මේ දෙන්නා මැද්දට එනවා දුෂ්ඨයෙක් ඒ තමා Rupesh, Krishnaයි Divya යි යනවා Party එකකට. මේ Party එකේදි වෙන පොඩි සීන් එකකින් තමා Krishna දැනගන්නේ Divyaගෙයි Rupeshගෙයි සම්බන්ධය. මේ සීන් එකෙන් පස්සේ තමා Krishna දිවිනසාගන්න කියලා යන්නේ. Krishnaව හොයන්ඩ ගියපු මෙයාගේ යාළුවෝ තුන් දෙනාටත් එක එක බකට් තමා සෙට් වෙන්නේ. කොහොමහරි අන්තිමට Krishna බොන ගමන් බලපු TV Programme එකක Santhanamගේ නියම කතාවක් යනවා. ඊට පස්සේ Krishna දිවිනසාගන්න එක අතහැරලා ගෙදර එනවා. ඉතින් මට හිතුනා Santhanamගේ ඒ කතාව ලිපියට එක්කරන්න.

“අපි ටීවී එකේ වැඩසටහනක් බලාගෙන ඉන්නකොට ඒකට කැමති නෑ
කියලා”
“ටීවී එක උස්සලා පොලේ ගහනවද?”
“චැනල් එක මාරු කරලා හොද වැඩසටහනක් බලනවා.”
“අපිට ප්‍රශ්නයක් ජිවිතයට ආපුවම අපි අපේ ජිවිත විනාශ කරගන්න
ඕන නෑ…”
“අපි බලන්න ඕන ඒකෙන් වෙන හොද පැත්තක් දිහා…”
“මම දෙයක් කියන්නම් හොදට අහගන්න.”

“කෙල්ලෙක් දාලා ගියාම ඒ කෙල්ල වෙනුවෙන් මැරෙන,”
“නැත්තම් ඒ කෙල්ලව මරන එක්කෙනා පිරිමියෙක් නෙවේ.”
“මේ වගේ කෙනෙක්ව නැති කරගත්තා කියලා කෙල්ලට
අඬන්න තියන කෙනා තමා පිරිමියා.”

“නියම කතාවක් සන්තානම් නියමයි.”
“ඔයාලා දෙගොල්ලටම පොදු කාරණාවක් කියන්නම්.”
“ඔයාලා දෙගොල්ලනටම කාරණයක් කියන්නම්
ආදරය ආවොත් ගන්න.”
“ගියොත් ගනන් ගන්න එපා.”
“ජිවිතයේ හැම තප්පරයක්ම සතුටින් ගෙවන්න.”
“ජීවත් වෙන එකට තමා ජිවිතය කියන්නේ.”
“සතුටින් ජීවත් වෙන්න.”
“ආදරයේ කොච්චර ප්‍රශ්න තිබුනත් මෙච්චර අවස්තානුකූල
විසදුම් කාටවත් දෙන්න බෑ.”
“අනිවාර්යෙන් ඔයාලා දෙගොල්ලන්ටම ගැලපෙයි.”

ඔන්න ඕක තමා මටත් කියන්ඩ ඕනේ වෙලා තිබ්බේ හරි මම තවකතාවේ පොඩි කැල්ලක් කියලම මම කතාව නවත්තන්නම්. මෙයා එනකොට මෙයාගේ යාළුවෝ තුන්දෙනාට එක එක බකට් සෙට් උනා කියලනේ මම නැවැත්තුවේ කොහොමහරි මෙයා තමන්ගේ යාළුවොන්වත් කරදරවලින් බේරගන්නවා. ඉතින් මෙයා එක යාළුවෙක්ව බේරගන්න ගිහින් මෙයාගේ පපුව හරිය පිහියකට කැපෙනවා. කොහොමහරි මෙයා හොස්පිටල් එකේ ඉන්නකොට මෙයාගේ අළුත් කැල්ල මෙයාව බලන්ඩ එනවා. කවුද කියලා මම නොකියා ඉන්නම්කෝ. එක්කෝ නම කියන්නම් නම තමා Sandhya.

01. Divya Krishnaව අතහැරියේ ඇයි?
02. Krishnaගේ යාළුවන්ට සෙට් උන බකට් මොනවද?
03. Krishnaට හොස්පිටල් එකේ ඉන්ඩ උනේ ඇයි?
04. Krishnaව බලන්ඩ එන Sandhya කවුද?

මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්ඩ නම් ෆිල්ම් එක බලන්ඩම වෙනවා. ඉතින් මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්ඩ කියලා. අමතක කරන් නැතුව comment එකක් දාගෙනම යන්න. මට එතකොට වැරදි තියේනම් හදාගන්ඩ පුලුවන්. තවත් උපසිරැසියකින් හමුවෙමු.

සුභ දවසක්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

5,298 downloadsDownload Enakku-Vaaitha-Adimaigal-2017.zip160 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Fire Bird” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-02-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Fire Bird

Subtitles

5,298 downloadsDownload Subtitles160 KB

21 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. dilshan21alu

    Mary queen of scots (2018) meta sub dennako

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි...
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. Deshani

    thank you

  5. Kulanjana Maduranga

    niyamai...subata thanks saho...

  6. gayan215

    bohoma sthuthi saho...

  7. ශසිත් සඳරුවන්

    සබට තුති කිව්වා.
    මේ අක්කටත් පොඩි තැමැත්තක් තියන නිසා බලන්න හිතයි. :P
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  8. harshani11112

    Thanks fire bird
    Bs

  9. maikee

    thankyou sub ekata

  10. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  11. Udaya Saman

    සිංහල උපසිරසියට බොහොම ස්තූතයි,
    නියමයි නියම වැඩක්..

  12. Ypnr

    Sub ekata thanks bro

  13. D.Chamara

    bohoma sthuthi sahoo ..

  14. TharakaWAS

    Thanks for sub...!!!

  15. Nuwan92517

    thanks bro. good luck

  16. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  17. Rukshan37

    Ela

  18. Rukshan37

    Ela ela

  19. Bandarajbandara

    ස්තුතියි

  20. L.G.T.Dilshan Liyanage

    සබ් එකට තුති!

  21. Asnjana_Lahiru

    tnqq jaya wewaa !!!