බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට නැවතත් සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. ‘චේන්සෝ මෑන්’ සබ් ගහන අස්සේ දෙයියනේ කියලා තවත් ඇනිමේ චිත්‍රපටයකටත් සබ් ගහලා ඉවර කරගත්තා. මාව විශ්වාස කරන්න. අද ගෙනාවේ නම් සුපිරිම ඇනිමේ චිත්‍රපටයක්. විශේෂයෙන්ම Sci-Fi කැටගරියේ චිත්‍රපට බලන්න කැමති අයට මේකනම් අනිවා සෙට්වෙයි. 2009 දී ති…

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට නැවතත් සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. ‘චේන්සෝ මෑන්’ සබ් ගහන අස්සේ දෙයියනේ කියලා තවත් ඇනිමේ චිත්‍රපටයකටත් සබ් ගහලා ඉවර කරගත්තා. මාව විශ්වාස කරන්න. අද ගෙනාවේ නම් සුපිරිම ඇනිමේ චිත්‍රපටයක්. විශේෂයෙන්ම Sci-Fi කැටගරියේ චිත්‍රපට බලන්න කැමති අයට මේකනම් අනිවා සෙට්වෙයි.
2009 දී තිරගත වෙන Summer Wars සඳහා 7.4ක Imdb අගයක්, ඒ වගේම ඇනිමේ වෙනුවෙන්ම වෙන්වුණු MyAnimeList තුළින් 8.04ක් වැනි ඉහළ අගයන් ලැබිලා තියෙනවා. මේක Sci-Fi, Comedy, Action, Adventure, Romance, Slice of Life කියන සියලුම ශානර වලට අයත්වෙන සුපිරිම චිත්‍රපටයක්. මේක නිර්මාණය කරන්නේ ඉතා ජනප්‍රිය ඇනිමේ ස්ටුඩියෝ එකක් වෙන Madhouse ස්ටුඩියෝ එක විසින්. ඉතින් 2009 වර්ෂය ගැන සලකා බලනකොට, දකින්න පුලුවන් ඉස්තරම් ඇනිමේෂන් මේ චිත්‍රපටය සතුවෙනවා.🤩
ඒ වගේම ජපානයේ විශිෂ්ඨතම ඇනිමේෂන් චිත්‍රපට සඳහා පිරිනමන, Japan Academy Prize for Animation of the year 2010 වර්ෂයේදී දිනා ගන්න Summer Wars සමත් වෙනවා. ඒ වගේම,
• Best Art Direction
• Best Character Design
• Best Director
• Best Original Story
• Best Screenplay
යන අංශ සඳහාත් Summer Wars සම්මාන දිනා ගන්නවා. ඒ විතරක් නෙමෙයි, Japan Media Arts Festival’s Animation Division Grand Prize එක 2010 දී දිනාගන්න Summer Wars සමත් වෙනවා. එතනින් නවතින්නෙත් නෑ, The Anaheim International Film Festival’s Audience Award for Best Animated Feature දිනාගන්නෙත් Summer Warsම තමා. තවද, Sitges Film Festival එකේ Gertie Award for Best Animation Film ජයග්‍රහණය කරන්නත් Summer Wars සමත් වෙනවා.
ඒ වගේම The Locarno International Film Festival එකේ Golden Leopard සම්මානය සඳහා 2009 වර්ෂයේදී Summer Wars නොමිනේෂන් දිනාගන්නවා. ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන මේ Festival එකේ තරඟ කරපු පළවෙනි ඇනිමේ චිත්‍රපටය වෙන්නෙත් Summer Wars. ඒ වගේම Best Animated Feature Film at the Asia Pacific Screen Award සඳහාත් නොමිනේෂන් ලබා ගන්න Summer Wars සමත් උනා.
ඉතින් පේනවනේ, මේ ඇනිමේ චිත්‍රපටය එසේමෙසේ එකක් නෙමේ කියල.😌 ඒ සුපිරිබව නිසාමයි මේකට සබ් එක කෙරුවෙත්. පටන් ගත්තු මොහොතේ ඉඳන් අවසානය වෙනකන් ගැම්මෙන්, කුතුහලයෙන්, විනෝදයෙන් බලන්න පුලුවන් සුපිරියක් තමා මේ. ඔයාට ඕනේ සුපිරි Fights නම් මේකේ නියම hand to hand combat ටිකක් තියෙනවා. ඒ වගේම හිතට වඳින හරි ලස්සන කතාවක් මේකේ තියෙන්නේ. මේක බලලම ඉන්න ඕනේ ඒ හැඟීම අත්විඳින්න නම්.
එහෙනම් මම කතාවට ආරම්භයක් අරන් දෙන්නම්. ‘වර්ල්ඩ් ඔෆ් ඕස්’ කියන්නේ විනෝදය, ව්‍යාපාර, අධ්‍යාපනය, වෙළඳාම්, සන්නිවේදනය වැනි මිනිසුන්ගේ දෛනික ක්‍රියාකාරකම් ඉටු කරගන්න අන්තර්ජාලය තුල නිර්මාණය කරපු දැවැන්ත අතාත්ත්වික ලෝකයක්. මේක ලෝකය පුරාම පැතිරිලා තියෙන දැවැන්ත පරිගණක ජාලයක්. සම්පූර්ණ කතාවම මේ අතාත්ත්වික ලෝකය එක්කයි බැඳිලා තියෙන්නේ. කතාවේ ප්‍රධාන චරිතය වෙන ‘කෙන්ජී’ පාසල් යන වයසේ කොල්ලෙක්. මිනිහා ගණිතයට උපන් හපනෙක්. ගණිත ගැටලු නම් නතින්ග් මිනිහට. ඉතින් මේ හැකියාවම තමා මේ මුළු ලෝකයම මහා විනාසයකට දාන්න හේතුවෙන්නෙත්. මිනිහගේ ෆෝන් එකට එන මේල් එකක අන්තර්ගත කෝඩ් එකක්, පොර විසඳන්නේ මේකෙන් මොන විදිහේ විපතක් ලෝකයට වෙයිද කියලා දන්නේ නැතුවයි.
ඉතින් කෙන්ජී නොදැනුවත්වම මොනවගේ විපතක්ද ලෝකයට ගේන්නේ? ඉතින් ඒ විපතින් ලෝකයා බේරාගන්නේ කොහොමද? ඒ දේවල් මේ සුපිරි ඇනිමේ එක බලලම දැනගන්න.🔥

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,365 downloadsDownload Summer.Wars_.2009.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
5 comments
zeron
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika laKMal
...බොහෝම ස්තූතියි උපසිරැසියට..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
ටැන්ක්ස් සගො සබ් එකට️ චෙන්සො මෑන් සබ් එකට් දාන්නො