Watch Trailer

Temple Grandin (2010) Sinhala Subtitles | ටෙම්පල් ග්‍රෑන්ඩන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියේ සියලු දෙනාටම, විශේෂයෙන්ම හසන්ත සොයුරාටත් මට මේ අවස්ථාව ලබා දීපු එක ගැනත්, මට දුන් උපදෙස් ගැනත් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ පාර මම ඔයාලට අරගෙන එන්නෙ ටිකක් වෙනස් විදිහේ කතාවක්. වැඩිය කවුරුත් කතා නොකරන වැඩි දෙනෙක් නොදන්න මානසික රෝගයක් ගැන හදපු කතාවක්…

මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියේ සියලු දෙනාටම, විශේෂයෙන්ම හසන්ත සොයුරාටත් මට මේ අවස්ථාව ලබා දීපු එක ගැනත්, මට දුන් උපදෙස් ගැනත් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ පාර මම ඔයාලට අරගෙන එන්නෙ ටිකක් වෙනස් විදිහේ කතාවක්. වැඩිය කවුරුත් කතා නොකරන වැඩි දෙනෙක් නොදන්න මානසික රෝගයක් ගැන හදපු කතාවක් මේක. ඒ වගේම මේ කතාව සත්‍යය කතාවක්. මානසික රෝග ගැන අපි ගොඩක් දෙනා දන්නේ නැහැ, ඒව පිළිබඳ අපට ඇති දැනීම හරිම අවමයි. දැනට පිළිගෙන ඇති මානසික රෝග අතුරින් ඔටිසම් රෝගය පිළිබඳ කතාවක් මේ චිත්‍රපටියෙන් අපට පෙන්වනවා.

ඔටිසම් රෝගය ගැන විස්තර කරන්න මම සුදුසු කෙනෙක් නෙවෙයි. මේ පිළිබඳ තොරතුරු ඇතුළත් වීඩියෝ සහ වෙබ් අඩවි ඕනෑ තරම් තිබෙනවා. මේ රෝග තත්ත්වය බිලිඳු අවධියේ සිට පැවත එන්නක්. ඒ පිළිබඳ දැනුවත්කමක් ඇත්නම් ඉතා ඉක්මනින්ම මෙම රෝගය හඳුනා ගැනීමට පුළුවන්.

මේ කතාවේ එන ප්‍රධාන චරිතය වන ටෙම්පල් ග්‍රෑන්ඩන් කියන්නේ ඒ විදිහට පොඩි කාලේ ඉඳලම ඔටිසම් රෝගයෙන් පෙළෙන ළමයෙක්. නොදන්නා කෙනෙක්ට ටෙම්පල් ව පේන්නෙ කිසි හැදියාවක් නැති ඔලුව විකාර වෙච්ච ගෑනු ළමයෙක් හැටියට. එයාගෙ හැසිරීම අනිත් අය වගේ නෙවෙයි. එයා ඉක්මනින්ම නොසන්සුන් වෙනවා. එයාගේ අවධානය වෙන දෙයක තියෙන්නේ. අනිත් අය වගේ හොඳින් කතා කරලා හිනාවෙලා එයා ඉන්නේ නැහැ.ටෙම්පල් ග්‍රෑන්ඩන් වයස අවුරුදු හතර වෙනකම් කතා කරන්නේ නැහැ. කතා කරන්න පුළුවන් වෙන කාලේ ආපුහාම එයාගේ අම්මා, එයාව පාසලකට යවනවා. ඒත් එයා අනිත් ළමයින්ට වඩා වෙනස් නිසා ගොඩක් අමාරුකම් වලට මුහුණ පාන්න වෙනවා. එහෙත් ඒ අමාරුකම් කොහොමහරි මැඩගෙන එයා ජීවිතය ජයගන්න හැටි මේ චිත්‍රපටියේ තියෙන්නේ.

ටෙම්පල් ග්‍රෑන්ඩන් කොයි තරම් එයාගේ ජීවිතේ සාර්ථක වුණාද කියනවා නම් ඇය Primetime Live, Today Show, Larry King Live,Fresh Air with Terry Gross වගේ ඉතා ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් වලට සහභාගි වෙලා තියෙනවා. ඇයගේ ජීවිතය පිළිබඳ BBC Horizon නාලිකාව මගින් වාර්තා වැඩසටහනක් නිර්මාණය කළා. ඇය පිළිබඳ Time magazine, People magazine, Discover magazine, Forbes, සහ The New York Times යන ප්‍රසිද්ධ මාධ්‍ය වල ලිපි පළ කරලා තියෙනවා. HBO නාලිකාව මගින් ඇයගේ ජීවිතය පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කළා.ඔයාලට ඇරන් ඇවිත් තියෙන්නේ එම චිත්‍රපටිය තමයි.මෙම චිත්‍රපටිය Primetime Emmy Awards 15කට නිර්දේශ වෙන අතර එයින් සම්මාන හතක් දිනා ගැනීමට සමත් වෙන්නේ හොඳම රූපවාහිනී චිත්‍රපටයත් හොඳම නිළිය සම්මානයක් සමඟයි.

ඉතින් මම හිතනවා මේ චිත්‍රපටය බලලා ඔයාලත් අලුත් දෙයක් ඉගෙන ගනීවි කියලා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

1,646 downloadsDownload Temple-Grandin-2010-1.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Captain Nobody” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-09-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Captain Nobody

Subtitles

1,646 downloadsDownload Subtitles53 KB

18 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ....
    ජය වේවා.!

  2. Anonymous

    Thanks

  3. Kavi_madushan

    Amboooo,iye me film ekta sub thiyenwda kiyala search krala baluwa thibbe ne,ada site ekata eddi udinma film ekata sub eka dala thiyenw,bohoma sthuthi sub ekata,puluwnnm marvel rising iron heart ektth sub dennko,jayawewa,budusarnai

  4. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    In the name of the father (1993)
    Primal fear (1996)
    Big fish (2003)
    K pax (2001)
    Arlington road (1999)
    Devil's advocate (1997)

  5. indika75

    Thanks..

  6. subi

    meke sub eka .txt eken neda thiyenne

  7. AshenTM

    ඔබගේ මහන්සියට අපගේ උත්තමාචාරය. ස්තූතියි සහෝ....

  8. Anonymous

    tanks

  9. එවාන්

    Thanks saho

  10. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි ..

    ජය!!

  11. Nilush Angana

    Sub ekata thanx

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. PahasaraDv

    Thankz for sub

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. හසිත මධුෂාන්

    Enola-Holmes-2020

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  17. Dewadithya

    Thanks for sub!

  18. Anonymous

    Thanks.......... ..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.