Watch Trailer

Nobody Knows (2004) Sinhala Subtitles | අම්මාවරු නැති දරුවන්නේ…! [සිංහල උපසිරසි]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” THE PILOT (2021) සැබෑ මිනිසෙකුගේ කතාවක්…! ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” THE PILOT (2021) සැබෑ මිනිසෙකුගේ කතාවක්…! ” උපසිරැසියට එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න, අදහසක් දක්වලා යන්න නතර වෙලා ගියපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසාවෙන්ම තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

සෑම වසරකදීම ලෝකය පුරාවටම විවිධාකාර භාෂා වලින් නිර්මාණය වන්නා වූ දස දහස් ගනනක් වූ සිනමා සිත්තම් අතුරින්, බොහෝ විට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, හිංදි, දමිළ ආදී අපිට වඩාත් සමීප වූ, සීමිත භාෂා ගණනකින් නිර්මාණය වන්නා වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය වන්නා වූ විශිෂ්ට සිනමා නිර්මාණයන් මොනතරම් නං ප්‍රමාණයක් අපිට නොදැනීම මග හැරී යනවා ඇතිද…? මේ උත්සාහය ඒ විදියට මග ඇරිලා, කාලය කියන ඉලක්කම් දින වකවානු අතරේ සැගවිලා ගියපු හරි අපූරු ජපාන සිනමා සිත්තමකට උපසිරැසියක් ලබා දෙන්නයි. හොඳ නිර්මාණයක්, හොඳ කතාවක් කිසිම දවසක වයසට යන්නෙ නෑලුනෙ. ” Old Is Gold ” කියන්නෙත් ඒ හින්දමලුනෙ. ඒ නිසා තිරගත උන අවුරුද්ද දිහා බලලා ලිපිය කියවන්නවත් නතර නොවී ගියපු අයට වඩා, නතර උන ඔබ වාසනාවන්තයි…

මීට අවුරුදු සෑහෙන කාලෙකට කලින්, 1988 වසරේ ජපානයේ ටෝකියෝ නුවර සිදුවූ හරිම අනුවේදනීය සත්‍ය සිදුවීම් පෙළක් පදනම් කරගත්තු මේ හරි අපූරු සිනමා සිත්තම මුල්ම වතාවට රසවිඳපු දවසෙම මම මේක වෙනම තැනක සේව් කරල තියා ගත්තා කවදා හරි දවසක අනිත් අයටත් රසවිඳින්න පුලුවන් වෙන්න මේකට නං සබ් එකක් හදන්නම ඕනෙ කියලා. පහුගිය දවසක මේ සිනමා සිත්තම ගැන මුහුනුපොතේ දාල තිබුන සටහනක් දැක්කම තමයි මේ සිනමා සිත්තම ගැන මගෙ මතකෙත් ආයෙම අලුත් උනේ. මුහුනුපොතේ වගේම අන්තර්ජාලයෙත් මේ සිනමා සිත්තම නරඹපු අය ඒ ගැන දක්වපු අදහස් වසර ගණනාවක් පුරාවටම අප්‍රමාණව දැක්කත් කවුරුම හරි මේකට නං සබ් එකක් හදයි කියන විශ්වාසෙන් තමයි ඒ මුලු කාලෙම බලන් හිටියෙ. අන්තිමට කවුරුවත්ම නොකරන නිසා මොන තරම් වැඩ රාජකාරි මැද්දෙදි උනත් මේකට උපසිරැසියක් හැදුවෙ මේ විශිෂ්ට සිනමා සිත්තමට සිංහල උපසිරැසියක් නැති වීම ඒ තරමකටම අඩුපාඩුවක් නිසයි. සම්මානනීය ජපාන සිනමාපට අධ්‍යක්ෂක Hirokazu Koreeda ගැන දන්න කෙනෙක්ට නං මේ සිනමා සිත්තම මග ඇරිල තියෙන්න විදියක් නෑ. Shoplifters (2018), Like Father, Like Son (2013), Air Doll (2009), Still Walking (2008) වගේ විශිෂ්ට සිනමා නිර්මාණ ලෝකෙට තිලිණ කරපු Hirokazu Koreeda අධ්‍යක්ෂකතුමාව මුලු ලෝකයක්ම අදුන ගත්තෙ 2004 අවුරුද්දෙදි තිරගත උන මේ විශිෂ්ට සිනමා සිත්තම නිසයි…

” මැදියම් රෑ අහසට මා හඬගා අයදිනා විට…,
තාරුකා තව තවත් ඔහේ දිලිසුනා පමණි…
අවසන, මා හදවත උණුව වැගිරී ගොස් හැදුන හද විල් තලයේ…,
මාහට හැකි වූයේ ඔහේ පාව යන්නට පමණි…
කවදා කෙදිනක, දෙව් දුවක් මා දෙස නෙත් කොනකින් හෝ බැල්මක් හෙලාවිදෝ…?
මා හදවත සුවපත් කරනු පිණිස දිය දෝතක් ඉසීවිදෝ…?

ශීත ඍතුවේ සීත සුළං රැළි මා හද විල් තලයේ සෙමෙන් රැළි නංවමින්…,
මා හට තව දුරටත් අඳුරටම අත වනයි…
හිම මෙන් මිදුන සීතල දෑසින් මා…,
තව තවත් කල් ඔහේ ගත කරනෙමි…
කසල ගොඩක රැදුණු මැණිකක් කෙරේ…,
යොමු වේවිදෝ කවදා, කාගේ නෙත්…? “

අවසරයි නරඹන්න ” අම්මාවරු නැති දරුවන්නේ…! “

Imdb දර්ශකයේ 8.0 ක් සහ Rotten Tomatoes දර්ශකයේ 93% ලබාගත්තු ලොව පුරාවට සම්මාන 13කින් පිදුම් ලැබූ තවත් නිර්දේශවීම් 10කට උරුමකම් කියූ මේ හරි අපූරු සංවේදනීය සිනමා සිත්තමේ කතාව කියන එක නම් හරිම අමාරු දෙයක්. මොකද මේ සිනමා සිත්තම නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි එකක් නිසා. මොහොතක් හිතල බලන්න ඔබට පුංචි අවදියේම මව් පිය සෙනෙහස අහිමිව ගියා නම් එවිට දැනෙන ඔබේ හැඟීම් වචන වලට පෙරළිය හැකි මොන යම් හෝ භාෂාවක් මේ මිහිපිට තියේවිද…? ඒ නිසා, මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසාවෙන් තවමත් මේ සිනමා සිත්තම රස විදින්න හිතුනෙ නැත්තං මේ සිනමා සිත්තමේ ට්‍රේලර් එක බලලා එන්න. තෝරා බේරාගෙන රසවිඳීම ඔබට බාරයි. කලින් කීවා වගේම තිරගත උන වසර දැකලා හැරිලා ගියපු අයට වඩා ලිපිය කියවපු ඔබ වාසනාවන්තයි, ඒ නිසාවෙන්ම වාසනාවන්තයෝ නරඹත්වා…!

” අම්මාවරු නැති දරුවන්නේ,
සංකා දුක් කවුදෝ දන්නේ…”
(නන්දා මාලනී / ධර්මසිරි ගමගේ)

පලි,

සබ් කරන්න මග ඇරුන අලුත්, පරණ භාෂා බේදයක් නැතුව හොද ෆිල්ම් තියෙනව නං පහලින් කමෙන්ට් එකක් දාල යන්න. එහෙමත් නැත්තං ” hasitha.m.sky@ gmail.com ” එකට මේල් එකක් දාන්න. වෙලාව ලැබෙන විදියට, පුලුවන් විදියකට කරන්නම්.

1988 Sugamo child abandonment case නමින් ගූගල් කරල බැලුවොත් සත්‍ය සිදුවීමට අදාල වැඩිදුර විස්තර බලා ගන්න පුලුවන් වේවි.

කාලයේ වැලි තලාවෙන් මැකිලා සැගවිලා ගියපු, හරි අපූරු ආදරණීය දකුණු කොරියානු සිනමා සිත්තමක උපසිරැසියක් සමගින් ළගදීම නැවත හමු වෙමු…

ඔබට ජය…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

2,386 downloadsDownload Nobody-Knows-2004.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසිත මධුෂාන්

Subtitles

2,386 downloadsDownload Subtitles33 KB

31 comments

  1. Kavindu

    Your Eyes Tell (2020) මේකට sub දෙන්නකෝ පුළුවන් නම්..

    1. හසිත මධුෂාන්

      2011 දී Always කියල ආපු කොරියන් ෆිල්ම් එකේ ජපන් රී මේක මේක නේද සහෝ...? ඒක බලල තිබුනට මම මේක නම් බලල නෑ. ඒ කතාවනං ලස්සනයි. මම මේකත් බලලම කියන්නම් සහෝ...

    2. හසිත මධුෂාන්

      *රී මේක් එක

  2. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  3. Anonymous

    ලිපිය කියවූවා, ඒ නිසාම ෆිල්ම් එක බලන්න ඕන. ස්තුතියි ඔබට. තවත් පැරණි හොඳ ඒවා දෙන්න!

  4. Priyantha Dayakeerthi

    හොඳ සිනමාපටයක් කියා සිතනවා, නරඹලා අදහසක් දක්වන්නම්, ස්තුතියි ඔබේ වෙහෙසට!

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    1. 0behhd

      Thanks .... THE GRAY MAN 2022 film ekath dennakoo

  6. indika 75

    thanks..

  7. Thusitha Kumara

    විශ්ව සම්භාවනාවට පාත්‍ර වුනු අපූර්ව සිනමා නිර්මාණ අපට පිරිනමනවාට බෙහෙවින් ම ස්තුතියි ඔබට.

  8. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    බුදු සරණයි – දෙවි පිහිටයි……..

  9. විමා

    ආයේ වැඩේට බැහැල වගේ.. එලමයි ආ :)

    1. හසිත මධුෂාන්

      රනිලා වගේ තමා. ලේසියෙන් දාල යන්නෙ නෑ...

  10. Madhu sooriyabandara

    Puluwannm better days chinese movie ekatat sub denawada

    1. හසිත මධුෂාන්

      සබ් එකක් තියෙන්නම ඕනෙ ෆිල්ම් එකක් මාත් බාලා ළග තියන් ඉන්නවා තවම බලන්න බැරි උනා...

  11. Madhu sooriyabandara

    Sub ekata godak thanks godaak lassana movie ekak

  12. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥ටෙ

  13. Dewadithya

    Thanks for Sub!

  14. හසිත මධුෂාන්

    එක වචනෙකින් හරි ස්තූතියි කියල යන්න නතර වෙලා ගියපු හැම කෙනෙක්ටම බොහොමත්ම ස්තූතියි.....!

  15. Dasun

    මේකනම් පට්ටම. Koreedaගෙ Like father Like son , Still walking වගේ ෆිල්ම් වලටත් පුලුවන් සබ් දුන්නොත් වටිනවා මචන්.

    1. හසිත මධුෂාන්

      අනිවාර්යයෙන්ම උත්සාහ කරන්නම් සහෝ...

  16. Anonymous

    Sub ekata thanks Brother..

  17. Anonymous

    thnx mcn

  18. sam

    thnx mcn

  19. akila

    good job bro

  20. Kasun

    Sub aka hodata karala tyanawa.nimai.
    Puluwan kamak tyanawanam mae directorgae like father like son aktath sub karannako.

    1. හසිත මධුෂාන්

      aඅනිවාර්යයෙන්ම සබ් එකක් හදන්නම ඕනි ෆිල්ම් එකක් තමයි. ඉස්සරහදි කවුරුත් නොකලොත් මම කරන්නම්...

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  23. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  24. Akila Dilhara

    Thanks Brother...