බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුබ දවසක් වේවා.. පොරොන්දු වුන විදිහට ඔන්න Hannibal චිත්‍රපටයට උපසිරැසි අරගෙන ආවා. කාලය වෙන් කර ගැනීමේ ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් පරක්කු වුනා, ඒකට සමාවෙන්න ඕන. Thomas Harris විසින් රචිත හැනිබල් නවකතා මාලාව පාදක කරගෙන චිත්‍රපට සහ රූපවාහිනී කතාමාලා කිහිපයක් නිර්මාණය වුනා. එයින්…

බයිස්කෝප්වාසී සියළුදෙනාටම සුබ දවසක් වේවා.. පොරොන්දු වුන විදිහට ඔන්න Hannibal චිත්‍රපටයට උපසිරැසි අරගෙන ආවා. කාලය වෙන් කර ගැනීමේ ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් පරක්කු වුනා, ඒකට සමාවෙන්න ඕන. Thomas Harris විසින් රචිත හැනිබල් නවකතා මාලාව පාදක කරගෙන චිත්‍රපට සහ රූපවාහිනී කතාමාලා කිහිපයක් නිර්මාණය වුනා. එයින් 2013 වසරේදී Mads Mikkelsen විසින් හැනිබල් ලෙක්ටර් චරිතයට පණ පොවන Hannibal කතා මාලාව අතිශය ජනප්‍රිය වුනා. හැනිබල් නවකතා මාලාවේ තුන්වැන්න ලෙස 1999 දී එලි දැක්වූ හැනිබල් නවකතාව පාදක කරගෙන නිපදවූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Black Hawk Down, Prometheus, The Martian වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල Ridley Scott විසින්.The Silence of the Lambs චිත්‍රපටයෙ හැනිබල්ගේ චරිතයට පණ පෙවූ සම්මානනීය නළු Anthony Hopkins නැවත හැනිබල්ගේ චරිතයෙන් දැක ගැනීමට පුළුවන්. මීට අමතරව Julianne Moore, Gary Oldman, Frankie Faison වැනි ප්‍රවීන නළු නිලියන් රැසක් මෙයට දායක වී තිබෙනවා. IMDb දර්ශකයේ 6.8 ක අගයක් ලබා ගැනීමට සමත් වී තිබෙන මේ චිත්‍රපටය සම්මාන 9ක් ලබාගෙන තියෙනවා.
හැනිබල් ලෙක්ටර් නීතියෙන් පලා ගිහින් ප්‍රංශයේ සැඟවී සිටිනවා.මේ අතරතුරේදි FBI නියෝජිත ක්ලැරිස් ස්ටාර්ලින් වැටලීමකදී ලමයෙක්ව වඩාගෙන ඉන්න සැකකාරියකට වෙඩි තැබීම නිසා කමිටුවකට ඉදිරිපත් කරනවා. හැනිබල්ගේ ගොදුරක් වෙලා ජීවිතය බේරගත්ත ධනවතෙක් වුන මේසන් වර්ජර් තමන්ගෙ දැන හැඳුනුම් පාවිච්චි කරලා ක්ලැරිස්ව හැනිබල්ව හොයන්න යොදවනවා. පරීක්ෂණ අතරතුරේදි ක්ලැරිස්ට හැනිබල්ගෙන් ලියුමක් එනවා.එහි අන්තර්ගත සුවඳ විලවුන් මගින් ඇය දැනගන්නවා හැනිබල් ඉන්නෙ ප්‍රංශයේ කියලා.ප්‍රංශ පොලිස් නිලධාරියෙක් තමන්ගෙ විමර්ශනයකදි හැනිබල් ගැන දැනගෙන මේසන් වර්ජර්ගෙ ත්‍යාග මුදල ගන්න උත්සහ කරනවා. පොලිස් නිලධාරියාව ඝාතණය කරන හැනිබල් නැවත ඇමරිකාවට එනවා. හැබැයි හැනිබල්ව හොයාගෙන තවත් කට්ටියක් ඇමරිකාවට එනවා.
මීට වඩා කියන්න යන්නෙ නෑ.මේ අය කවුද, ක්ලැරිස්ට හැනිබල්ව අල්ලගන්න පුළුවන් වෙයිද කියලා නරඹලාම දැනගන්නකෝ.මේ චිත්‍රපටය සහ Hannibal Rising [2007] චිත්‍රපටය උපසිරැසි ගන්වන්න වෙන් කරලා දුන්න චාමර සහෝට ස්තූති කරමින් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
4,244 downloadsDownload Hannibal-2001.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
20 comments
ශාමල් මනෝජන්
Anonymous
යකෝ අපි අලුතින් ආපු එකක් බලන්නෙත් එලිවෙන යාමේ උබට කොහෙන්ද බන් වෙලාව ඔය ඔක්කොම බලන්න
Anonymous
ඕකා නිකමා බන් ..ඕකට වේලාව තියනෝ ඒ නිසා ..ඕකගේ වැඩේ ෆිල්ම් බලන එකයි කමෙන්ට් දාන උන්ට බනින එකයි තමයි ..කේප්ප වස්සෙක්
ශාමල් මනෝජන්
උඹ බයිස්කෝප් එකෙන් මලයාලම් ෆිල්ම් වල උපසිරැසි අරගෙන බලනවා. ස්තූතියි කියන අකුරු හතර ටයිප් කරන්නේ නැතිව මයුර සුරාජ් සොහොයුරාටයි රේණුකා සුභාෂිණි සොයුරිය ටයි මගේ නමින් බැන්නා. උඹ මහ ගුණමකු කෙළෙහි ගුණ දන්නේ නැති උපසිරැසි කරුවන්ට බනින එකෙක්. මලයාලම් ෆිල්ම් බලනවානම් උපසිරැසි කරුවන්ට තමන්ගේ නමින් ඇවිත් ස්තූතියි කියාපිය.
Anonymous
ඇයි බන් උඹ උගේ නමින් බැනලා තියෙන්නේ සබ් දෙන එවුන්ට Saras 2021 film එකෙයි Chathur Mukham 2021 film එකෙයි කමෙන්ට් වල. ඔහොම ලැජ්ජා නැති වැඩ කරන්න එපා බන්. කැත වැඩ ඔවා. නමින් ඇවිල්ලා කියපන්කෝ ඔ්න රෙද්දක්.
Nadeera
සොරි බන්
Suranjan
Thanks jayawewa.....!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Shaggy
Thank you very much
indika75
thanks..
Ishan Madusha
බොහෝම ස්තූතියි උපසිරැසියට
Nishan S. Ariyarathna
thanks
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Anonymous
Thanks Brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
Manhunter 1986 mekath denna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහොම ගොඩක් පින් සහෝ.
අවුරුදු ගාණක ඉඳලා මං බලාගෙන හිටියේ Hannibal Collection එක කවුරුහරි සහෝ කෙනෙක් සම්පුර්ණ කරනකම්. පින් සිදු වේවා. ගොඩක් ස්තූතියි ...
හැකිනම් මේ Hannibal චිත්‍රපට එකතුවේ පළවෙනි චිත්‍රපටය වන Manhunter - 1986 චිත්‍රපටයටත් සබ් දෙන්න. එතකොට මුළු Collection එකම සම්පුර්ණයිනේ. ඔක්කොම එකට බලන්න පුලුවන්.
බොහොම පින්.