ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේම ඉක්මනටම අනිත් ෆිල්ම් එකත් අරන් ආවා. කලින් චිත්‍රපටයටත් හොඳ ප්‍රතිචාර තිබුන නිසා මේකත් පුළුවන් ඉක්මටනට කලා. මේ Fear Street චිත්‍රපට මාලාවේ කොටස් දෙකක වැඩේ ඔන්න අහවරයි. Fear Street. Part 3 :1666 (2021) කියන මේ චිත්‍රපට මාලාවේ අවසාන කොටස තමයි දෙන්න තියෙන්නේ. ඒකත් පුළුවන්…

ඔන්න එහෙනම් පොරොන්දු උනා වගේම ඉක්මනටම අනිත් ෆිල්ම් එකත් අරන් ආවා. කලින් චිත්‍රපටයටත් හොඳ ප්‍රතිචාර තිබුන නිසා මේකත් පුළුවන් ඉක්මටනට කලා. මේ Fear Street චිත්‍රපට මාලාවේ කොටස් දෙකක වැඩේ ඔන්න අහවරයි. Fear Street. Part 3 :1666 (2021) කියන මේ චිත්‍රපට මාලාවේ අවසාන කොටස තමයි දෙන්න තියෙන්නේ. ඒකත් පුළුවන් ඉක්මනටම ඔයාලට දෙන්නම්.
කලින් කතාව බලපු අය මොකද උනේ කියලා දන්නවනේ, ශේඩිසයිඩ් සහ සනීවේල් කියන නගර දෙක අතරින් මහ එපාම කරපු නගරය තමයි ශේඩිසයිඩ් කියන්නේ. ඈත අතීතයේ ඉඳන්ම මේ නගරයේ මිනිස්සු මොකක්හරි මීනීමරු අපරාධයක් කරනවා. පුරාවෘත්ත වලට අනුව 1666 දී ජීවත් උන “සාරා ෆියර්” කියන යක්දෙස්සිය විසින් ශේඩිසයිඩ් නගරයට සිදු කල ශාපයක් නිසා මේ අවාසනාවන්ත සිදුවීම් වෙනවා කියලා සමහරු විශ්වාස කරනවා. ඉතිං 1994දී “ඩීනා” කියන ශේඩිසයිඩ් නගරයේ ඉන්න උසස් පාසල් ශිෂ්‍යාවක් සහ ඇයගේ පෙම්වතිය වන “සෑම්”, ඩීනාගේ බාල සොහොයුරු “ජොශ්” සහ තවත් යාළුවෝ දෙන්නෙක්ට අහම්බෙන් මේ සාරා ෆියර්ගේ සොහොන හමුවීමෙන් තමයි කතාව පටන් ගන්නේ. තමන්ගේ සොහොනට බාධා කරපු නිසා මේ යක්දෙස්සිය මෙයාලව මරන්න පසුගිය අවුරුදුවල තමන්ගේ අතකොළු විදියට දාම ඝාතන කල මිනීමරුවන් නැවත මරණයෙන් අවදි කරවලා මෙයාලගේ පස්සෙන් එවනවා. කොහොමින්හරි අන්තිමේදී මෙයාලා එක එක උපක්‍රම යොදලා කේට් සහ සයිමන් කියන ඩීනාගේ යාලුවෝ දෙන්නගේ ජීවිතයත් අහිමි කරගෙන මේ මිනීමරුවන්ගෙන් ගැලවෙනවා. ඒත් මේ දේවල් ඉවරයි කියලා මෙයාලා හිතුවට අන්තිමේදි මේ වගේම කරදරයකින් මීට වසර ගාණකට කලින් පණ බේරගත්ත C. බර්මන් කියන කෙනා ඩීනට කතා කරලා කියන්නේ මේ ශාපයේ අවසානයක් නෑ කියලයි.
මේ කතාව පටන් ගන්නේ ඩීනා සහ ජොශ් විසින් C. බර්මන්ව හමබවෙන්න යන තැනින්. ඔයාලට මතක ඇති කලින් ෆිල්ම් එකේ පොරවක් අරන් ගෝනියකින් මූණ වහගත්ත ඝාතකයෙන් මෙයාලා පස්සේ ආවා. අන්න ඒ ඝාතකයගේ ආරම්භය අද ඔයාලට බලාගන්න පුළුවන්. එහෙනම් ඉතිං නයිට්විංග් කඳවුරේ ළමුන් රැසකගේ ඉරණම තීරණය උන ඒ මහා සංහාරය බලන්න 1978 වසරට යන්න එන්න ඔයාලටත් ආරාධනා. මේ ෆිල්ම් එකේ කතාව මම ටිකක්වත් කියන්නේ නෑ. Fear Street. Part Two: 1978 (2021) චිත්‍රපටය 89%ක කුණු තක්කාලි කැමත්ත ලබාගන්නත්, 6.8ක ඉතා හොඳ IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. 2021 ජූලි 09 නිකුත් උන මේ චිත්‍රපටය Horror/ Mystery / Drama යන කාණ්ඩයන්ට වර්ගීකරණය වෙලා තියෙනවා. පෙර චිත්‍රපටය අධ්‍යක්ෂනය කල Leigh Janiak විසින්ම මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂනය සිදු කරලා තියෙනවා. ප්‍රධාන චරිත ලෙස Sadie Sink සිගී බර්මන් ලෙසත්, Emily Rudd සින්ඩි බර්මන් ලෙසත්, Ryan Simpskin ඇලිස් ලෙසත්, McCabe Slye ටොමී ස්ලේටර් ලෙසත්, Ted Sutherland නික් ගුඩ් ලෙසත්, Kiana Madeira ඩීනා ලෙසත්, Benjamin Flores Jr. ජොශ් ලෙසත්, Olivia Scott සෑම් ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා. ඒ වගේම මේ සිනමාපට මාලාව උපසිරැසි ගැන්වීමට අවසර දුන්න චාමර සම්පත් සහෝටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඔයාලගේ අදහස් කොමෙන්ට් බොක්ස් එකේ දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් මම යනවා. Fear Street. Part Three :1666 (2021) උපසිරැසියෙන් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.
තෙරුවන් සරණයි !!

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,437 downloadsDownload Fear-Street.-Part-Two-1978-2021.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
41 comments
Gayan
Lakshitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..ජයෙන් ජයම වේවා !!
Anonymous
Thnkz bro
Anonymous
Part 3 ikmnta demu
Shaggy
Thank you very much
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
charith
සබ් එකට ස්තුතියි..තුන්වෙනි එකත් ඉක්මනට දෙමු
buddhika
thanx bn film 2k sub hodata thiba
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Pasindu Madumal
මරුනේ, සබට තුති සහෝ ❤️
Anonymous
Patta
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
ශාමල් මනෝජන්
හැකිනම් මේ ෆිල්ම් තුනත් සබ් දෙන්න සහෝ
Fear Street Part Three: 1666 - 2021
The 3rd Eye 2 - 2019
The Tag Along 3: The Devil - 2018Anonymous
Oya 3ma dennko
kavinda gamage
කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
අනිවාර්යයෙන්ම බලනවා
Pasindu
Thank u Broo... the craft legacy (2020) puluwannm me filumatath sub genna..
Anonymous
Part 3 dennko
Anonymous
thank you so much....
Shaan liyanage
part 3 ekath ikmanata ona
Bhanuka
Thanks lokka
Uba me tike deepu horror set ekma bluwa
Pattai hodeeeSuranjan
Thanks jayawewa....!
Anonymous
තෑන්ක්ස් බොම්ක
Shaan liyanage
ඉක්මනට ඕන කොල්ලෝ කොහොමහරි වැඩිය පරක්කු කරන්න එපා....මේ දවස් වල වැඩිපුර ගෙදර නිසා වැඩිපුර තරහ යනවා එකයි
Anonymous
ළමයි මෙයාට 3ත් ඉක්මනටම දෙන්න කියන්නකෝ
Nisala
Thanks machn
Rounders 1998 movie eke sub eka denna puluwanda
Ishan Madusha
බොහෝම ස්තූතියි සහෝ
Ashen
Thanks brother
Next ekath dennaUdara Damith
yyyy
Shaan liyanage
part 3 naddooooooooooooooo
indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Nishan S. Ariyarathna
thanks
Anonymous
THANKS BRO
Anonymous
thanx bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Sahan Gayantha
thanks a lot sub ekata
lakshan
thanks ......................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පළවෙනි download එකයි, පළවෙනි comment එකයි මගෙන්. උපසිරසට බොහොම ස්තූතියි! ජය!