මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 8.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයකි. බවාර්චි (කෝකියා) 1972 තිරගත වූ මෙම සිනමාපටය අධ්‍යක්‍ෂණය කළේ රිෂ්කේෂ් මුකර්ජි විසින්ය. රාජේෂ් ඛන්නා, ජය බහදුරි සමඟ අස්රානි, ඒ.කේ. හංගල්, උෂා කිරාන් සහ දුර්ගා ඛෝට් සහාය ච…

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 8.0 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සුවිශේෂ සිනමා නිර්මාණයකි. බවාර්චි (කෝකියා) 1972 තිරගත වූ මෙම සිනමාපටය අධ්‍යක්‍ෂණය කළේ රිෂ්කේෂ් මුකර්ජි විසින්ය. රාජේෂ් ඛන්නා, ජය බහදුරි සමඟ අස්රානි, ඒ.කේ. හංගල්, උෂා කිරාන් සහ දුර්ගා ඛෝට් සහාය චරිත නිරූපණය කරති. මෙය ගල්පෝ හොලියෝ සට්ටි බෙන්ගාලි සිනමා පටයේ ප්‍රතිනිර්මාණයකි. මෙම සිනමාපටය 1972 වසරේ වැඩිම ආදායමක් උපයාගත් සිනමාපටය ලෙස ශ්‍රේණිගත විය. මෙම සිනමාපටය, ප්‍රධාන අවධානය යොමු කෙරෙන්නේ ඉන්දියානු මධ්‍යම පංතියේ වටපිටාව කෙරෙහි ය. කථාව කේන්ද්‍රගත වී ඇත්තේ දඩබ්බර ෂර්මා පවුල වටා වන අතර, ඔවුන්ගේ ගෘහස්ථ අයහපත් ලෙස සැලකීම හේතුවෙන් බොහෝ විට මාස කිහිපයකට වැඩි කාලයක් තම කෝකියා රඳවා තබා ගැනීමට නොහැකි වේ. දිනක් රගු නම් තරුණයෙක් ඉවුම් පිහුම්කරුවෙකු ලෙස වැඩ කිරීමට ඉදිරිපත් වේ. කෙසේ වෙතත්, ඔහු මෙම අභියෝගයට එකඟ වන අතර ශාන්ති නිවාසයේ සෑම කෙනෙක්ගේම සිත ඔහු දිනා ගනී. ආරවුල් පවා සමනය කර පවුල නැවත එක් කරයි. නමුත් අවසානයේ රගු අවංක කෙනෙක්ද, සොරෙක්ද? කුතුහලයකින් නැරඹිය හැකි සිනමාපටයකි. ඉතිං මෙම සිනමාපටය නරඹන්නට ඔබ සැමට ආරාධනා කරමි!
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් ෆූල් කිලේ, මධුමතී. ආවාරා, සීතා අවුර් ගීතා, තක්දීර්, දිවනා, දුල් කා ෆූල්”. ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන හැටඅටවෙනි සිංහල උපසිරසිකරණයයි. අන්තර්ජාලයේ Bawarchi (1972) Comedy Full Hindi Movie | Rajesh Khanna, Jaya Badhuri, Asrani යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු පහයි, තත්පර දහනමයක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට කමෙන්ට් එකකින් දන්වන්න. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent link.
ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
957 downloadsDownload Bawarchi-1972.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
25 comments
Anonymous
Priyantha Dayakeerthi
මෙම වෙබ් එකේ සමහර අය මට යෝජනා කරනවා පැරණි හින්දි සිනමාපටවලට "සබ් කරන්න එපා" කියලා. නමුත් මට එය යෝජනාකරන අය සමහරවිට දමිළ, මලයාලම්, ඉංග්‍රීසි සහ හින්දි අලුත් ඒවාට කැමති අය වෙන්නට ඇති. නමුත් මා දකින්නේ ඒ සියලු වර්ග කිරීම් අතර ලාංකික සමාජයේ හැසිරීම්වලට බොහෝ කිට්ටු සිනමාපට වන්නේ "පැරණි හින්දි සිනමාපට" බවයි. ඒ නිසා වෙන්න ඇති මම ඒවා පුද්ගලිකවම ප්‍රිය කරන්නේ. එහෙත් ඔයාලාගේ රුචිකත්වයන්ට මා හිස නමනවා. ඒ මන්ද "වර්තමාන රූපවාහිනී චැනල්" වලින් දෙන්නේ එම වර්ගවල අලුත් ඒවාම පමණක් නිසා සමාජය ඒවාට ඇබ්බැහි වෙලා. එසේම මම මේ හින්දි පරණ ෆිල්ම් සබ් කරන්නේ ලංකාවේ තිබෙන පැරණි හින්දි රසික සංගමය වෙනුවෙන්. "කැමති කෙනෙකුට" බලන්න තමයි මම බයිස්කෝප් එකට ඒවායින් සබ් එක බැගින් දමන්නේ. සමහරුන්ට හිතෙනවා ඇති මේවා නරඹන අය නැහැ කියලා. එහෙම නැහැ මේවාට කැමති වැඩිහිටි අය "දහස් ගණනක්" ඉන්නවා. ස්තුතියි!
Nadeera
සොරි
Nadeera (Original රියල් එකා නෙහ්)
කොහොද දහස් ගනනක් ඩවුන්ලෝඩ් 49යි
අනේ යනෝ යන්න බොරු නොකියා හිටිය + වැඩියාNadeera
මන් Nadeera බන්. නෙහ්
Priyantha Dayakeerthi
ඉහත කමෙන්ට් එක දැමූ මහත්මයා වෙත,
මම මේ උපසිරසි හදන්නේ ඩීවීඩී සඳහා. ඒ මන්ද බොහෝ වැඩිහිටි අයට "ඩවුන් ලෝඩ් කර" ෆිල්ම් බැලීමේ දැනුමක් නැති නිසා. මේ එක ෆිල්ම් එකකින් තැටි දෙදාහක් පමණ ගහනවා. ඒ ලංකාවේ තිබෙන "පැරණි හින්දි රසික සංගමය" වෙනුවෙන්. ඒ වගේම මේ ෆිල්ම් සබ් කිරීම සඳහා මට මුදල් ගෙවීමක් සිදු කරනවා. මම සබ් කළ මේ ෆිල්ම් එකක් හැමදාම දහවල් දොළහයි තිහට "රන්ගිරි ටීවී" එකේ විකාශය වෙනවා. තව ටික දිනකින් ජාතික රුපවාහිනියේ සහ ස්වාධීන රූපවාහිනි යේත් මේ ෆිල්ම් එක බැගින් විකාශය වෙනවා. මම පුද්ගලිකව යැවූ ලිපිවලට ඒ ආයතන දෙකේ සභාපතිවරුන්ම මට කතා කරලා මුදල්වලට මේ උපසිරසි ගන්නා බව කිවුවා. ඒවායේ විකාශන අයිතිය ඉන්දියාවෙන් ගැනීමට දැන් ක්‍රියා කරගෙන යනවා. හැබයි ඔයාලා වගේ අය වෙනුවෙන් නොවෙයි මේවා විකාශය වන්නේ රටේ 40% ක් පමණ වන "වැඩිහිටි ජනගහනය" වෙනුවෙන්. මම දැනටමත් හින්දි පරණ ෆිල්ම් 200 කට පමණ සබ් කරලා තිබෙනවා, දැනටත් අලුතින් දිනපතා සබ් කරනවා. බයිස්කෝප් එකට දැනට දී තිබෙන්නේ එයින් 68 ක් පමණයි. ඉතිං කැමති කෙනෙකුට බලන්න තමයි මම බයිස්කෝප් එකට ඒවායින් සබ් එක බැගින් දමන්නේ. මම සමහර දිනවල හිතන්නේ නව පරපුර මෙයින් එකක්වත් ඩවුන් ලෝඩ් කරන්නේ නැතිව ඇති කියලා. නමුත් මට අදහගන්න බැහැ මේ ෆිල්ම් එක "51 දෙනෙක්" ඩවුන්ලෝඩ් කරලා. (මොකද මම කමෙන්ට් සහ ඩවුන්ලෝඩ්
ප්‍රමාණය ඉතාමත් කලාතුරකින් බලන්නේ) ඒ වගේම ඔයාගේ මේ "මවාගත් හරවත් සංවාදය" දැක්කම මම තවත් "දිරිමත් වුණා" එයටත් ගොඩක් ස්තුතියි!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
D P Gamage
අප වැනි පැරණි හින්දි රසිකයන් වෙනුවෙන් මේ කරන කැපවීම අගය කරනවා.
W T Ajith
1967 රාම් අවුර් ශ්‍යාම් සිනමාපටයට උපසිරසි දෙන්න පුළුවන්ද? ස්තුතියි!
indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Nadeera
parana film epa epa
Nadeera
shamal kiyapu ewa tmai mn mechchara wela kre site ekma katha wuna e waden nikarune
uuta parana film hoda unai kyla ehma aluth ewa balana unta malayalam blna unta apahaasa krnna aythyak na nehNadeera (Original රියල් එකා නෙහ්)
මේ චිත්‍රපටයට උපසිරසි හදපු සහෝදරයා අනේ සොරි හොදෙයි. මගේ නමින් කවුදෝ කෙනෙක් වැරදි කමෙන් දාගෙන යනවා. අනේ සමාවෙන්න. මගේ නම පාවිච්චි කරලා ඒ වැඩේ කරන්නේ. සොරි හොදෙයි. නෙහ්. මගේ නම කැත කරන්න ඒපා යකුනේහ්. නෙහ්.
Nadeera (Original රියල් එකා නෙහ්)
ඔය උඩ කමෙන්ට් එක දැම්මේ අරූ මාව බය කරපු නිසා,ඒත් මට පස්සේ තේරුනා ඇයි මන් කාටවත් බය වෙන්නේ කියලා
මට ඇති රුදාවක් නෑ සබ් කරපු එකා ගැන මන් කොහොමත් පරන දහජාරාව බලන්නේ නෑ නෙහ්Nadeera
ඇත්තටම කියනවා නම් මෙතන හොද Nadeera සහ නරක Nadeera කියලා දෙන්නෙක් ඉන්නවා. හොදෙයි. හොද Nadeera තමයි මම. මම තමයි Original Nadeera. හොද එකා Original. හොද ඒකා අදුනගන්නෙ කොහොමද? හොද එකා යහපත් වචන කතා කරන්නේ. හොදෙයි. නරක එකා අයහපත් වචන කතා කරන්නෙ. හොදෙයි. හොද එකා තමයි සමාව ගත්තේ කරපු වැඩ වලට. නරක එකා සමාව ගන්නෙ නෑ. හොදෙයි. ඒක හරියට Film එකක වීරයා සහ දුෂ්ඨයා වගේ. මම තමයි යහපත් Nadeer හෙවත් වීරයා. අර අනිකා දුෂ්ඨයා. ඌ Local Nadeera. ඒ කියන්නේ බොරු එකා. මම තමයි සමාව ගත්තේ. රියල් වන්. අපි දෙන්නව අදුනගන්නේ හොද සහ නරක. ඒ කියන්නේ යහපත සහ අයහපත යන දෙකින්. මම හොද Nadeera හෙවත් යහපත් එකා නිසා මම හැමවිටම සමාව ගන්නවා. මම නිසා බයිස්කෝප් එකට හානියක් වුනා නම්. මට වැඩ තියනෝ නෙහ්. මට සමාවෙන්න. මම තමයි නියම වීරයා. අරූ දුෂ්ඨයා නෙහ්. නරක වචන කතා කරන්නේ නරක එකා නෙහ්.
Nadeera
dn neh therune aru ranjan pukmanthata aasa mkada kyla
ai mu uuta pupa deno neh
Nadeera (Original රියල් එකා නෙහ්)
පරන ඒවා එපා එපා
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
eternalkingmonarch
Naukar Biwi Ka, Zalzala filmswalata puluwan nam sub denna. thank you me wage parana movieswalata sub denawata
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ඔබට ජයවේවා !!
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
aiyo aparade oyage kaale.kawda mewa balanne dan.