කොහොමද, යාළුවනේ? ඔන්න එහෙනම් 2021 වසරේ දැවැන්තම චිත්‍රපටයක් ආපහු අරගෙන ආවා.🔥 මේ අවුරුද්දේ ආපු ප්‍රධාන චිත්‍රපටයක් වෙන Space Jam: A New Legacy චිත්‍රපටයයි මේ විදිහට අරගෙන එන්නේ. ඔයාලට මතක ඇතිනේ හා හා හරි හාවව? එතකොට ඩක් ඩොජර්ස්ව? නැත්තන් රෝඩ් රනර්ව? ඉතිං ඔය කාටූන් චරිත ටිකට පොදුවෙ කියන නම තමා Looney…

කොහොමද, යාළුවනේ? ඔන්න එහෙනම් 2021 වසරේ දැවැන්තම චිත්‍රපටයක් ආපහු අරගෙන ආවා.🔥 මේ අවුරුද්දේ ආපු ප්‍රධාන චිත්‍රපටයක් වෙන Space Jam: A New Legacy චිත්‍රපටයයි මේ විදිහට අරගෙන එන්නේ. ඔයාලට මතක ඇතිනේ හා හා හරි හාවව? එතකොට ඩක් ඩොජර්ස්ව? නැත්තන් රෝඩ් රනර්ව? ඉතිං ඔය කාටූන් චරිත ටිකට පොදුවෙ කියන නම තමා Looney Tunes. ඉතිං මේ අරන් ආවේ ඒ චරිත හැම එකක්ම වගේ එකතු කරලා නිර්මාණය කරපු අලුත්ම ෆිල්ම් එක. කොවිඩ් 19 වෛරස තත්ත්වය නිසා Warner Bros. ආයතනයේ චිත්‍රපට හැම එකක්ම වගේ සිනමාශාලාවලට නිකුත් කරනවා එක්ක HBO Max ස්ට්‍රීමින් ප්ලැට්ෆෝර්ම් එකටත් නිකුත් කරනවනේ. ඒ නිසාම මේ කිත්‍රපටයෙත් පුලුවන් ඉක්මණින්ම හොඳම Web පිටපතක් නිකුත් වුණා.❤
ජූලි 16 වෙනිදා නිකුත් වුනු චිත්‍රපටය ඇමරිකානු ඩොලර් මිලියන 150 ක් තරම් ඉතා දැවැන්ත මුදලක් වෙන් කරලා නිර්මාණය කරලා තියෙන්නේ. අධ්‍යක්ෂණය වෙන්නේ මැල්කම් ඩී. ලී අතින්. පැය එකයි විනාඩි 55 ක් පුරා Comedy එක්ක පවුලෙ හැමෝටම එකතු වෙලා බලන්න පුලුවන් නිර්මාණයක්. ඉතිං අවුරුදු 25 කට කලින් නිකුත් වුණු Space Jam පළවෙනි හිත්‍රපටයේ සීක්වල් එක විදිහට නිර්මාණය වුණාට මේක ඒක නොබලා වුනත් කිසි අවුලක් නැතුව නරඹන්න පුලුවන්. මේ අවුරුද්දේ බලන්න ලැබුණු සුපිරිම චිත්‍රපටයක් කියන්න පුලුවන්. ඉතිං සුපුරුදු පරිදි මෙදා පාරත් හොඳම රංගන ශිල්පීන් පිරිසක් එකතු වෙනවා. ලෙබ්‍රෝන් ජේම්ස් කියන ඉතා සුප්‍රසිද්ධ බාස්කට්බෝල් තරුව තමා මෙදා පාර ප්‍රධාන චරිතය විදිහට එක් වෙන්නේ. ඊට අමතරව Don Cheadle, Cedric Joe වගේම හඩ දායකත්වයෙන් Jeff Bergman, Eric Bauza, Zendaya ඇතුලු විශාල සංඛ්යාවක් එකතුවෙනවා. දැනට ඇමරිකානු ඩොලර් මිලියන 57 ක මුදලක් වාර්ථා කරලා තිබෙනවා. පැය දෙකකට ආසන්න කාලයක් සුපිරිම ආතල් එකක් ගන්න පුලුවන්.
ඉතිං කතාව යන්නේ පළමු ස්පේස් ජෑම් චිත්‍රපටයට අවුරුදු 20 කට කලින්. මේ වෙද්දී ලූනි ටූන්ස්ලා ඉන්න ලෝකය තියෙන්නේ පරිගණනක ගත කරපු සර්වර්වර්ස් නම් ලෝකයක් තුළ. මේ සර්වර්වර්ස් එකේ තමා Warner Bros. ආයතනයට අයත් DC, Game Of Thrones, Scooby-Doo! ඇතුලු මිලියන ගාණක දත්ත තියෙන්නේ. මේවා දත්ත වුනාට මිලියණ ගාණක ජීවමාන ලෝක විදිහට තමා ගබඩා කරල තියෙන්නේ. කෙටියෙන් කිවුවොත් මේ හැම චරිතයමටම වගේ පන තියෙනවා. මේ සර්වර්වර්ස් කියන දැවැන්ත විශ්ව ගබඩාව පාලනය කරන්නේ ඇල් ජී. රිදම් නම් කෘතීම බුද්ධියකින් යුතු ඇල්ගොරිතමයක් විසින්. ඉතිං මේ ඇල්ගොරිතම් එක ගැන කවුරුත්ම දන්නෑ. ඉතිං මේ රිදම්ට ඕන වෙනවා ජනප්‍රිය වෙන්න. ඉතිං තමගේ අරමුණ ඉටු කරගන්න රිදම් බාස්කට්බෝල් ලෝකේ රජෙක් විදිහට සලකන ලෙබ්‍රෝන් ජේස්ව යොදාගන්න කල්පනා කරනවා.
ලෙබ්‍රෝන් ගැන කිවුවොත් ලෙබ්‍රෝන් කියන්නේ බාස්කට්බෝල්වලට මුල් තැන දෙන කෙනෙක්. ලෙබ්‍රෝන්ට ඕනේ තමන්ගෙ ළමයින්වත් ඒකට යොදවන්න. ඒත් තමන්ගේ බාල පුතා ඩොම් කැමති වීඩියෝ ගේම් හදන්නයි. මේ එකි නෙකාට විරුද්ධ අදහස් නිසා දෙන්නා අතරෙ දේවල් හොඳින් වෙන්නෙ නෑ. ඔහොම කාලය ගත වෙද්දී ඇල් ජී. රිදම් Warner Bros. එක හරහා ලෙබ්‍රෝන්ව සම්බන්ද කරගෙන තමන්ගේ අදහස ඉදිරිපත් කරනවා. ඒකට අකැමැති වුනු ලෙබ්‍රෝන් ඇල් ජී. රිදම් කියන්නේ මෝඩ දෙයක් කියලා කියනවා. මේ WB එක ඇතුලෙත් තාත්තයි පුතයි රණ්ඩු වෙලා බ්‍රොන් ගිහින් WB ආයතනයේ සර්වර් මධ්‍යස්තානය ඇතුලට යනවා. මෙතනදි එක පාරම බ්‍රෝන්වයි ඩොම්වයි පරිගණකයක් ඇතුලට ඇදිලා යනවා. මෙතනදි රිදම් මතුවෙලා ඩොම්ව හංඟලා බ්‍රෝන්ට කියනවා ආපහු තමන්ගේ පුතාව ඕනෙ නම් තමන් පවත්තන බාස්කට්බෝල් මැච් එකට ඉදිරිපත් වෙලා දිනන්න ඕනේ කියලා. අකැමැත්තෙන් හරි බ්‍රෝන්ට එකඟ වෙන්න වෙනවා. ඉතිං බ්‍රෝන්ට ටීම් එකක් ඕනෙනේ. අන්න ඒ ටීම් එක හොයාගන්න කියලා බ්‍රෝන්ව යවන්නේ ලූනී ටූන්ස්ලගේ ග්‍රහලෝකයට. ඇත්තටම කිවුවොත් මේ කාලෙදි ටූන් ලෝකයේ ඉන්නේ බග්ස් බනී විතරයි. අනිත් හැම චරිතයක්ම රිදම් විසින් වෙන ලෝකයකට ගිහින් දාලා. ඉතිං බග්ස් බනීයි බ්‍රොනුයි එකතු වෙලා අනිත් ටූන්ස්ලවත් එකතු කරගෙන රිදම්ව පරද්දන්න කරන සුපිරිම වික්‍රමය තමා චිත්‍රපටයෙදි දැකගන්න පුලුවන්.
මේ ෆිල්ම් එකේ තියෙන විශේෂම දේ තමා Warner Bros. ලට අයිති හැම නිර්මාණයකම වගේ චරිත 100 කට අධික සංඛ්යාවක කැමියෝ බලාගන්න පුලුවන්. මේ චරිත ඔක්කොම එකතු වුණු සෑහෙන epic සීන් එකක් මැද හරියෙදි දැකගන්න පුලුවන්. පොඩි කාලෙ මතක හුඟක් ඇවිස්සෙයි. සුපර්මෑන්ගෙ ඉඳන් ස්කූබිඩූලා, කින්ග් කොන්ග් දක්වා කැමියෝ රාශියක් තියෙනවා. මට එහෙම චරිත හුඟක් ක්ලික් උනා. ඔයාලත් බලනන්කෝ චරිත කීයක් එහෙම හොයාගන්න පුලුවන් වෙයිද කියලා.
එහෙනම් ඉතුරු හරිය ඔයාලට බාර කරලා මම සමුගන්නවා. අමතක නොකර කොමෙන්ට් එකකුත් දාගෙනම යන්න.😉
ඔයා ආදරය කරන අයව ආරක්ෂා කරන එක තමා ඔයා කරන්න ඕන මූලිකම දේ.
෴෴ සුබ දවසක්…! ෴෴

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,452 downloadsDownload Space-Jam-A-New-Legacy-2021.zip69 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
34 comments
charith
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් උපසිරැසියකින් හමු වෙමු...
ජයහැකි නම් කලින් චිත්‍රපටය blueray එකට update කරලා දෙන්න පුලුවන්ද
DILmin
Thanks සබ් වලට.. පුළුවන් නම් DOM (2021) series එකටත් සබ් දෙන්න ...
Kavishka
Escape Room 2 - Tournament of championship Sinhala sub ඕනේ
Nisala
Thanks machn
Elite series eke sub genna puluwannam
Shaggy
Thank you very much
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Pasiya
Thanks Bro... Die in a Gunfight (2021) puluwannam me filumatatg sub denna..
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
මේ වගේම මරු පරණ ෆිල්ම් එකක් තියනවා. Trailer එක බලලා හොඳයි කියා හිතෙනවා නම් ඒකටත් සබ් දෙන්නකෝ.
Who Framed Roger Rabbit - 1988
Nadeera
parana film epa epa
Anonymous
එලකිරි සුපිරිකිරි
Ishan Madusha
බොහෝම ස්තූතියි සබ් එකට
Nilush Angana
Sub ekata thanx
Udaya Fdo
Thank you
Ashen
Thanks brother
Kavishka
Escape Room 2 Tournament of Championship film එකේ sub ඕනේ
kevin D...
Thanks...
indika75
thanks..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sadaru
Thnaks bro sub ekata
puluwanam pixar luca 2021 ekatath dennaAnonymous
සබ් එකට තෑන්ස්... GOT එකේ night kingගෙත් කැමියෝ එකක් තියනවා
Sandeep
Thanx saho sun ekata.. enakam balan hitiya ekak
thilina
thq bn
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
MAALNATH
Thanks......good luck.. .
Anonymous
thank you brother sub ekata
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thesaru Praneeth
isthuthi sago
Anonymous
Bluray Sub Akath Denawada..? Plezzz....
Anonymous
Bluray Sub Dendoooooooooo.........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shehan
Thanks saho sub ekata.....
Janith
Bluray update karandako pls
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ් එකට ස්තුතියි...