පොරොන්දු වෙච්ච විදියටම ඔන්න එහෙනම් තවත් සුපිරිම ඝනයේ අලුත්ම හින්දි චිත්‍රපටයකුත් අරගෙන තමයි ආවේ. මේ දවස් ටිකේ චිත්‍රපටි ලබාදුන්නා වැඩි වුණාද මන්දා 😀 බලමුකො මේකෙන් පස්සෙවත් පොඩි විවේකයක් ගන්න. මගේ ඉල්ලීමට අනුව, චිත්‍රපටය නිකුත් වෙන්නත් මාස ගණනාවකට පෙර තමයි, අපේ සමීර කරුණාරත්න සහෝදරයා මේ චිත්‍රපටය මග…

පොරොන්දු වෙච්ච විදියටම ඔන්න එහෙනම් තවත් සුපිරිම ඝනයේ අලුත්ම හින්දි චිත්‍රපටයකුත් අරගෙන තමයි ආවේ. මේ දවස් ටිකේ චිත්‍රපටි ලබාදුන්නා වැඩි වුණාද මන්දා 😀 බලමුකො මේකෙන් පස්සෙවත් පොඩි විවේකයක් ගන්න. මගේ ඉල්ලීමට අනුව, චිත්‍රපටය නිකුත් වෙන්නත් මාස ගණනාවකට පෙර තමයි, අපේ සමීර කරුණාරත්න සහෝදරයා මේ චිත්‍රපටය මගේ නමට වෙන්කරවලා දුන්නෙ. ඒ නිසාවෙන්ම, චිත්‍රපටය වෙනුවෙන් ඔහුට විශේෂ ස්තුතියක් පුදකර සිටිනවා.
චිත්‍රපටය ගැන හඳුන්වා දෙනවා නම්, 2016 වර්ෂයේ අගෝස්තු මස 5 වෙනි දින තිරගතවීම ඇරඹු, Crime, Mystery, Thriller යන කාණ්ඩ යටතේ IMBD දර්ශකයේ 6.0 ක අගයක් සනිටුහන් කරගත් මෙම සලරුවේ ප්‍රධාන රංගන දායකත්වය සපයන්නෙ, Table No.21 (2013) සහ Samrat & Co. (2014) යන අතිශය ජනප්‍රිය වූ සිනමාපට ඔස්සේ ප්‍රේක්ෂක ඔබ හමුවට සපැමිණි, Rajeev Khandelwal නම් අති දක්ෂ රංගධර ශිල්පියා. ඒ වගේම චිත්‍රපටයේ සංගීතය සහ ගීත පිළිබඳවත් සඳහන් නොකරනවා නම් එය අඩුපාඩුවක් වනවා නොඅනුමානයි. මන්දයත්, අති දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරුන් නව දෙනෙකුගේ එකිනෙකට වෙනස් වූ හැකියාවන් සම්මිශ්‍රණයකින් ඔපමට්ටම් වී පැමිණි අතිශය සුමිහිරි නාද රටාවන් හට, සිය මනෝරම්‍ය ගායන ප්‍රතිභාවෙන් Arijit Singh, Tony Kakkar වැනි ගායන ශිල්පීන් රාශියක් විසින් මෙම සුන්දර සිත්තමට නැවුම් අරුතක් ගැබ්කොට තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ, Tony Kakkar විසින් ගායනා කරන Mile Ho Tum නම් අතිශයින්ම මිහිරි, හදවතට ආමන්ත්‍රණය කරන්නාවූ ළයාන්විත ගීතයක් අන්තර්ගතවී තිබෙනවා. පෞද්ගලිකව අතිශය කැමැත්තක් දක්වන ගීතයක් වන මේ ගීතය සඳහා, හැකි උපරිම අයුරින් සාධාරණත්වයක් ඉටු කරමින්, උපසිරැසි ගන්වලා ඇති. (මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න බාරගන්නත්, මේ ගීතය බොහෝ සෙයින් හේතුවක් වුණා).
චිත්‍රපටය ගැන කියනවා නම්, පළමු මිනිත්තුවේ සිටම, අවසාන මිනිත්තුව දක්වාම කුතුහලය අතිශය උපරිම මට්ටමින් පවත්වාගෙන යන කතාවක් සහිත චිත්‍රපටයක් බැව් නොබියව පවසන්න පුළුවන්. එමෙන්ම, කතාවේ අවසාන නිමේෂය දක්වාම,’ කුමක්ද මේ සිදුවන්නෙ? ‘ යන ප්‍රශ්නයට පිළිතුරක් නම් ප්‍රේක්ෂකයන් හට සිතාගැනීමට පවා අපහසු වෙනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා, හදවත කුතුහලයෙන් පිරී ඉතිරී යනවා මිසක, කෙලෙසකවත් කුතුහලයෙන් හදවතට බේරුමක් නම් ලැබෙන්නෙ නැහැ. අවසාන නිමේෂයේදී පවා, හදවතට දරුණුම අන්දමේ පහරක් එල්ල කරමින්, ප්‍රේක්ෂක දෙනෙතට කඳුළු බිඳක් එක් කරමින්, අපූර්ව වූ අවසානයක් සනිටුහන් කිරීමට සමත්වී තිබෙනවා.
විදෙස් දේශයක, රුදුරු හිම කතරින් වෙලාගත් මාර්ගයක තනිව ඇවිද යමින් සිටිනා තරුණයෙක්… නොසිතූ මොහොතක ඔහු අසලට විත් නවත්වන මෝටර් රථයක්… මෙම රථයට ගොඩවන මෙම තරුණයා හට නොසිතූ විරූ මොහොතක මුහුණ පෑමට සිදුවන අතිශය දරුණු සිදුවීමක්…. රෝහලක් තුලදී නැවත පියවි සිහිය ලබන මෙම තරුණයා හට, කෙතරම් උත්සාහ කළද, සිය මතකයට නගා ගත හැකිවන්නේ සිය නම සහ එක්තරා තරුණියකගේ නමක් පමණි…. තමා කොහේ සිට මේ නුහුරු නුපුරුදු දේශයට පැමිණියේද….. තමා මෙහි පැමිණියේ කුමන ස්ථානයකට යෑමටද… තමාගේ සැබෑ අනන්‍යතාවය කුමක්ද…. නිරන්තරයෙන් සිය මතකයට නැගෙන්නා වූ නම සහිත මෙම තරුණිය කවුරුන් වේවිද… තමා පසුපසින්, තමන් හට නොදැනෙන ලෙසින් පැමිණෙන තරුණිය කවුරුන් වේද…. නිමේශයක් නිමේශයක් පාසා සිය සිහියට නැගෙන මියගිය තරුණියකගේ සේයාව කවුරුන් වේවිද….මේ සියළු කරුණු කාරනා සඳහා අවැසි පිළිතුරු, මෙම සිනමාපටය අවසානය දක්වාම නරඹන්නා වූ ප්‍රේක්ෂක ඔබ සැමට නොඅඩුවම ලබාගත හැකියි.
එසේනම්, තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, සියළු දෙනාටම ජයවේවා!!!
ප.ලි. – චිත්‍රපටයේ ඇතැම් දර්ශණ නිසාවෙන්, මෙය වැඩිහිටියන්ට වඩාත් ගැලපෙන චිත්‍රපටයක් බැව් කාරුණිකව සලකන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Fever (2016) Hindi 720p HDRip x264 AAC ESubs
ලබා දී ඇති උපසිරසි සියලුම HDRip පිටපත් සඳහා අදාළ වේ.
16,738 downloadsDownload Fever-2016.Baiscopelk.com_.rar36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
29 comments
දිනේෂ් අකලංක
Global
නියමයි සහෝ...ගොඩක් ස්තුතියි සබ් එකට...දිගටම කරගෙන යන්න...
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!Zeal
Thanx
sajith thilakarathne
thamks saho sub ekata
හෂාන් බුද්ධික
එළ... ජය..... දිගටම කරගෙන පලයන්.... thanks sub එකට...
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......AkilaXPK
විවේක් ඔබ්‍රෝයි ගේ ප්‍රින්ස් ෆිල්ම් එක වගේ එකක් වගේ මේකත්.
ස්තූතියි සබ් එකට.Nishan
thanks bro
shashi
tnQ tnQ.. digtam sub damu kollaa..
Gathsara Umesh Kumara
සහෝ ඔයාගෙ කැපවීමටයි මහන්සියටයි මටනක් ස්තූති කරන්න වචන nනෑ..සබ් එකට බොහෝම ස්තූතියි සහෝ...(පොඩිම පොඩි නිවාඩුවකටනම් ගියාට කමක් නෑ )
Rakitha Ranathunga
සබට තුති සහෝ...
(ඒකනෙ මම බැලුවේ ඔහේට ආච්චිවත් වැහිලවත්ද කියලා??)ayesh
thank you
Jack
නියමයි මචෝ...
දැන් සබ් දෙනවනේ වෙඩි වගේ.
බොහෝම ස්තුතියි.
ජය..Lushan Kuruppu
දෙනවා කියලා මෙහෙමත් දෙනවද යාළු!
මල්ටි බැරල් වගේ
බොහෝම ස්තූතියි!!!
දිගටම දෙමු.. ජය...!!!Kulanjana Maduranga
niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
Thanks machan ......jayawewa.....!
Krishan NiShalya
patta
paharu filumak wage
tahanks sub ekata digatama sub denna pahara ewata
☺☺☺☺☺☺Asanka Gayan RZ
tnx bn
The_Last_Exorcism__2010 oya film ekata site eke sub na bn denna puluvn nam vatinava
Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා.....Chathurag
pdf version sub 1k kohomada player 1ta drag karanne?? pls help
venuka
patta film ekak wage thanx....
good lucklakmal
ela bn thanks
madusanka
Math filuma ba gatta balum..best of luck..tawa aluth filumk one bro
Asitha Nuwan
niyamaaaai
Asitha Nuwan
niyamai
Madhun
බොහෝම ස්තූතියි ...
madusadara
Fever film ake sub eka pennanne nane nikan file ekak vidihatane pennanne ekata mokada karanne
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මේ නලුවගෙ film වලට හුගක් කැමතී.. බොහොම ස්තුතියි මේ film එක ගැනත් දැනුවත් කරල සබ් එක දුන්නට.. ජයවේවා!!!